Cherreads

Chapter 16 - 16

එයාව උස්ස ගත්තු මම එහෙම්ම හොටෙල් එක අස්සට ආවා.....එයාට නින්ද ගිහින්....කදුලු බින්දුවක් පහලට ආව මූනෙ තෙත ගතිය තවමත් තියන කොට එයාට මගෙ පපුව උඩම මූන හේත්තු කරන් නින්ද ගිහින්...ඇහෙන නෑහෙන ගානට මගෙ නම කොදුරන එයාව මම උස්සන් අපේ කාමර තියන පැත්තට ආවා...ඒත් එයාගෙ කී කාර්ඩ් එක කෝ.....???

මට එයාව ඇහැරවන්නත් හිතක් නැති වෙන්කොට එතන තිබුන සෝෆාව උඩින් එයාව තියපු මම එයාගෙ සාක්කු අස්සෙ කීකාර්ඩ් එක හෙව්වා...ඒත් නෑ.....

දැන් මොකද කරන්නෙ.....

එක්ස්කියුස් මී මිස්...

මිස්ටර් නිතේශ් ....

එයාව හරව හරව කීකාර්ඩ් එක හොය හොය උන්න මම අහම්බෙන් වගේ දැක්ක එයාගෙ ස්ටාෆ් එකේ එයා ලගින්ම ඉන්න ගෑනු ලමයට කතා කෙරුවා .....

සර්ගෙ කී කාර්ඩ් එක....

මිස්ටර් නිතේශ් ...අපිට හදිසියේ රූම්ස් මදි උනා....මොකද හදිසියේම සර්ගෙ යාලුවෙක් ආවා....එයා සර්ගෙ රූම් එක ගත්තා සර් කිව්වා මිස්ටර් නිතේශ් එක්ක room එක share කර ගන්නම් කියලා ...

ම්ම්..මාත්..එක්ක....??

ඔව්..මිස්ටර් ...

මම එහෙම්ම නින්ද ගිහින් ඉන්න එයාගෙ මූන දිහා බැලුවා...

වෙස්සන්තර වගේ කාමරේ දන් දුන්නා නම් ආව එකා එක්ක යන්න එපැයි මොකටද මගෙ එකට එන්නෙ වද දෙන්න...බොරුවට.....

ම්ම්ම්හුක්.....තේ....

ආ..හරි...හරි...මේ ඉන්නවා..ඉන්නවා...

ඔලුවෙ ඉදන් බ්ලැන්කට් එක පොරවපු එයා නින්දෙම්ම කෙදිරි ගාන්න ගත්තා වගේම මම එයාට කියන්න ගිය දේ කියන්න නොදි හිමීට හොලවනකොට කෙල්ල මා දිහා බැලුවා....

මිස්ටර් නිතේශ් එක රූම් එකේ ඉන්න අමාරු නම් මට තත්පරයක් දෙන්න මම සර්ගෙ යාලුවට කතා කරන්නම්...

ම්න්...

මගෙ මුන දැකපු නිසාමද කොහෙද කෙල්ල තත්පරයක් ඉන්න කියලා ආයම මගෙ රූම් එකට එහා පැත්තෙ තිබුන රූම් එකට ගිහින් තට්ටු කෙරුවා....

ම්ම්ම්හුක්....

ම්හුක්...ම්හුක්...තමා....විතේන් මහත්තයා හිතේ ඇති මා එක්ක එක රූම් එකේ නිදා ගන්න ඒවා ඉතින් හදේ තමයි....

ආයම නින්දෙම්ම කෙදිරි ගාපු එයාට රවන් උන්න මම ආවයි කියන යාළුවා දොර අරිනකන් බලන් උන්නා මේ ගඩාපියව කරෙ ගහල මගෙ කාමරේ යාගන්න....

මිස්ටර් ස්ටේෆාන්.....

දොර ඇරෙනවත් එක්කම ගෑනු ළමයා එයාගෙ යාලුවා කියපු කෙනාට කතා කෙරුවා වගේම එයා එලියට ආවා....

අනෙ සොරි මිස්ටර් ස්....

මිස් මං මෙයාව අරන් යන්නම් කමක් නැ...

එලියට ආව එකත් හයයි හතරෙ ස්ටයිල් කුකුලෙක් වෙනකොට මම ඒකා දිහා ඇස් හීනි කරලා බලන් උන්නා වගේම කෙල්ල එයාව තියා ගන්නවද අහ්න්න කලින් නින්දෙන් කෙදිරි ගාන විතේන්ව මම උස්සගන මගෙ කාමරේට ගෙනාවා

මල වාතෙ ...රටේම ඉන්න උන්ව ගේනවා මට නිදහසෙ නිදාගන්නත් නෑ....

ම්ම්ම්ම්හුක්...

හුකු හුකුක් තමයි බොරුවට මෙතන කෙදිරි ගානවා උස්සලා විසික් කරන්න හිතෙනවා ජනේලෙන් එලියට ....

ඇද උඩ.තිබ්බ එයා නින්දෙන් ආයම කෙදිරි ගානකොට මම එයාගෙ සපත්තු මේස් ගැලෙව්වා වගේම උඩට ඇදන් උන්න ඝනකම් ඩෙනිම් ජැකට් එකත් ගලවලා හීටර් එක ඔන් කරලා හොදට පෙරෙව්වා ...

දැන් ඉතින් මට සෝෆාව.....මහ වාතයක් ...

බ්ලැන්කට් එක අස්සෙ සනීපෙට නිදාගන උන්න එයා දිහා බලලා කුටු කුටු ගාපු මම එහෙම්ම බාතෲම් එකට රිංගන් උනුවතුරෙන් නාගන ඇදුමක් ඇදන් සෝෆාව උඩ ගුලි උනා.....

කදු මුදුනින් මුඩුන් උන හන්තාන හදේ එලිය සිනිදු ජනෙල් තිර වලින් පෙරීගන ආවා වගේම ඉද හිටක වහගන්න වලාකුලක් එයාගෙ මුනට වැටිලා තිබුන හද එලිය හොරා ගත්තා .....

විතේන් නෙලීශ....

හද දිහා බලාගන උන්න මම ඊලග තත්පරේදි බැලුවෙ එයා දිහා ...ඒ මුන පුරාවටම තිබුනෙ වේදනාත්මක මහන්සියක් වෙනකොට සැරින් සැරේම එයා කෙදිරුවෙ මගෙ නම විතරක්ම උනා.....

උඹ මට ආදරේ කරලා අවසානෙදි විදවීමක් විතරක් ඉතිරි වෙයි විතේන්...

එයා දිහා බලන් උන්න මම ආයම හද දිහා බැලුවා....ඒකිට එහෙම කතා කිව්වා නම්.....කොල්ලෙක් එක්ක යාලු උනා කියලා දැනගත්තොත් .....උන් ශෙනෝන්ලටම කොච්චර තුප්පහි කතා කිව්වද ...

මට උඹට ආදරේ කරන්න බෑ විතේන් ...මට් උඹට ආදරේ කරන්න කොහොමත් බෑ..මාව ඒ තැනට ගේන්න එපා විතේන් ...මට..නිතේශ්ට ආදරේ අකැපයි....හැමදාම එකම තැන වැටෙන්න එකම දුක විදින්න තරම් මට හයියක් නෑ විතේන් ..උඹට මට වඩා ලස්සන ජීවිතයක් තියෙයි....මං එක්ක ආවොත් වෙන්නෙ ගින්දරක් උඩ ජීවත් වෙන්න වෙන එක විතරමයි..මම දෙවි කෙනෙක් නෙවෙ විතේන් ...උඹ මම හැදුනෙ ලෝක දෙකක...

මොල්ලිගොඩ මැනිකෙගෙ මූන දැක්කම.....සීයා තාත්තගෙ එක රැවුමෙන් බය වෙලා මුලු ගැහෙන අපි අකලට වයසට ගියා මිසක් මේ ලෝකෙ ලබ්බක් දන්න මිනිස්සු නෙවෙ විතේන් ....උඹලා ආදරේ කරන්න ඕනේ මිනිස්සු...ජීවිතේ විදින්න ඕනා මිනිස්සු.....

ජීවිතේ විදින්න ඕන කාලේ මා එක්ක ඇවිත් විදවන්නෙ ඇයි විතේන් ..මහ මිනිහෙක් වගේ උඹ කොච්චර නැහුනත් උඹ තවම පොඩි එකෙක් විතේන් ....උඹත් ටතවම ඩියෝන් වගෙ පොඩි එකෙක්....මිනිස්සු ඉස්සරහා පරිනත උනහම උඹ ඇතුලෙ තවම ජීවත් වෙන්නෙ පොඩි එකෙක්...ආදරේ විදින්න ආසාවෙන් ඉන්න පොඩි එකෙක් විතේන් ...

මම...මේ නිතේශ් කියන්නෙම මහ නීරස මිනිහෙක්...වෙලාවකට කියාගන්න කියා ගන්න ඕන දේවල් දාහක් පපුවෙ තිබුනත්...."නිතේශ් "කියලා එකපරක් සැර කරපු ගමන් මම හැම දාම නිරුත්තරයි විතේන් ...

මට සමාවෙන්න විතේන් ..උඹට මට වඩා උඹට හොද කෙනෙක් හම්බවෙයි විතේන් ....ඩියෝන් ව දරුවෙ හා සමනව බලාගන්න ශෙනොන් කෙනෙක් වගේ හම්බ වෙයි විතේන් .....

අතක් අල්ල ගන්න ඕනෙ කවදාවත් අතාරින්න බලන් නෙවෙ විතේන් .....අතක් අල්ල ගන්න ඕනේ කවදාවත් අතාරින්නම බැරි විදිහට විතේන් ....

ඒත් විතේන් ....මට කියපන්

ආරම්භයක් නැතිවම පටන්

ගන්නෙ කොහොමද

අවසානය පෙනි පෙනිම.....

ඇස්වල කදුලු කැට හුගාක් වේදනාවෙ කතා කියනකොට....කවදාවත් ඔය පිරිමි පපුව හිර වෙන්නෙ නැතිද විතේන් ...

විතේන් ..උඹ ලස්සනයි....වචනේ පරිසමාප්තියෙන්ම උඹ ලස්සනයි...උඹට උරුම වෙන්න ඔක්නේ සතුට සැනසිම මිසක්...දුක වේදනාව නෙවේ විතේන් ....උඹගෙ මුනට ඔනේ හිනාවක් මිසක්....කවදාවත් කදුලු එපා විතේන් ..මොකද ආදරනීයම හිත් බිදුන දාට මිනිස්සු පිස්සො වෙන්නෙ ඉබේටම...

උඹට ගැලපෙන්නෙ ශෙනෝන් වගෙ කෙනෙක්.....මං වගේ එකෙක්ට ආදරේ දීලා අවසානෙදි උඹත් උඩරට මැනිකෙට බෙල්ල තිබ්බොත් මට වෙන්නෙ නුවර වැවෙ පතුල බලන්න විතේන් .....උඹ ඔහොම උන්නට හුරතලයක්.....අමාරුවෙන් හරි හිත මෙල්ල.කරන් උඹට ආදරේ දුන්නොත්.....උඹගෙ බර බාල්කෙට දරන්න වේවි...නැතිනම්.....මගෙ බර බාල්කෙට දරන්න වේවි.....දැන දැනම උඹව මරවනවට වඩා උඹ දවසක් දෙකක් අඩලා හරි හිත හදාගනින්.....මම එච්චරයි කියන්නෙ.....

මට සමා වෙයන් විතේන්.....

එයාගේ මුන දිහා බලන් උන්න මම අවසානෙදි සෑහෙන්න දේවල් හිතලා තනියම මුමුනලා අවසානෙදි මමම නැවතුනා ..කියවනකොට කොච්චර දේවල් කටින් කිව්වා උනත්...වටේ උන් මොනවා කියලා බැන්න උනත්..මට පිට කොන්ද නෑ කිව්වා උනත්...උන්ටත් උන්ගෙ ගෙවල් වල මිනිස්සුන්ට පිටින් යන්න බැරි තැන් තියනවා....උන්ටත් දත් මිටි කාගන වේදනා පපුවෙ දුක හිරකන් උහුලන්න වෙනවා...

මම ඔහේ සුදුපාට සිවිලිම දිහා බලන් උන්නා වගේම ඒ චුට්ටක් වෙලාවකින් මට නින්ද ගියා.....

...

....

....

ම්ම්ම්ම්හුක්...නි...තේ...ම්ම්ම්

වෙලාව කියද කියන්න මම දන්නෙ නෑ....මම.ඇහැරුනෙ මගෙ හුස්ම හිර කරවගන එන කොට වගේම ඉවරයක් නැතිවම කෙදිරි ගාන සද්දයක් එක්ක වෙනකොට දවස් ගානකින් නිදිමරපු නින්දෙත් හොදම එකේ උන්න මට සෑහෙන වෙලාවක් යනකන් ඉන්නෙ කොහෙද කියන එක පවා හොයා ගන්න බැරිව අන්දුන් කුන්දුන් වේගන යනකොට සෝෆාවෙ උන්න මම මේ වෙනකොට ඇදේ උන්නා.....

ව්..විතේ....න්.....

සෝෆාවෙ උන්න මම ඇදේ ඉන්නෙ කොහොමද කියන්න හොයා ගන්න ඕන වෙන කොට මගෙ නිදිමත මගෙන් යන්න ගියා වගේම එයයි මායි දෙන්නම ඉන්නෙ එක බැල්න්කට් එකක් අස්සෙ තුරුල් වෙලා කියන එක.දැනෙනකොට මාව හිරි වැටිලා ගියා.....

සැරින් සැරේම කෙදිරි ගගා එයා මගෙ ඇගෙ උනුහුම හොයන කොට එයාට සීතලයි කියන්නද කොහෙද හන්තාන අහසත් අඩන්න ගත්තා ...

හද එලියත් එක්ක අඩ අන්දකාර වෙච්ච කාමරේ පුරාවටම ඇහුනෙ එකම නමක් විතරක් වෙනකොට එයා මිමිනුවෙ තේශී බබා කියන එක විතරක්ම උනා.....

කාලෙකට කලින් අදීශ් වෙනුවෙන් පැලන්න ආදරයක් දීපු විතේන් අද මහ මිනිහෙක් හා සමානව ඔට්ටු උනත් නින්දෙන් හොයන්නෙ ආදරේ උනුසුම විතරක් වෙනකොට ශෙනෝන්ගෙ ඩියෝන් හා සමානවම එයා නින්දෙම්ම මගෙ ඇගට කකුලක් දාගත්තා වගේම මගෙ සර්වාංගෙම හිරිවට්ටවන ගමන් ටීශර්ට් එක අස්සෙන් ගියපු අත පපුව උඩ වගේම අඩපු මූන මගෙ බෙල්ල ගාව නවතින කොට මගෙ කඩා වැටිලා තිබුන අත් දෙක එයාව තුරුල් කර ගත්තා ....

එලියෙ වහින වැස්ස හා සමානවම එයා මගෙ ඇගට තව ගුලි වෙනකොට මම ඉන් එහා මොකුත් නොකරම එයාට නිදා ගන්න මගෙ සර්වාංගෙම දීලා ඇස් පියා ගත්තා ...

මිස්ටර් විතේන් ....

ශ්ශ්....හෙමින්..එයා ඇහැරේවි....එයාට මහන්සී...

සමාවෙන්න.....

හන්තාන අහසට ඉර පායලා.....ඊයෙ රෑ වැස්සත් එක්ක මට තුරුල් වෙලා නිදා ගත්තු එයාගෙ රහස් මුමුනන කටහඩත් එක්ක මට ඇහැරුනත් මම ඉන්නෙ එයාගෙ පපුවට තුරුල් වෙලා වගේම එයා ඉන්නෙ මාව අත් දෙකෙම්ම තුරුල් කරන් විතරක් නෙවෙ අපේ කාමරේ තව කෙනෙක් ඉන්නවා කියන හැගීම එක්ක මට ඇස් ඇරගන්න ඕනා කම ඕනාවටත් වඩා තිබුනා උනත් කරගන්න දෙයක් නැති කමට මම නිදි වගේ උන්නා...

සැරින් සැරේම එයාගෙ අත් වල ඇගිලි මගෙ හිස කෙස් පුරාවටම යනකොට ඒ දැනෙන සනීපෙ වචන වලට පෙරලන්න බැරි වෙනකොට එයාලා රහස් මුමුනන කොට මන් නිදි වගෙ උන්නා...

මිස්ටර් විතේන්...breakfast එකට...

මොනවා හරි බර දෙයක් එක්ක අනිවාර්යයෙන්ම මෙයාට කිරි එකක් එවන්න....ෆ්‍රෙශ් මිල්ක් එපා කියන්න ඒවට සෙම එනවා..මෙයාට හොද නෑ.....මට ඉගුරු දාපු තේ එකක්....

මං අහන් උන්නා....එයාගෙ ස්ටාෆ් එක ඉස්සරහත් වෙනසක් නැතිවම මාව තුරුල් කරන් හිමින් කතා කරන එයා ආයම සම්පූරනම වෙනස් වෙලා උන්නා..හන්තානට පායපු හද එක්ක හුරත් වෙච්ච විතේන් ඉර නගිනවත් එක්කම ආයම අර පරිනත චරිතෙ වෙලා තිබුනා.....

මගෙ නිතේශ් ....මගෙ පන....

දිගැටි ඇගිලි තුඩු මගෙ හිස කෙස් පුරාවටම යනකොට හොර නින්දක උන්න මම එයාගෙන් ඈත් වෙන්න ඕනා කමට පොඩ්ඩක් දැගලුවත් එයා කෙරුවෙ මාව තවත් තුරුල් කර ගත්තු එක වෙනකොට මට උනේ එයාට තුරුල් වෙලා ඉන්න....

ඊයෙ රෑ වැහපු වැස්ස උදේ නැති වෙනකොට කදු මුදුනින් උඩට ආව ඉරේ එලිය කාමරේට එබෙන ගමන තිබුනා මගෙ නින්ද කැඩෙයි කියලා බයේද කොහෙද එයා ගල් පිලිමයක් හා සමානවම ඉන්න කොට මං අහගන මගෙ ඵෝන් එක රින්ග් වෙනවා.....

හෙලෝ කියන්න බබී.....

....

ම්ම්ම්..ඔයාගේ ඒයි දොයි තවම....

.....

කතා කරන්නෙ කව්ද කියන්න කට හඩ අහන්න ඕනෙ නැති උනත් කතා කරන දේවල් එක්ක කතා කරන්නෙ ශෙනෝන්ගෙ පොඩි ගඩාපියා කියන එක මට දැනෙනකොට මන් ඒ පැත්තට කන දාගන උන්නා....

හා...ඔන් කරන්නම්....හැබැයි කෑ ගහන්න එපා තේරුනාද චූටි මැනිකට...

මොකක්...චූටි මැනික....ආයමත් චූටි මැනිකලු...මූට දැන් මිනිස්සු තුන් දෙනයි...

එයා ඩියෝන්ට සද්ද කරන්න එපා කියන ගමන් වීඩියෝ එක ඔන් කෙරුවා වගේම මම තවත් හොදම නින්ද ගිහින් වගේ උන්නා....

හී.....නිතේ....ස්...දොයි නේන්නම්...අපේ නිතේස්ට හරීයට දොයිය මත හැදිලා නේ විතේන් අයියේ...සෙනෝන්...මේ නීතේස් විතේන් අයියා එක්ක දොයි...

.

ම්ම්ම්...ඒකනෙ...විතේන් අයියා එක්ක දොයිනෙ නේද

පව් අප්පා....අර නාකි පාපිස්ස මේ කොල්ලව ගෙයින් එලියට වත් යවන් නෑනෙ....නැත්තන් ..එයත් අද අපි වගේනෙ....මූන දැක්කම වකුගඩු කැක්කුමේ...බෑ...

......

විතේන් අයියෙ...

ඕ මැනික....

අපේ නිතේස්ට ඊයෙ රෑ පපුවෙ අමාරුව ආවෙ නෑනේද ..මට ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ අනේ....(ඩියෝන් මොකද ඔය බොරු කියන්නෙ හතේ ඉදන් නිදි නේද...?)අනේ නිකන් ඉදපන් සෙනෝන් බොරු නොකියා....ඔය අපේ මිනියගෙ බොරු ඒයි...මට නින්ද ගියෙ නෑ මං ඇස් වහන් උන්නා විතරයි ...අපේ මිනිහා එක්ක නම් බෑ අනේ.....මිනිහෙක් විකිනීමට ඇත කියලා ඇඩ් එකක් දාන්න ඔනා....

අරූ ඉවරයක් නැතිවම චකබක ගගා කියෙව්වා ..හිනා උනා...වචන දහයක් කිව්වොත් නවයක්ම අත්තම්මට ගෙන ඉල්ලුවා ....ශෙනෝන්ට බැන්නා....අතේ පැල වෙන බොරු කිව්වා.....හොරට නිදාගන උන්න මම හොරෙක් වගේ පෙනෙන නොපෙනන ගානට ලාවට ඇහැක් ඇරලා බැලුවා වගේම අරකගෙ හුරතල් චූටි මූන ස්ක්‍රින් එකෙන් එකක් තිබුනා

විතේන් අයියේ...මේ ඒයි.....

ඔව්..කියන්නකො.....

අපේ එකාව අර තෙඋඩිච්චි හම්බ වෙන්න එහෙම ආවෙ නෑනෙද...අනෙ කොල්ලො ගහපිය ඕකිට....

ම්හු...ක්..නෑ බබී ඇයි....

ආ..ආවෙ නැත්තන් කමක් නෑ...ඔය නල්ල කපටි අම්මන්ඩි කොහෙන් හරි ඇවිත් අපේ නිතේස්ගෙ ඔලුවට වහ පුරවයි ඔය මිනිහත් ඔහොම උන්නට හෙන ගොනා ....සුජු හුයියෙ ගාපු ගමන් ආය නැට්ට වනල කන් පාත් කරලා යන්නෙ....

අපෙ සෙනෝන් වගෙ නෙවෙනෙ...පව් අප්පා රැවටෙනවා හරියට ....සෙනෝන් ගැන විතරක් නෙවෙ මං ඒ ළමයා ගැනත් කල්පනා කරන්න එපැයිනෙ ...මොනවා උනත් අසරන කොල්ලා අපේ.....

අත්තම්මගෙ රෙද්ද අස්සෙ දාන් බිබික්කමක් වගෙ හදපු කොල්ලවනෙ අර අම්මන්ඩි රවට්ට ගත්තෙ.....අත්තම්මවත් කීයකට හරි වික්කා නම් නේ විතේන් අයියෙ....අඩුම ගානෙ කරවල වාඩියකටවත්...මට එ සල්ලි වලින් මල් පපඩම් ගන්න තිබ්බා...

අනේ...අම්මේ.....අරූ කියන කතා වලට මට පොලව පලන් යන්න එනකොට මාව එක අතකින් තුරුල් කරන් අතින් ඵෝන් එක අල්ලන් උන්න විතේන් හිනාව කාගන ඉන්නවා කියන එක මට දැනුනා වගේම අරූ තව මොන මොනවදෝ හෑලි වගයක් දෙඩෙව්වා ..අත්තම්මා කොයි වෙලේ හරි මැරෙන්නම මුගෙ කට හින්දා ....

විතේන් අයියෙ...අපෙ නිතේස්ව බලා ගන්න ඒයි...අපිට ඉන්නෙ එයා විතරනෙ.....සෙනෝන් ගැහුවම ඩියෝන් බබාව නලවන්න ඉන්නෙත් ඔච්චරනෙ....

මං එයාව මගෙ ඇස් දෙක හා සමානවම බලා ගන්නම් ඩියෝන් ...මට එයාගෙ හිනාව වෙනුවෙන් කරන්න පුලුවන් මොනවාද මං ඒ හැම දේම කරනවා....

ම්ම්ම්ම්....හ්හ් ඔහොම කියන්න එපා ඒයි මටත් පපුව රිදෙනවා ....එයා ඔහොම උන්නට හරි හොදයි විතේන් ....එයා ඔයාට ආදරෙ කරන්න ගත්තු දාකට අපෙ සෙනෝන් මාව බලාගන්නවා වගේ ආදරෙ කරයි....සමහර විට සෙනෝන්ට වඩා එයා ආදරෙ දෙයි....

මං දන්නවා බබී...ඒ උනත්.....එයා ඉන්නෙ තවම පරන මතක වල නම්...මට ඉවසන්න වෙනවනෙ...නේද.....ආදරයක් අමතක කරලා තව කෙනෙක්ගෙ වෙන එක කරන්න පුලුවන් දෙයක් උනත්.....අපිට ටික කාලයක් බලන් ඉන්න වෙනවා ඩියෝන්....මම කවදාවත් එයාගෙන් අදීශ්ව බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා හිත හදාගත්තා වගේ.....එයත් මගෙන් කවදාවත් එයාගෙ පරන ආදරේ බලාපොරොත්තු නොවෙන දවස වෙනකන් මං බලන් ඉන්නම් බබී....

අපිට කාටත් කට වචනෙට ආදරෙ කරන්න බෑ.....බලෙන් ගන්නත් බෑ..බලෙන් දෙන්නත් බෑ.....එයා ඔයා වගේ වත්.....මං වගේවත්....ශෙනෝන් වගේ වත් නෙවෙනෙ.....එයා මට ආදරේ කරන්න කලින් එයාට එයාගෙ හැගීම් තේරුම්ගන්න අපි කල් දෙමු..

හිමිවෙන එකම නෙවෙ බබී ආදරේ කියන්නේ...ඒ වගේම කාලයක් අදරේ දීල අහිමි උනාම දෙස් තියන එකත් නෙවෙ ආදරේ කියන්නෙ....

ඉතින්...එයා කවදමදක හරි මට ආදරේ දුන්නොත්....මම එයාට මගෙ අවසානම හුස්ම යනකම්ම ආදරෙ දෙනවා ඩියෝන් .....

මොකද...මම කවදාවත් අතක් අතාරින්න බලන් අල්ල ගන්නෙ නෑ....මං උඹගෙ නිතේශ් ට මගෙ පන හා සමානව ආදරෙ කරනවා ..හැබැයි ...

එයා කවදාවත් මට ආදරේ නොදුන්නොත් ....අහිතක් නැතිවම මම එයාට ,එයාහෙ හිතට දැනුන තැන නවතින්න දීලා නවතිනවා....

මෙච්චර වෙලාම රෙකෝ‍ර්ඩ් බාර් එකක් වගේ කියවපු ඩියෝන්ගෙ කට වැහිලා යනකොට එයා මගෙ හිස්මුදුනට හාදුවක් තිබ්බා...ඒකත් ඇහෙන නෑහෙන ගානට "මගෙ පන" කියන ගමන් ....

එයා කියපු වචන එක්ක මගෙ හිතම ඇවිලිලා ගියා...ආදරේ නොකරන බව දැන දැන උනත් මට මේ තරම් ආදරේ දෙනවා නම්....ආදරේ කරපු අදීශ්ට මොන තරම් ආදරේ දෙන්න ඇතිද .....

මේ අන්දකාරෙ....එලිය වැටෙන්නෙ

ජීවත් වෙන්නෙ....ඔයා නිසා

කරදර මැද්දෙ...සතුට විදින්නෙ.....

ජීවත් වෙන්නෙ ඔයා නිසා.....

ජීවත් වෙන්නෙ...ඔයා නිසා....

හිත නැවතුන දා පටන්

ඔයා ළඟින්....

වෙන් වෙන්න නැ සිතුවේ....

කවදාකවත්

සිහිනෙන් පවා පැතුවේ

සෙනෙහේ හිතේ....

ලන් වුනේ ආදරෙන් ඔයා ළඟින්....

මගෙ කියා ආදරෙන්....

තුරුල් කරන්

සුරෛන මගෙ මැනික

ඔයයි සදා හදින්

මේ කුරිරු ලෝකෙයේ

හැමදා මගෙ නමින්..

ඉදින්න ජීවිතේ පුරා...

මගේ...ළඟින්.....

ඇත්තටම පුදුමයි....

අදීශ් උඹ ගාව නැවතුන් නැති උනා නම් පුදුමයි...ගැහෙන හදවත නවතින කම්ම....නාස් කුහරවලින් අවසානම හුස්ම යනකම්ම උඹ එක්ක එක වහලක් යට ගුලිවෙන්න හීන මවපු එක පුදුමයක් නෙවෙ විතේන් ...

මම අදීශ් උනා නම්

මැරෙන මොහොත පවා හිනා වෙලා සතුටින් මැරෙනවා උඹේ ආදරේ එක්ක...

මොකද යන්න වෙනවා කියලා දැනම...පටන් ගන්නත් කලින් අවසානය පෙනි පෙනිම පපුව පැලෙන්න තරම් ආදරේ දීලත් කොයි මොහෙතෙ හුස්ම යයිද නොදැන ආදරේ දෙන මිනිස්සු අඩුයි විතේන්.....

කතාවෙ පිටින් උන්නත්...මට උඹ අදීශ්ට දුන්න ආදරෙ....උඹට අදීශ් දුන්න ආදරේ දැනෙනවා කියන්නෙ...ආය කතා කරන්න දෙයක් කොහෙවත්ම නෑ විතේන් ...

ඒත්...ඒ ආදරෙ කීයෙන් කී දෙනාද ආදරේ විදිහටම දකින්නෙ....කීයෙන් කී දෙනාද ඉඩක් දෙන්නෙ.....අවසානෙදි ඉතුරු කරන්නෙ කදුලක් විතරක්ම වෙනකොට ආදරෙ කරපු හිත් විදවන තරම...

ඉතින් විරහව කියන්නෙත් එක්තරා ප්‍රේමයක් ...

හදක් නැති දා අහස තලයට

තරුව දෙයි සැනසුම්

පුන් පොහොදා එවන් තරුවම

ලබන්නේ ගැරහුම්...

....

අවසානෙදි ඩියෝන්ගෙ කටහඩ ඇහුන් නැති වෙනකොට තවත් මට ඒ පපුව මැද ඉන්න බැරි උනා වගේම මං නැකිට්ටා...

මම මුලිම්ම දැක්කෙ එයාගෙ ඇස් දෙක වෙනකොට ඒ ඇස් හිනා උනා.....ඒ ඇස් ආදරෙයි කිව්වා ...ඒ උනත් ඒ ආදරේ දැක දැකම මම මග ඇරියා ....

ගුඩ් මෝර්නින් පන...

ඒ එයාගෙ වචන ..."පන .." එතන තිබුනෙම ආදරේ විතරක්ම වෙනකොට මං ඒ ඇස් මග ඇරියා ...

විතේන් .....

කියන්න නිතේශ් ....

හිත රිදෙන බැදීම් එක්ක ඉස්සරහට යනවට වඩා....හොද නැතිද මගින් නවතින එක.....

මං එයාගෙ මූන දිහා බලාගන හිතක් පපුවක් නැතිවම අහනකොට එයා හිනා උනා...

ආදරෙ කියන්නෙ....හිමිවීමම නම්....රෝමියෝට ජුලියට් හිමිවෙන්න තිබුනා....සාජහන්ට මුම්ටාස් හිමි වෙන්න තිබුනා ....කාශි ආදරෙ කරපු බජිරාඔ, මස්තානිට ආදරේ නොදී ඉන්න තිබ්බා....අදීශ් විතේන්ට ආදරේ නොදී ඉන්න තිබුනා.....

ඒ වගේම මගෙ නිතේශ් ....සෙනාරිට ආදරේ නොදි ඉන්න තිබුනා.....

නිතේශ් .....ආදරෙ කියන්නෙ....හිමි කර ගන්න එකම නෙවෙ...

ඒත් විතේන් ...අහිමි කර ගන්න බලන් කවුත් ආදරේ කරන් නෑනේද ...

නිතේශ් .....මේ ලෝකෙ කිසිම ආදරයක් හිමි වීමකින් ඉවර උනා නම්....ඒ අමරනීය මිනිස්සු ගාවදි විතරයි මගෙ නිතේශ්...ආදර කතාවකට හිමිවීමක් තිබුනා නම්.....අද ඔයා වෙනුවට ඉන්නෙ අදීශ් ..මොකද ...මතකෙ නොමැරුනාට.....මිනිස්සු මැරෙනවා....ආදරේ හිතේ තියන් තනියම විදවන එකත් කාලයක් යනකොට වේදනාවක් ...ඒ උනත් ...මට උත්සහ කරලා බලන්න දෙන්න ...

මේ පපුවට මහන්සි දැනුන දාකට ...මේ විතේන් නවතින්නම් සදහටම .....

මගෙ අත අල්ලන් කියවපු එයා යන්න හැරුනා.....ඒත් මම නැවැත්තුවෙ නෑ...මං නිකමෙක් වගෙ ඔහේ උන්නා ....ඒ උනත් මට එයාට දෙයක් කියන්න ඕන උනා...

විතේන් ....

එයා හැරිලා බැලුවා ...ඊයෙ රෑ ඇහිපිහාටුවල එල්ලුන කදුලු බින්ංදුව එයාගෙ හිතේ වේදනාව ගැන සාක්කි දරපු හැටි මතක් වෙනකොට මේ නිකමගෙ පපුව තෙත් උනා

කියන්න නිතේශ් ...

මම ඉන්නක්....මඩෙ ඉන්දවපු....ඒ අතටත් නෑ...මේ අතටත් නෑ.....ඒත්.....අතින් අල්ල ගත්තු අතක් මග අරුනා.....සදහටම ...ඊයේ රෑ ඔය ඇස්වලින් වැටුන කදුලට එකම හේතුව ඒ අතෑරුන අතමයි....එහෙම නේද විතේන්....

මං එයාගෙ ඇස් දෙක දිහා බලන් එහෙම අහනකොට ඒ ඇස් ගැස්සුනා.....මං ඒ ඇස් ගැස්සෙන එක හොදටම දැක්කා ....මං යන්න ගිය එයා ගාවට ගියා...

ඒත්....ඒ අත අතෑරියෙ සදහටමයි.....ඒ මතකෙ මන් මරලම දැම්මා විතේන් ....ඒක නිසා....මං හිතනවා...මලගමක් වෙනුවෙන් ආය ඔය ඇස් වලින් කදුලු වැටෙන එකක් නෑ කියලා....

එයා හිනා උනා....එ ඇස් පවා හිනා උනා....අවසානෙදි වචනයක් නොකියම යන්න හැරුනා ....

මං දන්නෙ නෑ..එයාට මම බලාපොරොත්තුවක් දුන්නද...නැතිද කියන්න...ඒඋනත්...ඒ ඇස් දිලිසුනා ...ඊයේ රෑ කදුලු පිරුන ඇස් දිලිසුනා.....

මිස්ටර් නිතේශ් .....

මං උන්නෙ එයාගෙ මොඩල් කෙනෙක්ට මෙකප් එකක් දාන ගමන් වෙනකොට ස්ටාෆ් එකේ ගෑනු ළමයෙක් මං ගාවට ආවා.....

කියන්න...

මිස්ටර් විතේන් ඇහුවා...පුලුවන් නම් මිස්ටර් ස්ටෙෆාන්ව පොඩ්ඩක් බලන්න පුලුවන්ද කියලා මොකද එ දෙන්නගෙ ශූට් එකක් තියනවා ....

ම්ම්ම්....

කෙල්ල හැරිලා යනවා එක්කම මොකුත් නොදන්න දෙන්නා වගෙ කතා කර කර උන්න ස්ටෙෆාන් දිහා වගේම විතේන් දිහා මම ඇස් දෙක හීනි කරල බලන් උන්නා.... හිනා වෙනවා...වෙලාවකට අතින් අල්ලනවා....ආය කොන්ඩෙ හදනවා...

මාව දැකපු විතේන් මා එක්ක හිනා උනත් මම තඹේකට මායිම් නොකර අහක බලනකොට ස්ටෙෆාන් මගෙ ගාවට ආව...

මිස්ටර් නිතේශ් ....

වාඩි වෙන්න.....

මං එච්චරයි කිව්වෙ...කියලා අනිත් පාර මම විතේන්ට කතා කෙරුවා ....මොකද මට ඌ එක්ක කතාවක් නෑ...

විතේන් මේක ඔය දෙන්නගෙමද ශූට් එක නැති නම් individual ද...

කපල් එකක්....

ම්න්...ok...

ගානක් නැතිවම කපල් ශූට් එකක් කියලා කියපු විතේන් එයාගෙ කොස්ටියුම් එක ඇදගන්න අනිත් පැත්තට ගියා වගේම මම ස්ටෙෆාන් කාරයව හම ගහන්න පටන් ගත්තා .....

උඹට මෙතන කපල් ශූට් කරන්න....

ආව්...හ්හ්ච්....

සොරි....ඔයාගෙ මූනෙ රෝම ගොඩක් තියනවා.....එකයි මේ...

වැක්ස් නොදා මම ඒ මුන නූලෙන් ත්‍රෙඩින් කරන්න පටන් ගත්තා ...උඩු තොලට උඩින් වගේම නහයට පහතින් කොටස කරන වෙලාවෙදි ස්ටෙෆාන්ගෙ ඇස් වලින් කදුලු වැක්කෙරුනා උනත් මම ක්‍රීම් චුට්ටක් ගගා පුලුවන් තරම් රිදවලා අවසානෙදි ඒ මුනට ලාවට වගෙ මේකප් එකක් දැම්මා....

ත්..තැන්කිව් ..මිස්ටර් ...නි...තේශ්.....

මම හිනා උනා...නිකන් නෙවෙ...කට පුරාවටම ....කට පුරාවටම මම හිනා උනා වගේම මගෙ අතේ තිබුන පින්සල බිමට වැටෙන කොට මම ඒක ඇහිද ගන්න පහත් උනා...පහත් වෙලා නැකිටිනකොට මගෙ ඔලුව හැප්පුනා..හැබැයි...අර ග්‍රැනයිට් මේසෙ නම් නෙවෙ.....කාගෙ හරි අතක.....ග්‍රැනයිට් කරපු ටේබල් එකේ කොන අතින් වහගන උන්නෙ කව්ද බලන්න මම හැරිලා බැලුවා....

විතේන් ....මගෙ ඔලුව හැප්පෙයි කියලා අත තියන් උන්නෙ විතේන් වෙනකොට පුපුර පුපුර උන්න මං එයාගෙ ඇදන් උන්න ඇදුම දිහා බලන් උන්නා.....

පුංචිම දෙව් ගැන උනත් එයා ඇත්තටම හෙව්වා....ආදරේ කරන්න මහා ලොකු දේවල් ඕනෙ නෑ කියනදෙ ඒ ඇස් මට ඉගැන්නුවා....

ඇයි පන මේ තරහා ගිහින්...

කාට?? මට...මිස්ටර් විතේන් මං හිතන්නෙ වැරදිලා.....

මං හිතන්නෙ නෑ ඔයා ඒ ත්‍රෙඩින් කරපු විදිහට එයාගෙ මූන ඉතුරු ඇති කියලා ..

මං හිතන්නෙ ඔයා මෙතනින් වාඩි උනෝතින් මට පුලුවන් ඔයාට මේකප් කරන්න මිස්ටර් විතේන් ....

තරහ ගියහමත් මගෙ තේශි ලස්සනයි....

එයා හිනා උනා...හිනා වෙන ගමන් මගෙ කම්මුලක් පිරිමැද්දා වගේම මං ඒ අත අයින් කෙරුවා ...

තේශි .....පුපුරන්න එපා එච්චර එයා මගෙ මොඩෙල් කෙනෙක් විතරනෙ මැනික....

මන් ඇහුවෙ නෑ නෙ....

ඇහුවෙ නැති උනත් මේ ඇස් හුගක් දේවල් කියනවනෙ.....

එයා උන්නෙ ශීට් එකේ ඉදගන වෙනකොට මන් උන්නෙ හිටගන උනත් එයාගෙ මූන ගාවට පහත් වෙලා වෙද්දි එයා මගෙ මූනම අත් දෙකෙන් අල්ලන් මගෙ ඇස් හුගක් දේවල් කියනවා කියන ගමන් මගෙ සර්වාංගෙම හිරි වට්ටවන් යන හාදුවක් ඇස්වලට තියනකොට මං ගැස්සිලා වගෙ හිටගත්තා .....

ඔය ඇස් කතා කරනවා...

මගෙ දිහා බල බලා....

හිරිමල් හිතෙ නැවතිලා

ඉන්නටම නැවතිලා...

හදවත ඉතිරී ඉතිරී ගලන මේ

හැගුම දෝ ආදරේ...

එතනින් එහා අපි දෙන්නගෙන් කිසිම කෙනෙක් කතා නොකෙරුව කොට මං හරි හිමින් සියුම් විදිහට එයාව මේකප් කරන්න ගත්තා ....ඒ ඇස්...ඒ තොල් ...මේ හැම දේම මං හරි පරිස්සමින් ඒ මූනෙ හැගීම් මතු කෙරුවා ....

නිතේශ් .....

අපි දෙන්නම උන්නෙ මුනිවත රකින ගමන් වෙනකොට පැජන්ට් එකට රෙඩි උන හැම මොඩල් කෙනෙක්ම එයාගෙ ශූට් එකට ලැහැස්ති වෙනකොට ඒ හැම දේම මැදින් ආව කටහඩ එක්ක අපි දෙන්නම හැරිලා බැලුවා ....

සෙනාරි ....

මට කලින් එයාගෙ කටින් පැනපු වචන එලියට ඇහෙනකොට මං දැක්කත් නොදැක්කා වගෙ එයාගෙ මූනට පින්සල ලන් කෙරුවා 

නිතේශ් ....ඔයාට...පුලුවන්ද ....මාවත්....

මං වැඩකරන්නෙ මිස්ටර් විතේන්ට මිසිස් බංඩාර....

මං පලවෙනි පාරට සෙනාරිගෙ මහත්තයගෙ සර් නේම් එකෙන් කතා කරනකොට මං බලාගන සෙනාරිව ගැස්සිලා ගියා වගේම විතේන් මගෙ මූන දිහා බලන් උන්නා...මං පොරොන්දු උනා සෙනාරි හින්දා ඒ ඇස් වලින් කදුලු වට්‍ටවන්නනෙ නෑ කියලා ...ආදරේ කරන එක..නොකරන එක නෙවෙ වැඩේ.....හිත් රිදවනෙ නැතිව ඉන්න එක වෙනකොට මම සෙනාරිගෙ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නත් සෙනාරි විතේන් දිහා බලනකොට එයා ශීට් එකෙන් නකිට්ටා ....

මං ඔයාව විස්වාස කරනවා...ආදරෙ කෙරුවා හෝ නැතා....මගෙ ඇස්වලට මලගමක කදුලු දෙන්නෙ නෑ කිව්ව නිසා.....

වේදනාව උපරීමෙටම ඒ ඇස්වල තියනකොට එයා යන්න හැරුනත් මම අතින් අල්ලගත්තා .....

යන්න එපා....

සෙනාරි උන්නෙ අපි දෙන්න දිහා බලාගන වෙනකොට මම අද එයාව නැවැත්තුවා...

හිමි කරගන්න එකම නෙවෙ උනත් ආදරෙ කියන්නෙ....

ආදරේ නොදී.....වේදනාවකුත් නොදී සනසන එකත් ආදරෙම තමා....

මං සෙනාරි එක්ක වචනයක් වත් කතා නොකර එයාගෙ මුනට වත්සුනු උලනකොට මං බලගන විතේන් මාව දාලා නොයා උන්නා උනත් වේදනාව ඇස්වල හංගන් ඵෝන් එක දිහා බලන් උන්නා.....

ප්‍රේමය තිබුනේම අල්ල ගත්

තැන නොව

අත් හැරුන තැනයි.....

හිමි කරගන්න පෙරුම්පුරපු

තැන නොව

ඇස් පනාපිට මවපු හීන මැරුන තැනයි....

සෙනෙහස දුන්නෙම

ආදරය කල අයට නොව

ඒකපාර්ශවීක ව ප්‍රේමයක් තිබු තැනයි.....

මිනිස්සු ලන් වුනේම සුව වෙච්ච

තුවාලයක් ආයම පාරන්නමයි

ආලය දෙන්නට නොව...

ගැහෙන පපුව නවත්තන්නමයි....

ඉතින් ....හදවත පාරවන තරම් ආදරේ වේදනයි.....

මෙ මුලු ජීවිතයේම තිබුනෙ

 මා ලද ප්‍රේමයක් නොව

මා කල ප්‍රේමයක් පමනමයි....

තත්පර ගානක් යනකොට මම සෙනාරිව මේකප් කරන එක පැත්තට දාලා ඵෝන් එක අතට අරගත්තා ....හිත කිව්වෙම විතේන්ගෙ එකවුන්ට් එකට යන්න කියලා වෙනකොට මිනිත්තුවකට කලින් දාපු පෝස්ට් එකක් තිබ්බා වගේම එයා මොකුත් නොකියම ඇවිත් සෙනාරිගෙ ලිප්ස්ටික් එකේ අවුට් ලයින් එක පිහ දැම්මා.....

මිසිස් බංඩබන්ඩාර.....මට මගෙ දේවල් වලින් පිට දේවල් කරන්න ගිහින් මගෙ වෙන්න බලන් ඉන්න දේවල් රිදවන්න බෑ....

අතෙ තිබුන ලිප්ස්ටික් එක ආයම මේසෙ උඩට විසික්කරපු මං එලියට එන්න ආවා.....

හන්තානයේ සීතලට ගුලි ගැහුන හීනයක

හදපාන හිනහුනා නොදැන,නුඹේ මගෙ හිත

අතීතයේ ඇය ගාව හුස්මගත් හදවතක

මළගමත් ලිය උනා

නුඹට ඒ නොදැනුනිද??

අයිතියක් නැතුවාම ඉඩ සොයා පැමිනෙන්න

කවුරුන් දුන්නාද අවසරය රිදුමකට

හිස්වු කඩදාසියෙ බලෙන් තවරා පාට

ලබා දුන් පෙමක් මිස

ලැබු පෙමක් නොවෙ දන්නවද.....

(මේ.ලස්සනම ලස්සන කවිය... ශෙනුන් මල්ලිගෙ.....ඊයෙ කොටසෙ කමෙන්ට් එකක්...ස්තූතියි ශෙනුන් මල්ලි❤️.shenun).

කතාවට අලුතෙන් තවත් කවර්ස් තුනක් හමබ් උනා....Alexandria_Great නංගා ස්තූතියි ගොඩක්ම.ගොඩක්...❤️❤️..

🙂ආයම එන්නම්.....

🙂කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක් ...

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters