අප්පච්චි .....මෙයාව අරන් එන්න මං යන්නම් අරූට පොල් ගහයි මැනිකෙලා ටික...
මං කකා උන්න එක පැත්තක දාලා යන්න හදිසි උනා වගේම අප්පච්චි මාව ආයම ඉන්දෙව්වා ..
යන තැනක කාලා යමන් නිතේශ් ..ඔවුන් කරන්නෙ උඹෙ ඇගෙ ලේ පුච්චන එක...නැත්තන් අච්චර අර නුවර සැලෝන් තියන් මෙහෙ එන්න ඕන් නෑනෙ ...අනික අත්තම්මලාට ඕනෙ පොඩීගෙ මගුල අස්සෙ....
අප්පච්චි අන අන බත් කට විතේන්ගෙ කටට ලන් කරලා කියන්න ගිය දේ නැවැත්තුවා ..හැබැයි අප්පච්චි කියන්න ගිහින් බාගෙට නැවැත්තුවෙ මොකක්ද කියන්න මං දන්නවා....මට මගෙ විතේන් දිහා බැලුනා ...පව් මගෙ අහිංසකයා....මං අප්පච්චි දිහා බලලා ඇස් හීනි කෙරුවා ..මෙච්චර වේදනා විදලා ඉන්නකොට මට ඒ හිතට තවත් දුක් දෙන්න හිතුන් නැතිවෙනකොට මං එයාගෙ බත් හින්දා ඉස්සුන කම්මුල මගෙ පිට අල්ලෙන් හිමින් පිරිමැද්දා .....මගෙ පන මේ ඉන්නෙ....
අප්පච්චි ...මොකක් හරි උනෝතින් මං මගෙ කොල්ලව අරන් කොහෙ හරි යන්නද අප්පච්චි ....??
අප්පච්චි ගෙ පිහිටෙන් බඩ පිරෙන්න කාලා බෙහෙත් වේල බීපු මගෙ විතේන් ගෙදර යන්න ඇදුම් මාරු කරනගමන් උන්නා .....අප්පච්චි අතර මග නතරකරපු කතාව මගෙ ඔලුව කනකොට මං එයාට නෑහෙන්න අප්පච්චිගෙන් අගනකොට එයා හුස්මක් අරන් අහස දිහා බැලුවා .....
සුදු මහත්තයා .....කරන්න කලින් හිතන්න එපා...මොකද ...එහෙම උනා නම්....අද නිතේශ් කෙනෙකුත් නෑ විතේන් කෙනෙකුත් නෑ ...
මං අප්පච්චි දිහා බැලුවා....ඒ කියන්නෙ අප්පච්චිත්....එයාගෙ අම්මව අරන් යන්න බලන් ඉදලද???සෑහෙන්න වෙලා ඈත බලන් උන්න අප්පච්චි මගෙ අත උඩින් අත තිබ්බා එයා මගෙ අතෙ තිබුන මුද්ද දැක්කා ...ඒත් අප්පච්චි නෙවෙ වචනයක් කිව්වෙ ...එයා කියන්න හදන හුගක් දේවල් හිතෙ හංගන් ඉන්නකොට මං අප්පච්චි දිහා බැලුවා ...
අප්පච්චි ....
ම්ම්ම්ම්ම්ම්
ඔය...දෙන්නා හුගක් ආදරෙන් ඉන්නඇති....
එයා හිනා උනා...සමච්චල් හිනාවක් නම් නෙවෙ මාරම ආදරනීය හිනාවක් හරියටම මගෙ මූනෙ කලාතුරකින් ඇදෙන හිනාව වගෙ.....සල්ලි දීලවත් හිනාවක් ගන්න බැරි මගෙ මූනෙ ඇදෙන හිනාව තනිකරම මගෙ අප්පච්චි වගේම වෙනකොට මම මගෙ ගාව උන්න..අත්තීත " නිතේශ් සෙයෝන් " දිහා බලන් උන්නා ....
නිතේශ් .....රහසක් කියන්නද...
කියන්න අප්පච්චි .....
එයාට ලස්සනට නම් ගලපන්න පුලුවන් .....නුවර වැව රවුමට ගියහම.....වරුගානක් උරහිස උඩ ඔලුව ගහගන්න....මම නොදැකපු හන්තාන හද ගැන රස කරන්න...ඇස්වලට පේනතෙක් මානෙක නැති අනාගතෙ හරියටම සුරංගනා කතාවක් වගෙ මට කියලා දෙන්න .....
මං අප්පා දිහා බලන් උන්නා....ඒ ඇස්වල කදුලක් තිබුනා මන් බය උනා ඒ කදුලු පොත්ත දැන් වැටේවි....දැන් වැටේවි කියලා ...ඒත් ඒ කදුලු පොත්ත හරි හයියයි....දරාගන ඉන්න අප්පච්චි තරමටම ....මං අහන් උන්නා....අප්පච්චි කියවනවා ....අප්පච්චිගෙ කතාවෙ තැනක පිරෙන්නම ආදරේ තිබ්බා ....තැනක පිරෙන්නම සතුට හිනාව තිබුනා ...ඒත්.....අප්පච්චිගෙ කතාවෙ අවසානෙ අහන්න බැරි තරමට දුක හිතෙනකොට මං අප්පච්චිව නැවැත්තුවා ....
මට තවත් අහන් ඉන්න අමාරුයි මගෙ අප්පච්චි.....
ඒත් මගෙ අප්පච්චි දරාගන උන්නා මිසක් අඩන්න හිතුවෙ වත් නෑ..වලව් කාරයො මහ සාප....මට හිතුන එකම දේ ඒක..
"නිතේශ් සෙයෝන් වන්ග් යීබො දිසානායක "...දන්නවද සුදු මහත්තයා දම්පාට අහසක් යට නුවර වැව රවුමෙ සිමෙන්ති බංකුව ගාවදි මගෙ උරහිස උඩ ඔලුව තියන් උන්න එයා කිව්වා ....."අපි කවද හරි ....පුතෙක් හදමු.... කියලා ....මං කිව්වා .....මට....තවත් පුතෙක් ඕනෙ කියලා ....."
දන්නවද සුදු මහත්තයා ....උඹගෙ ඔය නම දැම්මෙ එයා....."විතේන් නෙලීශ ශියාඕ ජාන් ....දිසානායක "ඒ නම දැම්මෙ මම...
ඒත්....එහෙම නම් පවා එකතු කරපු එයයි මායි මහ වැස්සක නුවර වැව ගාවදි දියබත් උනා....එකතු වෙන්න හීන මවපු එයා අවසානෙදි කකුල් දෙක අල්ලලා වැදලා...මට සතුටින් ඉන්න කියලා යන්න ගියා ...යන්න ගියෙ නෑ සුදු මහත්තයා ...එයාට යන්න උනා...උන් එයාව යවා ගත්තා ....එලව ගත්තා ...
දෙපැත්තකට උනු මම එයා කදුලු බිව්වා .....අවසානෙදි ...මට ලැබුන එකම සැනසීම උඹවෙනකොට.....මං උඹට ඒ නම දුන්නා ...අකුරු ගලපන්නවත් නොදීම.....
අද....එයත් ඒ නම දාලා...හැබැයි.....දිසානායක වෙනුවට..."ඩි සිල්වා" එකතු කරලා ....
මං අහන් උන්නා....දෛවය කියන්නෙම දුකක් ...පවක්....වේදනාවක් ..... මගෙ අප්පච්චිගෙ ආදරේම කදුලක් .....

"දෛවයෝගයකින් නොවේදෝ...
හමුවුනෙ අප හමු වුනෙ.....
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අපහමු වුනෙ...."
මං පපුවට අත තියන් උන්නා ...මගෙ නම දැම්මෙ එයාලු....මගෙ නම දැම්මෙ...මගෙ ඇස් වලින් කදුලු බේරුනා.....මොල්ලිගොඩ වලවලව්වටයි...දිසානයක වලව්වටයි වස් වදින්න ඕනා....මගෙ අප්පච්චිට කරපු අපරාදෙට...මගෙ අප්පච්චි විදවපු දුකට....
අම්මා වගෙ ගෑනියක් අප්පච්චිට කරගහපු එකට..මගෙ අප්පච්චිට සැනසීමක් තිබුනා නම්....තිබිලා තියෙන්නෙ මගෙම්ම විතරයි ....
මම කදුලු පිහදගත්තා .....මගෙ අප්පච්චි යන්න ලැහැස්ති උනා....
අප්පච්චි ...
ඇයි....
අප්ප..ච්චි..මේ..දෙයක් අහන්නද.....
අහන්න....
අප්පච්චිට....කව්ද.....අර...අරක...කිව්වෙ...
කෝකද.....
අර...කැ....වු...
මගෙ මුන තත්පර ගානක් ඇතුලත රතුම රතු වෙලා ගියා ...අප්පච්චි කොහොමද හිනාවෙන කැවුම් දන්නෙ.....එවෙලෙ උන්න මාන්සීකත්වෙ එක්ක මට ඒක ඒ තරම්ම ගානක් නොවුනත්.....මට ඒක කව්ද කිව්වෙ කියන එක දැන් දැනගන්න ඕනා උනා.....
හිනා වෙන කැවුම ගැන්ද....පලිගු ලමයගෙ අම්මා තමයි....
ඊහ්හ්...ගඩාපියා ...
මට වහ කන්න හිතුනා...ශුවර් එකටම ඕකා කට උල් කරන් අප්පච්චියෝ අප්පච්චියො ගගා ඔක්කොම හෑලි හෝදන්න ඇති...තෝව දඩු කදේම ගහපිය....චූටි පකිච්චා ..
මම අහක බලන් උන්නා..මට දැන් ලැජ්ජා හිතිලා ඉන්නෙ හරියට.....අප්පච්චි යන්න ගියා....ඒ එක්කම මගෙ බද වටෙ එතුන අත් දෙක....ඒ උනුසුම....
මේ එකක් වත් මට ආගන්තුක දේවල් නෙවෙ....මේ ඔක්කොම මගෙ පනගෙ.....මං තත්පර දෙක තුනක් එහෙම්ම උන්නා වගේම බර උන නහය උඩට අදින සද්දෙ එක්ක මං ඉක්මනට අනිත් පැත්තට හැරුනා ..
විතේන් ....ඇයි පන මේ....
එයා අඩලා...ඒ ඇස් රතු වෙලා...නහය රතු වෙලා ..මං එයාගෙමූන අත් දෙකෙම්ම අල්ලගත්තා ....
ඇයි මේ අඩන්නෙ....අඩන්න එපානෙ පන ඔලුව කැක්කුම එයිනෙ..
මං අඩන එයාව නවත්තන්න හැදුවා .....
තේ....ශී.....
කියන්න...
අප්පච්චිලාට උන දේ...අපිට වෙන එකක් නෑනේද තේශී.....
මං එයා දිහා බලන් උන්නා වගේම එයා අහපු ප්‍රශ්නෙ එක්ක මං හිරිවැටිලා ගියා ...එයා අහනවා එයාගෙ අම්මට මගෙ අප්පච්චිට උන දේ අපිට වෙන්නෙ නැති වෙන්නෙ නෑනේද කියලා ....මං හිතන්නෙ නෑ අපි දෙන්නගෙන් එකම කෙනෙක්ට වත් දරාගන්න හයියක් තියෙයි කියලා මං හිතන් නෑ අපි දෙන්නගෙන් එකෙක්ට වත් හුස්ම ගන්න හයියක් තියෙයි කියලා.... මට සිද්ද වෙන්නෙ මානික්කාවතේ දාවිත් හදපානෙම අඹුවක් ඇන්න ආවා වගේ මගෙ විතේන්වත් අරන් යන්න.....ගුනාදරීගෙ අම්මා දෙස් තියනවා....ඌව පිලිවලකට බන්දවලා ගමට ආදර්ශයක් දෙන්න හිතන් ඉන්නකොට ඌ කරපු වැඩේ හරිද කියලා....අම්මා අහනවා ..ඌ එඩින්බරෝ ආදිපාදි ද කියලා හිතු මනාපෙට වැඩ කරන්න කියලා.....අවසානෙදි ....දාවිත් අම්මගෙන් අහනවා....උඹලත් මේ ගමට ආවෙ හත්දොහක් මගුල් කාලද කියලා.....ගුනාදරිගේ අම්මට කට උත්තර නැතිව යනවා...පිච්චිට දෙන්න උත්තර නැතිව යනවා ඒකි කොහෙ කියලා උත්තර දෙන්නද ..කෙටි හාමි එක්ක එනකොටම ඒකිගෙ දෙපැරන්ද වෙන එකෙක් බලෙන් පලල් කරලා තියනකොට ...
මම මගෙ ගාව උන්න විතෙන් දිහා බැලුවා....මට තවත් දහම් කෙනෙක් වෙන්න බෑ ....මට නම් තවත් දහම් කෙනෙක් වෙන්න කොහොමටත් බෑ...මට ඕනෙ දහම් කෙනෙක් නොවී දාවිත් කෙනෙක් වෙන්න...මගෙ විතේන්ව අරගන යන්න....
නෑ පන.....මට තවත් දහම් කෙනෙක් වෙන්න බෑ ...මට බෑ...වරුගානක් නුවර වැව දිහා බලන් ඉදලා අවසානෙදි බලාපොරොත්තු ඔක්කොම ඒ ගගට විසි කරන්න...මට ඕනෙ දාවිත් කෙනෙක් වෙන්න....හත්දොහක් මගුල් කන්න බැරි උනත්..මට ඕනා උඹව මගෙම කර ගන්න...
මම එයාගෙ තෙමුන කම්මුල් පිහිදනකොට එයා ඇස් පියා ගත්තා ....ඉටිරූපයක් වගේ...අවංකවම ලෝබයි.....මම හරි පරිස්සමින් මට මගෑරුන දෙතොල් අල්ල ගත්තා ....එයාගෙ අත් දෙක බදවටේ යනකොට මගෙ අත් දෙකම එයාගෙ මූන අල්ල ගත්තා ...ඇරුන කර්ට්න් එක මගෙ අතින් වැහිලා යනකොට ....මන් එයාගෙන් ඈත් නොවීම එයාව වඩා ගත්තා ....
ක්ලික්.....ක්ලික්....
සද්දෙත් එක්කම දොරගුළු වැහිලා යනකොට එයා මගෙන් ඈත් වෙලා මගෙ මූන දිහා බැලුවා ....
අපි දෙන්න අතර මොනවා හරි වෙන්නද යන්නෙ තේශී....
මට හිනා ගියා...මිස්ටර් විතේන්ට ගඩාපි පැටියා වැහිලා....අර කොයිවෙලෙත් දාන තද ගතියට වඩා එයා ටිකක් මෘදු වෙලා...මගෙ අප්පච්චි හරි..මම මගෙ අප්පච්චි දෙන්නම හැමදාම එක තද චරිතයක් හංගන් උන්නට....එයාලා එහෙම නෑ.....එයාලට පුලුවන් හරි ඉක්මනටම චරිතේ මාරු කරන්න..මිස්ටර් විතේන්ගෙන්...එක පාරම හැංගුන ගඩාපි පැටියෙක් ගන්න.....ආදරනීයම විතේන් කෙනෙක් වෙන්න....නපුරු විතේන් කෙනෙක් වෙන්න....පපුව මැද තියන් අප්පච්චි හා සමාන ආදරයක් දෙන්න....
මං එහෙම්ම එයාව ඇද උඩින් තිබ්බා... ඒ ඇස් අදත් හැගීම් වලින් පිරිලා තියනකොට මං එයාට මාව සසහමුලිම්ම නිර්වස්ත්‍ර කරන්න දුන්නා....
මන් එයාව නූල්පටක් ඉතිරි නොවෙන්නම නිරුවත් කෙරුවා ....ඇද පාමුල වැටිලා තිබුන ඇදුම් ලැජ්ජාවෙන් ඇස් වහහන් ඉන්නකොට මඑ ඇගේම බර එයා දැරුවත් මම මගෙ වැලමිටිවලින් ඉස්සුනා...මගෙ අතක් එයාගෙ හිස කෙස් අස්සෙන් යනකොට එයා තේරුම් ගත්තා මම එයාට මොනවා හරි කියන්න හදනවා කියල....එයා එයාගෙ එක අතක් මගෙ නිරුවත් තට්ටමක් උඩ යනකොට අවංකවම මම ප්‍රානවත් වෙලා උන්නා....ඒ වගේම එයත්...ඒ උනත් මට එයා එක්ක කතා කරන්න ඕනා උනා.....
සුදු මහත්තයා .....
ම්න්....
මොනවද හිත හිත ඉන්නෙ....කියන්න....
එයා මට කියන්නලු....මම ඒ ලෝබ කම පිරුන ඇස් දෙක දිහා බලන් උන්නා....
දන්නවද පන.....උඹ හරියටම ඉන්ධර් වගේ. .....මැරෙන්න ගියපු පැලේකට වතුර දාපු...මම හරියටම සරූ වගෙ ....උඹ එනකන් පන ඇද ඇද උන්න.....
සරස්වතීගෙ තාත්තා .....එයා ජීවතුන් අතරදිම ඵොටො එකට මල් මාලා දානවා...ජීවත් වෙලා ඉන්නකොටම..හදවත මැරිලා යනවා....බදින්න ඔන්න මෙන්න තිබිලා....සරූව මනමාලයා දාලා යනවා .....
සරූ ...නොමැරි මැරෙනවා...
හරියටම මේ නිතේශ් වගෙ.....ඒත්...කොහෙන්දෝ දවසක....සරූට කෙනෙක් හම්බෙනවා.....ඉන්ධර් .....නොලැබෙන වව දැන දැන ආදරේ කරනවා ...සරූ ඩොක්ටර් ගෙන් අහනවා පන....මගෙ අතෙ මෙහින්දි වල පාට යනකන් වත්....මට ජීවත් වෙන්න පුලුවන් නේද කියලා .....මොකද සරූට ඉන්ධර් හුස්ම පිම්බා....
සරූට.....
ඉන්දර්ව දාලා ඇස් පියා ගන්න ලෝභ හිතුනා.....
හරි...මට උඹව නැති වෙයි කියලා ලොභ හිතුනා වගේම සරූටත් ලෝභ හිතුනා....සමහර දේවල් පහුවෙලා හම්බෙනකොට හුස්මක තරමට වත් දුරට යන්න ලෝභ හිතෙනකොට සරූට සිද්ද උනා...ඉන්දර්ව තනිකරල සදහටම ඇස් පියාගන්න...
ඒ ඉන්දර් මම නම්.....,කවදාවත් මගෙ සරූගෙ ඇස් වැහෙන්න ඉඩ දෙන්නෙ නෑ මගෙ තේශි....
මම දකින්නෙ උඹගෙන් ඉන්දර් කෙනෙක් මගෙ පන.....ඉන්දර්ලාට විතරයි...හෙන ගැහුවත් දරාගන ඉන්න.....ඉන්දර්ලාට විතරයි මැරෙන්න පන ගහන සරූලට ආදරේ කවන්න.....ඒ හිත් වල ආදරේ අස්වද්දන්න....මගෙ විතේන්...මං උඹගෙ අස්සෙන් හැමදාම ඉන්දර් කෙනෙක් දැක්කා ...
නීරස ජීවිතයක් ...දුකම මිසක් ...සතුටක් පේනතෙක් මානෙක නොතිබුන කහ ගැහිලා කොල ඇකිලිලා මැරිලා යන්න ඉන්න සරූ වෙච්ච මට උඹ අලුතින් ජීවිතයක් දුන්නා...එහෙම බැලුවම ...මේ ලෝකෙ හැම කෙනෙක්ටම ලැබෙන්න ඕන ඉන්ධර් කෙනෙක්...මම වගෙ තටු බිදුන සරූ කෙනෙක්ට ලැබෙන්නම ඕනෙ උඹ වගෙ ඉන්ධර් කෙනෙක් මගෙ විතේන් ...එතකොට අවසානම මොහොතෙ ඒ සරූලට ඇස්පියාගන්න මොහොතෙදි මරන් වේදනාවට වඩා....ඉන්ධර් දුන්න ආදරේ හිතට දැනේවි මගෙ විතේන් ...
එයා අහන් උන්නා...අවසානෙදි එයා එහෙම්ම ඔලුව චුට්ටක් උස්සලා මගෙ නලලට හාදුවක් තියනකොට මම ඇස් පියා ගත්තා ..මොකද ඕනම ආදරනීයම හාදුවක් විදින්නම පුලුවන් ඇස් පියාගන වෙනකොට මන් ඇස් පියාගත්තා ....
ඊටත් පස්සෙ මං ඇගේම හයියත් එක්ක යටි තොල හපාගන්නකොට දැනෙන වේදනාවටම එයාගෙ ඇස් කොන්වලින් කදුලු කැට වැටෙද්දි ජනෙල් තිර වලින් වැහුන කාමරෙ ඇතුලෙ මදු රැයක් මවන්න ගත්තා ....
සුදු මහත්...තයා...
හදවතටම වැදුන ඒ කෙදිරුම අස්සෙ තිබුනෙම වේදනාත්මක උනත් ආදරනීයම හැගිම් වෙනකොට ලේ පැල්ලමක් හොයන්න කවුරුත් නොඑන ඉදුල් වෙන සුදු පිරුවටයක් උඩ මම එයාව මගෙ කර ගන්න ගමන් උන්නා.....
එලියෙන් තිබුනෙ ගිනිගහන අව්ව උනත්. ඉස්පිරිතාල කාමරේ ඇතුලට රැයක් පටන් අරන් තිබුනා....කාටවත් නොපෙනෙන්න හදක් ඇද උඩ තැලෙන ගමන් උන්නා වගේම බරට බරෙ පිටවෙන සුසුම් එක්ක " සුදු අප්පො... "කියලා කෙදිරිගාන කොට මම එයාව තුරුල් කරන් සිප ගත්තා .....

මධු චන්ද්රයාමෙ මෝදුවෙ.....
උන්මාදනීය රාත්‍රියෙ....
අනංග දෙවොලේ දල්වා දීපාවලි....
මධු චන්ද්රයාමෙ මෝදුවෙ...
මධු චන්ද්රයාමෙ මෝදුවේ...

දරාගන්නම බැරි තැන්වලදි එයාම මාව හපා ගන්නකොට පැද්දෙන උකුල තව තව එයාව රිදෙව්වා.....ඒ උනත්...ඇස්වල කදුලු දැක දැකම මට තව තලන්න හිතක් නැති වෙනකොට මම මගින් නවතින්න හදපු හැම තැනකදිම කෙරුවෙ කෙදිරි ගාන එයා මගින් නවතින්න හදන මාවම ඉල්ලනකොට මගෙ නලලෙන් වැටුන දාඩිය බින්දුවක් මගෙ නලලය වැටෙනකොට එයා මාව යටකරන් මගෙ උකුලෙන් ඉදගත්තා ....
සැරින් සැරේම කොදුරන මගෙ නම එක්ක මට එයාගෙ ඇතුලාන්ත උනුසුම හොඳින්ම දැනුනා...
ඇදේ තිබුන සුදු රෙද්ද එන්න එන්නම කිලිටි වෙනකොට එයාට බැරිම.තැන මගෙ පපුවට මූන ගහගත්තා ...එයාට මහන්සී....පව්....වේදනාව විදින්නෙ එයා වෙනකොට මම එයාව මගෙ පපුව උඩ නිදිකරවගත්තා....ඒ උනත්...අතර මගින් නවතීවි කියලා බයටදෝ මන්දා එයා මගෙ උගුරු ගැටෙ හිමින් සිපගන්නකොට ඒකෙ අවසානම ප්‍රතිපලෙ උනේ එයා ආයනත් මට යටවෙලා සෑහෙන්න වෙලාවක් යනකන් සුදු මහත්තයා කිය කිය කෙදිරපු එක වගේම දාඩියෙන් නෑවුන මම වෙව්ලගන එයාගෙ ඇග උඩට වැටුන එක .....
මහන්සිද පන..
එයා තවමත් මට යට වෙලා....ඒ උනත් මගෙ බර දරන් උන්නා මිසක්කා වචනයක් නොකියපු එයාගෙන් මං මහන්සිද කියලා ඇහුවම එයා හිනාඋනා..
එයාට වේදනාව දැනෙනවා...
මං ටික වෙලාවක් ගිහින් එයාගෙන් ඈත් උනා....ඇදුම් කැඩුම් සීසීකඩ යනකොට රතු පැල්ලමක් වෙනුවට අවර්න තරල වලින් වැහුන ඇදරෙද්ද හිමින් හති අරින ගමන් උන්නා...
මං හරි හිමින් කම්මුල අත ගාලා එයාගෙ ඇදුම් ටික මමම ඇන්දුවා ...
විතේන් .....
ඇවිදින්න අමාරු නිසාම කවුරුත් නැති තැන්වලදි කකුල් දෙක චුට්ටක් ඈතින් තිය තිය ඇවිදින එයාට මං කතා කෙරුවා වගේම එයා මා දිහා බැලුවා ....
මේක තේරෙයිද ...
රතු වෙලානෙ සුදුමහත්තයා ...
කොට කලිසමක් ඇදන් උන්න මගෙ දනහිස් රතු වෙලා තිබුනා...තිරිවානා කකුල් වල දනහිස් දෙක රතු පාටිම්ම කැපිලම පේනකොට මං එයා දිහා බැලුවා ....එයා අඩිය තියන්නෙත් අමාරුවෙන් මගෙ කකුල් දෙකයි දැක්ක ගමන් කාටත් කලින් අර යක්ස කොල්ලා මේක දැනගත්ත ගමන් ගමටම ගිනි තියයි කියලා මට බය හිතුනා වගෙම එයා මා දිහා බලන් උන්නා....
කමක් නෑ...තව චුට්ටකින් ඕක ඇරිලා යයි....
අනිත් දවසෙ අපි පෑඩ් දෙකක් දාමු....
ආ....ඇත්තද?? මගෙ වල් විතේනයා.....
ඉතින් එතකොට රතු වෙන්නෙ නෑනෙ සුදු අප්පො....
මන් එයාගෙ කම්මුලක් මිරිකුවා.....මිරිකලත් මදි එකේ වටපිට බලලා ඒ කම්මුල හපලා දැම්මා.....එයා මැරෙන්න හැදුවා ....
බෙල්ට් එක දාගන්න....
හරී....
ම්න්....
මං බලන් උන්නා එයා ශිට් බෙල්ට් එක දගන්න කම්.....
මේ අහන්නකො....මං දැන් ගෙදර ගියහම.....නාලා පහලට යනවා.....ඔයා චුට්ටක් දොයියන්න....
බලමුකො....
ඇයි....ඔයාට සනීප නෑනෙ තවම....
දැන් සනීප තිබිලද ඔය අනිත් දේවලුත් කෙරුවෙ ?
ඒ පාර මොන යකා වැහුනද
මාත් සැලෝන් එකට එනවා....
යෝ...කියන දේ අහන්නකො පන.....
එයා එල්ලෙන්න හැදුවා....හේතුව මොකක්ද මන්දා මූනත් පුම්බ ගත්තා ....මෙච්චර වෙලාම හොදට උන්න විතේන් ආයම යක්ස කොල්ලෙක් වෙන කොට මම එයාව කෑගස්සවන්න බැරි කමට කටවහන් උන්නා .....
කොයි ගෙදරටද යන්නෙ.....උඩට පහල එකටද
මගෙ එකට....පහල ඇදුම් නෑ...
ගේ ගාවින් කාර් එක නවත්තනකොට එයා කොයි ගේ ගාවින්ද නවත්තන්නෙ කියලා ඇහුවා වගේම උත්තර බැන්දා උනත් මගෙ බඩේ බිත්තර තම්බන්න පුලුවන් ගතියක් දැනෙන්න් ගත්තා ....අර යක්.පැටියා හාමුවගෙ බෙල්ල මුලින් කොන්ඩෙ කපලලු...අම්මගෙ ඇහිබැමෙන් බාගයක් නෑලු....මේපොඩි ගඩාපියා නම්.....
අප්පච්චි .....දැන් ඉතින් ඔය කොන්ඩෙ වත් දාගන්න
මේ කොන්ඩෙ....මේ කොන්ඩෙ හරියනවද අනීතා.. මට ඔය පොඩි පරයව දඩු කදේ ගහන්න ඇති නම්.....දවස් හතකට මම ඕකව අච්චු කරනවා....දැරනියගල වලව්වෙ හාමු මොනවා නොහිතයිද...ශිහ්.....මූ පර කොල්ලා...
ඔව්වා අපෙ සුදු මහත්තයගෙ වැරදි මහත්තයා ....ඌ දැනගන්න ඕනා අඩු කුලේ සංකර හැත්ත වලව්වෙ හාමුලාගෙ තේජස දන්නෙ නැ කියලා...කොහෙද මූ රිංගන්නෙම ඒ ගුබ්බෑයමටනෙ...දහම්ගෙ බුරුල වැඩි.....අපි කිව්වට වැඩක් නෑ..දහම් මූට බුරුල දෙන්වා....පොඩ්ඩක් හිටින්කො අනීතා...පොඩීගෙ මගුල ඉවර වෙනකන්
මං කිව්වට වැඩක් නෑ අම්මා....දහමුත් එකයි දැන් සුදු පුතත් එකයි...ඉන්නෙත් ඔච්චරයි ....
කොහෙද ...අපි උඹට කිව්ව තව දරුවෙක් හදපන් හදපන් කියලා...ඇහුවද....එකා හින්දා තමා දහම් කොල්ලව නරක් කරන්නෙ තව එකෙක් උන්නා නම් ඔහොම නෑනෙ...කොහෙද තව එකෙක් උන්නා නම් ඌත් කොලු පැටියෙක් වෙන්න ගියා ....
ඉතින් අම්මෙ ළමයි හිටියෙ නැති නම් මම මොනව කරන්ද...
ඇයි අනීතා උඹට ළමයි හිටියෙ නැතිම් අපිට කියන්න තිබුන් නැද්ද.....දැන් ඔව්වා වැඩක් නෑ මොකද උඹ දැන් ළමයි හදන්නද ....
ළමයි හදන්න තියා දහම් ලගටවත් නොඑන කොට මම මොනව කරන්නද අම්මෙ...
මම අහන් උන්නා....එයා අහන් උන්නා...අම්මට ළමයි හිටියෙ නෑලු.....ඉතින් අම්මට ළමයි හිටීද කරලා තියෙන පව්වල හැටියට.....සීයා තාත්තලගෙ පව් ..අත්තම්මා බඩදරු ගෑනුන්ට ගැට අන්නාසි ගිල්ලවලා නූපන් ලමයි මරනකොට මගෙ අම්මට ළමයි හිටීද....ඔව්ව තනිකරම වස්....ඒ අම්මලාගෙ ඇස්වලින් වැටුන කදුලුවලට වස්....ඇරත්...මගෙ අප්පච්චි කොහොම හිත හදාගන අම්මා ගාවට යන්නද.....මම එයා දිහා බලන් උන්නා....එයා අහන් ඉන්නවා...
ඔයාට පුලුවන් කමක් තිබ්බා නම් මම දහයක් විතර හදනවා....හරියට නැවෙන් බඩු බානවා වගේ....ඌ...ඌ..හ්හ්ඌඋයීහ්.කොනිත්තන්නෙ
ඕක වල් කමට කිව්වෙ තෝ...ඒකයි..නැතුව දරු කැක්කුමට නෙවෙ....
අත්තම්මගෙයි අම්මගෙයි කොන්ඩෙ කැපුවට පස්සෙ සිංහයා බලු වෙච්ච හැගීමකොන් උන්න සීයා තාත්තගෙයි කතාව අහන් උන්න මම තාත්තගෙ නම ගෙනියන්න කියලා හිතාගන එයාගෙ කනට පහත් වෙනකොට එයා මාව කෙනිත්තුවා...ඒකා මහා යක්ස කොල්ලෙක් මෙහෙම උන්නට
සුදු මහත්තයා ...
මම තවත් දොරකොඩ නොයිද ඇතුලට ආවා...සීයා තාත්තගෙ මූන කලු වෙලා ගිහින් තිබුනා...අන්ම්මගෙ ඇහිබැමක් එක තැනක තනිකලු වෙලා තිබුනා.....අත්තම්මා මට කතා කෙරුවෙම මේ දැන් මං ලව්වා ඩියෝනයව දඩු කදෙ ගහන්න් තරමට තරහකින් වෙනකොට මෙච්චර වෙලාම එයාගෙ ආදරෙන් සැනසුන හිත අත්තම්මා ආයම අවුලවන්න යනකොට මම එයාව එක්කන් ඇතුලට ආවා....
ඔය දරුවට කොහොමද දැන්....
ටිකක් අඩූයි අත්තම්මා.....
අත්තම්මා විතේන්ගෙ මූන දිහා බලලලා කොහොමද අහනකොට එයා ඔලුව වනලා ටිකක් හොදයි කිව්වා...
බෙහෙත් වල සැරදට කොහෙද තොලුත් පුපුරලා නේද . ඕකනෙ අපිඔය ඉන්ගිරීසි බෙහෙත් වලට පන්නන්නෙ නැත්තෙ පත්තුවක් බැදල තෙල් ඩිංගිත්තක් රත් කරලා බෙහෙත් ඔරුවක බුදියෑවා නම අහවරයි...
අත්තම්ම මගුලක් කියනවා...විතේන්ව බෙහෙත් ඔරුවෙ නිදින්කරවන්න පිස්සු හැදිලද මන්දා...ඔය වචන ටික කටින් එලියට පනින්න හැදුවත් මම හරි අමාරුවෙන් කට පියාගන එයාගෙ බෙහෙත් සැරට එයාගෙ පුපුරපු තොල දිහා බලනකොට එයා මා දිහා බලන් උන්නා...අනෙ...මම නම් නෙවෙ.....!!!
සුදු පුතා ....අද හවස අපියනවා....හෙට අනිද්දා වත් ගෙදර එනවා....තව දවස් දෙක තුනයි තියෙන්නෙ ...
මම එන්නම්..වලව්වට ඇවිත් නවතින්න බෑ....
එහෙනම්...කොහෙද නවතින්නෙ??
මම හොටෙල් එකක නවතින්නම්....
හෝටලේක නවතින්න උඹට ඔලුව හොද්ස් නැද්ද සුදුමහත්තයා ??
අත්තම්මා...මම එන්නෙ තනියම නෙවෙනෙ....වලව්ව අස්සෙ මට වගේම විතේන්ට ඉඩ තිබ්බට අනිත් දෙන්නට ඉඩක් නෑනෙ....
ඇයි.....අර ගබඩාව ගාව කාමරෙ තියෙන්නෙ....උන්ට ඒකෙ ඉන්න කියපන් නිතේශ්
අම්මෙ මේ...හ්....මගෙ කට අවුස්සන්නෙ නැතිව ඉන්නවද....ඇත්තටම මොලයක් කියන දෙ නැතිව ඉපදුනත් හිතක් පපුවක් වත් නැතිද....මම බේබි හාමු වගේ වලවේ උඩුවියන් ගහපු ඇදෙ සැප විදින්නයි...එක බත් පත කන සහෝදරයො වගෙ ඉන්න උන් දෙන්නව අර අන්දකාර පුස් ගද ගහන කාමරේට දාන්නයි.....අම්මට හිතක් පපුවක් නැද්ද ඇත්තටම
බේබි හාමු කියන්නෙ...උඹ බේබි හාමු තමයි.....උන් ඉන්න ඕනා.උන්ට අයිති තැන....අනික බලපන් අර නැහැදුන එකා කරපුවැඩේ....සීයා තාත්තගෙ කොන්ඩෙ බෙල්ල මුලින් නෑ....
ඉතින් නානකොට කොන්ඩෙ හැලෙන් නැද්ද....අනික ඔය කොන්ඩෙ වැවෙන් නැතිව තියෙන් නෑනෙ...නිකන් බොරුවට නහින්න හදන්නෙ නැතිව ඉන්න අම්මෙ....
සුදු මහත්තයා ...අපූරුයි උඹ අම්මට කතා කරන විදිහ..උන්ට ඕනා නම් ඔය යන දීපංකරෙක නැවතිලා එන්ඩ කියාපන් උඹ වලව්වෙ ඉන්න ඕනෙ...උඹ අයියා නේ
මොන මගුලටද...අත්තම්මෙ හැම එකටම මම අයියා මම අයියා ගාන් එන්න එපා..මම අයියා නම්..මට මගෙ නංගිට හොද මිනිහෙක් හොයලා දෙන්න ඉඩ දීලා ඔය පිත්තම් වලව්වෙ හාමුවන්ව අයින් කරන්න ඕනා..නමට අයියා වෙලා මොකටද...කරුනාකරලා ...තවත් මගෙ දේවල් වලට ඇගිලි ගහන් එන්න එපා....මගෙන් ආය පරන නිතේශ් ව හොයන්නත් එපා..මැනිකෙලා ටික කරපු හරිය හොදටම ඇති....මම ඇවිත් හොටෙල් එකේ නවතින්නෙ....එච්චරයි ...මට වත් උන්ටවත් ඔය වලව්වෙන් තේ කෝප්පයක් වත් එපා..මට වීදුරු කෝප්පෙ බොන්න දීලා උන්ට අර බෙලෙක් කෝප්පවල බොන්න දුන්නොත් මටත් එක්ක වස් වදීවි....උඹලට හිතක් පපුවක් නැනෙ කොහොමත්
නිතේශ් .....
කෑ ගහන්න කරනන් එන්න එපා අම්මා..මේක වලව්ව නෙවෙ..මෙහෙ සද්ද බද්ද දැම්ම ගමං වටේ පිටේ ඉන්න මිනිස්සු 119 ට කතා කරලා කියනවා කරදරයි කියලා ..එහෙම උනොත් මැනිකෙලා හාමුලා ඔක්කොටම කූරු ගනින්න තමා වෙන්නෙ...කරුනා කරලා....ආව නම් ඒ විදිහට ඉන්න..මේක මගෙ ගෙදර...නිකන් විහින් ලැජ්ජ වෙන්න එපා නුවරට හාමුලා ලොකු උනාට මෙහෙ උන් හාමුවෙක් බලන්න යන්නෙ කටු ගෙට ....
අපූරුයි ...අපූරුයි ..ඔන්න අනීතා උඹගෙ වාහෙගෙ කෙරුවාව ...ඔය හදලා තියෙන්නෙ අපූරුවට.... අපිට පිටින් නොගියපු එකා තමයි ඔය.....දහම්ටත් දැන් අමුතු ඇටයක් පැලවීගන එන්නෙ.....අර දිසානායක වල්ලවා කැලෑ වදිනවා.....ඔව්වා කාටහරි කියවලා සුද්ද කරවපන් අනීතා..නිතේශ්ටනෙ ඔව්වා අයිති වෙන්නෙ...ඌ පෙලවහක් උනාම ඔහෙටනෙ යන්න ඕනා....
ඇයි..අම්මා කිව්වෙ අපේ වලව්ව ලියන්නෙත් පුතාට කියලා .....
පුතාට උනාට ඌට උගෙ වලව්වත් තියෙන්න එපැයිනෙ අනිතා....
මම එන්න ආවා....එතනින් එහාට මොකූත් නොකියම එන්න ආවා.....ඉස්සර වගෙ නොයිද එකට එක කියන එකට අම්මා අත්තම්මා පරල වෙලා තියනකොට මගෙ මගුල ගැන කියවන එක ලාවට ඇහෙනකොට මම එයා දිහා බලන් උන්නා...එයා බර කල්පනාවක...
විතේන් ...පන.....
මම එයා එක්ක කතා කරන ගමන්ම මගෙ ටීශර්ට් එක ගැලව්වා...දැනුයි දත් පාරවල් වල රතු පාට මතුවෙන්නෙ.....මම එහෙම්ම මගෙ ඇදුම් ගලවලා දාලා ඉනට ටවල් එක පටලවගත්තා ..එයා මොනවා හරි කල්පනා කරනවා...
සුදු මහත්තයා ..
ම්ම්ම්ම්....කියන්න අහන් ඉන්නෙ....
මම මගෙ ඇදුම් අල්මාරිය දිහා බලන් ඉන්නකොට එයා කතා කෙරුවා....
මට ළමයි හදන්න බෑනෙ.....
ඉතින්...ඒක මම දන්නවනෙ .....නොදන්නවා නෙවෙනෙ.....එහෙම ළමයි හම්බෙනවා නම්...ඩියෝනයා අද දස දරු මවක්...
විහිලු කරන්න එපා තේශි .....
මම හැරිලා බැලුවා...එයා බිම බලන් උන්නා....මගෙ පනට දුක හිතිලා...ටවල් එක පිටින් උන්න මම එයා ගාව දන ඔබාගන ඒ අත් දෙක එකට අල්ල ගත්තා ....
ඔයා ආස නැද්ද...අම්මෙක් අප්පෙක්ව ජීවිතේට දැකපු නැති කෙනෙක්ට....ආදරේ කරන්න විතේන් ...
එයා මා දිහා බැලුවා....
විතේන්...දරු කැක්කුමට මගෙ ලේද...උඹගෙ ලේද අදාල නෑ විතේන්...අම්මා තාත්තගෙ ආසාවට ඇදක් උඩ නිදියලා පරිස්සමක් නැති කමට මේ ලෝකෙ එලිය දැකපු කිරි සප්පයො ඕන තරම් ඇති....
මම එයාගෙ ඔලුව අත ගෑවා..එයා අහන් උන්නා....එයා බය වෙලා...එයා දන්නවා...මම ලමයිට ආසයි කියලා ...එයා දන්නවා....අපි දෙන්නා ජීවිත කාලෙටම නිදි වැදුනත් කවදාවත් එයාට මගෙන් දරුවෙක් දෙන්න බෑ කියලා ..ඒ උනත් ආදරෙ හොයන හිත් මේ ලෝකෙ තව කොච්චර ඇතිද ....මම එයාව මගෙ ඇගට තුරුල් කරගන හිස් මුදුනට හාදුවක් තිබ්බා .....
ඔයා කැමති නම්...අපි කෙනෙක් අරන් හදාගමු . මට පුලුවන් නම දෙන්න...ඒවගේම මගෙ අප්පච්චි තරම්ම හොද අප්පච්චි කෙනෙක් වෙන්න.....
මම මිමිනුවා....එයා මගෙ දිහා බලන් උන්නා....
එයා මගෙ පපුවට හේත්තු වෙලා ඔහේ ඉන්නකොට මම එයාට එහෙම ඉන්න දුන්නා...අර කෙල්ල එන්වා කිව්වෙ නවයට..අටහමරයි වෙලාව.....
ඔයා මා එක්ක නාගන්නවද....
මම එයාගෙන අහනකොට එයා හූමිටි තිබ්බා ..
.නාන්න ඕන් නෑ ඇග හෝදමු...තුවාල සනීප වෙන කන් නාන්න බෑනෙ ඔව්වා පැසෙව්වොත් උන ගනීවි....
මම එයාගෙ කම්මුලට හාදුවක් තියන ගමන් බාත් ටබ් එකට වතුරපුරවලා.එයා එක්කම වතුරට බැස්සා.....මම ගැට්ටට හේත්තු වෙනකොට එයා මගෙ පපුවට හේත්තු උනා.....

සුදු මහත්තයා ....
ම්ම්ම්.....
සැහෙන වෙලාවක් සබන් පෙන අත ගගා උන්න එයා අවසානෙදි මට කතා කරලා මගෙ පැත්තට හැරුනා.....
ශනෙන් නිශේල කියන නම ලස්සනද.....
එයා මගෙන් නමක් කියල අහනවා ඒ නම ලස්සනද කියලා ...ඒක කෙල්ලෙක්ගෙ නමක්නෙ.....
ශනෙන්....නිශේලා.....
ඔව්.....ශනෙන්...ඒක නිකන් ....සෙයෝන්ට ළඟින් යනවනේ....නෙලීශ වගේනෙ...නිශේලා....ඇයි...ඔයාගෙ...නම...නිතේශ්නෙ .
මම බලන් උන්නා..එයා කියවනවා.....මගෙ අප්පච්චි හරි එයාලට පුලුවන් හරි ලස්සනට නම් තියන්න...මං ආසත් දුවෙක්ට...ශනෙන් නිශේලා.....ඇත්තටම ඒ නම ලස්සනයි මම හිනා උනා....
ඔයා කැමතිද.....
ඔයා කැමති දේකට මම අකමැති වෙන්නෙ මොකටද පන ...
ඒකනෙ....දැන් ඉතින් මට හරියට වැඩ...මම ඒ ළමයා ගැනත් හිතන්න එපැයිනෙ ....
මට හිනා ගියා මේකට ආයම ගඩාපියා වැහිලා...යක්ස කොල්ලා මගෙ...
යෝ...විතේන් මේ අහන්න..මේ අහන්න....ඔයාට සනීප නෑ...එතන කෙමිකල් සුවදයි.....ඔලුවට අමාරුයි.....හොද ළමයා වගේ ගෙදර ඉන්නකො
ඇයි නිතේශ් ඇයි මම මොකටද ගෙදර ඉන්නෙ...මම මොකටද ගෙදර ඉන්නෙ...මාව උස්සන් ඉන් නෑනෙ...මම ආවා මගෙ පාඩුවෙ උන්නා....මොකද ඔච්චර බය මම එනවට.....
ඇග හෝදන් ආව මම එහා මෙහා වෙවි අදින්න ගත්තා ...එයාට බෙහෙත් වලට නිදිමත එන නිසාම මම ගෙදර එන්න කිව්වට එයා ඇහුවෙම නැති කොට එහා මෙහා වෙවි ඇදගන්න මගෙ පස්සෙන් එන ගමන් එයා පුලුවන් තරම් කියෙව්වා.අර හැම වෙලේම ඉන්න අහංකාර මිස්ටර් විතේන් නෙවෙ දැන් ඉන්නෙ ශෙනෝනයගෙ ගඩාපියා වගේ එකෙක්....කෝල් එකක් එනකොට මිස්ටර් විතේන්ව වැහිලා ආයම ගඩාපියා වැහෙන විතේන් මගෙ ඔලුව කන්න හැදුවා....
සුදු මහත්තයා ...
ඇයි අනේ...ඇයි ....
ඕක අදින්න එපා...
එහෙනම්.....මෙහෙ දෙන්නකො විතේන් මට වෙලා යනවා ....
ඇයි උඹට මේක ඇදන් ගිහින් වටම නලවන්නද....ගලවනවා ඔය කරාබුව.....ඔක්කොම උලාගන
එයා මම ඇදපු ඇදුම ගලවලා දැම්මා...කනේ තිබුන කරාබුවත් ගලවලා ගත්තා .....අසනීප නිසා බැන ගන්න බැරි කමට මම කටවහන් එයා දීපු මෙලේ රහකට නැති ඇදුම ඇදගත්තා මේක ඇදන් යන්න පුලුවන්ද අත් දිග....????

විතේන් මට අත් දිගට ඇදන් යන්න බෑ විතේන් කිව්වම අහන්නකො...ඊට හපන් මේ ඇදුම....
ඇයි නිතේශ් ඕකට මොකද වෙලා තියෙන්නෙ...තමුන් මට එන්නත් ඒපාලු.....මට ඇහුනනෙ....මට ඇහුනනෙ.....
මොනවද...ඇහුනෙ...
ඇහුනෙද...ඇයි...අර ඇම්බැක්කියෙක් එනවා කිව්වනේද පච්ච කොටපු....
මම නලලට අත ගහගත්තා ...මේ යක්ස කොල්ලා.....
මගෙ පන මේ අහන්නකො...
නෑ..නෑ..නිතේශ් මට අහන්න දෙයක් නෑ...මට අහන්න ඕනෙම නෑ....කරුනාකරලා මේක අදිනවා....අනික ඔය සැලෝන් එකට ඉන්නෙ ඔයා විතරද නිතේශ් ආහ්....?ඔයා විතරද...කලර් ටැටු එකක් හරියටම වහන්න කොච්චර වෙලා යනවද....ඔව්...ඉතින් හොදට එබෙනවනෙ ..අල්ල අල්ල ඉන්න පුලුවන්නෙ මම දන්නෙ නැද්ද තමුසෙගෙ වලත්ත කම....පොඩ්ඩක් ඉනන්වකො.....
මගෙ ඔලුව විකාරෙට වගේ. ..එයා මට බනිනවා බනිනවා ඉවරයක් නෑ..මම ෆර්ෆියුම් එක අතට ගන්නකොට ඒයා කාට හරි කෝල් එකක් ගත්තා ....
විතෙන් ඔයා හදන්නෙ අසරන නලින්ට බනින්න නම්...ඒමනුස්සයා අත පය හතර එල්ලන් ඉස්පිරිතාලෙ .....
යා....හ්...මේ හුත්...හරි...එයාවත් හැප්පුනෙ මාත් එක්කනෙ...පොඩ්ඩක් ඉන්නවකො...එයාගෙ බ්‍රෙස්ට් එක ගාවට වෙනකම්ම ටැටු නෙ වේලාසන එන්න කියන්න යැයියැයි යැයි තමා....
මගෙ ඇස් දෙක ලොකු උනා ..මොකද මේ වගේ විතේන් කෙනෙක්.....??මම එයා දිහා හොරාවට බලබල මගෙ කොන්ඩෙ හැදුවා.....ගලවපු කරාබුව වෙනුවට මැග්නට් එකක් දාගත්තා .....
හෙලෝ...මිස්ටර් චමිත්???කොහෙද ඉන්නෙ....ඔෆිස් එකේද....ෆැක්ට්‍රි එකේද??හරි...කොහෙ උන්නත්..මට විනාඩි විස්සක් ඇතුලත ෆවුන්ඩේශන් ලික්විඩ් පැකෙකක් ගෙනත් දෙන්න...අනිත් එක ...පොඩ්ඩක් බලන්න..ටැටුවලට දාන්න පුලුවන් හොදම ලික්විඩ් ෆවුන්ඩේශන් එක මොකක්ද කියලා....හවස මම ඔෆිස් එනවා....මං පෙරේදා කියපු ටික වෙලා තියෙන්න ඕනෙ....අර සේල්ස් අඩු බ්‍රාන්ච් ඒකෙ මැනේජර් ගෙන් අහන්න මම කියපුවා කරලා තිබුනද කියලා...අනිත් එක.....එයාගෙම්ම අහන්න.....නැති උන ගිෆ්ට් වෞචර්ස්වලට ඇයි තවම ඔඩිට් එකට සාදාරන හේතුවක් නොදුන්නෙ කියලා .....ඒ මොකුත් නැති නම්...කෙලින්ම හවසට මං ගාවට එන්න කියන්න.....
මම බලන් උන්නා.....කට අවුස්ස ගත්තම ඉන්න ඕන් නෑ...අර මනුස්සයට කලිසමෙ බඩ යන්න ඇති....නලින් බේරුනා...යකොඩො මේක මේ මේකප් එකකටනෙ මේ නහින්නෙ....මට පේන්නෙ ඩියෝනයට වගෙ ගෑනු අරහන්ද කොහෙද ...ඒකට මොකද නමක් තේරුවෙ දුවෙක්ට...දුවේ උඹට බුදු සරනයි ....!!
විතේන්...මම යන්නද....
යන්න කොහෙ යන්න...පොඩ්ඩක් ඉන්න මාත් එනවා...හිතේ ඇතිනේ...වෙලහට හොර ගෑනියෙක්ද දන්නෙ නෑනෙ...අනේ...මං දන්නෙ නැද්ද...තමුන්ට රට වටේම කෙල්ලො ඉන්න ඇති....ඇත්තමයි...තමුන් මහ වලත්තයෙක් නිතේශ් ...නැත්තන් මොකටද ඒකි තමුන් ගාවටම එන්නෙ...ඒකිට තිබුනනෙ වෙන උන් ගාවට යන්න....ඔක්කොම ගෑනු රිංගන්නෙ තමුන්ගාවට....වෙලහට ආවම හුරතල් කරලා මිරිකලා යවනවා ඇති...
දෙයියනේ විතේන්....
ඇයි නිතේශ් අහන් ඉන්න අමාරුද.....
එයාට කියලා වැඩක් නෑ..මගෙයි මෝඩ කම එන්න එපා කියපු.....ඇවිල්ලා පුටුවක් උඩ නින්ද ගියාට පස්සෙ උස්සන් යන්නෙ නැතිව වැඩි පරිස්සමට ගෙදර ඉන්න කිව්වා....එයා මට බැනබැන ඉන්න අතරෙ මං මගෙ ඇදුම මාරු කරන් කලර් ස්ප්‍රේ එකෙන් කොන්ඩෙ ටිකක් පාටන්කරන් වැවුන කොන්ඩෙ බැදගන අර කරාබුව වෙනුවට වෙන එකක් දැම්මා...ඒක මහ ගොබ්බ පාටයි.....

ඔය මං කව්වෙ බොරුද .....දැන් ඇදුම් කීයක් ගැලෙව්වද.....මට ගෙදර නවතින්න කිව්වෙ ඉස්පිරිතාලෙ ඉදලමයි...හිතේ ඇති...මාව ගෙදර නිදි කරලා ගිහින් රගපාන්න කෝ මුද්ද...
මේ තියෙන්නෙ...දෙයියනෙ.....මේ මොන කරදරයක්ද ...
ආ...ඔව්...ඔව් ඔය එන්නෙ එලියට ඔය එන්නෙ එලියට ....මං දැන් කරදරේ....
අයියෝ නෑ....අප්පා....මං හිතලා කිව්වෙ නෑ විතේන් ..ඔයත් එන්න එහෙනම්
හිතලා කිව්වෙ නැති උනාට ඔය යටි හිතේ තියන ඒවනෙ එන්නෙ.....කොන්ඩෙකුත් බැදගන...දැන් බොරුවට එන්නලු..
මං අහන් උන්නා.....කියවනවා කියවනවා....ඩියෝනයා හොදයි....අරූ හාර්ට් ඇටෑක් හැදිලා මැරුනෙ මුගෙ කන් කරච්චලේට වෙන්න බැරිද??
එයා දැන් මං කොන්ඩෙ බැදපු එකටත් කෑ ගහනවා ...එන එකී මගෙ හොර ගෑනියෙක් වෙන්න ඇතිලු....මං මගෙ ජීවිතේට වත් නොදැකපු උන්වත් මට ජෝඩු කරනවා කොච්චර කිව්වත් එයාව දාලා යන්නෙ වෙන මොකට හරි ගගා නැහෙන්න හැදුවා .....
මං කියන ඔක්කොම අහන් ඉන්නෙත් එව්වා ඇත්ත හින්දනෙ නේද නිතේශ් ආහ්.....ඇත්ත හින්දනෙ.....
......
මට නිදාගන්න කියලා යන්න...හිතෙ ඇති...මුලු සැලෝන් එකටම ඉන්නෙ එයා විතරයි අනිත් උන් නිකන් පඩි ගන්නවා නම් උන් ටිකව මට දෙනවා මං මගෙ ෆැක්ටරි එකට ගන්නම්....ඇයි එදත් කිව්වෙ ඔයිල් ෆුල්බොඩි මසාජ් එකක් තියනවා කියලා ....තමුන් මහ ගෑනු හොරෙක් නිතේශ් ...
මං අපෙ අප්පච්චි අම්මගෙ කන්දොස්කිරියාව අහන් ඉන්නවා වගේම අහන් උන්නා...මගෙ වැඩක් කෙරුවා ....එයා මං යන්නෙ කොහෙද පස්සෙන් ඇවිත් මට ඇන ඇන බැන්නා....එයාගෙ කම්පැනි එකෙන් කෝල් එනකොට තත්පරෙන් මූඩ් එක ෆික්ස් වෙනවා ඒක කට් උන ගමන් අනීතව වැහෙනවා.....
ඇයි නිතේශ් කට උත්තර නැද්ද ආ නිතේශ් ...මාවදාලා ගිහින් අර ගෑනි....
විතේන්!!!
.....
හොදටම ඇති මේ නාඩගම ආ.....දැන් තමුසෙ කීයෙ ඉදන් හුස්මක් නොගෙන කෑ ගැහුවද....බෙහෙත් වලට නින්ද යන නිසානෙ මං එන්න එපා කිව්වෙ ....අනික මන් තමුසෙට කිව්වනෙ එන්න කියලා ....මන් හැම තිස්සෙම එකම එක කියන් නෑ විතේන් ....එක දෙයක් එක පාරයි කියන්නෙ එකම දේ අල්ලන් කියවලා මගෙන් කන පලාගන්න එපා....දෙයක් කිව්වම අහන්න පුරුදු වෙනවා...
හ...රි....අනෙ....කෑ ගහන්න...එපා...අම්මලාට...ඇහෙයි..නෙ....
මගුල....
හරි....අනෙ....තරහා ගන්න එපා....සුදු මහත්තයා ...
මෙච්චර වෙලාම කියවපු එයාට මං වචනයි දෙකයි කිව්වෙ එයා මීයා වගෙ පැත්තට උනා වගේම අම්මලට ඇහෙයි කියලා මගෙ කටත් අතින් වැහුවා ...
තියන වස කම...අප්පච්චි වගේමයි...
නිකන් ඉන්න මගෙ ලේ කෝප කරන්න එපා විතේන් ....
ම්හුක්....
බැනුම් අහපු එයා හොරා වගෙ ඇද උඩ ඉදන් කුනු කුනු ගානකොට මන් එයාගෙත් අල්ලල කොන්ඩයක් ගැටගහලා පොඩි කරාබුවක් දැම්මා...මොකද මන් දන්නවා මූ මියා වගෙ උන්නට හිත යටින් මට හෙන ඉල්ලනවා කියලා .....

යෝ...දෝනියෝ.....කෝ සෝස පාට අයිසින් මල....ඒක කාලා මේක කන්නකො...අම්මියට හරියට වැඩනෙ පලිගුවො....



බැනුම් අහපු එයත් මගෙ පස්සෙන් සැලෝන් එකට ආවා...කොච්චර බැනුම් ඇහුවත් ඒ මූන රවාගන උන්නා.....වලව්වෙ මැනිකෙලාට නොහොබිනා කම් කරපු ගඩාපියා මොකුත් දන් නැති එකා වගෙ සැලෝන් එකෙ ඉදන් බලු කික්කිට මල් බිස්කට් කවනවා...මූ ඇති මූ...මුන් දෙන්නම එකයි...
නිතේශ් ...
ම්න්
මං යනවා ඔයාගෙ කැබින් එකට
හා..
එයා බැල්ලි පැටියා දිහාවත් නොබලා ගස්සගන යන්න යනකොට මං බැලි කික්කිව වඩා ගත්තා ....චූටි නැට්ට පෑන් එකක් වගෙ කැරකෙනකොට කුක්කු සුවද එක්ක අයිසින් මල් වල සුවද ඒ දත් නැති චූටි කට වහගන තිබ්බා
චූචි මැනික කෝතු කෑවද.....
අනෙ නිතේස් ඔය ලමගෙ කට පිහන්න ඒයි.....කන්න ගියහම වටේම ගාගන්නවා ...මෙතනට එන මිනිස්සු හිතයි මං ලමය ගැන බලන් නෑ කියලා ...
මං ඒකගෙ අතේ තිබුන ටිශු එකෙන් කට පිහල කික්කිව උගෙ අතට දීලා අත් දෙක හෝදගන්නකොටම කොටට කොටෙ ඇදගත්තු කුරුදු වත්තෙ නෝනා මාව හොයන් ආවා වගේම ඒකිගෙ ඇබිත්තන් ඇදුම වගෙම බෙල්ලෙන් පහලට තිබුන ටැටූ තොගෙ දැකලා මට කෙල ගිලුනා ....ඇම්බැක්කෙ දේවාලෙ වත් මෙහෙම මෝස්තර නැතිව ඇති....
මිස්ටර් නිතේශ් ....මමයි....අර
දන්නවා....වාඩිවෙන්න....
ඒ කෙල්ල කට පුරාවටම හිනාවෙද්දි මමත් හිනා නොවි බැරි කමට හිනා උනා වගේම ඒ ටිකකිම්ම මගෙ කැබින් එකෙන් මොකක් හරි කුඩුවෙන සද්දයක් ආවා....
ටේබල් ලෑම්ප් එක....අරගන සතියයි.....ඒ මූන ඔක්කොටම හපන්....
ආ....සොරි මිස්ටර් නිතේශ් ...වැරදීමකින් මගෙ අත වැදුනා .....ඔයා වැඩේ කරන් යන්නකො...

😂හායිම්.....
🤭බායිම්....