"යනවා නාගන්නවා! ඔහොම නම් ගෙට එන්න එපා මංජු!" ආන්ටි සයුල් එක්කම ඇවිත් කියනකොට මංජුයි මමයි පනුවෝ නැති අඹ කනවා.
"හරි හරි! අයියේ වරෙං නාන්න යන්න" මොකා?
"ඈ?"
"නාන්න යං!" මට ඒක ඇහුනා. මන් අහන්නේ එකට නාන්න යනවද කියලා.
"එකට?"
"එක පහු වෙලා නේ අයියේ!" මූට නම් සවලකින් තමයි ගහන්න වටින්නේ!
"අර අතන ශවර් එක යටට වරෙං. බය වෙන්න එපා මන් තවුසෙව බාතෲම් එකේ නාන්න එක්කන් යන්නෙ නෑ" කියලා අයිනට වෙන්න තියන ශවර් එක යටට ගිහින් ශර්ට් එක ගලවලා ශවර් එක ඔන් කරාම! සීතල වතුර එයාගේ හිස් මුදුනේ ඉඳලා බෙල්ල පිටිපස්සට, බේරෙනකොට, එයා අත් දෙකම උස්සලා ඔලුව හෝදනකොට හැඩට කැටයම් වෙලා තියන පිටුපස පේශී දිගේ වතුර ලස්සනට ගලාගෙන ගියා. රස්නෙයි! මන් අතින් පවන් ගගහා තවත් ඒ දිහා බලන් හිටියා.
"එන්නේ නැද්ද?" පිටිපස්ස හැරිලා මට කතා කරනකන්ම මන් හිටියේ මේලෝකේ සිහියකින් නෙමෙයි.
"අහ්? අහ් හා ඉන්න!" ලැජ්ජයි!!! ඒත් මන් එයා ළඟට ගියාම එයා මාව අතින් ඇදලා ගත්තම මාවත් වතුරට නෑවෙන්න ගත්තා. ඒත් අපේ ඇස් තිබ්බේ එකිනෙකා මත නැවතිලා. සීතල වතුර ඒ සුදුම සුදු නලල දිගේ ඇස් වලට වැටිලා දිග ඇස් පිහාටු වල වතුර බින්දු රැඳිලා. එයා මන් දිහා බලන්ම එක අල්ලක් නහයයි කටයි දිගේ ගෙනිච්චා. මන් ශර්ට් එක තවත් තෙමෙන්න කලින් ගලවන්න ගියාම එයා ශර්ට් එක යටින් ඇද්දා.
"ගලවන්න එපා!"
"ඇයි?"
"මට ඉවසන්න බැරි වෙයි!"
"සයෝද්!"
"අපි යාලුවෝ විතරයි අයියේ!" එහෙම කියලා ශවර් එකෙන් එලියට ගිහින් වැලේ දාලා තිබ්බ ටවල් එකක් ඉන වටේ ඔතන් ශෝර්ට් එක ගලවලා අතට ගත්තා.
"නාගන්න. මන් තවුසෙගේ ඇඳුම් අරන් එන්නම්" කියලා ගේ ඇතුලට ගියා.
ඇඳුම් මාරු කරන් කාමරේට ගියාම සයෝද් ගිහින් ඇඳ උඩ ඇල වෙලා එයාගේ එහා පැත්තේ කොට්ටෙට තට්ටු කරා.
"මන් යන්න ඕන මල්ලි! දැන් හවස් වෙලා."
"ම්ම්ම් යන්නම ඕනද?"
"ආයේ එන්නම්!"
"අපේ ඉස්කෝලේට එනවද?"
"හ්ම් ලකුණු තිබ්බොත් එනවා"
"ලකුණු තියෙයි. මන් බලං ඉන්නවා අයියේ"
"තාත්තේ!!!! මට A9k!!!" මන් කෑ ගහගෙන කුස්සියට ගියාම රෙක්ස් ටත් තේරුනා වගේ බුර බුර උඩ පනින්න ගන්නකොටත් මන් තාත්තගේ ඔඩොක්කුව උඩ!
"මන් දැනගත්තා මගේ කොල්ලා A9ක්ම ගන්න බව! සාගර මන් කීවේ නැද්ද?" අම්මා පොල්කටු හැන්දකුත් අරන් මාව ඉඹගෙන ඉඹගෙන ගියා.
"සුදුමහත්තයෝ ඔහේ ගැන තාත්තට ආඩම්බරයි!" තාත්තාගේ ඇස් වලත් යන්තන් සතුටු කඳුලු දැක්කා.
"තාත්තේ මන් තුර්ශත් එක්කම රාජකීයට අයදුම්පත් දාන්නද?"
"ඕක අහන්නක් දෙයක් යෑ. දැන් මයේ කොල්ලට මේ ගමේ ඉස්කෝලේ පෑහෙන්නේ නෑ. රූපෙයි, නුවණයි එක විදියටම තියනවනේ!" අම්මා මගේ ඔලුව අත ගෑවා.
"සුදුමහත්තයෝ... මේන් ඔහෙට ලොකු ඉස්කොලෙට පය තියනවට තෑග්ගක්!" කියලා තාත්තා මගේ අත උඩ පෙට්ටියක් තිබ්බම,
"අනේ තාත්තේ phone එකක්?" මන් තාත්තව බදාගත්තා.
"හොදට A/L කරගන්න ඕනා!" තාත්තා මගේ ඔලුව අත ගෑව.
ඉස්සෙල්ලාම කෝල් එක ගත්තේ තුර්ශට. පොඩ්ඩක් කටහඬ වෙනස් කරලා,
"හෙලෝ මහ්ත්මයා අපි කතා කරන්නේ හිරු fm එකෙන්. මේ වෙලාවේ කතා කරන්න පුලුවන්ද?"
"ඔව් කියන්න"
"අපි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒකට හරි උත්තරේ දීලා දොර දෙකේ ශීතකරණයක් දිනා ගන්න පුලුවන්"
"අහ් අහන්නකෝ බලන්න!"
"රෙද්ද අස්සේ කූරූ කූරු කියන්නේ මොකටද මහත්තයෝ?"
"තොගේ ලබ්බේ මයිල් වෙන්න ඇති සවේන්!"
"යකෝ තෝ දන්නවද මන් කියලා!"
"තුර්ශව තම්බන්න උඹට මාස හයක කෝස් එකක් කරන්න වෙයි! ගොනා!"
"අඩෝ මගේ පන උඹලා එහෙනම් මේ පෞකාරයා හොයන් ආවා!"
"මචං අපි ඒක කරා!" තුර්ශ කෑ ගැහුවම
"ඔව් හු$තෝ අපි ඒක කරා!" හශිර, තුර්ශවයි, දේශාන් වයි, විහඟවයි, මාවයි එක පොදියට බදා ගත්තා. හශිරයි විහඟව ආයේ බදාගත්තම විහඟ අඬන්න ගත්තා. අපි උන් දෙන්න උන්ව cover වෙන්න හිටගත්තා.
"මට හිතා ගන්නවත් බෑ තුර්ශ! උඹ මාව කොළඹ හතට ගේනකන් අල්ලන් හිටියා කියලා හිතුවම! උදේට ඉස්කෝලේ ආවම English past paper එක පවා උඹ බලලා දුන්නා. උඹට වදින්නයි වටින්නේ බන්. උඹ එදා මාව ගේට්ටුව ළඟින් මැද මිදුලට ඇදන් ආවේ නැත්තම් අද සවේන් කොහෙද?"
"මන් කිව්වනේ මන් උඹව අල්ලන් ඉන්නවා කියලා! හැමදාම උඹව අල්ලන් ඉන්නවා. උඹට තව එල්ලෙන්න එකක් හම්බෙනකන්ම!" තුර්ශ මගේ උරහිසට ගහලා හිනා වුනා.
"ලොකූ!!" තුර්ශට විතරක් නෙමෙයි මමත් හැරුනා. ඒ කටහඬ මමත් අද උදේ ඉඳන් අහන්න බලන් හිටපු කටහඬක්. සයෝද් ඇවිත් තුර්ශව වඩාගෙන කැරකුවම පන්තියේ එවුන් බය වෙලා බැලුවේ උන්ගේ සුපිරි බාස්කට් බෝල් තරුව, බෑන්ඩ් ලීඩර්, එකපාරට පන්තියට ඇවිත් අලුතෙන් ඉස්කෝලෙට ආපු ජපන් බෝනික්කව කරකවන විදිහ.
"අඩෝ සයෝද් මල්ලි!" එකෙක් කෑ ගැහුවා
"ඔන්න අයියලා ඔක්කොමලා අහගන්න තුර්ශ රුසීහ සිරිවර්ධන, සවේන් දෙනෙත් පෙරේරා, දේශාන් නිම්දිනු කුරේ කියන්නේ සයොද් රෙශඛ්‍ය ඩී සේරම් ගේ අයියලා. ඒ නිසා හොඳ පිලිගැනීමක් දෙන්න ඕනා! ආ මේ අනිත් අයියත්!" ලැජ්ජාවෙන් ඇඹරෙන් විහඟටත් තට්ටුවක් දුන්නම,
"ආ එයා මගේ!" හශිර කෑ ගැහුවම ඔක්කොම හූ තිබ්බා.
"සවේන් අයියේ, ඊළඟ පීරියඩ් එකේ බාස්කට් බෝල් කෝට් එකට එන්න!" හෙමින් කනට කරලා කියලා ගියාම මන් ඔලුව වැනුවා.
"සයෝද් මල්ලි?" ඉන්ඩෝර් බාස්කට් බෝල් කෝට් එකේ දොර ඇරන් යනකොට කවුරුත්ම නෑ. හිටියේ සයෝද් විතරයි. බෝලයක් බවුන්ස් කරලා මට විසික් කරාම මන් ඒක අල්ලගත්තා.
"සමස්ථ ලංකා නැටුම් තරඟයට ඇප්ලයි කරන්න ඕනා!"
"අහ්?"
"නෝටිස් බෝර්ඩ් එක බලන්න." කියලා හෙමින් මගේ ළඟට ඇවිත් මාව අත් දෙකට අරන් කැරකනකොට
"මේ මොකද මේ? තියපං බිමින්!"
"සතුටට! ඒත් අපි යාලුවෝ විතරයි!"
"ඔයාට සතුටුද?"
"ගොඩක් සතුටුයි. මට දැන් තවුසෙව හැම වෙලේම සතුටෙන් තියන්න පුලුවන්. අයුශ් එනකන්" එහෙම කිව්වම මගේ හිතට මහ අමුතුම සතුටක් ආවා. ඒක හරි ආරක්ශාකාරී හැඟීමක්. මන් එයා දිහන් බලන්ම ඉන්නකොට,
"එපාද?"
"ඕනේ!" මට ඒක කියවුනාම එයාට ලොකු හිනාවක් ගියා.
"බය වෙන්න එපා. අපි යාලුවෝ විතරයි!" එහෙම කියලා මට ඇහැක් ගැහුවා.
"බිමින් තියන්න අදහසක් නැද්ද මාව?" බෝලෙත් අතේ තියන් ඇහුවම
"තවුසේ කියනවනම් මන් උඹව උස්සන්ම ඉන්නම් අයියේ"
"පිස්සෙක්! තියපං බිමින්!" එහෙම කිව්වම මූන නරක් කරන් මාව බිමින් තිබ්බා.
සයෝද් Saga එකට practise පනන් ගත්තට පස්සේ මට හම්බෙන්න වෙලාවක් තිබ්බේම නැති වුනත් මන් හැමදාම free period එකක් අල්ලලා මියුසික් රූම් එකට ගිහින් එයාලා practise කරනවා බලන් හිටියා. රෙස්ට් හම්බෙන වෙලාවට එයාට මන් ක්‍රීම් සෝඩා එකක් අරන් ගියාම අපි දෙන්නා බාගේ බාගේ ඒක බිව්වා.
"හෙට සාගා එක ඉවර වුනාම මට වෙලාව හම්බෙනවා තවුසේ එක්ක ඉන්න."
"ඇයි මට උඹව මිස් වෙනවා කියලද හිතන් ඉන්නේ?" මන් ක්‍රීම් සෝඩා එක බොන එක ටිකකට නවත්තලා කුප්ප හිනාව දාලා ඇහුවම, සයෝද්ගේ මූන කලු වෙනවා බලන් ඉන්න ආසයි.
"ඇයි නැද්ද?"
"නෑ"මන් එහෙම කිව්වම දැන් මූන හොඳටම දුක් බරයි.
"දුකද?" මන් ආයේ ඇහුවම,
"අයියා දන්නවාද දුක කියන්නේ මොකක්ද කියලා?"
"මොකක්ද?"
"සේනානායක වෙරලියද්ද තද කරන් ඉන්න දෙයක්!"
"පලයං යන්න!"
"මොකෝ උඹ මූන නරක් කරන් තුර්ශ?" ඇස් දෙකත් රතු කරන් ඩෙස්ක් එක උඩ ඔලුව ගහන් ඉන්නකොට මන් ඇහුවම
"තානය අයියා රට ගියා බන්!"
"උඹ කොච්චර කියෙව්වත් උඹට අප්සට් යනවා කියලා මන් දන්නවා බන් ඒත් උඹමනේ කිව්වේ උඹලගේ අනාගතේට මේක වැදගත් කියලා."
"කොයි තරම් පොර ටෝක් දුන්නත් මට දැන් අවුල් තමයි බන්. උඹ කොහොමද බන් අයුශ් නැතුව මෙච්චර කල් ඉන්නේ? මට මේ දවසක් ගිහින්වත් ඉන්න බෑ!" තුර්ශ මගේ උරහිසෙන් ඔලුව තියා ගත්තා.
"අමාරුයි බන්! ඒ හැඟීම නිකන් පිපාසයෙන් ඉන්නකොටත් දිය දිහා බලාගෙන විතරක් ඉන්නවා වගේ හැඟීමක් තුර්ශ. මෙතුවක් කල් පිපාසය නිවපු කඩිත්තෙන් විතරක් පිපාසය නිවාගන්නවා කියලා පොරොන්දු දීලා ඒ දිය කඩිත්ත හම්බෙනකන්ම මග හම්බෙන දිය කඩිති දිහා බලාගෙන පොරොන්දු රකින්න පිපාසයෙන්ම ඉමක් කොනක් නොපෙනෙන ගමනක යෙදෙනවා වගේ හැඟීමක් තුර්ශ!"
"අවුරුදු දෙකක ප්‍රේම සංවත්සරය සමරණ ප්‍රසිද්ධ ගීත රචක තුර්ශ රුසීහටයි ජනප්‍රිය ගායක තාන්ය අශ්වින්ටයි අපෙන්...." දේශාන් එක පාරට බෑග් එකත් කරේ දමාගෙන කියද්දි, දේශානුයි මමයි ගේට් එක ළඟදි කතා කරගත්ත විදිහටම මන් ඌ පිටිපස්සෙන් ගිහින්,
"උණුසුම් සුභ පැතුම්!" කියලා තුර්ශව බදාගත්තා.
"Thanks bomcala! ඉඳා උඹලට තුටු පඬුරු!" තුර්ශ චොකලට් දෙකක් දෙපැත්තට දික් කරනකොට දේශාන් එකක් අරගෙනත් කඩලත් ඉවරයි.
"ලොකු අයියේ!" මට හිනාවක් ගියා. ඇයි මේ?
"කෝ මට?" සයෝද් පැනලා ඇවිත් ඇහුවම
"ඉඳා!" කියලා තුර්ශ සයෝද්ටත් චොක්ලට් එකක් දුන්නා
"තෑන්ක්ස් තෑන්ක්ස්! 55ස් වෙනි සංවත්සරයත් සමරන්න ලැබේවා! තාන්ය අයියට පිං!" චොක්ලට් කාලා නෑ වගේ. හැබැයි හරි හුරතල්.
"හවසට ගෙදර වරෙං බඩ්ඩක් පෙන්නන්න" තුර්ශ කිව්වම
ස්යෝද් "මොකක්ද?" ඇහුවම තුර්ශ,
"වරෙංකෝ!" කිව්වා
"ක්ලාස් ඉවර වෙලා එන්නම්!" කියලා මන් දිහා බැලුවා. ඇති යන්තන් අපිවත් පේනවා.
"ඇප්ලිකේශන් එක ගෙනාවද?"
"ඔව්!"
"එහෙනම් යන්!" කිව්වම මන් බෑග් එකෙන් ඇප්ලිකේශන් එකත් අරන් සයෝද් පිටිපස්සෙන් ගියා. සයෝද් සපත්තු දෙක දාන්ම නැටුම් කාමරයට අඩිය තියන්න ගියාම මන් එයාගේ පිටිපස්සේන් ශර්ට් එක අල්ලලා එයාව නැවැත්තුවා.
"සපත්තු ගලවන්න මල්ලි!"
"අහ්! සොරි! ජීවිතේට ඇවිත් නෑ මෙහේ" කියලා මෝඩයෙක් වගේ හිනා වුනාම මටත් හිනා ගියා. සපත්තු දෙක ගලෝලා ඇතුලට යනකොට එයත් පිටිපස්සෙන් ආවා.
"සර් මන් 12 කලා එකේ සවේන් දෙනෙත් පෙරේරා. අලුතෙන් ආවේ" මීට කලින් නැටුම් පීරියඩ් එකට ආවේ දවස් දෙකයි. සර් ට මාව මතකද දන්නේ නෑ.
"අහ් මොකද මට අමතක! ඇප්ලිකේශන් එක බාර දෙන්නද ආවේ?"
"ඔව් සර්. ඒකල අංශයෙන්" කියලා මන් ඇප්ලිකේශන් එක සර් අතේ තිබ්බම සර්ගේ ඇස් ගියේ සයෝද්ට
"ආ... බෑන්ඩ් ලීඩර්! මොකෝ පාර වැරදිලාද?"
"නෑ සර් දැන් තමයි හරි පාරේ යන්නේ!" කියලා ඇඟට නොදැනි කිව්වම සර්ට තේරුනේ නැති එකමයි හොඳ! මෝඩයා! ඒත් අපි යාලුවෝ විතරයි.
"අඩෝ අඩෝ මේ ඉස්සරහට හම්බුවෙනවා බන් පළතුරු කඩවල් ටික." දේශාන් පිටිපස්ස හැරිලා කිව්වම තුර්ශ ඌට තම්බ්ස් අප් එකක් දීලා,
"අවධානයෙන් ඉන්නේ බ්‍රෝ" කිව්වම
"එලම!" දේශාන් හිනා වුනා
එල්ෆීස්ටන් එකේ සිංහබාහු බලන්නයි යන්නේ. බස් එකෙන් බැහැලා පාර පැනලා පේව්මන්ට් එක අයිනේ තියන පළතුරු කඩවල් ටික පාට පාටට දිලිසෙනවා.
පෝලිමේ යනකොට මැදක් හරියේ තමයි දේශානුයි, තුර්ශයි, විහඟයි, හශිරයි, මමයි ගියේ.
"හරි හරි දැන් ගනින් තුර්ශයා!" දේශාන් කිව්වම ටිකක් වෙලාවකින් මට ඇපල් ගෙඩියක් පාස් උනා. මුන් මොනාද මේ කරන්නේ??? හත්තුකේ!!! මන් කාටත් පේන්නේ නැති වෙන්න ඒක මගේ සාක්කුවකට දාගත්තා. ඒ ගමන තව දොඩං ගෙඩියකුයි, පේර ගෙඩියකුයිත් ආවා. ඒ දෙකත් සාක්කුවට ඔබා ගත්තා දැන් මගේ දෙපැත්ත ඉදිමිලා. මේවා මහ සහ ගහන වැඩ තුර්ශ!!!
විහඟ තදින්ම කිව්වා අපි ඒවයේ සල්ලි දෙන්න ඕනා කියලා. හශිර කිව්වා තව කියෙව්වොත් හැමෝම ඉස්සරහා ඌගේ කට කනවා කියලා. ඒ පාර තමයි ඌ රතු වෙලා කට වහගත්තේ. කොහොමහරි සිංහබාහු බලන ගමන් ඇපල් ගෙඩියටයි, දොඩම් ගෙඩියකටයි, පේර ගෙඩියකටයි වග කිව්වා.
"අනේ මට නම් එපා ඔය හොරකම් කරපුවා"
"පැහෙන්නේ නැතුව කන්න බුබූ!" හශිර විහඟගේ කටේ පේර ගෙඩිය බලෙන් ඔබනවා
"අනේ බබා මට එපා අනේ" විහඟ හශිර ගේ අත එහාට කරනවා. මට ඇත්තට මේවා බලන් ඉද්දි තමයි ආශු මතක් වෙන්නේ. ඉස්සර මටත් ඔහොම බලෙන් කවනවනේ.
"ඔයා එන්න බුබූ මන් ඔයාට ඇපල් කවන්නම්" තුර්ශ මගේ කර වටේ අතක් දාලා ඇදගෙන මට ඇපල් කැව්වා.
"අඩෝ උඹ තාන්ය අයියා විදේස ගත වුන ගමන් වෙන කෑල්ලක් ලයින් කරනවා නේ? හිටපං" කියලා දේශාන් අලි දෙන්නගේ photo එකක් ගත්තා.
"අඩෝ මේ හු$න්න එපා! ඕක නම් යවන්න එපා හොඳේ!" තුර්ශ කෑ ගැහුවම
"සොරි බ්‍රෝ already sent!" දේශාන් screen එක අපිට දික් කරාම හත්තුකේ!!! ඒකෙ නිකන් මන් තුර්ශව කිස් කරන් ඉන්නවා වගේ පේන්නේ.
"දීපං හු$ත delete කරපන්!" තුර්ශ දේශාන්ගේ බෙල්ල වැලමිටට තද කරන් phone එක සාර්ථකව උදුරලා අරන්
"නාන විලේ හු$න වෙලේ! ශිට්!" කියලා ඔලුවේ අත ගහගත්තා. ඊටපස්සේ ඌ කලබලේ ඌගේ phone එකත් සාක්කුවෙන් අරන්,
"අනේ බුබූ අපි ඉවරයි. කියලා යටි තොල පෙරලලා සෑඩ් ෆේස් දාගෙන මගේ මූනට phone එක දික් කරාම screen එකේ, 'Rukmani 🍁❤️ calling. මන් ඔලුවේ අත ගහගත්තා.
"answer කරපන්!" දේශාන් කිව්වම තුර්ශ ඌට ඔරෝලා phone එක කනේ තියා ගත්තා.
මතු සම්බන්ධයි.....