මම කට පියා ගත්තා.....මොකද අග්නි නම් තරහා ගිහින් මට ගැහුවම ඊලග තත්පරේ නම් තුරුල් කර ගන්නවා....ඒත් භෛරව් ගැහුවොත්.....
මම බලන් උන්නා.....මොකද ඊලග තත්පරේදී එයා රවාගත්තා ....මම හිමීට අහක බලාගන ඉදලා එයාගෙ අම්මගෙ ඵොටො එක ගාවට ගිහින් ඒක දිහා බලාගන ඉදලා ඒ ඵොටෝ එකට අත තියන්න ගියා විතරයි භෛරව් මගෙ අතින් ඇල්ලුවා...හැබැයි ඒක එසේ මෙසේ ඇල්ලිලක් නම් නෙවෙ.....එයා මගෙ අත අල්ලපු පාරට මගෙ ඇස් වලට කදුලු ඉනුවා...
"අඩුවයසෙන් මැරිලා යන්න ආසයි නම් අල්ලපන්..."
භ..භ්...භෛරව්....අනේ.....
" උඹට මැරෙන්න ඕනා නම්...අල්ලපන්....මේ හැම දේකටම වඩා වටින්නෙ මේක...මේ හැම දේටම වඩා..වටින්නෙ මේක.....මේ මුලු ඉෆ්‍රිත් දෙවොලෙම්ම වටිනම තැන මේක...."
මම පස්සට උනා...මම අල්ලන්න ගියේ අග්නිගෙ අම්මගෙ ඵොටො එක උනත් එයා මාව පැත්තකට කෙරුවා...පැත්තට කරලා මේ මුලු ඉෆ්‍රිත් දෙවොලෙම්ම වටිනම තැන මේක කියලා මාව පැත්තකට කෙරුවා ...අග්නි එන්න කලින් භෛරව් මාව මරයි කියලා බයටම මම පැත්තකට වෙලා උන්නා....
" තමුන්ට දැන් කතාව අහන්න ඕනද නැද්ද .....?"
අහන්න ඕනනෙ....හැබැයි අනේ මේ හැම වෙලේම සැර කරන්න එපා...අපේ එක්කෙනාවත් මට ඔහොම සැරකරන්නෙ නෑ....ලමයගෙ අප්පච්චි වත් මට සැරකරන්නෙ නෑ ....
"........"
එයා ඇස් හීනි කර ගත්තා.....මට කොයි වෙලෙත් භෛරව් සැරකරන හන්දම මම ඉක්මනටම අග්නිව ඇල්ලුවා....ලමයගෙ අප්පච්චි කියන කෑල්ල බරකරලම කියනකොට එයා ආයම ඔලුව හෙලෙව්වා...
ඒත් තත්පර ගානක් ගියේ නෑ....මට ලමයගෙ අප්පච්චි කියන තැනදි ලමයව මතක් උනා...මගෙ පුංචි එකා තට්ට තනියම.....අනේ ඒකා අඩනවා ඇති ..බඩගිනි ඇති ...අප්පච්චියෙ ....අග්ගියේ ....චුට්ටාන්...ගගා....අඩනවා ඇති ...
" මොකද...."
පුංචි එකා.....ඒකා තට්ට තනියම භෛරව්...අනේ බඩ ගිනි ඇති.....අග්ගියේ ගගා...අඩනවා ඇති....
මම කතා කරන වචනයක් වචනයක් ගානෙම මට ඇඩෙන්න වගේ එනකොට එයා මගෙ මූන බිමට හරවගත්තා .... එ එක්කම එයා මගෙ නිකට ගාවින් අල්ලලා අඩන්න ඔන්න මෙන්න උන්න මගෙ මූන කෙලින් කරන්ස්කොට දරු දුකට මගෙ ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තා .....
" නාඩා ඉදින්.....මේ කදුලු උඹගෙ මූනට කැතයි...ලස්සන මූනක්.....කදුලු වලටත් ලස්සනයි.....ඒත්...හිනා වෙනකොට තමයි හුගක්ම ලස්සන....වැරදි නෑ....අග්නි උඹව මරාගන මැරෙන තරමට ආදරේ කරන එක වැරදි නෑ..... නාඩා ඉදින්.....
උඹ හිතනවද අග්නි කිසිම දෙයක් හිතන්නෙ බලන්නෙ නැතිව කරන එකෙක් කියලා .... උඹ හිතනවද..උඹගෙ.....නෑ....නෑ..අග්නිගෙ...
ඒක උඹේ එකෙක් නෙවෙ දැන්....අපේ.....උඹ හිතනවද අග්නි නොසැලකිලිමත් අප්පච්චි කෙනෙක් කියලා ....ඒකා නිදි කියල උඹව අරන් ආවට ඒකව තට්ට තනියම තියල ආවයි කියලා ...."
එයා මගෙ කදුලු පිහදැම්මා.....හරියටම මගෙ අග්නි වගේ..භෛරව් මගෙ කම්මුල් තෙමපු කදුලු කැට එයාගෙ සීතල ඇගිලි තුඩු වලින් පිහ දාලා නාඩා ඉදින් කිව්වා ...මගෙ මූන කදුලු වලට පවා ලස්සනයි කියපු භෛරව් ඊලග පාර මගෙ පුංචි එකා දැන් එයාලගෙ කියනකොට පිටින් නොපෙන්නුවත්....මගෙ හිත ඇතුලෙ වේදනාවක් දැනුනා....මම භෛරව් දිහා බලන් උන්නා..එයා ඇහුවා අග්නි ඒ තරම් නොසැලකිලිමත් අප්පච්චි කෙනෙක්ද කියලා ....නෑ....ඇත්තටම නෑ...මගෙ අග්නි ඒ වගෙ නෙවෙ.....ඒත් ...කොච්චර උනත් ....මට බය හිතෙනකොට දරු කැක්කුම හන්දා ආයම ඇස් තෙමුනා..
" ඒකා නිදි තවම.....පැය තුන හතරකට වත් නැගිටින එකක් නෑ..හරියටම ඒකගෙ අප්පච්චි වගේ...ඒකා නැගිටිනකන් මම උඹට කියල දුන්න අසුර කතාව ඉතුරු ටික කියන්නම්...දැන් නාඩා ඉදින්.....උඹ අඩ අඩ උන්නොත් ....උඹේ එකා මෙතනට ඇවිත් අඹු සිගිත්තව ඇඩෙව්වා කියලා මගෙ බොටුව මිරිකයි...එහෙම උනෝතින් ....මං උඹව මරනවා ....පිහිදගනින් ඔය කදුලු ...."
එයා මට අඩන්න දුන්නෙ නෑ...එයා මට ඇස්වලින් එක කදුලු කැටයක් වට්ටවන්න ඉඩක් නොදී සැර කරනකොට මන් ඉක්මනට කදුලු පිහිදගත්තා ...පිහිදගන එයා පෙන්නපු කෙටි බංකුව උඩින් ඉදගත්තා ...
භෛරව්...හරි...
මම එයාට හරී කිව්වා...ඒත් එයා නෙවෙ පටන් ගත්තෙ....එයා මා.දිහා බලන් උන්නා....එයා මා දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා....තවමත් මගෙ ඇස් වල කදුලුද ....?
"ඇත්තටම උඹගෙ ඇස්වලට කදුලු ලස්සනයි ශිවන් .....මට තේරේනෙ නෑ...ඇයි උඹලගෙ උන්....අඩනකොට මේ තරම් ලස්සන කියලා ...උඹ අහිතක් හිතන්නෙ නැති නම්...මම එක පාරක් උඹව අල්ලන්නද....."
භ්....භෛරව්.....මම....
" මම සීමාව දන්නවා...උඹ හිතුවද මම උම්මන්තකයි කියලා...?? එහෙම හිතන්නත් පුලුවන්.....මම උන්මතකයි....මම උඹලගෙ ඔය ගැහෙන පපුව අස්සෙ තියන ආදරේට හරි පෙරේතයි....."
මාව ගැස්සුනා...දෙවියනේ මේ භෛරව් මොනවද කරන්නෙ...මොනවද කියන්නෙ.....මගෙ අග්නිගෙ ඇස් වගේම එයාගෙත් ඇස් දෙක අමුතු උනා...අග්නිත් ළඟ නැති වෙලේ .....
ඊටත් එයා ගාවින් එන සුවද .....ඒක ඊටත් එහා.....ඒ සුවදට අවංකවම මට නින්ද යන්න එනවා ....ඒ සුවදට ඇස් අඩවන් වෙනවා ...එයා මා දිහා බලන් ඉන්නවා.....එක ඇහි පිල්ලමක් වත් නොගහම එයා බලන් ඉන්නවා .....එයා අහනවා අහිතක් නැතිනම් මාව තව එක පාරක් අල්ලන්නද අහනකොට මාව ගොලු උනා....එයා මගෙ මූන ගාවට පහත් උනා...

ලබ් ඩබ් ...ලබ්...ඩබ්.....
අග්නි අමරේන්ද්‍රන් ගාව පුපුරන්න එන හදවත කාලි භෛරව් ගාව මැරිලා ගියා....අග්නිට යට වෙයන් කියන මගෙ හිත මෙවෙලෙ ගොලු වෙලා උන්නා....මාව අතගාලා බලන්න ඕනා කියපු භෛරව්ගෙ මූනෙ ඇස් වල තිබුනෙම මහ අමූතු හැගීමක් වෙනකොට එයා මගෙ මූන ගාවට පහත් වෙලා තත්පර ගානක් බලන් ඉදල කෙලිම්ම.මගෙ කදුලු බින්දු දෙක තුනක් ඒ සීතල ඇගිලි තුඩුවලය අරගන ඒ දිහා බලන් උන්නා....
" ඒවා හරි උනුසුම් ...ආදරේ වැඩිවුන තැන...මං බලන්න ආසම දේ ..ඇස්වල කදුලු ...මට ඕනෙම මං උඹට ආදරෙයි කිය කිය අඩවන්න.....මං උඹට පන දෙන්න තරම් ආදරෙයි කියකිය ඇස් වල කදුලු නාලිකා ඇහැරවන්න ....."
මට තේරේන්නෙ නෑ....මට තේරෙන්නෙ නෑ.....අනේ දෙයි හාමුදුරුවනේ...භෛරව් මොනවද මේ කියවන්නෙ ....එයත් මට ආදරේද ...නෑ..නෑ..අනෙ...ඒක වෙන්න බෑ....

මම එයා දිහා බැලුවා...එයා උන්නෙ තවමත් එයාගෙ ඇගිලි තුඩ උඩ තිබුන කදුලු කැට දිහා බලාගන වෙනකොට එයා ආයම මා දිහා බලලා හිනා උනා...
" උඹ ගැන මගෙ හිතෙ කොනකවත් ආදරයක් නෑ අග්නිගෙ අඹුව...හැබැයි....උඹගෙ අග්නි ..ඌ ඊරිසියයි....මම ආදරේ නොකරන බව දැන දැන උනත්...මගෙ බැල්මක් උඹගෙ මූනට වැටෙනකොටත් ඌව ගිනි ගන්නවා.....ඒක වෙනමම රසක්...ඊරිසියාව උතුරන තැන ..ආදරේ තියනවා ....පිපිරෙන්න...ඌට දරාගන්න බැරිම තැන උඹව මරන්නත් පුලුවන් ....."
......
මට...හුස්ම වැටුනා.....මගෙ හුස්ම ආයම වැටෙන්න ගත්තා ...එයා කිව්වා...එයා කිව්වා මං ගැන එයාගෙ හිතේ කොනකවත් ආදරයක් නෑයි කියලා ...ඒත්...එතනින් එහාට එයා මගෙ අග්නි ගැන කියවපු වචනයක් වචනයක් ගානෙම අග්නි ළඟ නැති උනත්...අග්නිගෙ ආදරෙ ගැන කියවෙන වචනයක් ගානෙම මගෙ සර්වාංගෙම තියන කේ සීතල වෙලා යනකොට එයා කිව්වා අග්නිට දරාගන්න බැරි තැන මාව මරන්න උනත් පුලුවන් කියලා .....
ඇත්තටම ....දැන් මම ජීවත් වෙනවට වඩා බලාපොරොත්තු වෙන්න ඕනා මරනයද ...?
" මං උඹට සතර අපාය ගැන කියලා දුන්නා.....යම පල්ලා අයිති වෙන්නෙ කොතනටද කියලා කියලා දුන්නා.....හැබැයි...මෙතනින් පස්සෙ කන් දෙකෙන් අහන් ඉදපන් ....කට පියාගනින්...මට ඌ වගේ උඹව හුරතල් කරන්න තේරෙන්නෙ නෑ....."
මම කිව්වෙ නෑනෙ මාව හුරතල් කරපන් කියලා ....හැබැයි...මං ඒ වචන ටික හිතින් හිතුවා මිසක් කටින් නොකියා උන්නා..මොකද මේකා මාව මරලා දැම්මොත්....
"නිරා දුක.....අහල තියනවද...අහල නැත්තන් ....අහගනින්.....නිරා දුකට වැටෙන උඹෙ රැහේ උන්ට දඩුවම් කරන්නෙ මේ යම රජ්ජුරුවො...ලෝදිය පොවන්න,කටු ගහේ නග්ගවන්න, අත් පය කපන්න....උල් වලින් අනින ගමන් උඹලගෙ උන්ට උහුලන්ඩ බැරි වද වේදනා දෙන්නෙ මේ යම රජ්ජුරුවන්ගෙ ගෝලයො වෙච්ච තව අසුර කොටස්..... ..ඒත් මේ විනිපාතික අසුරයන්ගෙන්....මොකද අත උස්සන්??"
එයා මට කියලා දෙනවා...සතර අපාය ගැන....ටික වෙලාවකට කලින් එයා නැවැත්තුවෙ විනිපාතික අසුරයි ගැන කොය කිය ඉදලා වෙනකොට එයා ආයම පටන් ගත්තා හැබැයි කියා ගන කියා ගන යනකොට මට ආයමත් ප්‍රශ්නයක් මතු වෙනකොට මේ පාර මම අත ඉස්සුවා...හරියටම අර ඉස්කෝලෙ ලමයෙක් වගේ....එයා මොකද කියලා අහන ගමන් ඇස් හීනි කෙරුවා ...
දෙයක් අහන්න තියනවනෙ....
" ම්ම්...තවත් මෝඩ ප්‍රශ්නයක්ද.....කමක් නෑ...අග්නි උඹව හුරතලේටනෙ හදන්නෙ...අහපන්කො...."
ඔයාලා දැන් ඔය යම පල්ලව දැකලා තියනවද පොඩි අයියෙ....?
".....?!"
එයාගෙ මූන එක පාරම ලොවි පාට උනා..මගෙ අග්නියට ලැජ්ජා හිතෙනකොට එයාගෙ කනක් ලොවි ගෙඩියෙ පාටටත් අන්ත වෙනවා වගේම භෛරව් ගෙ මුනත් රතු වෙලා ගියා .....සමහර විට පොඩි අයියෙ කියපු හන්දා එයාට ලැජ්ජ හිතුනද ඒත් ඉතින් ඒකා නේන්නම් කිව්වෙ මම එයාට වඩා බාලයි කියල...
තත්පර ගානක් මූන රතු කරන් උන්න එයා ඊලග පාර හිනා උනා ...එතකොටයි මාම් එයාගෙ දත් ටික දැක්කෙ...මගෙ අග්නි වගේමයි.....මගෙ අග්නිටත් තිබුනෙම මේවගේම දත්.....ඒ දත් මගෙ දත් වගේ දිග නෑ....හුරුබුහුටියි.....යකෙක්ට ඒ වගේ දත් තියනවද කියලා කියන්නත් අමාරුයි.... ...
"උඹ මැරේවි....හුස්ම නොගෙන බලාගන උන්නොත්....උඹ මැරේවි...ශිවන් ඒ හන්දා හුස්ම ගනින්....හුස්ම අරන් උඹට අහන්න තියන දේ අහපන්.....නැති නම්....උඹව උමතුවෙන්ම මැරිලා යාවි..."
එයා ආයම මට කිව්වා හුස්ම ගන්න කියලා..ඇත්ත....අග්නි හන්දා උමතු වෙලා උන්න මම ඉෆ්‍රිත් දෙවොලෙදි තවත් උමතු වෙලා උන්නා වගේම මට වෙලවකට හුස්ම ගන්න පවා අමතක වෙලා යන තරම් මාව මෝහනේ වෙලා උන්නා...
මට අහන්න දෙයක් නෑ....
මම එයාට උත්තර බැන්දා...මට අමතක උනා....මම අහන්න උන්න දේ පවා මට අමතක වෙලා ගියා ....සුදු පාට පුංචිදත් වගේම පෙනෙන නොපෙනෙන ගානට මතු උන හිනාව ඉස්සරහ මාව ආයම උමතු වෙනකොට මට අහන්න උන්න ප්‍රශෙන් පවා අමතක වෙලා ගියා වගේම එයා ආයම පටන් ගත්තා ...
"මෙටනින් පස්සෙ වත් හරියට අහගනින්.....මොකද උඈ මැදින් පනින වාරයක් ගානෙම උඹට අහපුවා අවසානෙදි අමතක වෙනවා...මම කිව්වෙ විනිපාතික අසුර ලෝකෙ ගැන.... හැබැයි ඔය විනිපාතික අසුරයන්ගෙන් වැඩි කොටසක් දිව්‍ය ලෝකයට අයිති වෙනවා.... ප්‍රියංකර මාතු ,උත්තර මාතු කියන අසුර නායකයො පවා අයිති වෙන්නෙ ඒ දිව්‍ය ලෝකෙට ....
ලෝකාන්තරික අසුරයො ලෝකාන්තරික නිරයට අයිති වෙන කොටසක්....
මේ විදිහට අසුරයන් ගෙන් එක කොටහක්..නිරයේ බලවත්තු වෙනවා...අනික දිව්‍යලෝකයේ බලවත්තු වෙනවා ....
උඹලාගෙ රැහෙ උන්ගෙ පොතක් තියනවා අට්ඨ කතාව කියලා ...පාලි අට්ඨ කතාවෙ පාලියෙන් අසුරයව අසුරින්ද විදිහටත් සංස්කෘත වලින් අසුරේන්ද්‍ර විදිහටත් ලියවිලා තියනවා...
බලවන්ත අසුරයො ගැන කතා කරනවා නම්....."
ඔයාලගෙ අප්පච්චි .....අපේ එක්කෙනා.....ඔයා .....ඔයත් එහෙමයි නේද පොඩි අයියෙ....
"...... ම්ම්..."
මං මැදින් පැන්නා... එයා කියාගන ආව දේ මග නවත්තලා ලොකූ හුස්මක් ගත්තා .... අප්පච්චි කෙනෙක් උනාට මට තේරෙන දෙයක් තියනවද නැනෙ...ඒත් එයා උන්නෙ මූට දෙකක් අනින්න පුලුවන් නම් කියන හැගීමෙන් වෙනකොට මං ඉක්මනටම වැරද්දට සමාව ගත්තා ...
පස්වාන් දහසකට බුදුවෙන්න.....කාලි භෛරව් අසුරයානනී.....බලු ගැත්තා අතින් සිදුවු....
"මහ විගඩමක්"
...සමාවනෙ ඉල්ලුවෙ....අම්මො පොඩි අයියෙ...ඔයත් අපේ එක්කෙනා වගේමයි....පොඩ්ඩ ඇත්නම් ආවෙස වෙනවා .....
".......මං දැන් වත් පටන් ගන්නද...මොකද උඹ නිරපරාදෙ අග්නිගෙන් මැරුම් කෑවොතින් .....කල්පයක් බලන් උන්න එක පවා පවක්....."
මං කට පියෙව්වා ..එයා පටන් ගත්තා ....
"බලවන්ත අසුරයො ගැන කියනවා නම් "පහාරාද' කියන්නෙත් එක්කෙනෙක් ..මහමුහුදෙ සුමේරුගිරි පර්වතයේ ජීවත් වෙන මේ පහාරද කියන්නෙත් බලවන්‍තම අසුරයෙක් ....
බලවන්තයන්ට පුලුවන් දවල් කාලෙ සම්පූරනම කනපිට පෙරලලා රාත්‍රී කාලයක් ගේන්න....එතකොට උඹට හිතන්න පුලුවන් නේද...අසුර බළය ගැන...ගංගා මූදූ ගොඩ ගලන්න සලස්සන්න පුලුවන් ....කදු සමතලා කරන්න පුලුවන් ....සමතලා බිම්...උන්ට පුලුවන් සමතලා බිමක් මැටි පිඩක් අරන් අඹනවා හා සමානවම කඳු කරන්න....
උඹලගෙ ඹණ පොතේ වේරෝචන කියලා නම් දෙන්නෙ රාහුට...උඹලගෙ කේන්දරේ රාහු බලවත් කියන්නෙ මේ වේරෝචන බලවත් කියන එක....."
ම්ම්ම්ම්ම්.....
මං ම්ම්ම්...ගෑවා.....ඒත් මේ හතර වටිම්ම එන සුවද මගෙ නාස් පුඩු අස්සෙ කැරකෙන ගමන් මාව නින්දත් නොනිදත් ....නෑ...සිහියත්...අවසිහියත්...
ඒත් නෑ යථාර්ථයත් මායාවත් අතරෙ එහා මෙහා කරවනකොට මට සමහරක් වචන ඇහුන් නෑ.....
එයාගෙ අම්ම.....භෛරව්ගෙ අම්මා.....අවංකවම ...තවුසෙක් උන්නොත්....මං හිතන්නෙ නෑ ඒ තවුසට හිත හදාගන තවුස් දම් පුරන්න පුලුවන් වේවි කියලා...මොකද.... අග්නිගෙ අම්මා....භෛරව් ගෙ අම්මා ඒ තරම්ම මෝහනයක්....මහ බඹාට වැරදිලාද මන්දා...දිව්ය ලෝකෙ ඉන්න ඕන ගෑනු පරාන දෙකක් නර ලෝකෙට තල්ලු කෙරුවෙ අත් වැරදීමෙන්ද මන්දා.....
මම ඇස් පිල්ලම් නොගහම බලන් උන්නා...අවසානෙදි මෙච්චර වෙලාම මෝඩ ප්‍රශ්න අහපු මම එයාගෙ පැත්තට හැරුනා
භෛරව්...දෙයක් අහන්නම්....මාව විහිලුවකට ගන්න එපා...
"මට කොතනක වත් උඹව විහිලුවක් උනේ නෑ.....අග්නිගෙ ආදරේ විහිලුවකට ගන්න හිතන්නත් බෑ....උඹ ඇවිදින්.....අහම්බෙන් අප්පච්චි කෙනෙක් උන පුංචි හුරතලයක්...හුරතල් මෝඩයෙක්.....හුරතල් වෙන එක විහිලුවක් නෙවෙ....අනික...අසුරයෙක්ගෙ හිතක් හොලවන්න පුලුවන් කියන්නෙ....එහෙම එකෙක්ව කොහොමද විහිලුවක් වෙන්නෙ....අහන්න තියන දෙයක් අහපන්...."
ඉෆ්‍රිත් කියන්නෙ..බලවත් කෙනෙක්.....මේ අසුර ලෝකෙ ඕන තරම්...යක්ශාංගනාවො.ඉන්නවා....
එහෙව් එකෙ....ඇයි ඉෆ්‍රිත් මනුස්ස දුවක්ම අග වගේම උප භාර්‍යා කරගත්තෙ භෛරව්....ඒකත්...බලෙන්.....බලෙන් උනත්....එයා ඇයි....
" ඇයි බැරි..... සක්කරයට පුලුවන් නම්.....අසුරාංගනාවක් අඹුව කරගන්න.....ඉෆ්‍රිත්ට බැරි ඇයි නරාංගනාවක් අඹුව කරගන්න ...??"
ස්...සක්කරයට.....??
" ම්ම්.....සක්‍රයා....උඹලා ඔය කියන වයිමගෙ අප්පා... ඒකට පුලුවන් උනා නම්...අපේ රැහෙන් අරගන්න....ඇයි අපිට බැරි රැහෙට පිටින් කාව හරි ගන්න....?.අග්නිගෙ අඹු සිගිත්ත ....උඹ මේවා දන්නෙ නැද්ද ...."
මාව කරකවලා අතෑරියා වගෙ.....සක්කරයගෙ අඹුව අසුරාංගනාවක් කියනකොට මට මොකක්ද වෙලා ගියා ...අවංකවම දැනන් උන්නෙ නෑ...ම්.අවංකවම මං දැනන් උන්නෙ නෑ.....මං භෛරව්ගෙ මූන දිහා බැලුවා .....
"ම්ම්ම්...කියලා දෙන්නම්.....හොදට අහගනින්...
සක්කරයගෙ අඹුව ගැන කියනවා නම්...."සුජම්පතිකාව"වේමාණික අසුර ලෝකයෙ උන්න අසුරාංගනාව කිව්වොතින් හරි..... මේ සුජම්පතිකාවට ස්වයං වරයක් තිබුනා...ඒ තමන්ගෙ විවාහයට කැමති අසුරයෙක් තෝර ගන්න....සුජම්පතිකාවගෙ හිත ගන්න.....සුජම්පතිකාවව අඹුව කරගන්න හිතාගන බලවන්තම අසුරයො තමන්ට තියන හොදම දේ ඇදගන මේ අසුරාංගනාව හොයාගන ආවා ...ඒ අසුරාංගනාවගෙ රූපසම්පත්තිය දැකපු තව්තිසා දෙව්ලෝකෙ ඉන්න සක්කරයට පවා මේ අසුරාංගනාව තමාගෙ කරගන්න හිතක් පහල උනා....ඉතින් මේ සක්කරයා මොකක්ද කෙරුවෙ සුජම්පතිකාවව අයිති කර ගන්න ඕන හන්දා බලවත් අසුරයෙක් විදිහට ඇද පැලදගන සුජම්පතිකාවව හම්බවෙන්න ගියා...එතනදි සුජම්පතිකාවගෙ හිත මෙ වෙස්වලාගන උන්න සක්කරයගෙ රූපෙට බැදෙනවා.....අසුරාංගනාව තව්තිසාවට යනවා ...
ඉතින් දැන් මට කියපන් ශිවන් ...සක්කරයට පුලුවන් නම්.රැහෙන් පිට යන්න....ඉෆ්‍රිත්ට බැරි මොකද .....??සුජම්පතිකාවට හම්බුන ස්වංවරයම ඉෆ්‍රිත්ට හම්වවෙනකොට අසුරාංගනාව ගාව නවතින්න ඕන ඇස් නරාංගනාවන් ගාව නැවතුන එක කාටවත් නවත්තන්න පුලුවන්ද ...ආ ශිවන් ....දැන් උඹ ඊලගට අහන්න හදන්නෙ...මෙච්චර ගෑනු පරාන ඉන්න තැනින් අඹුවක් නොගෙන ඇයි අග්නි උඹව තෝර ගත්තෙ කියලා නම්....
උඹ පොරොන්දු දුන්නා හා සමානවම අග්නිගෙ ස්වයිංවරයත් නරයෙක් වෙනුවෙන් සින්නකර උන එක...."
භෛරව් .....
මගෙ ඇස්වලට කදුලු පිරුනා....ස්වයිංවරයක්....කල්පයක් බලන් ඉන්න එකත්.....දෙවියනෙ අග්නිගෙ ආදරේ ....එයාට තිබුනා ....වෙන කාව හරි තෝරගන්න...මගෙ ඇස්වලට ආය ආයම කදුලු ඉනුවා ...
"උඹ ආයම අඩන්නෙ ඇයි...."
මට දරාගන්න බෑ භෛරව් ....මට දරාගන්න බෑ මගෙ අග්නිගෙ ආදරේ.....
"ඇයි දරාගන්න බැරි..... උඹ හටි....උඹට ඒ ආදරේ බර වැඩියි....උඹ කවදම හරි තැනක අග්නිගෙම වෙන්න කියලා ප්‍රාර්තනා කෙරුවා නම්.....උඹ පලි ගැහුවා නම්....උඹ වෙනුවෙන් අග්නි කල්පයක් බලන් උන්න එකම උඹ කොහොමද දරා ගන්නෙ...උඹ අවසානම තත්පරේදි අග්නිගෙම වෙන්න කියලා ප්‍රාර්තනා කරපු.තැනම....අග්නිත් උඹව ප්‍රාර්තනා කෙරුවා .....උඹ ඒක දන්නවද ශිවන් .....?"
.....
මම බිම බලාගත්තා ....අග්නිගෙ ආදරේ ගාවදි මම හැමදාම අසරනයි . ..
"උඹට දරාගන්න බැරි තරම් අග්නිගෙ ආදරේ බරයි නම්.....ඒක සාදාරනයි ....අවංක ප්‍රාර්තනා ....කල්ප කාලාන්තරයක් ගිහින් හරි ඉශ්ට වෙනවා ....පිරිසිදු ප්‍රාර්තනා කල්ප කාලාන්තරයක් ගිහින් හරි ඉශ්ට වෙනවා ...හරියටම දීපංකර බුදුන්ගෙ කාලෙදි බිම්බාව සුම්ත්‍රා නමින් ඉපදිලා.....බුදුන් වෙනුවෙන් මානෙල් අටමල් මිටක් නෙළන තැන ඉදන් හිතපු දේවල් සාරාසංඛ්‍ය කල්පලක්ශ්‍යකට පස්සෙ සඵල උනා.....බිසව් පදුමාවන් ව වගේම පුත්‍ර උසභකන්දයන්ව තියලා ගිහිගෙයින් නික්මුන දීපංකර බුදුන් වෙනුවෙන් උන්න පදුමාව වගේම යම් ජාතියක බුදුන් වෙන කෙනෙක්ට භාර්‍යාව වෙන්න එදා සුමිත්‍රාව ප්‍රාර්තනා කෙරුවා ....එදා දීපංකර බුදු හිමියන් මඩ ගොහොරුවෙන් එගොඩ කරපු සුමේධ නම් තවුසා සාරාසංඛ්‍ය කල්ප ලක්ශෙකට පස්සෙ ශ්‍රි සිද්ධාර්ත ගෞතම නමින් බුදුවෙනකොට දීපංකර බුදුන්ගෙන් විවරන ගත්තු සුමිත්‍රාව සොඳුරු යශෝධරාව උනා..
සුමේධයො කියනවා ....එ සංසාර ගමනෙදි...ඇස් ඉස් මස් ලේ විතරක් නෙවෙයි කුසින් වදාපු දරුවො පවා දන් දෙන්න වේවි කියලා .....සාරාසංඛ්‍ය කල්ප ලක්ශයකට පස්සෙත් බුදුවෙන තැනවෙන කම්ම යශෝධරාව උන්නා .....ඒ ප්‍රාර්තනාව බලවත් ශිවන් ....යශෝධරාවගෙ ආදරේට පවා ඇස් තෙමනවා... ඒ උත්තනයන්ට අසුරාදරයක් සම කරන්ඩ බෑ...ඒත්....උඹෙ අගිනි...කල්පයක් බලන් උන්නා....

උඹ එදා පලි ගැහුවා ....කල්පයක් ගියත්...කොතනකදි හරි...අග්නිගෙම වෙන්න ඕන කියලා ...අන්න ඒ ප්‍රාර්තනාව යතාර්තයක් වෙනකන් ....අග්නි බලන් උන්නා ....ඉතින්....උඹ කොහොම ඒ ආදරේ දරන්නද ...උඹ සාදාරනයි ...අග්නි උඹව මරාගන මැරෙන තරමට ආදරෙයි කියන එක සාදාරනයි ....ඇරත්....උඹ හිතන් ඉන්නවා නම්....උඹගෙ අම්මා හිතන් ඉන්නවා නම්.....අග්නිව පහනකින් හිර කරන්න පුලුවන් කියලා ...මේක අමූලික බොරුවක් ....අග්නි උඹගෙ අම්ම ගාව රැදුනෙ උඹ හින්දයි ශිවන් ...
මගෙ නාස් පොල්ල පහු කරන් උනුම උනු කදුලු කැට බිමට වැටුනා ...මගෙ අග්නි...මගෙ ආදරනීයම අසුර ආත්මය අග්නි.....අනේ...මගෙ අග්නී...
.
භෛරව් ....
"ම්න්....."
එතකොට ....ඔයාටත්....ස්වයංවරයක් ...
මට දැනගන්න ඕනා උනා මගෙ අග්නිට වගේම භෛරව්ටත් ස්වයංවරයක් තියනවද කියලා .. ..මං එයාගෙ ලගට ගියා....ඒ සීතල අතින් ඇල්ලුවා ....අල්ලනකොට එයා මං අල්ලපු අත දිහා බලාගන උන්නා...හැබැයි එයාටත් නොදැනිම ලොකු හුස්මක් පිට උනා...
භෛරව් ...ඔයාටත් ....ස්වයංවරයක් තියනවද .....ඔයාගෙ ආදරේ කව්ද භෛරව් ??
"උඹට මොකටද ඒක...තව අඩ හෝරාවකින් අග්නි ඇහැරේවි ...ඊට කලින් උඹ ආපිට පලයන් ...නැතිනම්.....එන කෙම්මුරෙදි උඹගෙ යටි බඩ ගේන්න වේවි...."
"අඩ හෝරාවකින්...මං දැනටමත් නැගිටලා හමාරයි භෛරව්.....කාලි අඩවියෙ අග්නිගෙ සුවදක් එන්න හේතුව කිව්වා නම්...."
මගෙ හදවත...දෙවියනෙ අග්නී...
මට ඔලුව හරවලා වත් බලන්න හිතක් නැති උනා....සක්කරයගෙ අඹුව ගැන කියපු ..අග්නිගෙ ආදරේ ගැන කියපු භෛරව් අවසානෙ තව අඩහෝරාවකින් යමන් අග්නි නැගිටීවි කිව්වා උනත්....මං හිතන්නෙ එයාටත් අද වැරදුනාද කොහෙද .....මෙච්චර වෙලාම සනීපෙට තිබුන කුටිය රස්නෙ ගහන්න ගන්නකොට ඉදගන උන්න මං හිමින් සැරේ පිටිපස්ස හැරිලා බලනකොට අග්නි උන්නා....
දෙවියනේ.....අග්නී.....
අත් දෙක පිටිපස්සට බැදන් තනි කෙලින් උන්න අග්නිගෙ ඇස් වලින් ගින්දර වගේ පිටවෙනකොට භෛරව් ගාව උන්න මගෙ ඇගේ තිබුන භෛරව්ගෙ සලුව දිහා බලන් ඉදල කටකොනින් හිනා වෙලා මගෙ දිහා බැලුවා .. හැබැයි එතනින් එහාට මුලු ඉෆ්‍රිත් දෙවොලම දෙදරන්න මගෙ බෙරිහන් දීම ඇහෙන්න ඇති....
අනේ...හ්....අග්නීහ්හ්....
විශ්වාස කරන්න පුලුවන්ද .....එතනින් එතනින් එහා මොකක්ද උනේ කියලා ...

ශිව දෙවියන්ගෙ තුන් වෙනි ඇහැ ඇරියම හැම දේම නැත්තටම නැති වෙනවා වගෙ...කට කොනකින් හිනා උන අග්නි අහක බලලා එක පාරම මා දිහා බලනකොට මාව ගිනි ගත්තා ....
දෙවියනෙ අග්නි....එයාගෙ කුටියෙන් කාලි.අඩවියට ආව තරහවටත් වඩා භෛරව්ගෙ සලුව පටලවන් උන්න හේතුව ඔක්කොටම වඩා එයාව කේන්ති ගස්සවනකොට අග්නි මාව පනපිටින් ගිනි තිබ්බා මං කෑ ගගහා කෑ ගගහා ගින්න නිවන්න හදනකොට මං වෙනුවෙන් කතා කරන්න ආව භෛරව්ට කතා කරන්න අවසර නැති උනා...
"කාලි...වචන නාස්ති නොකර ඉන්න තාක්.....මෙතන යුද්දයක් ඇති නොවේවි....එයාව ජීවත් කරවන්නත්....මරන්නත්....අයිතිය තියෙන්නෙ මට....මට කියන්නෙ.....මටම විතරයි ...."
අනේ....
හ්....අග්නී...මාව....මාව....පිච්චෙනවා .....අග්.....නීහ්.....
?මං ඇඩුවා ...මම කෑ මොර දුන්නා ..සර්වාංගෙම ඇවිලි ඇවිලි දැවිල්ල ගන්නකොට මං කෑ ගගහා බිම පෙරලුනා.....ඒත් අග්නි නෙවෙ ගුන්න නිවුවෙ....
දැනෙන වේදනාව ඉවසන්නම බැරි තැන මං උන්න කුටියෙන් පැනලා දුවන්න හදනවා එක්කම අග්නි මාව හරහට අරගන සදලු තලෙන් පහලට විසික් කෙරුවා ....
සී.....ත...ලයි...
මගෙ කට ගොලු උනා.....මට කතා කරගන්න වචන නැති උනා....අග්නි මාව අල්ලා විසික් කරලා තිබුනෙ පොකුනකට වෙනකොට ඒ එක්කම තවත් බර දෙයක් වැටුනා .....
නහයෙන් කටින් වතුර ගියපු මම ඇග ලේ ගල්වෙන සීතලට ගැහෙන්න ගත්තා ....තත්පර ගානකට උඩදි ගිනි ජාලාවක් මැද උන්න මම ඊලග තත්පරේ උන්නෙ සීතල වතුරෙ වෙනකොට වතුර යටින් එක පාරම අග්නිව මතු උනා....
අග් .....අග්...අනේ...අග්...
මට කතා කරගන්නවත් බෑ...මගෙ දත කට පූට්ටු වෙනවා...එයා බලන් ඉන්නවා...එයා වචනයක් වත් නොකියා බලන් ඉන්නවා....හම ගැලවිලා වැටෙන්න තරම් ගින්දර රස්නෙ දැනුනත් මගෙ සර්වාංගෙ එක තැනක් වත් පිච්චිලා තිබුන් නෑ...හැබැයි සීතලට මාව රෝස පාට වෙන්න ගත්තා ....
අග් ..නි....අනේ...සි...සී...තලයි...
මම වෙව්ලුවා...වෙව්ල වෙව්ල එයාගෙ ගාවට යනකොට කාලිගෙ ලෝගුව මගෙ ඇගේම තියලා ගිනි තිබ්බයින් පස්සෙ මගෙ ඇගට ඉතිරිවෙලා තිබුනෙ එයාගෙ ලෝගුව විතරයි .....ඒ ලෝගුවටත් වතුර ඉරුවම මම උනෙ අමුම අමු හෙලුවෙන් වගේ වෙනකොට අග්නි ඊලග තත්පරේදි මාව හරහට උස්ස ගත්තා එච්චරම තමයි....එයා ඊලග තත්පරේදි මාවත් අර න් යටට ගිලුනා ....
දෙවියනේ ....අග්නි මාව නොමරා මරනවා ...නහයෙන් කටින් වතුර ගිහින් මං දගලනකොට එයා මාවත් උස්සන් උඩට මතු උනා...
අග් ..අග් ...නි...මට....මට...මාව...
"උඹට මේ දැනුන හැගීමම තමයි....මගෙ ඇස් ඇරෙනකොට උඹ ඇදෙ නැහැයි කියන එක දැනෙනකොට දැනුනෙ.....මගෙත් හුස්ම හිර වෙලා මැරෙන්න ගියා ...."
අනේ...මගෙ....අග්.....
"ශ්...ශ්...ශ්....."
එයා මට කතා කරන්න දුන්නෙ නෑ.....මාවත් උස්සගනම වතුර පෙර පෙර එයා පඩිපෙල නැගන් උඩට එනකොට භෛරව් බලන් උන්නා වගේම අග්නි එනවා දැකලා පැත්තට උනා....
"අග්නී ..."
"මට ඕන කරනදෙ මගෙ අත්දෙක උඩ ....ස්තූතියි මං නැති තැන බලාගත්තට...ඒත්.... උඹගෙ කුයිලෙ අයිති කෙනෙක් ඉන්නවා ..."
එච්චරම තමයි....එයා එක කියලා මාවත් වඩාගනම කාමරේට ආව...හැබැයි මට කටාරින්න තහනම් උනා.....එයා මාව සම්පූරනම තෙත මාත්තු කෙරුවා .මාව සම්පූරනම ඇන්දුවා .....අන්දලා තත්පර ගානක් මං දිහා බලන් උන්නා

"ඊරිසියා හිතෙනවා ..ලෝභ හිතෙනවා .....ඒ වගේම තරහා යනවා "
අග්...නී...අනෙ....ඇයි අග්නී...මේ....අග් ...
චටාස් .....
මට සිහිමුර්ජා වෙන්න ආවා ...අග්නි ගහපු ගැහිල්ලටද මගෙ කන් බෙරේ පුපුරලා යන්න ආවා වගේම එයාගෙ ඇස් ආයම ගින්දර වගෙ රතු උනා වගේම මෙච්චර වටින ඇදුමක් අන්දලා උන්න මාව එයා ආයම උස්සලා ඇදට විසි කරලා
අනිත් පාර එයා මගෙ ඇග උඩට නැගලා
එයාව අල්ලන්න හදපු මගෙ අත් දෙක ඔලුවට උඩින් තියල කිටි කිටියට ඇද මෙට්ටෙට තද කරන් අල්ලගත්තා .....
අනේ....මගෙ .අග්....නී ...රිදෙනවා අග්නී ....
"උඹට රිදෙනවද ම්ම්ම්....උඹට රිදෙනවද ...උඹ නැති බව දැනුනම....උඹ එලියට ගිහින් බව දැනුනම..උඹ අනුන්ගෙ සුවදක් ඉව කර කර ඉන්නකොට ...මට...මට රිදෙන්නෙ නැද්ද ....ම්ම්ම්...."
අනේ....අග්නී...අග්.....නී...
"කොච්චර කොහොම උනත්.....උඹ උගෙ ඇදුමක් පටලවන් අතක ලීගන ඉන්නකොට....මාව මැරෙන්න ආවා...ශිවන් ...ආදරේ උපරිම තැන..ඊරිසියාව එක්කම මගෙ නාඩිත් මැරිලා යනවා. ..තව ආත්මයක් විදවන්න හරි....මං උඹව මෙතනම මරලා දාන්නද මැනික......?".
ආ....ව්හ්.....අ...නේ ....හ්....අග්.....නී...හ්හ්හ්.....!!!!
🙂ජොබි නිදහා .....ස්
ආයම එන්නම්.....
මුව පැතියා බයියන්න යන්නෙ ඔය ලමයිනුත් බයියන්න....
ජොබී.....🤭🤭🤭
Ferdeesha ❤️💚😘