Cherreads

Chapter 41 - 41

" නිදිද ? "

සත්සිඳු හෙමින් සැරේ ඇඳ ගාවට ඇවිත් ඇහුවේ තෙත කොණ්ඩය ඇඟිලි තුඩුවලින් පිටිපස්සට කරගන්න ගමන්. එයා උන්නෙත් උඩුකය නිරුවතින් ටවල් එකක් විතරක් දවටගෙන .

" ම්හ්... ඔයා ආවද ? "

පන්හිඳ ඇහුවේ ඇස් ඇරලා යාන්තමට හිනා වෙලා. ගමන් මහන්සියටයි , wash එකක් දාගෙන fresh වෙලා උන්නු හින්දයි එයාට හොඳටම නින්ද ගිහිල්ලයි තිබුණේ.

" හ්ම්... සනීපෙට නින්ද යනවා නේද නෑවම...? "

" ඒක නම් ඇත්ත සුදු චූටි... "

එතුවක් වෙලා එයා කතා කර කර උන්නේ ඇලවීගෙනමයි. ඒත් එක්කම වගේ නැඟිටලා ඇඳ විට්ටමට හේත්තු වුණු පන්හිඳ බලන් උන්නේ උඩුකය නිරුවතින් ටවල් එකක් විතරක් ඇඳගෙන එයා ඉස්සරහා හිටගෙන ඉන්න කොල්ලා දිහා.

" අම්මෝ සුවඳ..මොනාද ගෑවේ...?"

පන්හිඳ ඇහුවේ සත්සිඳු ගාවින් එන පියකරු සුවඳ නිසාමයි.

" ඒවා රහස්.... "

සත්සිඳු එහෙම කියාගෙනම එතනින් ගිහින් රෙදි රැක් එකේ තිබුණු short එකකුයි , ස්කිනි එකකුයි දාගත්තා. ටවල් එක පිටින්ම short එක අඳිද්දී පන්හිඳ ඒ දිහා බලලා හිනා වුණේ කට කොණකින් වගේ.

" ඇයි හිනා වෙන්නේ ඕයි ? "

එයා ඇහුවේ පිටිපස්ස හැරිලා.

" හිනා යන්නැද්ද ඉතින්... "

" කන්න එපා... "

එයා එහෙම කියාගෙනම ලාවට ඇස් කොණින් බලලා හිනා වෙලා ආයෙමත් bath room එකට ගිහින් ටවල් එක රෙදි වැලට දාලා ආවා.

" සුදු චූටි... "

පන්හිඳ තාමත් ඇඳේමයි.

" ම්... "

" ඔළුවෙ නෑවද මෝඩයෝ ? "

" හී හී... "

එහෙම කියාගෙනම එයා ඇඳෙන් වාඩි වෙද්දි පන්හිඳ එයාගෙ කණකින් අල්ලගෙන රිදෙන නොරිදෙන ගානට මිරිකන්න වුණා.

" ඌහ්... ඌහ්... ඌයි... රිදෙනවා අයියේ... ආව්වා... අතෑරපන් බූරුවෝ... රිදෙනවා... "

" පලයන් යන්න.. අතාරින්න නෙවෙයි තියෙන්නේ උඹට අල්ලන් ගහන්න... "

පන්හිඳ කියද්දි සත්සිඳු තව ටිකක් එයාට ළං වෙලා කණට කරලා මුමුණන්න වුණා.

" ඉතින් ගහන්නකෝ... "

එහෙම කියලා එයා පන්හිඳගේ උරහිසක එල්ලුණා.

" මොකක්ද ? "

පන්හිඳ ඇහුවේ පුදුමයෙන් වගේ.

" ඇයි දැන් ගහනවා කිව්වේ... "

එයා රහසින් වගේ කෙඳිරුවා.

" සුදු චූටි.. උඹ නම් මහ කුප්ප තාලෙට හැදෙන්නෙ දැන්.. ඔහොම නම් බෑ හරිද ? "

එයා කිව්වෙ තරවටු කරන ස්වරයකින්.

" ඇයි එහෙම එපාද.. ම්... "

" සුදු චූටි..... "

එයා තරවටු බැල්මක් හෙලද්දි සත්සිඳු එහෙම්මම ඇඳෙන් බිමට පැන්නේ හිනා වෙවී.

" හරි හරි, දැන් එනවා ඉතින් උයන්න... "

" යං... "

පන්හිඳත් එහෙම්මම ඇඳෙන් බිමට බැහැලා සත්සිඳු ත් එක්කම kitchen එක පැත්තට ගියා.

" හරි ඉතින් , දැන් මොනාද උයන්නේ ? "

පන්හිඳ ඇහුවේ එතන පුටුව අරන් වාඩි වෙන ගමන්.

" බලමාළු තිබ්බ නම් ඔයාට කියලා හදාගන්න තිබ්බා. මං හරි ආසයි ඔයාගෙ බලමාළු කරියට හලෝ.. ඔයාට මතකද අර රොජර් අයියගේ උපන් දිනේ දවසෙදි ඔයා හැදුවේ බලමාළු කරිය.. ඒක නම් මාර රසයි අයියේ.. මං ආසම ඒකට... "

" අනේ ඉතින්.. මං හදලා දෙන්නම්කෝ දවසක ගෙදර ආවම.. දැන් මොනාද හදන්නේ ? "

" ම්.. පරිප්පු තියෙනවා... අල තෙල් දාලා , තක්කාලි සම්බෝලයක් හදලා ගමුද...? "

" ෂා... මරුනේ, සුදු හාල් බත් නේද ? "

" ඔව් ඔව්... "

" අහ් මේ.. ඔහොම ඉන්නකෝ පොඩ්ඩක්... "

එහෙම කියාගෙනම පන්හිඳ ගියේ කාමරයට. එයා යන දිහා සත්සිඳු බලන් උන්නේ පුදුමයෙන් වගේ. මිනිත්තුවක් යන්නත් ඉස්සර පන්හිඳ ආයෙමත් kitchen එකට ආවේ ලොකු පාර්සලයකුත් උස්සගෙන .

" ආ.... "

එයා ඒ පාර්සලය සත්සිඳු දිහාවට දිගු කළා.

" මොනාද අනේ මේ... "

එයා පාර්සලය අතට අරගෙන නහයට ළං කරලා සුවඳ බලන්න වුණා.

" අඩේහ්... මේ මැලේ අච්චාරු නේද...? "

එයා ඇහුවේ ලොකු හිනාවක් මූණේ පුරවගෙන.

සත්සිඳු ඒ ඉක්මනට මේසය උඩට අරන් පාර්සලය ලෙහලා බැලුවා. ඒකේ තිබුණේ හොඳට තැම්බුණු මැලේ අච්චාරු. රටළූනු ගෙඩිය දෙකට පලලා , ගම්මිරිස්, බටු මිරිස් දාලා විනාකිරි වලින් තම්බලා හදාගන්න මැලේ අච්චාරු කන්න පුංචි කාලෙ ඉඳන්ම සත්සිඳු හරි ආසයි. ඒක ආසාවකටත් වඩා පෙරේත කමක් කිව්වොත් තමයි හරි..

එයා එහෙම්මම බටු මිරිස් කරලක් අතට අරගෙන කටේ දාගත්තේ පන්හිඳගේ ඇඟත් හිරි වැටිලා යද්දි.

" අම්මෝ සුදු චූටි... "

එයා කතා කළේ උරහිස් දෙකත් අකුලගෙන.

" ඇයි අනේ ? "

එයා බටු මිරිස් කරල හව් හව් ගාලා හපන ගමන්ම කතාව.

" සැර නැද්ද යෝධයෝ ? "

" ම්හ්.. ඔයා දන්නෑනේ අයියේ වැඩක්.. "

" මොකක්ද ? "

" මට දැන් super powers තියෙනවනේ.. මං දැන් super man කෙනෙක්... "

එයා කිව්වේ අත් දෙකත් උස්සලා ශක්තිමත් බාහු දෙක පිම්බෙන්න ඇරලා .

" සුපර් මෑන් කිව්වේ අර ජොකා උඩින් ඇඳලා ඉන්න එකා නේද.. චිකේ සුදු චූටි... "

පන්හිඳ එහෙම කියලා සමච්චලේට වගේ හිනාවෙද්දි සත්සිඳු එහෙම්මම පැනපු ගමන් පන්හිඳගේ ශක්තිමත් තර අත් බාහුවක් හැපුවේ රිදෙන නොරිදෙන ගානට.

" අතෑරපන් යකෝ... මට ජලභීතිකාව හැදෙයි.... "

පන්හිඳ එහෙම කියන ගමන්ම සත්සිඳුගේ කිහිලි දෙක යටින් අත් දෙක යවලා කිති කවන්න ගත්තා. එයා කිති කවන අතරේ සත්සිඳු හිනාවෙවී කාමරේ දෙකක් වෙන්න කෑ ගහන්න වුණා. හොඳ වෙලාවට ළඟ කාමරවල කවුරුවත් ඇවිත් හිටියෙ නෑ. විශේෂයෙන් එයා ගැන හරි හරියට මහ ලොකුවට බලාපොරොත්තු පොදි ගහන් ඉන්න දෙනුවර..

එයා උන්නා නම් ඉතින් ඔය පෙම්බස් ඇහිලා බෙල්ලෙ වැල ලා ගෙන මැරෙන්නේ. හොඳ වෙලාවට එයාට හවස් වෙනකන්ම වැඩ..

" හරි මේ.. දැන් උයමු... "

" ඔයානේ කිති කවන්න ගත්තේ.. "

" බම්බුව.. මෙහෙ වරෙන්, ඔය පරිප්පු ටික සෝදලා ගන්නවා.. මං අල ටික පෙරන් ගාන්නම්... "

සත්සිඳු පරිප්පු ටික සෝදලා අරන් ඒකට ලුණු, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු , කරපිංචා , රම්පේ දාලා ලූනු පෙති ටිකකුත් එක්කහු කරගත්තා. ඒකට වතුර දාලා එයා ගෑස් ලිපේ තියන අතරතුරේ පන්හිඳ අල ටික සුද්ද කරලා පෙරන් ගාලා අරන් අනිත් ලිපේ තැම්බෙන්න තිබ්බා.

" සුදු බත් නේද සුදු චූටි..? "

" ඔව් අයියේ... "

සත්සිඳු හාල් ටික අරන් සෝදන්න යන අතරතුරේම උත්තර දුන්නා.

" එහෙනම් සුදු චූටි බත් එක උයන්න, මං තක්කාලි සම්බෝලේ හදන්නම්... "

එහෙම කියලා සත්සිඳු බත් එක ලිපේ තියනකන් පන්හිඳ තක්කාලි, රතු ළූනු , අමු මිරිස් කපලා අරන් ඒකට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරලා අනාගත්තා.

" අම්මෝ සුවඳයිනේ අයියේ... "

" එහෙම තමා මේ වේහාර පන්හිඳ සප්තපර්ණීගේ වැඩ.. කාලා බලන්නකෝ... "

එයා එහෙම කියලා kitchen එකේ තිබුණු මේසයට හේත්තු වෙලා ඉද්දි බත් එක රයිස් කුකර් එකට ගහලා සත්සිඳුත් එයා ගාවට ඇවිත් ඒ මේසයට හේත්තු වුණේ එයාගෙ ඇඟේ ගෑවෙන නොගෑවෙන ගානට.

" දැන් ඉතින් අල ටික තැම්බෙනකන් ඉන්න එපැයි... "

සත්සිඳු කිව්වේ පන්හිඳගේ උරහිසට හේත්තු වෙලා.

" එහෙම තමයි ඉතින්. හදිස්සියට උයන්න බෑනේ. නිකන්ම අල පෙති කපලා තෙල් දානවට වැඩිය අල තම්බලා අරන් තෙල් දාලා ගත්තම තමයි රහ... "

සත්සිඳු ලොකු හුස්මක් අරන් පිට කළා හැරෙන්න වෙන මොකුත්ම කිව්වෙ නෑ. එයා පන්හිඳගේ උරහිසට හේත්තු වී ගෙනම උන්නා.

" මට හරි සතුටුයි අයියේ... "

එයා ආයෙමත් වචනයක් කතා කළේ ලොකු නිහඬතාවයකට පස්සේ.

" ඇයි සුදු චූටි ? "

" වෙනදා මෙහෙම නෑනේ... "

" කොහොමද ? "

" මේ වගේ.. වෙනදට මං තනියෙන්ම උයාගෙන තනියෙන්ම කෑම කනවා.. ඒත් අද.. අද ඔයත් ඉන්නවා. ඇත්තෙන්ම මෙහෙම දෙන්නෙක් එක්ක එකතු වෙලා උයාගෙන පිහාගෙන කන එකෙත් අමුතු ගතියක් තියෙනවා... "

එයා එහෙම කියලා හරි ලස්සනට , අහිංසක විදිහට හිනා වුණා.

" එහෙම තමයි සුදු චූටි. දෙන්නෙක් එක වහලක් යටට වෙලා ජීවත් වෙන එකේ අරුමය වෙන්නේ අන්න ඒක.. දෙන්නට දෙන්නා තේරුම් අරන් ආදරෙන් ජීවත් වෙන එකයි වැදගත්ම දේ වෙන්නේ.. ප්‍රශ්න එයි, කරදර එයි.. හැබැයි සුදු චූටි ඒ හැම ප්‍රශ්නයක්ම විසඳගන්න ඕනි දෙන්නත් එක්කමයි.. තේරුණාද ? "

" හ්ම්... "

පන්හිඳගේ උරහිසට හේත්තු වී ගෙනම එයා උත්තර දුන්නා.

" දැන් අල ටික තැම්බිලා ඇති. ඔය කලමනා ටික දාලා තෙල් දාලා ගම්මු. පරිප්පු එකත් තෙල් දාලම ගම්මු.. "

එහෙම කියලා දෙන්නත් එක්කම අල තෙල් දාලා කෑලි මිරිස් එක්කහු කරලා රස පාට, සුවඳ පාට අල තෙම්පරාදුවක් හදාගත්තා. මිරිසට හදාගත්තු පරිප්පු කරියට වියළි මිරිස් කරල්, අබ,කරපිංචා, තලපු සුදුළූනු එක්කහු කරලා තෙල් දා ගත්තා. දැන් නම් ඒ දෙන්නගේ රෑ කෑම සූදානම් .

වෙලාව ගැන දෙන්නගෙන් කාටවත්ම ඒ හැටි නිච්චියක් නෑ. බොළඳ කතා, පරිණත කතා මැද්දේ ගත වෙන ඒ තත්පර ජීවිතේ හරි සුන්දර නිමේෂයන්. අතීතයවත්, අනාගතයවත් ගැන නොහිතා ඒ දෙන්නා ජීවත් වුණේ ඒ වර්තමානයේ. වුණු දේවල්වත් ඉස්සරහට වෙන්න තියෙන දේවල්වත් මහා ලොකුවට හිතන්න කරන්න ගිහින් ඒ සුන්දර තත්පර අහිමි කරගන්න තරම් එයාලට වුවමනාවක් තිබුණේ නෑ. ඉතින් සත්සිඳු ත් , පන්හිඳ ත් හිතාමතාම ජීවත් වුණේ ඒ වර්තමානය තුළ..

වෙලාව වෙනදා වගේමයි. ඔරලෝසු කටු එයාගෙ හිතුමනාපෙට ඒ මේ අත කැරකෙද්දි කාලය හරි ඉක්මනින් වේගයෙන් ගෙවිලා යනවා. වෙලාව රෑ 7 ට විතර කිට්ටු වෙද්දි සත්සිඳුට ඇහුණේ එහා කාමරේ දෙනුවර වැඩ ඇරිලා ඇවිත් කාමරේ දොර විවර කරන හඬ.

" ෂ්.... සද්ද කරන්න එපා... "

එයා පන්හිඳට කිව්වෙ රහසින්.

" ඇයි සුදු චූටි..? "

" එහා කාමරේ ඩබල් කැන්ඩියා ආවා... "

එයා කතා කරන්නෙම රහසින්.

" මොකා...? "

" ඩබල් කැන්ඩියා අනේ.. දෙනුවර දෙනුවර... "

" ඉතින් නම කියන්නැත්තේ.. පව් ඒ කොල්ලා... "

පන්හිඳත් කතා කරන්නේ රහසින් වගේ.

" මෑන්ගෙ නම දෙනුවර. ඒ කියන්නේ නුවර දෙකක්.. නුවර නිසා කැන්ඩි.. දෙකක් නිසා ඩබල්.. ඩබල් කැන්ඩියා... "

" අනේ සුදු චූටි උඹ නම්.. ගානට වැඩියි දැන් නම් ඈ.. උඹ කොළඹ ආවත් හරි , හොඳටම නරක් වෙලා... "

" හේ හේ, කොහොමද සුදු චූටිගෙ වැඩ... "

සත්සිඳු කිව්වේ හිනා වෙලා.

" හැබැයි සුදු චූටි මෙහෙම දේකුත් තියෙනවා... "

පන්හිඳ කිව්වේ සත්සිඳුගේ ඉණ වටේ අත් දෙක යවාගෙන එයාව ළඟට අරන්. සත්සිඳු උන්නේ පන්හිඳගේ ගෙල වටේ එයාගෙ දෑත් වෙලාගෙන.

" කොහොම දෙයක්ද ? "

" ඩබල් කැන්ඩියා අපිට කබල් ඩැන්ඩියා කරන්නත් පුළුවන්... "

පන්හිඳ ඒක කියනවත් එක්කම සත්සිඳුට කොහේදෝ තිබ්බ ලොකු හිනාවක් එක පාරටම එළියට පැන්නම පන්හිඳත් ඒ හිනාවටම හවුල් වුණා.

අහක ඉන්න අහිංසකයෙක් මේ ලදරම් පෙම්වතුන් දෙන්නගෙන් අහ ගන්න කතා.. දෙනුවර ඒ මොහොතේ උන්නේ bathroom එකට වෙලා. ගොඩාක් මහන්සියෙන් උන්නු නිසා එයා ඉක්මනට නාලා ඇවිත් එද්දි අරන් ආව කොත්තුවත් කාලා රෑ 8 වෙන්නත් ඉස්සර එහෙම්මම නින්දට වැටුණා.

ලදරම් පෙම්වතුන් දෙන්න වැඩ පටන් ගත්තේ ඒ මොහොතෙදි. වැඩ පටන් ගත්තා කිව්වේ කෑම කන්න පටන් ගත්ත එක. සුදු හාලෙ බත් එක්ක අල තෙමපරාදුවයි, පරිප්පු කරියයි , තක්කාලි සම්බෝලයි පන්හිඳ එද්දි අරන් ආව මැලේ අච්චාරුයි..

ඒක නම් වෙනමම රසයක්. හැබැයි දෙන්නටම එක පිඟානයි. එකම ප්ලේට් එකකට කෑම බෙදාගෙන සත්සිඳුයි , පන්හිඳයි දෙන්නම ඇඳට ඇවිත් වාඩි වුණා.

" එහෙනම් සුදු අයියේ, දැන් ඔයාගෙ වාරේ.. ගොඩ කාලෙකින් මට බත් කටක් කැව්වෙ නෑනේ.. දැන් කවන්න... "

සත්සිඳු එහෙම කියලා පන්හිඳට කියලා බත් කවාගන්න ආසාවෙන් ඔහේ වාඩි වෙලා බලන් උන්නා.

" ආ ආ... එනවා ඉතින් ළඟට.. මගෙ අත ඔච්චර දිග නෑ... "

එහෙම කියලා පන්හිඳ බත් කටක් අනලා සත්සිඳුට කැව්වාම එයා හරි ආසාවෙන් ඒ බත් කට කෑවා. ඒත් එක්කම වගේ එයාගෙ හිතට ආවේ දුකක් මුසු සතුටක්. එයා අහිංසක හිනාවක් මූණේ රඳවගෙනම පන්හිඳ දිහා බලන් ඉද්දි එයා තවත් බත් කටක් සත්සිඳුට කැව්වා.

" ඔයත් කන්න... "

" ඔය බඩ පිරුණා කියන්නේ මගෙ බඩ පිරුණා වගේ තමයි... "

පන්හිඳ කියනවත් එක්කම වගේ එතුවක් වෙලා එයාගෙ මූණේ රැඳිලා තිබුණු අහිංසක හිනාව අතුරුදන් වෙලා ගියේ ගැරඬියා උදේ ඉඳි ආප්ප කන වෙලාවෙදි කිව්වෙත් ඔහොම කතාවක් නේද කියලා මතක් වෙලා.

' මට සමාවෙන්න සර්.. දහස් වාරයක් සමාවෙන්න... '

එයා හිත අස්සෙන් මිමිණුවේ ගැරඬියාගෙන් සමාව ඉල්ලන්න. මොකද හිතට එකඟව එයා කරන වැරැද්ද ගැන එයාට තේරෙනවා. ඒත් අත් හරින්න බැරි ලෝභකමක් විතරක් එයාගෙ හිතේ පිරිලා තියෙද්දි ඒ අහිංසක රැවටීම ගැන එයාට දුක් වෙන්න අයිතියකුත් නෑ.

" ඇයි සුදු චූටි.. ඔයා එක පාරටම අවුල් ගියානේ.. "

" එහෙම දෙයක් නෑ අයියේ... "

දුක හංගගෙන නුහුරු නුපුරුදු විදිහේ හිනාවකින් මුව සරසාගෙන එයා උන්නේ පන්හිඳ ඉස්සරහා හඬා වැටෙන්න බැරිකමට. පන්හිඳ නොහිටින්න මේවා මතක් වෙද්දි එයාට ඇති වෙනකන් හඬා වැටෙන්න තිබුණා.

" කෝ කවන්නකෝ... "

එයා පන්හිඳට කියලා බත් කටවල් දෙක තුනක් කවාගෙන වතුරත් බීලා ආයෙමත් bathroom එකට ගිහින් දත් මැදලා මූණත් සෝදගෙනම ඇඳට ආවා. එයා ආවට පස්සේ පන්හිඳත් bathroom එකට ගිහින් දත් මැදලා මූණ අත පය සෝදගෙන ඇඳට ඇවිත් වාඩි වුණා.

වෙලාව රෑ 9 ට ත් කිට්ටුයි . කාල සංග්‍රාමය සිද්ද වෙන්නේ දෛවය විසින් තීරණය කරන කාලයට ඕනි විදිහට.

කහ පාට විදුලි බුබුළ ඔහේ දැල්වෙනවා. ඒ කහ පාටත් එක්ක දැනෙන සරාගී බව. ඒක වෙනමම එළියක්. ඇසිල්ලක තනි වුණු රෝමාන්තික හදවත් දෙකකට මුසපත් වූ ප්‍රේමයෙන් වෙලෙන්න ඒ කහ පාට එළිය හොඳ තෝතැන්නක් . ඊටත් එහා ගිය ආශිර්වාදයක් .

මින්දදයින්ට දැන් හරි හරියට වැඩ. දුනු හදන්න මල් හොයන්න දෙයක් නම් නෑ. ඒත් මින්දද හී සර එක්ක ඒ හදවත් එක්කාසු කරන්න මින්දදයින්ට පැවරිලා.

අඩවන් කහ එළිය මැද්දෙන් රෑ හීතල ගලන් ඇවිත් මුළු කාමරය සිපගන්න ගමන්. ඇත්තමයි , ඒ දෙන්නටම ඕනි වුණේ උණුහුමක්. ඒ සීතලට ගුලි වෙලා නිදාගන්න උණුහුම් පපුවක්..

සීතල සුළං රැල්ල, සෞම්‍යවත් සඳ එළිය එක්ක මුහු වෙලා මැවුණු සරාගිකත්වය.. පන්හිඳගේ ඇඟිලි තුඩකින් නිවුණේ අර කහ පාට විදුලි බුබුළ. ඒ එළිය නිවුණට මොකද හඳ එළිය හරි අපූරුවට මුළු කාමරයම ආක්‍රමණය කරලා තිබුණේ අඩ අඳුරකුත් පතුරුවන ගමන්.

පන්හිඳගේ පපුවට හිස තියාගෙන සිවිලිම දිහා අඩ අඳුර මැද්දෙන් බලන් ඉන්න ගමන් එයා කතාවට වැටුණා.

" අයියේ... "

" ම්... "

අඩ අඳුර මැද්දෙන් සිවිලිම දිහා බලාගෙනම එයත් කතාවට වැටුණා.

" තාමත් මාව අයිති කරගන්න හිතක් නැද්ද ? "

" ඔයාට අහිතක් කරන්න මට බෑ සුදු චූටි... "

එයා මිමිණුවේ අර සිවිලිම දිහා බලාගෙනමයි . ඒත් එක්කම වගේ මුළු රැයත් එක්කම කාමරය පුරාවටම පැතිරුණේ ලොකු නිහඬතාවයක්..

" සුදු චූටි... "

එයා හැරුණේ සත්සිඳුට කතා කරන ගමන්මයි.

" අයියේ... "

" මං අවස්ථාවක් දුන්නොත් ඔයා මොකෝ කරන්නේ...? "

" මට..මට තේරෙන්නෑ අයියේ... "

" මං කියන්නේ.. නෑ ඕනි නෑ.. මෙතනින් එහාට මොනා සිද්ද වුණත් හිතන්න එපා සුදු චූටි... "

එහෙම කියාගෙනම පන්හිඳ සත්සිඳුගේ සිරුර මත නැග්ගේ ඒ තොල්වල පැටළී ගෙනමයි. එයා එයාගෙ තොල් එක්ක පැටළිලා හරි අපූරුවට රස විඳගන්න ගමන් සත්සිඳු ඇඳන් උන්නු ස්කිනි එක ගලවලා අයින් කළේ එයාව කෙළින් කරවගෙන. එහෙම්මම පන්හිඳ එයා ඇඳන් උන්නූ ස්කිනි එක ගලවලා පැත්තකට විසි කරලා දාලා ආයෙමත් වතාවක් සත්සිඳුගේ තොල් එක්ක පැටළිලා එයාගේ අතක ඇඟිලි අතරින් පන්හිඳගේ අතක ඇඟිලි යවලා තද කරගත්තා.

ඒ අතරෙදි සත්සිඳුගේ එක අතක් පන්හිඳගේ නිරුවත් පිට දිගේ ඒ මේ අත දුවන්න වුණේ එයාගේ සරාගී හැඟීම් තව තවත් අවුස්සන ගමන්.

" අයියේ...ම්හ්.. ම්හ්.. අහ් රිදෙනවා.... "

එයාගෙ තොල් මොහොතකට නිදහස් වුණු ඇසිල්ලෙම එයා කෙඳිරි ගාමින් මුමුණන්න වුණා.

" ඉවසපන් සුදු චූටි... "

" අහ්..අහ්..අහ්... ම්හ්.... "

මුළු කාමරය පුරාවටම එකම කෙඳිරිල්ලක් විතරමයි. ඒකත් කාටවත්ම නෑහෙන ගානට. තවමත් සත්සිඳුගේ සිරුර මත නැගගෙන ඉන්න පන්හිඳ එයාගේ තොල් වලින් ඈත් වෙලා ගෙල පුරාවටම සිපගන්න වුණේ පිස්සුවෙන් වගේ.

සත්සිඳුගේ හිත අස්සේ තියෙන හැම හැඟීමක්ම දැන් එළියට ඇවිත් අහවරයි. අසීමාන්තික හැඟීම් ගොන්නක් එක්ක එයාගෙ ගෙල පුරාවටම හාදු සිත්තම් මවන පන්හිඳගේ පිට කොන්ද දිගේ දෑත් යවමින්ම එයා ඒ හාදු විඳ ගත්තා.

සත්සිඳුගේ පපුව ගාවට මූණ අරන් ඇවිත් එයා තොල් පටළවගත්තේ එයාගේ නිපල් එකක් එක්ක. තොල්වලින් උරා බොමින් දිවෙන් එහෙ මෙහෙ කරමින් නිපල් එකක රස විඳින ඇසිල්ලේ සත්සිඳු පන්හිඳගේ කොණ්ඩයෙන් තද කරලා අල්ලගෙන කෙඳිරි ගාන්න වුණේ ඒ මිහිර හොඳ හැටි විඳගන්න ගමන්.

" අහ්.. අහ්.. අහ්.. අයියේ.... ම්හ්.. ඉන්න බෑ රත්තරන්.... "

එයා රහසින් වගේ කොඳුරනවා.

" මටත් බෑ සුදු චූටි.. උඹ හරි ලස්සනයි මගෙ මැණික... මං උඹට ආදරෙයි... අහ්හ්... "

පන්හිඳ එහෙම කියලා එයාගෙ අනිත් නිපල් එකත් දිවෙන් එහෙ මෙහෙ කරද්දි සත්සිඳු ඒ කිතියත් එක්ක රස ගඟුලක ගිලෙමින් උන්නා.

" අහ්...ම්හ්... රත්තරන්... "

" දඟලන්න එපා සුදු චූටි.. ඔහොම ඉඳපන්... "

" අයියේ අනේ... අහ්... "

සෞම්‍යවත් සඳ එළිය දැන් දැන් කාමරෙන් ඈතට ඈතට යන්න අරන් තිබුණේ වලාවකට මුවා වෙන ගමන්. හරියට ඒ රෑ ඒ හඳටත් ලැජ්ජා හිතිලා වගේ..

පන්හිඳගේ රළු අතකින් සත්සිඳුගේ short එක් ඉවත් වෙලා ගිහින් එයා සම්පූර්ණ නිරුවත් වුණේ ඒ තත්පරය ඇතුළතදී. නොසිතූ නොපැතූ ඇසිල්ලක හැමදේම සිද්ද වෙන්න යද්දි ඒ දෙන්නම උන්නේ සරාගිකත්වයෙන් උමතු වුණු රස ගඟුලක ගිලිලා ඒ ගං ඉවුරේ තනි වෙලා.

මීළඟ කොටසට ...

More Chapters