Cherreads

Chapter 38 - අනේ ගලවන්නකෝ සුදයියේ

හිනා වෙලාම මට නම් දැන් කලන්තේ වගේ. ඒත් තාමත් මෙයාලගේ ආතල් නම් ඉවර නෑ. රාත්‍රී භෝජන සංග්‍රහය සහ නැටුම තාම ඉවර නෑ.

නුවී නංගි 'වස්සානයට අත වනලා' ගායනා කරන්න ගත්තම 

හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ

ලිනූ ගෑනියෙක් වගේ : ආහ්හ්හ්...

අපි පා වෙමුද තුරුළටම වී 

ආයේ ආහ්හ්හ්...

ඔබේ ඇස් අස්සේ මං මාව

දැක්කේ සංසාරයම මම නුඹගෙ වී

රෙශඛ්‍ය,

"තව ඈතින් ඉදන් ඉන්නවද රත්තරං

සංසාරයම මෙය මට නොදී...." 

කියලා මාව ඇදලා අරන් ඔඩොක්කුවෙන් තියා ගත්තම මන් එයාගේ පපුවට හේත්තු වුනාම එයා මගේ කන හැපුවා.

ඊටපස්සේ ලිනූ ඇවිත් 'මංජු අයියේ අපි නටමු කපල් ඩාන්ස්' කියලා මිනුකිගේ කොන්ඩ තොප්පිය දාන් උන් දෙන්නා කපල් ඩාන්ස් දැම්මා. ඊළඟට තුර්ශයි රෙශඛ්‍යයිත් කපල් ඩාන්ස් දාලා අන්තිමට කර්න්ට් වැදිලා වගේ පුපවල් හොල්ල හොල්ල නැටුවා.

"අද මට බයි කවන්නකෝ සුදයියේ?" බත් බෙදාගන්න ගියාම කකුල තිබ්බා අයාන්ගේ ටෝයි එකක් උඩ. 

"ආව්!!!"

"මොකද වුනේ?" රෙශඛ්‍ය මාව ළඟ පුටුවකින් ඉන්දුවම යටි පතුල චුට්ටක් හිල් වෙලා ලේ එනවා.

රෙශඛ්‍ය මාව වඩන් ගිහින් කකුල හෝදලා නාදි නැන්දගෙන් ප්ලාස්ටර් කෑල්ලක් ඉල්ලන් අලවලා මාව සෝෆා එකෙන් ඉන්දුවා.

"ඔයා බත් එක බෙදන් එන්න මන් කවන්නම්"

"පුලුවන්ද?"

"මන් බත් කවන්නේ කකුලෙන් නෙමේ රෙශඛ්‍ය!" 

"තවුසෙත් හැදිලා හොඳ ගානකට!" කියලා නලලට ඇඟිල්ලෙන් තල්ලුවක් දීලා බත් බෙදන් ඇවිල්ලා අතට දීලා රෙශඛ්‍ය ස්ටූල් එකේ ඉඳගත්තම මන් එයාට බත් කවනවා දැකලා අම්මා ඇවිත්,

"ආ මේන් බලන්න වජිර වැඩක්! මන් ආදරේට බත් කටක් කවන්න එන්න කිව්වම පැනල දුවන ඉලන්දාරියා මෙන්න කුරුල්ලෙක් වගේ බත් කවා ගන්නවා!"

"හෑං! මූටත් දෙන්න ඕනා බයිගුඩුස් පැනිය?" කියලා තුර්ශ පෙප්සි බෝතලයක් ගෙනත් රෙශඛ්‍යගේ ඇඟේ ගැහුවා. 

කෑම කාලා ඉවර වෙලා බැලුන් ඩාන්ස් එකක් තිබ්බා. මමයි තුර්ශයි බැලුන් නලලේ තියන් නටන්න ගියාම රෙශඛ්‍යට මල පැන්නා

"සුදයියේ මාත් එක්ක නටපන්!"

"‍රෙශඛ්‍ය උඹ උස වැඩී!" 

"හූ හූ හොඳ වැඩේ තොට මංජු! එන්න පන ඔයා මාත් එක්ක. අපි දෙන්නා ආදරෙන් වෙලිලා නටමු!" කියලා තුර්ශ බැලුම අපි දෙන්නගේ නලල මැද්දට තිබ්බම රෙශඛ්‍ය කට්ටක් අරන් ඇවිත් පිපිරුවා. 

"රෙශඛ්‍ය!!!!" 

ඒ අස්සේ ලිනුක ප්‍රෙග්නන්ට් වෙලා ආච්චි අම්මගේ ගවුමක් අස්සට බැලුමක් දාන් ඇවිත් නටන එවුන්ගේ අස්සට බඩ දානවා. 

මන් ඇහුවම කවුද තාත්තා? කියලා මූ කියපි

"තාත්තා මාව දාලා ගියා" කියලා.

එකපාරට තුර්ශ 

"මේ මොකෙක්ද යකෝ මේ!" 

කිව්වම ඔක්කොම ඒ පැත්ත බැලින්නම සන්නි වෙස් මූනක් දාගෙන කුඩයක් කරකව කරකව සුදුමාමා සාලෙට ඇවිත් 'යක්කුත් පිටියට ආවා' නටන්න ගත්තම ඔක්කොමලා හූ තිය තිය හිනා වෙන්න ගන්නකොට මන් රෙශඛ්‍යගේ කකුල් දෙක මැද්දේ බඩ අල්ලන් ඇඹරෙන්න ගත්තම

"එක විදිහකට හිටහංකෝ සුදයියේ! මගේ යකාත් නගිනවා!"

මෙට්ට දාලා බිම ඔක්කොම ලෑස්ති කරලා. හෙට නුවරඑළියේ යන්න කට්ටිය බඩු පැක් කරනවා. තුර්ශයි මායි මගේ බෑග් එක ලෑස්ති කරනකොට අම්මා ඇවිල්ලා මට එයාගේ ස්කාෆ් එකක් දීලා

"ඕක තියාගන්න සීතල අල්ලයි සවී බබා" 

"ඔව් ඔව් අර මේස් ටික ඔක්කොම දාගනින්."

මට ඇත්තටම අමුතුවෙන් ගන්න දෙයක් තිබ්බෙම නෑ. මොකද අම්මා මට ඕන ඔක්කොම අරන් දීලා තිබ්බේ. තොල් පැලෙනවට චැප්ස්ටික්ස් එක පවා අරන් දුන්නා. 

ගේ ඇතුලේ එකම යමරයයි. 

"නංගි ඔය මගේ ෆ්‍රොක් එක නේද තවුසේ ඔය පැක් කරගන්නේ?" 

"අනේ වැඩේමයි මට! ඉඳා!" 

"අනේ උඹලා දැන් මෙච්චර ඇඳුම් අරන් ඇවිත් තවත් රණ්ඩු වෙනවනේ!" 

අන්තිමට දෙයියනේ කියලා ඔක්කොමලා කොට්ට රෙදි අරන් බුදියගන්න ආවා. දෙන්නා දෙපැත්තෙන් සාංචි මැද්දෙන් වගේ පනයි බබයි දෙපැත්තේ. තුර්ශ මගේ ඇඟ උඩින් කකුල දාගෙන බෙල්ල අස්සේ මූණ ඔබා ගත්තම රෙශඛ්‍ය තුර්ශගේ කකුල උස්සලා එහාට දැම්මාම 

"හුත්තක් කරන්න එපා බන්!" කියලා ආයේ කකුලක් දාගත්තාම මට හිනා ගියා

"සුදයියේ උඹට ආතල් ද? වරෙන් මෙහාට!"

"බෑ රෙශඛ්‍ය!" 

"වරෙංකෝ අනේ බබා ගාගෙන!" කියලා එහා පැත්ත හැරිලා නිදාගත්තම මන් තුර්ශව බදාගෙන නින්දයයාගෙන එද්දි

"සුදයියේ...., සුදයියේ...." 

"හ්ම්?" යන්තන් ඇස් දෙක ඇරලා අහද්දි,

"මාව බදාගන්නවකෝ ඕයි!" අප්පේ ඇස් දෙක ටීක් බෝල දෙක වගේ යටි තොලත් පිට පෙරලන්

"හරි කෝලමක් වුනානේ මේක!" මන් තුර්ශ දිහා බැලුවම නහය අකුල අකුල නිදි. හෙමින් කකුලයි අතයි අයින් කරලා අනික් පැත්ත හැරුනම කුක්කු බබාට හිනාවක් ගියා. මන් අත් දෙක ඈත් කරාම පපුව අස්සේ මූන ගහගෙන තද කරලා බදාගත්තම මන් එයාගේ කකුල් දෙක අස්සට මගේ කකුලක් ගහන් නිදාගන්න හැදුවා විතරයි.

"ග්‍රෝක් ග්‍රෝක්!"

"අපෝ සුදයියේ අපේ තාත්තාගේ මොරටුවේ ලී මෝලට අමතරව කරන හෝම් මේඩ් ලී මෝල තමයි ඔය!" 

මුන් එකෙක්ටවත් ගානක් නෑ. ඔක්කොම හොඳ....ට නිදි. රෙශඛ්‍යටත් ටිකක් වෙලා යද්දි නින්ද ගිහින්. මුන් කම්මලේ බල්ලෝ වගේ මන් හිතන්නේ.

"සුදයියේ!!!! අනේ තාත්තට කියන්නකෝ මන් තාම කක්කා දානවා කියලා අදත් ඕෆ් කරලානේ වතුර! ශිට්! මන් ලැට් එකට යනකම්ම ඉන්නවා ඒ ලබ්බ කරකවන්න!" ශිකේ ලැට් එකට ගිහිනුත් ලැට් එක වගේ කට වහගෙන කරන දෙයක් කරන්න බැරි හැටි මේකට!

"රෙශඛ්‍ය පස්ස පැත්තත් එක්ක කටත් සබන් දාලා හෝදගනිං!"

"අම්බෝ ඇති යන්තන් අදනම් කහපාට ජොකා තියනවා"

"අයියෝ නිලංග අයියේ ඔයා අයාන්ට ඩයපර් එක අනික් පැත්තට අන්දලා තියෙන්නේ!"

"පොච්චියෝ ඔය කෑ ගැහිල්ල නවත්තහල්ලකෝ!"

"නුවී ඔය මොකද බන් චන්ද්‍රමුඛී වගේ?"

"ඇයි අවුල්ද?"

"ඇස් දෙක වටේම කලු පැන්ඩෙක් වගේ බන් උඹ!"

"අනේ සුදු අක්කේ...." 

"බස් එක ඇවිල්ලා!!!!"

"සතුට බොකයි බොක සැපතයි

දැම්මොත් බොක වලෙන් එකයි"

"ඊයා තාත්තේ!!!"

"ඇයි සවී පුතේ මේවා සම්මානලාභී පබැඳුම්!" 

"ආ සවේ! පමා වුනොත් මගදි හැලෙයි" තුර්ශ සීට් එක උඩ නැගලා පුක වනනකොට,

"ඊයා යකෝ!"

"සවේ පමා වුනොත් මගදි හැලෙයි" 

"බලාගෙන!" සුදු මාමා බෝතලයකට කාසියකින් තට්ටු කරනවා

"ඇඟට හොරෙන් පුපට හොරෙන්

ඇඟට හොරෙන් පුපට හොරෙන්" 

රෙශඛ්‍ය ඩොල්කිය කකුල් දෙක මැද්දේ ගහන්,

"සුදයියේ, බොක ටික ටික යනවා....

බොක ටික ටික යනවා"

"සීතල නුවරඑලියට වෙල්කම් සුදු අයියේ!" රෙශඛ්‍ය Little England cottage එක ඉස්සරහා මාව බදාගත්තා.

"මන් නුවරඑලියේ පොඩි කාලේ ආවයෙන් පස්සේ ආවමයි"

තුර්ශ අපි දෙන්නගෙන් එහාට ගිහින් පොඩි කන්දක් උඩට වෙලා ඈත බලන් ඉන්නකොට රෙශඛ්‍ය සුසුමක් හෙලුවා

"ගිය පාර තානය අයියාත් ආවනේ. ලොකූට දුක ඇති"

"පවු රෙශඛ්‍ය!"

රෙශඛ්‍ය මාවත් ඇදන් තුර්ශ ළඟට ගියා.

"ලොකූ අද මමයි සුදු අයියයි champagne sprit එකේ ඉන්නද?" මාව දැන් රතු වෙනවා.

"ඉඳපන් ඉඳපන්!" රෙශඛ්‍ය මාවත් ඇදන් ඒ කාමරේට ගියා. රෙශඛ්‍ය එන ගමන් කිව්වා වගේමයි. කාමරේ නම් මාර ලස්සනයි. ගිය පාර තාන්‍ය අයියා එක්ක තුර්ශ මේකෙලු හිටියේ. මට නිකන් වරදකාරී හැඟීමකුත් එනවා. 

"මොකෝ මූන නරක් කරන් සුදයියේ?"

"තුර්ශ පවු රෙශඛ්‍ය"

"හ්ම්ම්ම් මොනා කරන්නද සුදයියේ. ලොකූටත් ඉවසනවා ඇර මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ" 

මන් කවුච් එකෙන් ඉඳගත්තේ කකුලේ තිබ්බ ප්ලාස්ටර් කෑල්ල ගලවන්න. ඒත් දැන් ඒක තුවාලේ ඇලවිලා. මන් දැන් ඒක අදිනවා ආයේ ආව් කියලා නවත්තනවා. රෙශඛ්‍ය ඉනට අත් දෙක තියන් බලන් ඉඳලා,

"කෝ හිටපං මන් ගලවන්න!"

"එපා එපා!!! මන් ගලවගන්නම්"

"හරි ඉතින් ගලවනවා එහෙනම්" රෙශඛ්‍ය මගේ ඉස්සරහෙන් දන ගහගත්තා.

"අනේ ගලවන්නකෝ සුදු අයියේ!" කියලා ආයේ ප්ලාස්ටර් කෑල්ල අල්ලගත්තම මන් උඩ ගියා

"අනේ රෙශඛ්‍ය ඔයා රිද්දයි! මට බෑ!" හෑං???

"කෝලම් කරන්නේ නැතුව ගලවන්න. මන් ගලවන්නම්!"

"එපා එපා මන් ගලවන්නම්!"

"ඉක්මන් කරන්න සුදු අයියේ!"

"සවේ! ගලවන්න නම් එපා! මේක ඇරපන්!" ඈ? තුර්ශ?

එතකොටම දොර ඇරුනා. තුර්ශගේ මූන මෝහිනී දැකලා වාගෙ බය වෙලා

"මොකද ලොකූ බය වෙලා බලන් ඉන්නේ?" 

"මොකුත් නෑ මොකුත් නෑ." තුර්ශ ඔලුව කසාගෙන ලගේජ් එකත් විසික් කරලා දාලා ඇඳ උඩින් ඉඳගත්තා.

"මොකෝ උඹ ආයේ මේක අස්සෙ?" මන් ඇහුවම,

"උඹේ මාමන්ඩියා කිව්වා උඹලගේ කුමර බඹසර ආරක්ශා කරන්න කියලා. මන් දැන් ආවේ සෙකුරිටි ජොබ් එකට"

"ටෙක්නිකලි ආපේ තාත්තා නරියට කුකුල්ලු භාර දීලා තියෙන්නේ සුදු අය්යේ!" රෙශඛ්‍ය තුර්ශට පස්ස දික් කරා

"හෑං? ආ තොපි හිතන් ඉන්නේ මන් උඹලට මෙතන නාඩගම් නටන්න දෙයි කියලද?" තුර්ශ රෙශඛ්‍යගේ පාසට පයින් ගැහුවම රෙශඛ්‍ය ගිහින් ජනේලේ වැදිලා බිම පතිත වුනා. 

මන් හිනාව තද කරන් නැගිට්ටේ බාතෲම් එකට යන්න. සූ බරයි ඉන්න බෑ. නිකන්ම යන්න බෑනේ නාඩගමක් මතක් කරාම,

"නාඩගමට තීටරේට නැතුවම බැරි මන් නන්දා!" කියලා මන් ගස්සගෙන බාතෲම් එකට ගියා.

"නන්දා?" මන් මංජු දිහා බලලා මහ කැත හිනාවක් දැම්මා

"මට රුක්මනීනම් උඹ තියා ගනින් නන්දා!"

ඒ පාර විජ්ජුලතා, නන්දා වුනා.

මතු සම්බන්ධයි.....

More Chapters