Cherreads

Chapter 69 - 69

උඹ මොකේද දැන් මේ නොදරුවව අරන් යන්නෙ???

.......

දැන් උඹ වැඩට ගියහම මේකව බලා ගහන්නෙ මොකාද ??ආ මයෙ පුතා ...?

මගෙ ජීවිතෙන් පැය ගානක්ම මහ පාරට දියවෙනවා අප්පච්චි මට වැඩ කරනවට වඩා මහන්සි වැඩට ගිහිල්ලා ...කාර් එක හදලා ඉවරයි ....මං ලමයව ඩේ කෙයා එකකට දානවා ඇරත් ඒ ගෙවල් දොරවල් පාලුවට යනවා ....මෙහෙම ඉන්න බෑනෙ

අප්පච්චි මගෙන් පන්න පන්න යන්නෙ අයි මොකේද යන්නෙ කොහොමද කොල්ලව බලා ගන්නෙ කිය කිය අහන්න ගන්නකොට මම මගෙ කටට එන දෙ කියලා දැම්මා . ..හිතේ තියෙන්නෙ එක වේදනාවක් උනත් මං පිටට දැම්මෙ තව දෙයක් ...ඒත් අප්පච්චි උනත් අහන ප්‍රශ්න සීයට දෙසීයක් හරි....පන්ඩිත කමට ලමයව ඩේ කෙයාර් එකට දානවා කියලා මට ගියපු ගමන්ම ලමයව දාන්න තැනක් තිබුනෙ නෑ....අනික මට කොල්ලව ආවට ගියාට දාන්නත් බෑ.....මට දවස් දෙක තුනක් ලමයව එක්කන් යන්න වෙනවා ....මට ලමයව ළඟ තියන් වැඩ කරන්න වෙනවා ....ගෙදරට ආයම ලුනු පොල්කට්ටෙ ඉදන් ගන්න වෙනවා...

ඒත් මෙතනට වෙලා පිව්චි පිච්චි ඉන්නවට වඩා මෙතනින් යන එකමයි හොද කියලා හිතෙනකොට මම අප්පච්චි අහන හැම එකටම ගැලපෙන උත්තර දුන්නා....

දැන් උඹ ඔය හදිස්සියේම යන්න හදන්නෙ උඹට මහ මග එහා මෙහා ගිහින් අමාඑඋ හන්දද නැත්තන් වෙන දෙයක් හන්දදමයෙ පුතා.....නැත්තන් අරකි උඹලගෙ ඔලුවට සැරින් සැරේ විස පුරවන්ඩ එන හින්දද...

මෙච්චර වෙලා අග්නි ගැන හිත හිත පිච්චි පිච්චි උන්න මට හිතේ තුන් කොනකවත් උන්නෙ නැති දැහැමියෙක් ගැන අප්පච්චි මතක් කරනකොට මට ඒ තරහව දැහැමිනියාගෙ පිටිනුත් යවන්න හිතුනා....දැහැමිනි ගැන කියන වාරයක් ගානෙම මට අනිත් පාර මතක් උනේ අග්නිගෙ කාවේරි ගැන වෙනකොට මටත් නොදැනිම මගෙ දත් කූරු හැපුනා...

ඔව්....ඒ වෙසගනත් එක හේතුවක් තමා...

මයෙ පුතා.....

අප්පච්චි මම ගෑනි මැරුන මිනිහෙක් බව හැබෑව..මගෙ දරුව තවම කුඩා බව හැබෑව ...ඒ උනාට අම්මලා නැතුව ළමයි හදාගත්තු අප්පච්චි ලා නැද්ද.....මට මේ මගෙ ලමයගෙ පිටින් දාලා මගෙ කරට නගින්න හදන ගෑනුන්ගෙන් වැඩක් නෑ අප්පච්චි ...මට මේ ජීවිතේ හොදයි....නිදහස් .....මේ ඇති.....මම හෙට කොල්ලවත් අරන් යනව අප්පච්චි ...අපි දෙන්නටත් ජීවිටයක් තියෙන්න ඕනා....හැමදාම අම්මට අප්පච්චිට බරක් වෙන්න බෑ.....

මම අනිත් පාර දැහැමිනීව හේදුවා....දැහැමිනී කියන්නෙ කාවේරිට කියලා හිතාගන මම ඒකිට බනින්න ගත්තා ....මගෙ තරහව කොයි තරම්ද කියනවා නම්...මේ දැන් ඒකි ආවොත් මට ඒකිව මරන්න තරම් කේන්තියක් මගෙ පපුවෙ තියනකොට මම ලමයවත් අරන් කාමරේට එන්න ආවා....

.අප්පුච්චියේ...

ම්ම්ම්ම්ම්ම්ම්....

අප්...පු....ච්...චි.....යේ.....

ම්ම්ම්ම්

මම උන්නෙ ඇදුමක් හොය හොය වගේම හෙට අරන් යන්න තියන ඇදුම් ටික අල්මාරියෙන් එලියට.ඇද ඇද...මෙච්චර වෙලාම සූප්පු බෝතලෙන් කිරි බිබී උන්න මගෙ කොල්ලා අනිත් පාර හොරා වගේ මට කතා කර කර අහු මුලු වලට රිංගලා කිරි එක හලන්න ගත්තා ...

.ආ...ආ...ආ.....ඔය මොකද කරන්නෙ.....ආ....කුක්කු එක හලනවා නේද....

ඔව්.....මොකත...කරන්නෙ....අප්පුච්චියෙ...ඔව්....

ඔව් කියන එක නෙවෙ මම අහන්නෙ....කුක්කු එක නේද ඔය අහු මුලුගානෙ රිංග රිංග හලන්නෙ...

ම්ම්හු....ක්.....කුක්කු....තමානේත....

අප්පුච්චියෙ ....තුත්තන්.....තමයි.....

බොරු නොකියා හිටපිය....මෙහෙ කොහෙද චුට්ටමෙක්...කව්ද ඔය බොරු ඉගැන්නුවෙ....

ම්ම්ම්...කව්ත.....ඔව්....අප්පුච්චියෙ ...කව්ත.....

ඒක තමා මාත් අහන්නෙ කව්ද ඔය බොරු ඉගැන්නුවෙ ?

අප්පුච්....අග්ගියා...

මෙච්චර වෙලාම අල්මාරිය දිහා බලන් උන්න මට කදුලු පිරුනා...ඇදට වැටිලා නිදා ගත්තෙ වත් නැත්තෙ.....හැම කෙනාම නින්දට යන මොහොතෙ මට තනියෙන් අග්නි ගැන කල්පනා වෙයි කියන බයට මම මහන්සි අරින්නෙ වත් නැතිවම අල්මාරිය අදින්න ගත්තා ....

අත පය නිදහස් හැම වෙලේම මට එයාව මතක් වෙයි කියන බට මට තිබුනා..එයාව මතක් වෙනවා කියන්නෙ මට නොසෑහෙන්න අඩන්න වෙන එක වෙනකොට මට ඕනා උනේ එක තත්පරයක් වත් නොයිදම වැඩ කරන්න වෙනකොට පුංචි එකා එක්ක හුරතල් කතා කිය කිය හිනාවක් මවා පාගන උන්න මට අවසානෙදි ආයාම අර වේලුන ඇස් වලට කදුලු උනන්න ගත්තා .....ඒත් එක තත්පරෙන් මම කදුලු පිහිදන් මගෙ ළමයා දිහා බැලුවා ඒකා අර රෙදි ගොඩ උඩ නැගන් එහාට යනවා මෙහාට යනවා ...මගෙ යටට අදින බොක්සර් එකක් ඔලුවට දාගන තව තව රෙදි අදිනවා....බොන්න දීපු සූප්පු බෝතලේන් කිරි බින්දුවෙන් බින්දුව එලියට එනකොට තනීයම අග්නියට මුනු මුනු ගාන ළමයා දිහා බලපු මම අනිත් පාර බැගේජ් එක ඇරලා පිලිවලකට නැතුව ලමයගෙ මගෙ රෙදි උන්ඩි කර කර උන්ඩි කර කර ඇතුලට එබුවා.....

සුදු පුතා ඕක දෙන්න අප්පච්චිගෙ .....

ම්ම්ම්ම්

ඔය කාකෙ දෙන්න....අප්පච්චිගෙ ඕක.....

ම්ම්ම්ම්

මෙන්න මෙහෙ දීපන් ඕක මගෙ යට කලිසමක් ඕක....

ඒකගෙන් අහන අහන හැම එකට මම්ම්ම්....ම්ම්ම්...ගානකොට අනිත් පාර චූටි පුකටත් පාරක් ගහපු මම මගෙ යටකලිසම අරගන ඇදගත්තා ඇදගන ආයම සමාන්‍ය හොද ඇදුමක් ඇන්දා.....

අප්පුච්චියෙ .. ....

ඕඔ....

අයි.....

මොනවද....

මොනවත.....ඔව්....අප්පුච්චියෙ ...

මං කොහොමද බන් දන්නෙ. ....මාන්දම උඹටත්...

මාන්තම...

ආ...අ..අ.ආ....ඔව්වා කියනවද ළමයි.....

ඔව්.....නේත....කියනවත ..අප්පුච්චියෙ .....කියනවත....

යෝ...කටවහපල්ලකො....අප්පච්චිට මහන්සී මගෙ පුතා කුක්කු බීලා දොයියන්න අප්පච්චි බූම් එක අරන් එන්නම්....

මම මෙට්ටෙ උඩ ඉදන් මගෙ කට කැඩෙන තරමට කියවන නිඛිල්ව ඇදලා අරගන ඒ කම්මුලක් හැපුවා....ආයම හාදුවක් තිබ්බා...

මගෙ සැනසීම උඹයි නිඛිල්....අප්පච්චිට ජීවත් වෙන්න තියන එකම බලාපොරොත්තුව උඹයි...මගෙ පන....එපා උඹ ඉක්මනට ලොකු වෙන්න....මේ ඇබිත්තන් කටෙන් අකුරු අමුන අමුන කියන උඹ හරි හරියට කතා කරන්න ගන්නකොට මට උඹව තුරුල් කරන් ඉන්න වෙන්නෙ ටික කාලයයි කියන එක දැනෙනවා පුතේ ....උඹලා ඉලන්දාරි උනාම....අප්පච්චි සීයා තාත්තගෙන් ඈත් උනා වගේම...උඹත් අප්පච්චිගෙනෑත් වෙයි නිඛිල්....

මම මගෙ අතෙ ඉදන් මගෙ වැවුන රැවුල් කොට.අත ගගා මැරෙන්න හිනා වෙන ලමයගෙ ඔලුව අත ගගා එයාට ලොකුවෙන්න එපාය කිව්වා .....මට හිත.හදාගන්න තියන එකම සැනසීම මගෙ නිඛිලම විතරක් වෙනකොට මම ලමයව තුරුල් කරන් පාලුවට ගියපු දේවාලෙ දිහ බැලුවා ....

මටත් නොදැනිම.....මගෙන් ලොකුම ලොකු හුස්මක් පිට උනා.....

මං උඹගෙ අග්ගියව අතෑරියා මගෙ නිඛිල් ...උඹගෙ අග්ගියටත් අප්පච්චිව අතාරින්න ඕනා කිව්වා...ඉතින්...මට කියපන් නිඛිල්.....අතාරින්න අහන තැනදි ..දාලා යන්න එපා කියලා ....කියන්න පුලුවන් හැම විදිහටම කිව්වට පස්සෙත් .....ඒ තීරනේ වෙනස් නොවුන නම්....අප්පච්චි මොකද කරන්නෙ....අප්පච්චි වැරදි ඇති ...ඒත්....උඹගෙ අග්ගියාට වගේ හයිය නෑ.....උඹගෙ අග්ගියට වගෙ...මට හැම දේම එක පාර තේරෙන්නෙ නෑ මගෙ නිඛිල්....

ම්ම්ම්ම්ම්...

මොකුත් නෑ.....මගෙ පුතා අප්පච්චි එක්ක හෙට යමු.....හොදද.....

ම්ම්ම්

මගෙ පුතා...හෙට අප්පච්චි එක්ක....යමු.....

කොඑත.....නමු.....

ගෙදර.....

ගෙදර....කොඑත...අප්පුච්චියෙ ..ගෙදර තියෙන්නෙ....

දුර .....

දුරත...

ම්ම්ම්.මගෙ පන්ඩිත මගුල....සීයා තාත්තා එක්ක ඉන්න අප්පච්චි බූම් එක අරන් එන්නම්.....

.ඇදුමක් ඇදගත්තු මම ඇදුම් බෑග් ටික ලමයගෙ සෙල්ලම්බඩු ....සපත්තු ඔක්කොම.එක ගාවට කරලා කොල්ලවත් වඩාගන අප්පච්චි හොයන් ගියා ..ඒත් මට අප්පච්චිව බලන්න යන්න කලින් අම්මා ගාව නවතින්න උනා....ඇදේ උන්න අම්මා මම එතනින් යන්න යනවා එක්කම අම්මා මට කතා කෙරුවා ...

මයෙ පුතා ....

අම්මා...

යන ගියපු මම ආයම අඩිය පස්සට තිබ්බා...

අම්මා ඉන්නවා ඒ මූන මැලවිලා ගිහිල්ලා...දවසට දෙකට අම්මා වයසට ගිහින්දො මන්දා.....මම එහෙම්ම පත්තුව බැදපු කකුල දිහ බැලුවා....ගමටම උනත් තනියෙන් වෙදකම් කරපු වීරසේකර වෙදහාමිනෙගෙ මූන අසරන වෙලා ගිහින් තිබ්බා....

මගෙ අම්මට වේදනයිද අම්මා හුගක්....

අතේ උන්න කොල්ලව අම්මගෙ ඇදෙන් තිබ්බ මම අම්මගෙ පිට්ටුගෙඩිය වගේ ඉදිමුන කකුල දිහා බලාගන හෙමින් මිමිනුවා....

.වේදනයිද....

මම ඇහුවෙ අම්මගෙන් වේදයිනද කියලා ....වේදනාවෙ තරම ඇස් වලට දැක දැක මම ඇහුවෙ වේදනයිද කියලා ....ඒ කකුල රතු වෙලා...අ..ඒ කකුල ඉදිමිලා ....පුපුරන්න ඔන්න මෙන්න වගේ....

අම්මා...

මම අම්මගෙ කකුල අත ගෑවා...කකුලට ගින්දර වගේ උන අවංකවම මට දැන් වෙදකම පැත්තක දාලා ඉංග්‍රීසි බෙහෙත් පෙත්තක් හොයන් යන්න තරම් වේදනාවක් දැනුනා....කකුලට මොන තරන් වේදනා දැනුනත් අම්මා නෙවෙ ඒක පිට දැම්මෙ...අම්ම කෙරුවෙ ඒක මගෙන් හංගපු එක...අම්මා හැදුවෙ බැරි බැරි ගාතෙ හරි මට බත් තම්බන්න හදපු එක...

වේදනාවන් දැනෙන්න ගන්නකොට දැනෙන්නෙ එක පොදියට වෙනකොට අම්මා ඉන්න තත්වෙ එක්ක මට අම්මාව දාලා යන්න හිතුනෙ නැති උනත් අනිත් පැත්තෙන් මට අග්නිව මතක් වෙනකොට අවංකවම මම ආත්මාර්තකාමී උනා...මට යන්නම ඕනාමයි හිතුනා... මට දැනුනෙ උලක් උඩ ඉදන් ඉන්න හැගීමක්.....

මම අම්මගෙ කකුල අත ගගා හෙමින් සැරේ අම්මට කතා කෙරුවා ඊයෙ පෙරේදා නොතිබුන සුදු කෙස් ගස් හදිසියේම මතු වෙලා තිබුනා...දවසට දෙකට අම්මව වයසට ගිහින් තිබුනා.....

ඇත්තටම ඉක්මනට ලොකු වෙන්න තිබුන ආසාව ඇත්තටම අපි ලොකු වෙනකොට අම්මා අප්පච්චි වයසට යනවනෙ කියන හැගීමත් එක්ක යට ගැහෙන්න ගත්තෙ මට තේරෙන වයසක ඉදන් වෙනකොට මට ඔරලෝසුවෙ කටු සදහටම නවතිනවා නම් හිතුනා..... ...

මගෙ පුතත් කවදා හරි මම වයසට යනකොට ඔහොම හිතයිද...??? අඒ අප්පච්චි වයසට යන්න එපා කියයිද...

ඒකගෙ අත් පය හයි වෙනකොට මගෙ අත් වල නහර පෑදේවි...

ඒකගෙ සව් වැඩිවෙද්දි...මගෙ සව් දිය වේවි.....

සමහර විට මම මේ දැන් මේ හිතන දේම මගෙ අප්පච්ව්හිත් මගෙ දිහා බලන් හිතන්න ඇති නේද....

අම්මට අප්පච්චිට මාව ඕනම වෙලාව...උදේ හවා ගෙදර නැති මගෙන් අප්පච්චිට උදව්වක් ගන්න බැරි උනත් මගෙ කොල්ලා ඉන්නවනෙ කියන වචනෙ පවා අප්පච්චිට මහ හයියක් වෙන්න ඇති .....

මම ඉන්නෙ බැදීමක වේදනාත්මක අඩියෙ හිර වෙලා....

මම අම්මගෙ කකුල අත ගගා ඉදලා එයා දිහා බැලුවා මට දැනගන්න දෙයක් තිබුනා....මිරිස් ගල වැටුනද. .....

නැත්තම්...වැට්‍ටුවද කියලා ....මොකද අම්මා කවදාවත් අපි වගේ උඩ බලන් වැඩ කරන්නෙ නෑ....මට ඒක සීයට දාහක් විශ්වාසයි.....දැහැමිනීලාගෙ දේවාලෙ දැම්මත් හරි.....මගෙ ගෙදරට....මට ඔලුවක් උස්සන්න සෑහෙන්න අමාරු උනා.....අවංකවම කිව්වොත්.....

අම්මා....ඇත්තටම ...අම්මගෙ අත ලෙස්සලා....මරිස් ගල වැටුනද ...නැත්තම්...කවුරු හරි ගල වැට්ටුවද...අම්මව එකතැන් කරන්න වගෙ....

යෝ...මයෙ පුතා.....

අම්මා....ඇයි අම්මා වේදනාව පපුවෙ තියාගන දරුවො ඉස්සරහා බොරුවට හිනා වෙන්නෙ...මාත් අප්පච්චි කෙනෙක්...අම්මා අප්පච්චිට තරම් අත්දැකීම් නැති එක ඇත්ත....ඒත්.....අම්මලා අප්පච්චි ලා දරුවො ගාව වේදනාව හංගනවා....දරුවො වෙනුවෙන් නැහෙනවා කියන්න මම දන්නවා අම්මා...මොකද ...මමයි මුගෙ අප්පච්චි ...මම උනත්...නැහෙන්නෙ මූ හින්දනෙ.....

උඹලා ඔහොම කතා කරන්න එපා අප්පා කොල්ලට.....මොනවද මයෙ පුතා...ඌමූ....පව්නෙ පොඩි එකා..

විසි හතර පැයේම රන් කද මගෙ මැනික....මගෙ පන නොකිව්වත්... කට.පුරා ඌ මූ කියල කතා කෙරුවත් මම මගෙ කොල්ලට පන වගේ ආදරෙයි අම්මා..හරියටම අම්මයි අප්පච්චියි මට වගේ....ඒත්...මම දැන් මිනිහෙක් අම්මා...කොල්ලෙක් නෙවෙ ...බදින්න තරම් හිත මෝරල නම්...ඇයි අම්මා මගෙන් ඔව්වා හංගන්නෙ.....???අනික ....මම ඉපදුනේ මෙහෙ....මන්තර සාත්තරේ අම්මා මට ඉගන ගන්න නොදුන්නට...කරපු ගුරුකමක් කපන්නෙ නැතුව ආපොට හරවන්න පුලුවන් කියන එකත් මම නොදන්නවා නෙවෙ අම්මා...

.මයෙ පුතා...නවත්තපන් ඔය මනස්ගාත...මො කාමට ගුරුකම්.කරන්නද.....???

අම්මට ගුරුකම් නොකරපු එකෙක් ඉන්නවා නම්...උගෙ ගෙදරින් මට අබමිටක් ගෙනත් දෙන්න අම්මා.....

හිතට දැනුන දුක වේදනාව තරහව එක්ක ...දැහැමීනීව කාවේරිට සමකරන් උන්න මට ඒකිගෙ ලොකු අම්ම කුවන්නද හිතුනා....බැලූ බැල්මට මෝඩ හිතලුවක් වෙන්න පුලුවන් ...ඒත්....ලගම ඉන්න එකාමයි වල කපන්නෙ කියන එක මේ කාලේ ඕනාවටත් වඩා ඇස් පනාපිට වෙනකොට ....තමන්ගෙම සහෝදරයගෙ බෙල්ල ගහලා යන්ඩ කියල සීනිගම ගිහින් මිරිස් අඹරන උන්ව ඇස් පනාපිට දකින මට.....උන් දෙන්නව එන්න එන්න දිරවන්නෙ නැති වෙන්න ගත්තා ...

..ඕකියි අම්මටයි අප්පච්චිටයි මාව පාවා දුන්නෙ....ඕකියි මම ගොරකකැලේට බඩගානවා දැක්කෙ ........මට පේන්නෙ මුන් හූනියම් කපනවට වඩා

හූනියම් කරනවද කොහෙද .....

අම්මා...

මට කෑ ගහපු අම්මා අනිත් පාර මගෙ නිඛිලව හුරතල් කරන්න ගත්තා ...

ඉක්කේ.....අත්තම්මගෙන් මොනවද ඔය හොයන්නෙ....මගෙ සුදු මහත්තයා ....ඇත්‍තද මේ අප්පච්චි එක්ක මගෙ පුතා යනවා කියන්නෙ....ඕ.....මගෙ වස්තුව ...අත්තම්මහෙ සන් කොටෙ.....

.නිඛිල් ....සුදු පුතා බහින්න බහින්න...අත්තම්මට ඌවා වෙලා....

ඔහෙ උන්න දෙන්....නිකන් ඉදිල්ලකො....පව්නෙ....

මම අම්මගෙ ඇග ඉඩ නැගන් උන්න කොල්ලව බස්සන්න යනකොට අම්මාමගෙ අතට ගැහුවා ...අත්තම්මව දාලා යන්න හදනවද කිය කිය අහ අහ පුලුවන් තරන් ඒ මූන ඉම්බා...ඒත් මම නෙවෙ මගෙ කතාව අමතක කෙරුවෙ .....මම නෙවෙ මගෙ කතාව මගින් නවත්තන්න හැදුවෙ....මට ඕනා මම හිතන දේමද දැහැමිනිලා ගැන හිතන්නෙ කියන එක දැනගන්න වෙනකොට මම ආය ආයම ඒ පැත්තට කතාව ඇද්දා 

.අම්මා..දැහැමිනී මොනවද මන් ගැන කියන්නෙ.....??

උඹ ගැන මොනවා කියන්නද...ඒකි උඹ ගැන වික්සෝප වෙන්නෙ....

ඒ මොන මගුලටද ඔහෙ කියන්ඩ එපැයි ....ඌ බැදපු එකානෙ...ඌට කලින් උඹ ගැන විස්සෝප වෙයන් කියලා

..මගෙ අත මිටිමෙල උනා....ඕකි සැරින් සැරේම ඇවිදින් අම්මගෙ අප්පච්චි ගෙ ඔලුවට කුනු දැම්මා නම්.....අනිවාර්යයෙන්ම ඕකියි අර වෙසගන...

මට දැහැමිනීව අමනුස්ස පරානයක් ගානට පේන්න ගත්තා...මට ඒකිගෙ ලොකු අම්මව යක්ශනියක් ගානට දැනෙන්න ගත්තා . .....

අම්මා....ඇත්තටම ඔය දේ කෙරුවෙ දැහැමිනියයි ඕකිගෙ ලොකු අම්මයි නේද ???

උඹට මොලේ හරි නැද්ද මයෙ පුතා.....

නෑ.....නැ...තාම මොලේ හොදට තියනවා අම්මා...අම්මා ඔය කොච්චර නෑ කිව්වා උනත්....මම දන්නව ඔය ඕකිලමයි කියලා .....හැබැයි මගෙ මොලේ තවම හොදයි හරියටම හරි ගිය නැති දාකට මම උන්ගෙ කකුල් කොර කරලයි පස්ස බලන්නෙ...

දෙයියනේ කොල්ලො...කට වහපන්....කට වහපන් ....උඹ මේ නාකි මාව මරාගත්තට කමක් නෑ..මේ නොදරුවා ගැන හිතලා වැඩකරපන්.....

.මට හිනාවක් ගියා....මෙච්චර වෙලාම ඒ ඒකිලා නෙවෙ .....නෙවෙ ගගා දහ අතේ දිවුරපු අම්මගෙ කටින් වචන පනිනකොට මන් නැගිට්ටා ඒකිට ඕනා උනෙ කේලම් කියලා කියලා අග්නිව මාව පාවා දෙන්න ...ඒකිට ඕනා උනේ අග්නිව මගෙන් ඈත් කරන්න.....

හරි....ඒකිට ඕනා දේ උනා එහෙනම්....ඒකිට ඕනා දේ අවසානෙදි මම ලව්වම කරගත්තා එහෙනම් .....හරි මැනිකෙ .....හරි......මම මගෙ ප්‍රාර්තනාව අංශු මාත්‍රෙකින් වත් වෙනස් කරන්නෙ නෑ....හැබැයි මන් ඒකට තව දේවල් එකතු කරනවා ....උඹට ඕන විදිහටම අග්නිව හම්බෙයි....හැබැයි ...මල්ල ඔබලා බලන්ඩ මිසක් ලෙහලා බලන්න නෙවෙ ....මන් හිනා උනා වියරුවෙන් කට කොනින් හිනා වෙනකොට අම්මා මගෙ අතින් අල්ල ගත්තා .....

ඕකට තමයි අම්මා.....බලල්ලු මල්ලෙන් එලියට පනිනවා කියන්නෙ...

මයෙ පුතා උඹ ඔය කොහෙ යන්ඩද.....කොහෙ යන්නද කියපන්කො.....

කාර් එක ගේන්න.....වෙන කොහෙ යන්නද ....මන් හෙට උදෙම්ම යනවා අම්මා.....

උඹ පලයන් එක අතකට ඒක මට සැනසීමයි....

යන්නෙ ඉන්න බලාගන නෙවෙ අම්මා.....ආපහු එන්න බලාගන.....කමක් නෑ...අපි එක අඩියක් පස්සට ගම්මු අම්මා ...සමහර වෙලාවට බඹරෙ උන්ගෙ පැත්තටත් කැරකෙනවනෙ.....එදා කිරිබත් පිඩ කාපු දවසෙම ගිහින් බෙල්ල ඇඹරුවා නම් මෙච්චර සාපයක් නෑ....වෙලාවකට මට හිතෙනවා මගෙ ගෑනි මරාගත්තෙත් ඕකිමද කියලා .....

ශිවන්!!!

අම්මා බය උනා.....අග්නිත් නැති වේදනාව...අම්මගෙ වේදනාව මේ ඔක්කොම එකට එකතු වෙලා මාව උන්මන්තකයෙක් කරනකොට මම අම්මගෙ අත මගෙ අතින් අහකට කරලා එලියට එන්න ආවා....

මයෙ පුතා....

අප්පච්චි ....

කාල පලයන්...උඹ ඕක අරන් කීයට එයිද කව්ද දන්නෙ....වැඩට ගියත් උඹට හරිහමන් කෑමක් නෑ නෙ.....

එපා අප්පච්චි ....බඩ පිරිලා

බඩ පිරෙන්න උඹ මොනවද මගින් ගිල්ලෙ....?

මම හිනා උනා.....විරහ වේදනාව බඩ ගින්දර උදුරන් තිබ්බා....වතුර උගුරක් උගුරෙන් පහලට නොයනකොට බඩ ගින්නක් කියන නාමයක් දැනුන් නැති උනා 

මම හිනා උනා...මොකද මට දෙන්න තිබුන ඊලග උත්තරේ ඒක විතරක් වෙනකොට මම අප්පච්චිගෙ බයික් එක අරන් එහෙම්ම චුට්‍ටමාලගෙ ගේ ගාවට ගියා මොකද මට කාර් එක ගත්‍තම ආපහු බයික් එක එවන්න කෙනෙක් නැති හන්දා මට චුට්ටමාව එක්ක එන්න උන්ගෙ ගේ ගාවට ගියා.....

චුට්ටාන්.....

මම එක පාරක් කතා කරලා හෝන් එක ගැහුවා.....ඒ එක්කම අමන්දියාද කොහෙද කඩාගන බිදගන ගේ අස්සෙන් එලියට දුවන් ආවා.....

අනෙ....අම්මේ....මෙන්න මූව බලන්ඩකො...මේ මූ ගහනවනෙ.... ඇත්තමයි තොට ගහනවා චුට්ටමා මැරිලා වැටෙන්ඩ.....

ආඅ....ගහපිය....ගහපිය ...ගහපිය බලන්ඩ...ගහනකන් තමයි මමත් බලන් ඉන්නෙ....ගහපිය බලන්ඩ........

චුටම්මෝ.....

මම ගේට්ටුව ගාව ඉදන් කතා කෙරුවා ...ඒකයි උන්ගෙ අක්කයි කා ගන්නව...හිතේ තියන වේදනාව එක්ක මම ඔහේ උන්නා...වෙනදට නම් මූ ලා ගන්නකොට පැත්තල ඉදන් ඇවිස්සුවා උනත් මට ඒ හැම දේම අද එපා වෙලා තිබුනා....

චුට්ටා....න්...

මම ආයම කතා කෙරුවා ...අමන්දියගෙ කෙස් වල්ලෙන් අල්ලන් උන්න චුට්ටමා අනිත් පාර මාව දැකලා දුවගන ආවා...

ටීශර්ට් එකක් දාගන වරෙන්කො....

ඇයි ඇයි...

ඇයි අහන්නෙ මගෙ කාර් එක ගේන්ඩ යන්ඩ.....

යෝ....වේලාසන යන්ඩ ඕන ගමන් ගැන කියලා තියන්ඩ එපැයිනෙ යක්කු ගස් නගින වෙලාවෙ ගමන් යන්ඩ අඩගහනවද අප්පා ....අනික ඇහැට කනට පේන ඉලන්දාරියෙක්ව....

උඹට පන්සීයක් දෙන්නම් එනවද.....?

ඒකගෙ අක්කා එක්ක කා ගත්තු චුට්‍ටමාගෙ ආඩපාලිය අහන් ඉන්න තරම්.මගෙ මානසීකත්වෙ ඒ තරම් යහපත් නොවුන තැන මම පන්සියක් දෙන්නද ඇහුවා විතරයි මූ එතනම තිබුන වැලෙන් කාගෙද මන්දා ටී ශර්ට් එකක් ඇදල දාගත්තා .....

චුට්ට්මා.....තියපිය.....ගලෝපිය ඕක....මගෙ.....ඇත්තමයි තෝව මරනවා...

අයියෙ පැදු පැදු....ලෑල්ලටම පැදු...අරකිගෙ අලුත්ම ටී සර්ට් එක මේක...පාගපිය සිවනයෝ....ලෑල්ලටම...අරකි එනව සබඳ ඇතා වගේ....

අමන්දියගෙ.....මූ උගෙ වගේ ගැම්මෙන් ඇදලා තියෙන්නෙ අමන්දියගෙ ටී ශර්ට් එකක් වෙනකොට මටත් ඕනේ වැඩේ කරගන්න හන්දා මාත් ඉක්මනටම හරවලා අරගන ලෑල්ලට පෑගුවා උනත් ඒ එක්කම චුට්ටමා ආව්හ් ගාලා ඒකගෙ පිට අල්ල ගත්තා ....

ආ ...ව්හ්....අරකි ඉදල විසි කරලා ගැහුවනෙ.....යකො.....

එච්චරයි .....වෙන්දට බඩ අල්ලන් හිනා වෙන්න ඕන තැන් අද දියාරුවට ගියා ....."වීරසේකර පාරම්පරික වෙදගෙදර....."සුදුපාට බෝර්ඩ් එකේ තිබුන අකුරු දිහා බලාගනම මම ගේ පාස් කෙරුවා .....වෙරලු ගහට නිවාඩු හම්බෙලා වගේ.....වෙනදට සැරින් සැරේම හෙලවෙන අතු අද ඔහේ තිබුනා... වෙනදට " පරිස්සමින් මගෙ මැනිකෙ " කියන ආදරනීයම කටහඩ නැතිව මම එන්න ආවා....

ගේ පහු කරන් ටික දුරක් එනකොටම තියෙන්නෙ දැහැමිනියලාගෙ ගේ වෙනකොට ගින්නට පිච්චුන ගෙදර ආයම හදන්න පටන් අරන් තිබුනා....

ආ.....අර දැහැමිනියා නේ අයියෙ....මේකි මොකද මේ රෑ ගස් බඩගාන්නෙ.....

ඇත්ත.....චුට්‍ට්මා කිව්වා වගේම දැහැමිනියා උන්නෙ කතුරුමුරුංගා ගහක එල්ලීගන වෙනකොට යට නොගියපු තරහව තව තව දාළු ලාන්න ගන්නකොට මට ඒකිගෙන් පලිගන්න හිතුනා...ඒකි හින්දයි මට මගෙ අග්නිව නැති උනේ කියන දේ මගෙ ඔලුව පුරාවටම එහා මෙහා යනකොට මට මාවවත් පාලනේ කරගන්න බැරි තැන මම බයික් එක නැවත්තුවා ....

නංගී.....

ආ...දැහැමිනි අක්කෙ...රෑට කතුරුමුරුංගා මල් වගේ....

මගෙ කට හඩ පුරාවටම තිබුනෙ පිට දාගන්න බැරි තරහවක් වහගත්තු අසාමාන්‍ය කරුනාවන්ත කමක්....කොටිම්ම අහිංසක මූනක් පිටිපස්සෙ තියන කැනහිල් ගති වගේ මමත් තත්පර ගානකට මගෙ තරහව උඩට අහිංසක කමේ ජගලාත්තුවක් පටලව ගත්තා .....

අයියෙ.....මේ කොහෙ යනගමන්ද.....

......

අයියට නංගියෙක් බලන්න යන ගමන්....ඇයි ..අක්ක් බලපොරොත්තු තියාගන වත් උන්නද

මෙ චුට්ටන් කට පියන් ඉදින් උඹගෙ ලගකදි ඉදන් ඇටයක් වැඩි වේගන එනවා වගේ ....

අයියො....නෑ...ඉපදුන දා ඉදන් තාම ඇට දෙකයි.....තව ආවෙ නෑ...ආවනම් අක්කට එක ඇටයක් දෙනවා පැල කරගන්න...

චුට්ටන්....

හරි...හරි...මට මේකි කිරිබත් දීපු දා ඉදන් පේන්න බෑ...

හිටපු ගමන් ෆෝම් වෙන චුට්ටමා පටන් ගන්නත් කලියෙන් නහින්න හදනකොට මම ඒකගෙ කකුල හිමීට මිරිකනකොට මූ මගෙ කනට කෙදිරුවා .....කිරිබත් දීපු දා ඉදන් පේන්න බෑ කිව්වා....

කිරිබත්....

අමතක වෙලා ගියපු තවත් දෙයක් චුට්ටන් මතක් කරනකොට මම දැහැමිනීගෙ මූන දිහා බලන් උන්නා....ඇස් පිල්ලමක් වත් නොගහම.....එහෙනම්...උඹයි මගෙ අග්නිගෙ ඇගේ එල්ලෙන්න එන කාවේරි.....

මම ඒකිගෙ මූන දිහ බලගන කාවේරිගෙ රූපයක් වත් නොදැකපු මම දැහැමිනීගෙ මූන දිහ බලාගන හිත යටින් පලු ඇරියා..."වෙසඟන"

නංගි...විනාඩියකට එන්න පුලුවන්ද ...

මම බයික් එකෙන් බැහැලා චුට්ටක් එහාට ගියා.....ඒකි අතේ තිබුන කතුරුමුරුංගා මල වට්ටියට දාලා මගෙ ගාවට ආවා...හැබැයි හරි ආසාවෙන් හිනා වේගන.....

කියන්න අයියෙ ඇයි.....හදිස්සි උවමනාවක්ද....පනිවිඩයක්ද...උදව්වක්ද...

.ඇදගන උන්න චීත්ත ගව්මෙ කර ගාව තිබුන බට්න් එක හොදට තියෙනව දැක දැක මේකි ඒක බොරුවට හදනකොට මම අහක බලාගත්තා ..."අනේ මම නොදැකපු තන් නෙ....."

මම උන්නෙ තරහවෙන්.....මම උන්නෙ කොයි තරම් තරහවකින්ද කියනවා නම්...මට ඒකිගෙ ඔලුව ඉස්සරහා තිබුන ලයිට් කනුවෙ ගහගන ගහගන ගහගන යන්න හිතුනා මොලේ එලියට පනිනකම්ම...

අයියෙ...

මම උන්නෙ අහක බලාගන වෙනකොට මේකි මගෙ අතකිනුත් අල්ලලා අයියෙ කියනකොට මම ඒකිගෙ අත් දෙකම අල්ල ගත්තා ....

අයි..යෙ.....

ස්තුතියි නංගි....

ඇ..ඇයි...අයියෙ ස්තූතියි කරන්නෙ.....

ස්තූතියි කරන්නෙද....නංගි මට කෙරුවෙ කරගන්න අමාරුවෙන් උන්න දෙයක් කරගන්න උදව් කරපු එක..ඒකයි...

මට...මට තේරුන් නෑ අයියෙ.....

මම.තවත් චුට්ටක් ඒකිගෙ අත් දෙක මගෙ අත් අස්සට හිරකරගත්තා ...මගෙ මේ වෙනස් හැසීරීමත් එක්ක දැහැමීනී ටිකක් කලබල වෙනකොට මම ඒකි දිහා බලලලා ලාවට හිනා උනා....

නංගි..අපේ ගෙදර එහෙම යනව එනව නේද.....

ඔව්.....මං ඉතින් එනවනෙ.....පුංචි එකා බලන්න මම කොහොමත් එනවනෙ.....අනේ...ඒකට මාව දැක්කම පුදුම සන්තෝසයක් දැනෙන්නෙ අප්පා...පව්

ම්ම්ම්.....මොකද මම නොදන්නෙ...නංගි නිකන් අම්මා වගේනෙ... නංගි මම නැති වෙලේකත් එහෙම ඇවිත් ගිහින් තියනයවනෙ.....ඒ ආව වෙලේක අපේ අම්මට හරි අප්පච්චිට හරි මොනවා හරි කිව්වද??

මම.....?....මම..මොනවා....කියන්නද....

අයි...යෙ.....

ඇත්තට....නංගිට හොදටම විස්වාසද...නංගි මොකුත් කිව්වෙම නැමයි කියලා...හොදට කල්පනා කරලා බලන්නකො නංගි...

මම දැහැමිනීගෙ අත අතෑරියෙත් නෑ....තව තව එන්න එන්න තද කෙරුවා මිසක්....මම බලාගන උන්නා.....ඒකිගෙ ඇස් දෙක එහා මෙහා යනවා...මේ ඉන්නෙ යකින්නක් බව දන්න මම අග්නිගෙ හයිය....අග්නිගෙන් ලැබුන අදරෙ විතරක් මතක් කරගත්තා .....

නංගිට අවංකවම මතක නැද්ද...නැත්තන් මමම මතක් කරල දෙන්නද?....

අයි....යෙ...මට...මට තේරෙන්නෙ නෑ...අයියා මොනව ගැනද කියන්නෙ කියලා .....

හරි...නංගිට තේරෙන්නෙ නැත්තන් මමම කියන්නම්.....

නංගිට මතක නැති වෙන්න විදිහක් නෑ..මොකද නංගිම තකහනියෙ ඇවිල්ලා කියපු දේවල්නෙ....ඔයාගෙ හිතේ මොන වගේ අදහසක් තියාගන ගිහින් මේවා අපේ අම්මගෙ අප්පච්චිගෙ කනේ තිබ්බද කියන්න දන්නෙ නෑ....හැබැයි...හැබැයි ඒකෙන් හොදක් සිද්ද උනා නංගි නොදන්නවා උනාට....

ම...ම...??.මොකක්ද...අනෙ අයියෙ....ඔයා....කියන...දෙ....

කියන දෙ උඹට තවම තේරුන් නැද්ද දැහැමිනි...ම්ම්ම්.....උඹ අපේ අම්මා අප්පච්චිගෙ කනට තිබ්බද මම ගේ අස්සට මිනිහෙක් දාගන කියලා...අම්මා අප්පච්චි දේවාලෙ ගියවෙලේ....

අනේ අයියෙ....මොනවද ඔයා

උඹ අහන්න හදන්නෙ මම මොනවද කියන්න යන්නෙ කියලද?රගපාන්න එපා හරි....උඹට ඕනා උනේ අම්මා අප්පච්චි ඉස්සරහ මම වෙනස් ජාතියෙ එකෙක් කියලා ඔප්පු කරන්න වගේ දෙයක් නම්...හැබැයි උඹට පින් සිද්ද වෙන්න මට එදා ගෙට දාගත්තු එකා ගැනයි මගේ ගැනයි කියා ගන්න පුලුවන් උනා.....

........

කොටින්ම....ඌයි මායි අතරෙ සම්බදයක් .....උඹ ඔය අමුතු ලයින් එකට උලුප්පන්න හදපු දේම මං සාමාන්‍ය සම්බන්දෙකට පෙරලලා කිව්වා ...උඹ ඔතනින් ඔප්පු කරන්න හැදුවෙ වීරසේකර වෙද හාමින්ගෙ පුතන්ඩිය මිනිහෙක් ගෙට දාන් ...මං එතනින් එහා කියන්න ඕන් නෑනෙ දැහැමිනී නේ...??

මම ඇස්දෙක හීනි කරනකොට දැහැමිනීගෙ මූන සුදුමැලි උනා ...මේකි කාවේරි නම්....අනිවාර්යයෙන්ම මේකි දන්නවා ඒ මිනිහා වෙන කවුරුත් නෙවෙ මගෙ අග්නි කියලා .....මේකිට ඕනා අම්මා ලව්වා අග්නිව මගෙන් ඈත් කරවන්න.....

මං ඒකිගෙ අත් දෙක අතෑරියා ...හැබැයි ඊලග තත්තපරේදි මං ඒකිව ඇදලා අරන් බදාගත්තා . නිකන් නෙවෙ මගෙ ඇගට තද කරලම...කිටි කිටියටම.....ඒ වගේම මං එහෙම්ම ඒකිගෙ කන ගාවට පහත් උනා.....

.

..ස්තූතියි නොසෑහෙන්න ....උඹ හින්දා මට පුලුවන් උනා මං මගෙ ජාතියෙම එකෙක්ට ආදරේ කරනවා කියල කියන්න නිකන් නෙවෙ .....උමතුවෙන් වගේ ආදරේ කරනවා කියන්න.....

ඒ වගේම මගෙ හුස්ම නැවතුනත්....ඌව කවදාවත් අතාරින්නෙ නෑ කියන්න වගේම ....ඌට මාව අතාරින්න දෙන්නෙත් නෑ කියලා කියන්න...මොකද ....සමහර බැදීම් තියනවා සක්කරයගෙ පුතා වයිමා ආවත් කඩන්න බෑ...උඹටත් මන් කිරිබත් කෑල්ලක් අරන් එන්නම්කො.....ම්ම්ම්ම්....

🙂ජොබීත නිදහා.......ස්ස්ස්.....

🙂ආය හෙට එන්නම්.....

.මේ ලමයා බුජි....ඔය ලමයිනුත් බුජියන්න....

මම.....

Ferdeesha ❤️💚😘 ..

More Chapters