Cherreads

Chapter 24 - අග බිසව

"සවී මෙතනට එන්න!" මෙතුල එයා හිටපු මැද පේලියට මට කතා කරාම මන් ඇහුනේ නෑ වගේ ගිහින් ඉස්සරහම පේලියෙන්ම ඉඳගත්තම එයා බෑග් එක මගේ එහා පැත්තට විසික් කරලා මගේ ළඟින්ම ඇවිත් වාඩි වුනාම මන් දැක්කේ නෑ වගේම හිටියා.

"සවී?" මෙන් ඒත් ඇහුනේ නෑ වගේ හිටියම

"සවේන්!" කියලා මගේ උරිස්සෙන් අල්ලලා එයා පැත්තට හරවගත්තා

"දැන් අඳුරන්නේ නෑ වගේ ඉන්නද හදන්නේ මැණික? අහ් මේක ඔයාට". Caravan Fresh එකේ brown paper bag එකක් මගේ ඉස්සරහින් තියලා,

"අපේ කලින් ඉස්කෝලේ ඉස්සරහා එකෙන්මයි ගත්තේ සවී. ඔයා ආසයිනේ ඒකේ ඉක්ලෙයර්ස් කන්න."

"මෙතුල ප්ලීස්!" මන් එයාගේ අත මගේ උරහිසෙන් අරන් එයාගෙම කකුල උඩින් තිබ්බම,

"ආයෙම මට ඔයාව නැති වුනාද සවී? ඔව් කියන්න නම් එපා සවී!" ඇස් වල තියන පරාජිත භාවය නොපෙනෙනවා නෙමෙයි, ඒත් මට කෙනෙක් එපා වුනොත් එපා වුනාමයි. මන් සාමාන්‍යෙන් මිනිස්සුන්ට සෑහෙන්න අවස්ථා දෙනවා ඒත් මට එපා වුනොත් ආයේ මට ඒ මිනිස්සු ගැන කලින් හැඟුන විදිහට හැඟෙන්නේ නෑ. මන් උත්සහ කරත් ඒක එහෙමයි. මෙතුලත් එහෙමයි. එයාව මට ඕනම උන වෙලාවේ එයා මාව තනි කරා. මට මෙතුල ගැන ඇති වෙච්ච ඒ කලකිරීම තාමත් එහෙම්මමයි. ඉතින් කොහොමද මට තව එයා ගැන ආදරයක් හිතෙන්නේ? 

"මෙතුල මන් කියන දේ හොඳින් අහගන්න. ඔයා දන්නවනේ මට කෙනෙක් එපා වුනොත් එපා වුනාමයි කියලා? ඔයා ඕනම වුන වෙලාවේ ඔයා මාව තනිකරා. මට රිද්දුවා. මට ඔයා ගැන කලින් තිබ්බ යාලුකමේ සෙනෙහෙවන්ත කමවත් දැන් මගේ හිතේ නෑ මෙතුල. ඔයත් එක්ක මන් මෙහෙම හරි කතා කරන එක ඇත්තටම මටම පුදුමයි. මන් මට රිද්දපු මනුස්සයෙක් දිහා ඇහැ ඇරලවත් බලන්නේ නැති කෙනෙක්. එදා බනට ආපු එවුන් එක්ක හරි මන් කතා කරේ උන්ට උන්ගේ වැරැද්ද තේරුම් කරවන්න. මගේ phone එකේවත්, මගේ social media platform එකකවත් ඔය එකෙක්ගෙවත් requests මන් accept කරලවත් නෑ මෙතුල. මේ බලන්න" මන් fb එකේ requests පේලිය scroll කර කර පෙන්නුවා. 

"සවී මට සමා..." 

"සර් එනවා මෙතුල! ඕක නවත්තගන්න!" 

"හොඳයි ආයුබෝවන් ළමයි! ඔයාලට google classroom එක හරහා මන් එවලා තිබ්බ Logic MCQ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු මට හම්බුනා. සෑහෙන්න පිරිසක් පේපර් එක කරලා තිබ්බා. මට සතුටුයි. එහෙනම් වැඩිම ලකුණු අරන් තිය අය කියන්නයි යන්නේ! 

තුන් වෙනියා, ලකුනු 96යි ලහිරු සුලක්ශණ! කෝ ඉන්නවද?" 

ලහිරු නැගිටිනකොට හැමෝම අත්පොලසන් නාදයක් දුන්නා.

"එන්න පුතා මේ පුංච් තෑග්ගක්!" කියලා සර් චිට් චැට් එකක් පෙන්නුවම හැමෝම හිනා වුනා. ලහිරු ගිහින් චිට් චැට් එක ගන්නකොට සර් ඌගේ බඩ මිරිකුවා.

"දෙවනියා උමායා මන්දෝදරී. ලකුණු 98යි!" ඒ ළමයටත් චිට් චැට් එකක් දීලා සර් හිස් මුදුනට තට්ටුවක් දුන්නා.

"පලවෙනි ස්ථාන දෙකයි! බොහොම සතුටුයි! ලකුණු 100න්, 100යි. මෙතුල ප්‍ර්තාප්, සවේන් දෙනෙත්!" 

මෙතුල මගේ අත අල්ලන් නැගිට්ටම අත ගසලා දාන්න බැරි කමට මන් ඔහේ එයාගේ පිටිපස්සෙන් ගිහින් ස්ටේජ් එකට නැගලා චිට් චැට් එක ගත්තම සර් මගේ බඩත් මිරිකන්න හදනකොට මන් එහාට පැනලා දුවලා ගිහින් බිමට බැස්සම සර් හක හක ගාලා හිනාවෙනවා ස්පීකර් වලින් මුලු පන්තියටම ඇහෙනකොට ළමයි ඊට හයියෙන් හිනා වෙනකොට එක කෙල්ලෙක් 'අනේ කියුට්' ගෑවා. 

පන්තිය ඉවර වෙලා එලියට එනකොට මෙතුල මාව අතින් ඇදගෙන යනකොට,

"මෙතුල මාව අත අරිනවා! තමුසෙට පිස්සු හැදිලද?"

"මට තමුසේ එක්ක ටිකක් කතා කරන ඕනා!"

"කතා කරනවා එලියේ! කොහෙද ඇදන් යන්නේ?"

ඒත් එයා පිටිපස්සේ ඇදිලා ගිහින් වොශ් රූම් එක ඇතුලට විසික් වෙලා දොර වැහෙනකන්ම මට මෙතුලගේ ග්‍රහණයෙන් මිදෙන්න බැරි වුනා. 

"මෙතුල පිස්සු කරන්න එපා!" දැන් සයෝද් ඇවිල්ලා ඇති. මන් වෙලාව බැලුවම 7.15යි. මෙතන ලොකු විනාසයක් වෙනවා මන් එලියට ගියේ නැති වුනොත්. මන් ඉක්මනට ගිහින් දොර අරින්න හදනකොට මෙතුල මාව ඇදලා අරන් බිත්තියට තද කරගත්තා. 

"අත ඇරපන්! තමුසෙට ඔල්මාදෙද මෙතුල?" 

"දඟලන්නේ නැතුව හිටියොත් අත අරින්නම් සවී. ආයේ දුවන්න එපා!" 

"හරි! හරි යන්නේ නෑ. අත අරින්න මට රිදෙනවා!" 

"සොරි මැනික රිද්දන්න නෙමේ කරේ. මන් කියන දේ ටිකක් අහන්න!" මෙතුල මාව අත ඇරියම මන් ශර්ට් එක හදාගෙන අත පහලට රූටලා තිබ්බ බෑග් එකත් ආයේ උරිස්ස උඩට දාගෙන ලොකු හුස්මක් ගත්තා. 

"මට සමාවෙන්න සවී! ප්ලීස්! මට එක අවස්තාවක් දෙන්නකෝ!" මෙතුල මගේ මූනට එබිලා කිව්වත්,

"නෑ මෙතුල, සමහර වැරැදි වලට සමාව දෙන්න බෑ. ඔයා මගෙයි ආශුගෙයි හොඳම යාලුවා වෙලා ඉඳලත් ඒ විදිහට කරාම මට සමාව දෙන්නම බෑ මෙතුල!" මෙතුල දකුණු අතේ දබර ඇඟිල්ල නවලා ඒක හප හප වැනිටි ඒරියා එකේ එහෙට මෙහෙට යන්න ගත්තේ පිස්සුවෙන් වගේ. ඒත් මන් කියන්න ඕන ටික අද කියනවා! 

"මන් ඔයාව තවමත් මගේ යාලුවෙක් විදිහට විතරක් හරි ආශ්‍රය කරන එකට ඔයා ස්තූතිවන්ත වෙන්න. සයෝද් ඉන්න තැනක මේ දේවල් කියන්න එපා ආයේ. එයාට තරහා ගියොත් මටත් control කරගන්න බැරි වෙයි!" 

එක පාරටම පුපුරු ගහන ඇස් දෙකෙන් මන් දිහා බලන් මගේ ඔලුව එහා පැත්තෙන් 'තඩං' ගාලා බිත්තියට අත තිබ්බම මාව බයෙන් ගැස්සුනා 

"එතකොට දැන් ඌද උඹේ අලුත් මිනිහා? තමුසෙට පුලුවන්ද ඔය ලොකු අතු එක්ක පෑහෙන්න සවේන්?"

කොච්චර බය හිතුනත් පහල සයෝද් ඉන්නවා කියලා දන්න නිසා මන් නැවැත්තුවේ නෑ. 

"ඕන්න ඕක තමයි ඔයාගේ ප්‍රශ්නේ මෙතුල! ඔයා මට කිසිම විදිහකින් ගරු කරන්නේ නෑ. ඔයාගෙයි මගෙයි සමාජ පන්තිය එක වුනයි කියලා සයෝද් ට වඩා මට ගැලපෙන්නේ ඔයා කියලද ඔයා ඔය කියන්නේ? එහෙනම් ඔයාට හොඳටම වැරදිලා මෙතුල! මයුරවංශලා, ඩී සේරම්ලා මට වඩා ඉහල සමාජ පන්තියක මිනිස්සු වෙන්න පුලුවන් හැබැයි කවදාවත් ඒ මිනිස්සු මටවත් මගේ පවුලටවත් නිග්‍රහ කරලා නෑ. ඕනවටත් වඩා ගෞරවය දුන්නා මිසක්. අනික ඔය කියන ඉහල සමාජ පන්තියේ ඉඳලත් ඒ මිනිස්සු තරම් සරල, පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු මන් දැකලත් නෑ මෙතුල! ඒ නිසා නොදන්න දේවල් කතා නොකර ඉන්න එකයි හොඳ!" 

"සවේන් උඹ හොඳට මතක තියා ගන්නවා මන් තමුසෙව මගේ කර ගන්නවා කර ගන්නවනවමයි. අරූ ඉන්නකන් උඹ ඌ මත්තේ නැහුනා. දැන් මහ රජ්ජුරුවෝ කෙනෙක් දාගෙන! තමුසේ හිතුවද මන් ඌට බය වෙයි කියලා?" 

"මෙතුල තමුසේ නම් මහ ජරා යකෙක්!" මන් අත මිටමොලෝගත්තේ තියන කේන්තියටමයි! 

"ඔහේට මන් අනතුරු ඇඟවුවා කියලා මතක තියා ගන්න. මන් යනවා" 

"එහෙම කොහොමද යන්නේ?" මාව ඇදිලා ගිහින් ආයේ බිත්තියට තද වෙනකොට මෙතුල මගේ තොල් වලට වේගෙන් පහත් වෙන්කොට මන් මගේ තොල් බේර ගන්න මූන පැත්තට හැරෙව්වා. අනේ රෙශඛ්‍ය ඔයා කොහෙද? 

"මේක ඇරපන්! සුදු අයියේ ඔයා ඇතුලෙද?"

"රෙශඛ්..."

"කට වහපං!"මෙතුල ඇඟිලි වලින් මගේ කම්මුල් දෙකම මිරිකගෙන තොල් එයා පැත්තට හරෝගත්තා

'දඩාං!' 

මෙතුල පරඬැලක් වගේ කොලර් එකෙන් උස්සලා අරන් බිත්තියට තියනකන් අතරමැදි කාලයේ උනේ මොනාද කියලා හරි නිච්චියක් නෑ. හැබැයි දැන් මෙතුල හිටියේ පොලවෙන් අඩි ගානක් උඩින්. රෙශඛ්‍යට කොයි තරම් කේන්ති ගිහින් තිබ්බද කිව්වොත් නලල දෙපැත්තේ නහර පවා ඉලිප්පිලා පුපුරන්න ඔන්න මෙන්න වගේ. මෙතුලව අල්ලන් හිටපු අතෙයි, මිට මොලවන් ඉන්න අතෙයි කොල පාට නහර උඩ පල්ලෙහා යනවා. 

"තොගේ ලබ්බ දෙකට ඉරලා හාෆ් කොත්තු දෙකක් දාලා එකක් තොගේ අප්පටයි, අනික තොගේ අම්මටයි කවනවා දැන ගනිං!" 

"රෙශඛ්‍ය!" මන් කෑ ගහනකොටත් මෙතුල ගැහෙනවා.

"සුදු අයියේ තවුසේ කියපං කොත්තුද, රයිස්ද?" 

"රෙශඛ්‍ය ඕකව බිමින් තියන්න!" 

"තමුසේගේ කොප වගේ කට අහලකට ගෙනාවද මගේ අයියගේ මූනට? කියපං!"

මෙතුල 'නෑ' කියලා බය බිරාන්ත වෙලා ඔලුව වනද්දි,

"ඇත්තද සුදු අයියේ?"

"ඔව්, ඔව්! රෙශ්ඛ්‍ය මුකුත් වුනේ නෑ. එයාව බිමිත් තියන්න!" 

"හාල් පාරු හිකනලා, තෝව මන් බිමින් තියනවා මොකද මට සුදු අයියව වඩා ගන්න තියනවා. ආයේ තොගේ බෙට්ට වගේ කටෙන් මගේ අයියට සවී සවී ගාන්න එනකොට තොගේ අම්මා කන්නේ රයිස්ද කොත්තුද කියලා අහගෙන වරෙං හුත්තිගේ පුතා!" 

රෙශඛ්‍ය මෙතුලව බිමින් තියලා පස්සට පයින් ගැහුවම ඌව ගිහිල්ලා කඩපු දොරෙන් එලියට වැටුනම ඌ ආයේ නැගිටලා පස්ස නොබලා දිව්වා. 

රෙශඛ්‍ය මගේ පැත්ත හැරිලා හෙමින් ළඟට ඇවිත් පිට අල්ල මගේ කම්මුල දිගේ ගෙනිච්චා.

"මගේ මල තලන්න අවසර තියෙන්නේ මට විතරයි!" 

"රෙශඛ්‍ය!" 

"හැබැයි ආදරෙන්!" එහෙම කියලා ශර්ට් වාටියෙන් අල්ලන් මාව අල්ලන් යනකොට මන් එයාගේ ලොකු අත අල්ලගත්තම එයා මන් දිහා බලලා හිනා වුනා. 

"බස් එකේ යන්න බෑනේ." රෙශඛ්‍ය කිව්වම

"ඉන්න මන් pick me එකක් දාන්නම්!" මන් phone එක අතට ගත්තම,

"ඉන්න අපි කන්න යමු. ලේ පිච්චුනානේ!"

"ගෑස් වගේද?" මන් හිනා වුනාම

"හැබැයි Eno එපා. අපි පීසා කමු!" ඉස්සරහා තිබ්බ Domino's එක පෙන්නලා කිව්වම මාත් 'හා' කිව්වා.

"මොනාද කන්නේ?" කවුන්ටර් එකට හේත්තු වෙලා ඇහුවම,

මන් "hot and sweet chicken" කිව්වම

"Extra cheese?" මන් 'ඔව්' කියලා ඔලුව වැනුවම

"With Jalapenos" මන් ආයේ හිනා වෙලා ඔලුව වනලා,

"Mountain Dew" 

"හාකෝ!" කියලා ඕඩර් කරලා යමු කිව්වම මන් එයත් එක්කම ගිහින් අයිනෙම කවුච් එකක වාඩි වුනාම එයා මගේ එහා පැත්තෙන් ඇවිත් වාඩි වෙලා මගේ ළඟට පහත් වුනාම මන් පුදුම වෙලා පහත් වුනාම එයා හිනා වෙලා මගේ බෑග් එක ගලෝලා එයාගේ බෑග් එකත් එක්කම නැගිටලා ඉස්සරහා පුටුව උඩින් තියලා ආයේ ඉඳගෙන දකනු අත මේස උඩින් තියලා ඒ අතේ පිට අල්ලම නවලා ඒක උඩින් මූන තියන මගේ දිහා බලාගෙනම ඉන්නකොට මගේ මූණ කේතලයක් වගේ රත් වෙනවා. මන් ලැජ්ජාවෙන් බිම බලාගත්තම,

"කෝලම! බලනවා මන් දිහා!"

"බෑ!"

"මොකක්ද කිව්වේ?"

"බෑ කියලා" මන් තාමත් බිම බලන් හිනා වෙනකොට මගේ දණිස්ස උඩින් එයාගේ ඇඟිල්ලක් තියවුනා, තව එකක්. දැන් කකුල් දෙකක් වගේ දණිස්සේ ඉඳන් උඩට ඇඟිලි දෙක අරන් එන්නේ හොඳකටනම් නෙමේ. 

"මීයං අල්ලං අල්ලං

අල්ලලා කාපං කාපං"

"රෙශඛ්‍ය එපා!!!" මන් එයාගේ අත ඉන ළඟින් අයින් කරනකොට

"එහෙනම් බලන්න!" මන් ඉතින් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි එයා දිහා බැලුවම කට උල් කරලා "උම්ම්මා" කිව්වම මන් එක අතකින් ඇස් දෙක වහගත්තා. 

එත්කොටම අපේ පීසා එකත් ආවා. පීසා එක ගෙනාපු කොල්ලා මන් දිහා බලලා හිනා වුනාම රෙශඛ්‍ය ඌටත් පිම්බුවා. කොල්ලා ගැස්සිලා අහක බලාගෙන යන්න ගියාම,

"මොකද රෙශඛ්‍ය!" එයා පිසා කෑල්ලක් අරන් ප්ලේට් එකකට දාලා මගේ ඉස්සරහින් තිබ්බා

"ඇයි?"

"ඒ ළමයා හිනා වුනා විතරනේ මා එක්ක!"

"හිනා වුනා? So you want to smile with another guy? Why? Why your boyfriend can't smile?"

"පිස්සු අප්පා ඔයාටනම්! කියනවා වගේ ඔයානම් කොලොප්පන්දූවේ මහ රජතුමාම තමයි" මන් පීසා කෑල්ලක් හප හප කිව්වම 

"අහ් හරි! මන් කොලොප්පන්දූවේ මහරජතුමා නම් ඔයා කොලොප්පන්දූවේ මහරජතුමාගේ පෞද්ගලික රාජකීය නාටිකාංගනාව!" 

"එහෙනම්.... " මන් තව ටිකක් එයාට ලං වෙලා,

"මේ නාටිකාංගනාව රජතුමාව දැලේ දාන් රජතුමාගේ අගබිසව වෙන්න බලන් ඉන්නේ!" 

රෙශඛ්‍ය පීසා කෑල්ල ප්ලේට් එක උඩින් තියලා හොඳ හුස්මක් අරන් අත මිටමොලවලා කටට තියන් උගුර පාදලා ආයේ මගේ පැත්තට හැරිලා එක පාරට මූනට එබුනම මගේ පන ගියා.

"අගබිසව නෙමේ. එකම බිසව! ඒ මොන බිසව වුනත්, නාටිකාංගනාවගේ පුරප්පාඩුත් තමුන්ටම පුරවන්න වෙයි!" 

මතු සම්බන්ධයි.....

More Chapters