පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ගාවින් සත්සිඳුව බස්සවලා කොල්ලා නොපෙනී යන තුරුම මිගාන් බලන් හිටියා. කොල්ලා ඇස් මානයෙන් ඉවතට ගියාට පස්සේ වාහනය ආපහු ආපු පැත්තටම යන්න හැරුණා . වාහනේටම හිටියේ ඩිනෝයි, ජේකබුයි, ඩ්‍රයිවර් විතරයි . ඉස්සරහා සීට් එකේ ජේකබ් යන්නේ ගොඩාක් පරීක්ෂාවෙන්. කොල්ලට නම් ගාණක්වත් නෑ. ෆෝන් එක ඔබ ඔබා තවත් ගැරඬි ධේනුවක් එක්ක මල් නෙළනවා. කොච්චර කළත් මුගේ කුපාඩිකම මුළු ඇඟ පුරාවටම . සක්‍ර දෙවියන්ගේ පුතා වයිමා ආවත් මුගේ කුපාඩිකමනම් යවන්න බෑ. එහෙම කරන්න ඕනි නම් මේකව මුලක ඉඳන් මකෝලා හදන්න ඕනි.
" helloo my sweet heart..."
"සර්..."
" ම්..."
" සර් මොකෝ කරන්නේ? "
" මොනා කරන්නද මැණික? දැන් නම් ඉතින් මං ස්වීට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෙක් එක්ක කෝල් එකක ඉන්නේ..."
"අනේ යන්න සර්..."
කෙල්ල ලැජ්ජාවෙන් හිනා වෙවී කියනවා.කොල්ලත් හිනා වෙනවා. ඒක නම් කුප්ප වලත්ත හිනාවක්. අහිංසක හා පැංචා එහෙම ළඟ පාතක හිටියා නම් මූට තලන්නේ තලපත් මාළුවෙක් උස්සන් ඇවිත්.
" ඉතින් කියන්නකෝ මැණික ..."
" මොනාද සර්? "
" මොනා හරි කියන්න ඉතින් "
" ඇයි දැන් ක්ලෙයාරා මැඩම් නැද්ද ? "
" එයා හිටියා කියලා මට ඔයාව අමතක කරන්න බෑනේ පැටියෝ... ම්...මට ක්ලෙයාරට කලින්නේ මගේ ස්වීට් කෙල්ලව මීට් වුණේ..."
" අනේ සර්, ලැජ්ජත් එක්ක ඔන්න..."
" ආ ආ ආ... දැන් තමයි ලැජ්ජාව. ළඟ හිටියා නම් ඔය ලැජ්ජාව නෑ නේද ? "
කෙල්ල හිනාවෙනවා. මිගාන්ටත් හිනා. ජේකබ්ට කියන නොසණ්ඩාල කතා ටික ඇහුණත් නෑහුණු ගානට යනවා. ඩ්‍රයිවර් නම් වෙනම සිහියක.
" ජේකබ් සර්..."
"ඇයි ප්‍රියන්ත...? "
" සර්, කවුරු හරි අපිව ෆලෝව් කරනවා..."
" මොකක්ද ? "
" ඔව් සර්..."
ජේකබ් එහෙම්මම side mirror එකෙන් බැලුවා. බැලින්නම් ඇත්තක්. පිටිපස්සෙන් මොකක්දෝ වාහනයක් ඩිනෝ මිගාන් ගේ වාහනේ පස්සේ ෆලෝව් කරනවා. ජේකබ් කලබල වුණා .
" සර්...සර්..."
මිගාන් තවමත් මල් නෙළනවා.
" ඔව්නේ මැණික..."
තවත් අංගනාව නළවනවා.
" සර්... සර්..."
"මොකද බං? "
" සර්, අපිව කවුද ෆලෝව් කරනවා..."
" මොකක්ද ? "
" ඔව් සර්..."
ඕන්න දැන් තමයි ඩිනෝ මිගාන් සමරදිවාකර මහත්මයා නිවැරැදි පියවි සිහියට ආවේ. කොල්ලා හෙණට කලබල වෙලා . එහෙම්මම පිටිපස්ස හැරිලා බැලුවා. කහ පාට ලොකු එළියක් එක්ක ජීෆ් එකක් වගේ වාහනයක් පස්සෙන් ෆලෝව් කරනවා.
" මැණික , මං පස්සෙ ගන්නම්..."
කොල්ලා එහෙම්මම පෝන් එක කට් කරලා ඉණේ පැත්තක ගහන් හිටපු පිස්ටල් එක එළියට ගත්තා.
" සර්, දැන් මොකක්ද කරන්න යන්නේ? "
ජේකබ් ඇහුවේ සැකෙන් වගේ.
" ඔහොම්මම යං, ඇටෑක් කළොත් විතරක් ඇටෑක් කරමු... නැත්නම් ඕනි නෑ..."
" හරි සර්, ප්‍රියන්ත ටිකක් ඉක්මන් කරපන්... "
" හරි ජේකබ් සර්..."
ඩිනෝ මිගාන්ගේ වාහනය ආවටත් වඩා වේගයෙන් යන්න පටන් ගත්තා. ඒ හරිය ටිකක් පාළු හරියක්. දෙපැත්තම ටිකක් අඳුරු පාටයි. කහ පාට විදුලි බුබුළුවලින් මාර්ගයේ දෙපස තැනින් තැන ආලෝකවත් කරලා. ඩිනෝගේ වාහනය ඇදෙන වේගයෙන්ම අර පිටිපස්සෙන් ආපු වාහනෙත් එනවා.
" සර්...උන් පස්සෙන්ම එනවා..."
" කමක් නෑ...එන්න ඇරපන්..."
" ඒත් සර්..."
" ජේකබ්...එන්න දීපන් ඕකට..."
කොල්ලා කතා කළේ පිටිපස්සෙන් එන වාහනයෙන් තමාව ෆලෝව් කරන පුද්ගලයව හඳුනා ගෙන වගේ. වාහනය සුපුරුදු වේගයෙන්ම ඉස්සරහට ඇදෙනවා. පිටිපස්සෙන් එන වාහනෙත් ඒ වේගයටත් වඩා වේගයෙන් ඇදෙනවා.
" සර්, කවුද ඒ?"
" බයගුල්ලෙක් බං... මූණට මූණ හැප්පෙන්න බැරි , කොන්දක් නැති පකයෙක්..."
කොල්ලා කිව්වේ කේන්තියෙන් .
" ප්‍රියන්ත..."
කොල්ලා කතා කළේ ඩ්‍රයිවර් ට.
" සර්..."
" වාහනේ අයිනකට කරලා නවත්තහන්..."
" සර්..."
ප්‍රියන්ත යි, ජේකබුයි දෙන්නම කිව්වේ එකට.
" සර්, සර් මොකක්ද කරන්න යන්නේ? "
" ජේකබ් , පාඩුවේ හිටපන්. ඌ කොන්දක් නැති එකෙක් වුණාට මට කොන්දක් තියෙනවා . නවත්තහන්...."
මිගාන්ගේ අණෙන් ප්‍රියන්ත වාහනය අයිනකට කරලා නතර කළා .
" ජේකබ් , එනවනම් වරෙන්. "
" මං එනවා සර්..."
කොල්ලා අතට ගත්තු පිස්ටල් එක ඉණේ ගහගෙන වාහනෙන් බැස්සා. ඒත් එක්කම ජේකබුත් වාහනෙන් බැස්සා . වාහනේ නතර කරනවා දැකලා කොල්ලගේ පිටිපස්සෙන් ෆලෝව් කරන් ආපු වාහනෙත් නතර වුණා .
දැන් කොල්ලා පිටිපස්සෙන් ෆලෝව් කරන් ඇවිත් මඟ නවත්තලා තියෙන වාහනේ ගාවට යන ගමන්. ඒක කළු පාටට හුරු ජීෆ් එකක්. කොල්ලා ජේකබ් එක්කම වාහනේ ළඟට ගිහින් නතර වුණා. කොල්ලට සුපුරුදු වෛරක්කාරයාගේ මුහුණ .
" එහෙනම් මිස්ටර් ඩිනෝ මිගාන් සමරදිවාකර , මං ගාවටම ආවා..."
එහෙම කියලා ඇද ඇද හිටපු සිගරට් එකෙන් ලොකු සුදු අලු දුම් වළල්ලක් කොල්ලගේ මූණට පිට කෙරුව ශේන් සල්ගාදු පුංචියට වියරු හිනාව දැම්මා. ඒත් කොල්ලා නෙවෙයි සැලෙන්නේ.
" මං පස්සෙන් පන්නන ජාතියේ මිනිහෙක් නෙවෙයි... ඒ වගේ දෙකයි පනහේ වැඩ මං ගාව නෑ ශේන්..."
" හෝව් හෝව් හෝව්... කේන්ති ගියාද? ම්..."
ශේන් සල්ගාදු උර උර හිටපු සිගරට් එක ඩ්‍රයිවර් ආසනයේ හිටපු කුරේගේ තොල් අතරින් රඳවලා එහෙම්මම වාහනෙන් බැස්සා.
" කේන්ති ගන්න එපා මිස්ටර්... මේ බලන්නකො මං. මං මේ ඉන්නේ යසට. ම්... එහෙම නම් මං කොච්චර කේන්ති ගන්න ඕනිද? "
" ශේන්...."
" ඔව් මං ශේන්..."
" කියන්න තියෙන දෙයක් කියපන්...මට උඹ වගේ එකෙක් වෙනුවෙන් වැය කරන්න කාලයක් නෑ..."
" ඕහ්... එහෙමද? හරි, අපි එහෙනම් කෙළින්ම කාරණේට බහිමු..."
" ඔව් කියපන්..."
" මිස්ටර් ඩිනෝ මිගාන් සමරදිවාකර දන්නවා ඇතිනේ මගේ night club එක ගැන... ම්... තමුන්ගේ DMS night club එක නිසා මගේ club එක ෆුල් බංකොලොත්... ඒ හින්දා තමුන් කරදර නොවී මේක වැඩි දුර දිග නොගිහින් club එක වහලා දානවා..."
ශේන් සල්ගාදු කියන දේවල්වල වචනයක් වචනයක් ගානේ කොල්ලගේ මුහුණේ සියුම් විදිහට හැඟීම් ඉස්මතු වුණා . පුදුමය, කේන්තිය, ඒ මොහොතේම ශේන් සල්ගාදු මරා දැමීමේ චේතනාව කොල්ලගේ මුහුණෙන් හරි අපූරුවට නිරූපණය වුණා .
" උඹ ආස එහෙමද? "
" ඔව්...එහෙම තමයි..."
" එහෙනම් උඹ මේකත් මතක තියාගනින් ශේන් සල්ගාදු..."
" ඔව් මොකක්ද ? "
" උඹ ඔහොම නෙවෙයි මාරයා එක්ක ඇවිත් මට කිව්වත් මං club වහන්නෑ..."
ශේන් සල්ගාදු ඒත් එක්කම වියරු හඬින් හිනා වුණා . එහෙම්මම ශේන් ඇදලා ගත්තේ ශේන්ගේ ඉණේ තිබුණු පිස්ටල් එක. ශේන් පිස්ටල් එක ඇදලා අරන් ඩිනෝගේ නළලට තිබ්බා. ඩිනෝ ගල් ගැහිලා වගේ හිටියා. ජේකබ් ටිකක් බයවෙලා. එහෙම්මම ජේකබුත් පිස්ටල් එක අරන් ශේන් සල්ගාදු දිහාවට එල්ල කරගත්තා .
" මං උඹව මරනවා...මරන එක මරනවා....."
ශේන් පිස්ටල් එක මිගාන්ගේ නළලට තියාගෙනම වියරු හඬකින් කිව්වා.
" මරපන් ඉතින්... කෝ මරපන්... මං දැන් උඹගේ ළඟමනේ ඉන්නේ.මරපන්..."
කොල්ලා නෙවෙයි ශේන්ට බය වුණේ . ඌ නම් යකෙකුටවත් බය නැති යක්ඛ පුත්‍රයෙක්.
" මරනවා තමයි හුත්තෝ........"
ශේන් කෑ ගැහුවේ දත් මිටි කා ගෙන . එහෙම්මම කොල්ලත් ඉණේ තිබුණ පිස්ටල් එක ඇදලා එලියට අරන් ශේන් සල්ගාදු ගේ බඩට තිබ්බේ වියරු කපටි හිනාවකින්.
" දැන් මරපන්..."
කොල්ලා කිව්වේ ශේන් දිහා කෝපය මුසු තියුණු කපටි බැල්මක් හෙළාගෙන. දැන් දැන් ශේන් පහු බහින ලකුණු. ශේන් සල්ගාදු ගේ ආරක්ෂාවට ඉන්න කුරේ කරගන්න දෙයක් නැතුව අසරණ වෙලා . මිනිහා තවමත් ජීෆ් එක අස්සෙමයි. එළියටවත් බහින්නේ නෑ. මිනිහා ඒ තරමටම බය වෙලාද කොහෙද?
" හොඳට මතක තියාගනින් ශේන් සල්ගාදු , මං ඩිනෝ මිගාන් සමරදිවාකර . මේ ඩිනෝ දෙයක් කිව්වොත් නොකර පස්ස බලන්නෑ. අනික උඹ වගේ පස්සෙන් ෆලෝව් කරලා ගේම් දෙන ජාතියේ කැරි පුරුදු මේ ඩිනෝ ගාව නෑ. කරන ඕනිම දෙයක් face to face..."
කොල්ලා කීවේ බිංදුවකවත්, දශමයකවත් බියක් හිතේ නැතුව. කොල්ලා කියන දේවල්වලින් ශේන් සල්ගාදු තව තවත් කේන්තියෙන් ඇවිස්සෙනවා.
" මට උඹව මෙතනම මරන්න පුළුවන් ඩිනෝ..."
" මටත් පුළුවන්..."
" ඉතින් මරපන් පකෝ..."
" මං ගැරඬි මරන්නෑ පකෝ..."
කොල්ලා කිව්වේ ලෙල්ලටම තද වෙලා . හැබැයි කොල්ලට වැරදුණා . ශේන් සල්ගාදු ත් එක්තරා ගැරඬියෙක් තමයි. හැබැයි අහිංසකයාගේ වාග් කෝෂයේ හැටියට නම් ගැරඬියා මිස්ටර් ඩිනෝ මිගාන් සමරදිවාකරම තමයි.
ලෙල්ලටම තද වෙලා එහෙම්මම අනිත් පැත්තට හැරුණු ශේන් සල්ගාදු ජීෆ් එකේ දොර ඇරියේ ඩිනෝට ගහන්න බැරි අත ජීෆ් එකෙන් පලි ගහනවා වගේ. ජීෆ් එකේ දොර ඇරලා ජීෆ් එකට ගොඩ වුණු ශේන් සල්ගාදු එහෙම්මම ඉස්සරහ බලාගෙනම හිටියේ ඩිනෝ මිගාන් සමරදිවාකර දිහා එක බැල්මක්වත් හෙලන්නේ නැතුව.
" යමං හුත්තෝ....."
ශේන් කුරේට කෑ ගැහුවේ ඩිනෝ මිගාන් එක්ක තියෙන කේන්තිය පිට කරමින්. ශේන්ගේ අණ පරිදි start වුනු ජීෆ් එක ගිනි වේගයෙන් පිටත් වුණා . ඩිනෝයි, ජේකබුයි බලන් හිටියේ ඉස්සරහට ඇදෙන ශේන් සල්ගාදු ගේ වාහනය දිහා. ශේන් සල්ගාදු ගේ වාහනේ ඩිනෝගේ වාහනේ පහු කරන් යනවත් එක්කම ශේන් සල්ගාදු හිතේ තියෙන කේන්තිය පිට කරගත්තේ අතේ තිබ්බ පිස්ටල් එකෙන් අහසට වෙඩි තුනක් තියලා. ඒ හඬින් ජේකබ් , කුරේ වගේම ප්‍රියන්තත් ගැස්සුණා . ඒත් කොල්ල නම් ගැස්සුණේ නෑ. ශේන් සල්ගාදු හිතේ තියෙන කේන්තිය පිට කරගන්න විදිහ ඩිනෝ මිගාන් සමරදිවාකර හොඳාකාරවම දන්නවා.
වලියක් ඇඹරුණු වෙලාවක නම් ගුටියක් දෙකක් ඇණගෙන හරි අහසට වෙඩිල්ලක් තියලා හරි වෛරය පිට කරගන්නවා. නැත්නම් කේන්තිය පිට කරගන්න අනිත් ක්‍රමය තමයි sex. විදේශික තරුණියක් එක්ක යහන් ගත වෙමින් ඇයට අනේක විධ වද හිංසා දෙමින් ලිංගිකව හැසිරෙන ශේන් සල්ගාදු එයින් කේන්තිය පුදුමාකාර විදිහට නැති කරගන්නවා. ශේන් කියන්නේ පුදුමාකාර මනුස්සයෙක් .
ශේන් කියන්නේ තමන්ගේ වැරදි නිසා මේ විදිහට වැටුණු කෙනෙක් නෙවෙයි. එයාටත් කතාවක් තියෙනවා . ඒ කෙසේ වෙතත් ශේන් සල්ගාදු පාතාලයත් එක්ක සම්බන්ධ වුණායින් පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා .
කාලෙකට ඉස්සර ප්‍රබල පාතාල නායකයෙකුව සිටි බ්රැන්ඩෝ අයියා ගාවට එද්දී ශේන් සල්ගාදු ට වයස අවුරුදු 20 ක් ඇති. එදා ඉඳන් බ්රැන්ඩෝ අයියා ගාව වැඩ කර කර හිටපු කොල්ලව බ්රැන්ඩෝ අයියා තියාගත්තේ තමන්ගෙම දරුවෙක් වගේ. බ්රැන්ඩෝ අයියගේ ගොඩක් වැඩවලදී ශේන්ව පාවිච්චි කරපු බ්රැන්ඩෝ අයියා කොල්ලට අවි ආයුධ ගැන හොඳ පුහුණුවක් පවා වෙනමම ලබා දුන්නා.
ඒත් අවුරුදු දෙක තුනකට පස්සේ දවසක වෙච්චි දේකින් කොල්ලට තාත්තා වගේ හිටපු බ්රැන්ඩෝ අයියා මේ ලෝකෙන් සදහටම සමුගත්තා. ඉන් පස්සේ බ්රැන්ඩෝ අයියගේ හැම දේපළක්ම වගේ අයිති වුණේ කොල්ලට. බ්රැන්ඩෝ අයියගේ සුවච කීකරු පාතාල සහචරයෝ ටික කොල්ලා යටතේ වැඩ කරන්න ගත්තා . අශේන් සල්ගාදු විදිහට තුම්මුල්ලේ බ්රැන්ඩෝ ගාවට ආපු කොල්ලා ශේන් සල්ගාදු වුණේ ඒ විදිහට . ඒත් අදටත් ශේන් සල්ගාදු හංගන් ඉන්න එයාගේ ජීවිත කතාව ඒක නෙවෙයි. ඒ කතාව වෙනස් එකක්.
ශේන් සල්ගාදු පිටව ගියාට පස්සේ ඩිනෝ මිගාන් සමරදිවාකර ජේකබ් එක්ක ගිහින් වාහනේට ගොඩ වුණා .
" මං නම් හිතුවේ ඌ අපිට වෙඩි තිබ්බා කියලමයි සර්..."
ජේකබ් කිව්වේ නළල මත වුණු දා බිඳු රොත්තක් අතින් පිහදාන ගමන් .
" ඌ එහෙම වෙඩි තියන්නෑ ජේකබ්..."
ඩිනෝ කිව්වේ ගාණක්වත් නැතුව.
" ඒ වුණාට සර් උගේ මූණ ... හරියට නිකන් යකෙක් වගේ..."
කොල්ලා හිනා වුණේ ටිකක් පල් එකට වගේ.
" සර්ට නම් හිනා. මට නම් බඩ පපුව දැවිල්ලත් ආවා..."
ප්‍රියන්ත කිව්වේ වාහනේ drive කරන ගමන්මයි.
" ඕකට බය කවුද බං? ඌ මේ රඟන්නේ තුම්මුල්ලේ බ්රැන්ඩොගේ සල්ලිවලින්. නැත්නම් ඕකට ඇති ඉටිගෙඩියක් නෑ..."
කොල්ලට දැන් ශේන් සල්ගාදු ව වෙනමම ආතල් එකක් වෙලා . අහස පොළව පෙරළුනත් කොල්ලට නම් ගාණක් නෑ. ඒකා ආයෙමත් ඒකගේ හින ලෝකේ.
" hey මැණික...මං ආයෙත් ආවා..."
" කොහෙද සර් ගියේ? "
" පුංචි ගමනක්..."
කොල්ලා කියන්නේ හුරතල් වෙවී.
" මට කියන්න බැරි ගමනක්ද? "
" හ්ම්...පුංචි personal ගමනක්..."
" ඇයි ක්ලෙයාරා මැඩම්වත් ආවද? "
" අපෝ නෑ කෙල්ලේ. මේ දැන් එයාව ඕනි නෑනෙ මෙතනට . ආ... දැන් ඔයයි මායි විතරයි . හරිද? "
" සර් නම් අනේ මන්දා..."
කෙල්ල හිනා වෙවී කියද්දී කොල්ලටත් හිනා.
සත්සිඳු මකරන්ද හොඳටම නිදි. නපුරු ගැරඬියා ගෙනත් දීපු බත් පාර්සලය නම් අම්මගේ අතින් උයනව වගේමයි . බඩගින්න නිවුණු හින්දා දැන් නම් කොල්ලට පණ ටිකක් ඇවිල්ලා. කොල්ලට ඇහැරුණේ ඉබේටමයි . ඇඳේ පැත්තකින් තිබුණු පෝන් එක අතට අරන් බලද්දී වෙලාව මධ්‍යම රාත්‍රී 12 පහු වෙලා විනාඩි 32 යි. හරියටම පාන්දර 12 යි විනාඩි 32 යි. ඇහැරුණාට පස්සේ ඉතින් කොල්ලට නින්ද යනවා හොරයි. සිවිලිම දිහා ඇස් යොමු කරන් කොල්ලා ලොකූ කල්පනාවක.
' ඩිනෝ සර් නම් පුදුමාකාර කෙනෙක් . මං මෙච්චර වැරැද්දක් කරලත් කන්න කෑමත් ගෙනත් දෙනවා. අනේ මන්දා. එහෙමත් මිනිස්සු ඉන්නවද අප්පා? නැත්තෙ මොකෝ. ඔය ඉන්නේ. එක අතකට එහෙම්මම හිතන්නත් හොඳ නෑ. ගෝත ගැරඬියගේ චරිත සහතිකය මං නොදන්නවා නෙවෙයිනේ. එක අතකට ඔය නොපෑහෙන මිනිස්සුත් එක්ක වැඩිය ආශ්‍රය කරන්න යන්න හොඳ නෑ. මිනිහා අංකුට්ටා. හෙණ ගේම්කාරයා. සත්සිඳුවෝ... ඔය උඹත් එක්ක හිතවත්කම් පාන්න එන්නෙත් හොඳකට වෙන්න නම් බෑ. මොනා වුණත් පරිස්සමින් . අල්ලන්න බැරි අතු එක්ක ඇයි හොඳයිකම් පාන්න ගිහින් කණාමැදිරියගේ පුකේ බල්බ් එක ෆියුස් ගියා වගේ තියෙයි. නිකන් මොකටද වරිගේ නහගන්නේ? '
කොල්ලගේ හිත වැට උඩ. එක පැත්තක ඩිනෝගේ හොඳ. අනිත් පැත්තේ ඩිනෝගේ නරක. කොල්ලා වැට උඩ. දෙපැත්තටම වැනෙන කොල්ලගේ හිතට එක පැත්තකට වැටෙන්න බෑ.
හිතට හරි මහන්සියි. කොල්ලට ඕනි මේ හිත නිවාගන්න . කාමරේ දොරත් ඇරන් කොල්ලා එළියට ගියා. කොල්ලගේ කාමරේ එක්ක තවත් කාමර පේළියක්. ඔක්කොම කාමරවල ලයිට් නිවලා. කහ පාට බල්බ් එකක් කොල්ලගේ කාමරේ විතරක් දැල්වෙනවා.
සේපාලිකා ගහක මල් පිපිලා සුවඳක් හමාගෙන එනවා. ඇටිකිත්තෝ දෙන්නෙක් තුන් දෙනෙක් කෑ ගහන හඬ ඉස්සරහා මල් පඳුරු අස්සෙන් ඇහෙනවා. ඈතින් පන්නිපිටිය පාරේ යන බයික් එකක සද්දේ යාන්තමට ඇහෙනවා. කොහේ හරි ගෙදරක බල්ලෙක් බුරන හඬ. ඒ ඇරෙන්න කිසිම හාවක් හූවක් නෑ. කොල්ලට ඇහෙන්නේ කොල්ලගේ හුස්ම හඬ විතරමයි .ශ්‍රී සුමංගල පාර ඇතුළට වෙන්න තියෙන බෝඩිම ටිකක් නිස්කලංකයි .
කහ පාට හඳ එළිය ඉස්සරහා ඕකිඩ් පඳුරුවලට වැටිලා. සීතලම සීතල ලා මද සුළඟක් එක පැත්තකින් හමාගෙන ඇවිත් කොල්ලගේ ඇඟේ සීරුවට දැවටී ගෙන ගියා. හඳ පළුව වහගන්න වලාකුළු පොරකනවා. වැහි අඳුරක්දෝ මන්දා වලාකුළු ටිකක් කළු ගැහිලා. රෑට වුණත් වලාකුළු එළියයි. ඒත් අද වලාකුළු අඳුරුයි.
හිත එක තැනක ඇත්තෙම නෑ. අකීකරු හිතට කොච්චර කොහොම කොයි විදිහට තරවටු කළත් හැදෙන්නෙ නැති ගාණයි. අකීකරු හිත ළඟක ඉඳන් ආයෙමත් වැඩිපුර අකීකරු වෙන්න අරන්. කිරිඅම්මගේ වේවැල තිබ්බ නම් ගහලා හදා ගන්න තිබ්බා. හිතට නෙවෙයි ගැරඬියට. අමාරුවෙන් අමාරුවෙන් කොල්ලා හිත හදාගන්න හදද්දී ආයෙමත් හිත අවුස්සන ගැරඬි පෝතකයාට තලන්න ඕනි කිරි අම්මගේ වේවැලෙන්මයි. ඉස්සරම දවස්වල නංගියි, කොල්ලයි රණ්ඩු වෙලා ගුටි කෙළ ගන්න කොට කිරි අම්මා වේවැලත් අරන් වැල්ල දිගේ පන්නන හැටි මතක් වෙලා කොල්ලට හිනා. අනේ හැබෑටම ගැරඬියටත් කිරි අම්මගේ වේවැලෙන්ම තලන්න ඇත්නම්. මිනිහව හදන්න නම් වේවැලෙන් තලලා බෑ. භූමිතෙල්ම දාන්න ඕනි. හරියට නිකන් සරණ දුවන දිවිල්ලට වැඩලා බෑ , දුවන්නම ඕනි වගේ.
' අනේ මන්දා, කොච්චර ලස්සන ජීවිතයක් ද? නිකන් නිස්කාරණේ විනාස කරගන්නවා. ඇත්තෙන්ම ඇයි දන්නෑ ඔච්චර ගෑණු ආශ්‍රය කරන්නේ ? ෂික් අප්පා... අර ක්ලෙයාරා ගෑණී...ඊයා... අමුවෙන් මිනී මස් කාලා වගේ තොල් දෙක . ඉද්දකින් විතරක් , මේ ගෝත ගැරඬියා ඒ අම්මණ්ඩි එක්කත් room ගානේ යනවනේ. ඒ ගෑණිටත් මොකද, කොල්ලත් ලස්සනයි . අනික මූට සල්ලිත් තියෙනවනේ. අනේ මන්දා අප්පා. සැප වැඩි වුණාමත් මිනිස්සු නොමඟ යනවද කොහෙද ? ඒ අතින් වේලක් ඇර වේලක් කාලා හරි ඉන්න දුප්පත් අපේ ජීවිතේ වාසනාවන්. අනේ...ඇයි ඩිනෝ සර්, සර්ට හැදෙන්න බැරි? සර් හැම අතින්ම සම්පූර්ණ මනුස්සයෙක් . ඒත්...ඒත් ඇයි මෙහෙම හැසිරෙන්නේ? සර්...මේ හඳ දිහා ඔයත් බලන් ඉන්නවා නේද ? මං හිතනවා, සර් මේ හඳ දිහා බලන් ඇති. එහෙනම් එක පාරක්... එකම එක පාරක් මං කියන දේ අහන්න සර්... අනේ ඕවා නවත්තලා දාන්න සර්. මට සර්ට මේවා කියන්න අයිතියක් නෑ... ඒත් මට දවසක් හරි ආදරෙන් කතා කරපු මනුස්සයෙක්ට ජීවිතේ වරදිනවා මට බලන් ඉන්න බෑ සර්...'
කොල්ලා කහ පාට හඳ දිහා බලන් කල්පනා කරනවා. කොල්ලගේ හිතට හිතෙන දේවල් වචන කරලා ගැරඬියා ගාවට අරන් යන්න වගේ හඳ තාමත් වලාකුළු එක්ක නිරාවරණය වෙලා ඉන්න ලොකූ තරඟයක.
" මොනාද බූරුවෝ මේ හිතන්නේ? ගැරඬියා කොරයි තොට. ගැරඬි ගැන හිතන්න නෙවෙයි. හෙට ඔෆිස් යන්න තියෙනවා නේද ? ගිහින් බුදිය ගනින්..."
කොල්ලා තමන්ගෙම ඔළුවට ටොක්කක් ඇන ගෙන කාමරයට ගිහින් දොර වහගෙන නිදාගන්න වුණා .
මීළඟ කොටසට ...