බේබි හාමු මට සමාවෙන්න....." මැනිකගෙ වචන මගෙ හිතට මට නොතේරෙන අමුත්තක් ගේන කොට මම හැරිලා බැලුවා....ඒකිගෙ ඇස් දෙක තිබුනෙ පාරෙ යන වාහන ගාව වෙද්දි එතනා මොන මොනවදෝ කිව්වා...ඇඩුවා....මම එතනා දිහා බලලා කතා කරන්න හැදුවා උනත් විතේන්ගෙන් ආව කෝල් එක එක්ක මට එතනා එක්ක කතා කරගන්න බැරි උනා...
හොලෝ...කියන්න විතේන් මේ එන ගමන්....
සුදු මහත්තයා ...පාන් ඉවරයි...
මන්..මං මොනවා හරි ගේන්නම්....
මම සැරින් සැරේම කන්නාඩිය දිහා බලාගෙන එයාගෙ ප්රශ්නවලට උත්තර දුන්නා ....මැනිකා ඉන්නේම බර කල්පනාවක වෙනකොට මම ඇටගැහුන බෙල්ලෙ තිබුන සුරේ දිහා බලන් උන්නා....එතනා සැරින් සැරේම ආවද....ආවද....කෙල්ල ආවද කෝ මෙ කෙල්ල ගගා පොඩි කෙල්ලව අහනකොට මගෙ ඔලුව අවංකවම වේදනා දෙන්න ගත්තා ....
මැනිකා....මොනවද කන්නෙ.....?
මම බේකරිය ගාවින් කාර් එක නැවැත්තුවා....තිබුන හදිසියට සරම පිටින් ආවා උනත් දෙයියන්ට පින් දෙන්න මම ඇදන් උන්නෙ අලුත් සරමක් නිසා මේ කොළඹ මගෙ සායම ඉතිරි උනා...
මස් මාලු පිලී ඇරෙන්න...ඕන...දෙයක් බේබි හාමු.....
මම මැනිකා දිහා බැලුවා...
ඔය ඇගේ කටු වැහෙන්නවත් කාපන්.උඹ ඉන්නෙ වලව්වෙ නෙවෙනෙ....අනික බය නැතුව කාපන්..මම කන්න බොන්න දීලා උඹෙන් වැඩ ගන්නෙ නෑ....
නෑ...හාමු....පිලී අකැපයිනෙ....
මම එන්න හැරුනා....කෙල්ලගෙ හත්දොහෙ හින්දද දන්නෙ නෑ.....ගොඩමස් අකැපයි තමයි පාලොස් දොහෙන් නම් කමක් නෑ...එකිට මාලුත් එපාලු...බිත්තරත් එපාලු....එහෙනම්.ඉතින් එලවලු බනිස් තමයි...
මම අපේ ගෙදරටයි...පහල ගෙදරටයි දෙගොල්ලන්ටම අරන් ආයම විතේන්ට කෝල් එකක් ගත්තා....
හෙලෝ ..තේශි...
විතෙන්...දවස් දෙක තුනකට ඔයාගෙ ගෙදර දෙන්න බැරිද.....මැනිකලාට ගෙයක් හොයා ගන්නකන්....??
දෙන්නම්.....
ම්න්....
කෝ...කොහෙද....රන්මලේ...රන්මලියෝ.....කොහෙද ..ඉන්නෙ...රන්මලියෝ....
මගෙ ඵෝන් එක තවමත් කනේ...එතනා ඇරපු ශටර් එකෙන් බෙල්ල එලියට දාන් පාරෙ යන ළමයි දිහා බල බල රන්මලියෝ රන්මලියෝ ගගා කෑ ගහනකොට අපිට හෙනගහන එක පුදුමයක් නෙවෙ කියලා හිතුනා. .
මම කාර් එකට නැග්ගා....එතනින් එහා ආයම වචනයක් ඇහුවෙ නෑ...මැනිකා උන්නෙ ඒකිටත් වඩා බර කල්පනාවක වෙනකොට මම සැරින් සැරේම එතනා දිහා බැලුවා....
මැනිකා...
...
මැනිකා...
...
මැනිකා...!!!
බ්බ්..බේ..බේබී...හාමු...
මම එක පාරක්...දෙපාරක් නෙවෙ ..තුන් පාරක් කතා කෙරුවා...මේලෝකෙ සිහියකින් නොයිදපු මැනිකා එක පාර ගැස්සිලා වගේ ආයම පියවි සිහියට එනකොට මම සැලෝන් එක ගාවින් කාර් එක නැවැත්තුවා.....නවත්තලා සම්පූරනම මැනිකා දිහා බැලුවා...
මැනිකා ...හිතේ මොනවද තියෙන්නෙ.....
බේ..බී...හාමූ....
මැනිකා..උඹ හොදටම දන්නවා..මමවත්..මගෙ...අප්පච්චි වත් උඹලට කවදාවත් වරදක් කෙරුවෙ නෑ කියලා ....අන්න ඒ ගුනේ තියලවත්.....මොකද උනේ කියපන්....???එතනට මේ මොකද වෙලා තියෙන්නෙ කියපන්.....
මම සැරකෙරුවා ....මැනිකාගෙ දෙබඩි මූන මට මහා අමුත්තක් ගේනකොට මම කාර් එක ඇතුලෙම නඩුව විසදන්න ගත්තෙ මගෙ කොල්ලට තව බහුබූත ඔලුවට දාලා ඌවත් අනතමනතයෙක් කරන්න බැරිකමටම වෙනකොට මගෙ කටට බය උන මැනිකා ඇස්වල කදුලු පිරෙව්වා....
වලව්වෙ හාමුලාට...නූපන් දරුවා ගැන ඔච්චර ..කැක්කුම...නම්.....අවු...රු...දු....ගානක්.....දුක්...විදලා..බඩෙන්...බාගෙට කන්න...දිදී...හරි...හදපු එකී උඹලගෙ උන්...මරා ..ගත්තම.....අපි ඉවසන්න....අපි...අමනුස්සයොද හාමු...උත්තර දීපන්...උත්තර දීපන් බේබි...හාමු...උඹලගෙන්...අපි....තැලෙනවා...තැලෙනවා...ඉවරයක්...නැති ...වෙනකොට අපි...තවත් ඉවසන්න ඕනෙද බේබි හාමු...ආ....අපි...තව ඉවසන්න ඕනෙද .....
මැනි ..කා....
පොඩී....පොඩි මැනිකේ....මගෙ...කෙලීට ඔරුව අරන් යන්න බෑ...කියන්න...බෑ කියන්න බඩට අත ගහන් ඒකිට ආඩ පාලි කිව්වා....ඒකිට....පපුව පැලෙන කතා කිව්වා...උඹලා ඒකිට ආදරෙන් සලකන කොට....ඒකි උඹේ කරේ යන්න යනවා කියලා....උඹව පංගරාත්තු කෙරුවා....මට කියපන් හාමු....අපි අහස අල්ලන්න හදන උන්දන්ද ..උඹගෙ...දහම් හාමුගෙ ලෙංගතු කම ඉවසන්න බැරිවද...උන් මගෙ කෙලීව මරා ගත්තෙ....මට....උත්තර දීපන්..හාමු...මට....උත්තර...දීපන්....මට...උත්තර ..දීපන්...හාමු...මං...ඒකිගෙ...
අම්මා....මං...ඒකිගෙ..අම්මා.....
මැනිකා පරල උනා....ඉදන් උන්න..මගෙ ටී ශර්ට් කරෙන් පවා ඇද ඇද කෑ ගගහා මගෙන් උත්තර ගන්නකොට මම සද්ද නැතිව උන්න වගේම පිස්සුවෙන් කෙල්ලව ඉල්ලන එතනගෙ අතෙ තිබිලා මොකක් හරි වැටුනා.....
ගල් බනිසක්....පුස් බැදපු... ගල් බනිසක්.....
බලපන්..හාමු....මගෙ...අම්මට....වෙච්ච ..දේ....මට...උන දේ....එදා උදේ....ඉදන්...ඒකිට පාන් බක්කරෙ ගල් බනිසකට දොල දුක හැදිලා උන්නා...ඒක ගන්නවත්....උදේ ඉදන් ගෙදර සතයක් තිබුන් නෑ...හාමු...වලව්වෙන් දෙන සොච්චම හම්බෙනකන්...හැට්ටෙ අස්සෙ ගහන් උන්න රුපියල් විස්ස ඇරුනම....තඹ දොයිතුවක් තිබුන් නෑ හාමු....උඹලා දුන්න මොනරුන්ව අඩු පාඩු වලටමගෙවිලා යනකොට බොඩි ගොටුව අස්සෙ තිබුන විස්සෙන් මේ නාකි ගෑනි ගල් බනිස ගෙනාවා....ඒත්...ඒකිට ඒක කන්නවත්....වාසනාවක් නැති උනා.....
බෑ...කියන්න...බෑ...කියන්න...ඒකිව එලව ගත්තා ඒකිව....එලවගත්තා ...මං ඉවසයිද ..මං ඉවසයිද හාමු...මං ඉවසයිද....නෑ...නෑ...මං ඉවසන් නෑ...හාමු...මට බෑ...මට බෑ...එකි...විදවන්න...ඕනේ....ඒකි....විදවන්නම...ඕනේ....මගෙ...අම්මට.....එහෙන්...
පිස්සු...මට කියපන්...මට...කියපන්...හාමූ...මං කොහොමද මේ කුරුසෙ කරගහන්නෙ.....මට කියපන්.....මට...මුන්දව....සනීපකරගන්නවත් ...පුලුවන්ද....මට..කියපන්..හාමු...
මුන්දා....ඉල්ලන්නෙ...ඒකිව නේද....සැප...අඩු....තැනකවත්...ලගග්වලා...කඩයප්පමක්...තම්බන්...මුන්දගෙ...
හොද සිහිය...ගන්ඩවත්...මට...හයියක් තියේද...හාමු....මට...කියපා...න්න්න්..මේවට...කව්ද...පලි...හාමු....කව්ද...පලී.....හ්හ්හ්.....
අන් අහන් උන්නා...අවසිහියෙන් නොවුනත්...හොද සිහියෙන් උන්න මැනිකා කෑ ගැහුවෙ අවසිහියට වඩා ආවෙස වෙලා වගේ වෙනකොට එකී මාව හොලව හොලව කෑ ගහනකොට ඒ නියපොතුවලට මගෙ බෙල්ල පවා සීරිලා ගියා....උන්දව පිස්සන් කොටුවට දාන්ඩද....නැත්තන්..මහලු මඩමට දාන්ඩද.....??ඒ අස්සෙන් ඒකි තව කුරුසයක් කරගහන් උන්නා....එහෙන් කෙල්ල...මෙහෙන් අම්මා.....මාන්සික රෝහලද....මහලු නිවාසෙද....මගෙ ඔලුව ගිනි ගන්නවා...පපුව ඇදුම් කනවා...
ආදරෙ හින්දා පිස්සු වැටුන අත්තම්මෙක් විදිහට පිස්සන්කොටුවටද.....
කන්න අදින්න දෙන්න බලාගන්න විදිහක් නැති කමට වැඩහිටිටි නිවාසෙට යන අබලන් අම්මෙක්ද??
මාව හිර උනා...මීකතුරට අහුවෙනවා හා සමානව.....
එතනා පාරෙ යන ළමයි දිහා බල බල අතේ තිබුන ගල් බනිස දික් කරනකොට මම පරල උන මැනිකා දිහා බැලුවා....ඒකිගෙ උරහිස් ගැස්සෙනවා.....එතනා රන්මලියෝ ගගා මුමුනනකොට වලව්වෙ උන් කරගහලා තියෙන්නෙ එසේ මෙසේ පවකට නොවෙන එක මගෙ ඔලුවට තදිම්ම වැදුනා....අතේ තිබුන පුස් බැදුන ගල්බනිස අතින් අතාරින්න හිතන්නෙවත් නැති එතනා මටත් පිස්සු හදවන්න එනකොට මං නලල මිරිකගත්තා ....
අපි උන්ව පිස්සො කරලා.....නිකන් නෙවෙ අමු පිස්සො කරලා...
මහලු මඩමද ...
පිස්සන්කොටුවද.....පිස්සන්කොටුව කියන්න හිත හදාගන්නෙ කොහොමද ....ආදරේ ගැන හොදටම දන්නෙ.....කූඩුවෙලා දම්වැල් වලින් බැදලා ග්රීල්වල එල්ලිලා දුක් විදින එවුන් ඇරුනම වෙනකවුද.....???
පහසුකම් ඉතා අඩු
වැඩිහිටි නිවාසයක
ඇතිරිල්ලකුදු නැති
අබලන් බූරු ඇදක
මියගොස් සිටියා ඇය...
මිටිකරගන දෑත
වකුටුවී හොදටම...
මහළු අම්මා කෙනෙකි ඇය..
කළු කුහුඹුවන් පමණකි
හිටියෙ ඇගෙ තනියට
ඒ පාළු කාමරේ
කිලිටි වැරහැලි අතරේ....
ඒ කළු කුහුඹුවන්
දැන හිටියා හොදට ම
ඈ ළඟ යමක් ඇති බව....
කොහේ හෝ ඇති පුතෙකුට
හුරුබුහුටි දුවකට
ගෙනා කඩයප්පන්
පැණි රස කැවිල්ලක්
මැරී ගිය කිරි සුවදක්
දෙන්න බැරි හාදුවක්
ඇගේ තුරුල්ලෙ ඇති බව .....
රත්න ශ්රී විජේ සිංහ කොහෙන්දො දුර ඈතක ඉදන් මගෙ මූනට ගෙත්තම්පානෙන් දමලා ගැහුවා හරියටම දාහතර වෙනි පිටුවෙ තියන කුරා කුහුඹු අම්මා උඩ අතට හිටින්න.....
මහලු මඩමට දැම්මත්...ඔය කඩයප්පම අතේ ගුලි කරන් ඇස් වහයි කියන එකද රත්න ශ්රී මහත්තයා මට කියන්නෙ...කාත් කවුරුත් නැතුව....එතනව තනි පංගලමෙ මැරිලා යයි කියලද මට කියන්නෙ ....
පොතෙන් වැදුන පාර මූනට වඩා හදවතට තදින් දැනෙනකොට මම මැනිකා දිහාබැලුවා....මට බනින්න හිතක් නෑ..මොකද අපි චූදිතයො වෙලා ඉවරයි ....මං බලන් උන්නා....මට කරන්න ඉතුරු බැනුම් අහන එක විතරක් වෙනකොට මම ආයම මැනිකගෙන් වැරදිකාරයො අපි බව දැන දැනම ප්රශ්න කෙරුවා .....
මං ..උඹට වචනයක් වත් කියන් නෑ...මැනිකා.....ඒත් මට...එක දෙයක් කියපන්...මැනිකා... උඹ ඒකිව තල්ලු කෙරුවද ...??
මම ඒකිගෙන් පොඩීව තල්ලු කෙරුවද ඇහුවා...ඒත් ඒකි නෙවෙ උත්තරයක් දුන්නෙ....ඒකි එහෙම්ම ඇදන් උන්න හැට්ටෙ අස්සට අත දාලා රතු පාට ගැට දාපු නූලක් එලියට ගත්තා ....
බේබී..හාමු...වලව්වෙන්.....උඹම විතරයි...අපි වෙනුවෙන් උන්නෙ....උඹයි....උඹගෙ අප්පච්චි විතරයි...අපේ...ඇස් වලට කදුලක් නොදුන්නෙ.... උඹ ප්රවේසම් වෙයන්.....උඹ ප්රවේසම් වෙයන් බේබි හාමු....
මැනිකාමොන මොනවදෝ මතුර මතුර මගෙ අතට නූලක් ගැට ගහනකොට මං අත ඇදලා ගත්තා උනත් ඒකී ආයම මගෙ අත අල්ලගත්තා ....
බේබි හාමු....වලව්වට වස් වදින්න පටන් ගත්තා ...උඹ ප්රවේසමෙන්....ඔය හංගන් ඉන්න දේවල් පවා එලිවෙන කාලයක් ඒවි....උඹලව දලදා හාමුදුරුවොම බලා ගන්ඩ ඕනා...බේබි හාමු...
මැනිකා...
මං ආවේ මේක කියලා යන්ඩ මිසක්කා...මෙහෙ නවතින්ඩ බලන් නෙවෙ හාමු...උඹට පින්...අපි දෙන්න යන්නම්....අපිව ගිහින් ඇරපන් හාමු.....
ක්..කොහෙ.....කොහෙද....
මගෙ අතට තදකරලා ගැටගහපු නුල දිහා බලපු මැනිකා පිස්සුවෙන් කියවන එතනවත් අරන් කොහෙ හරි යන්න ලෑස්ති උනා...උන් යන්න යනවලු...කොහෙද.....?? කොහෙද යන්නෙ...මම කලබල උනා... ....මැනිකා අර නත්තල් ගහ බදාගන අනිත් අතෙන් අම්මව අල්ලන් මා දිහා බලන් උන්නා..හරියටම උන් දෙන්නව දැන් වත් මේ කරුමෙන් නිදහස් කරන්න කියන්න වගේ....
මැනිකා..උඹට කොහෙද යන්න ඕනා...
ඉස්ටේසමට....
ස්ටේශන් එකට?
ම්ම්ම්ම්ම්
එතනින්....එතනින් උඹ කොහෙද යන්නෙ....
මාතරට...
ම්...මාතරට...මාතර...ඒ ඇයි මැනිකා...ඒ....මාතර්ස් කව්ද ඉන්නෙ...කවුරුත් නෑනේ.....
බේබි...හාමු...පූරුවෙ කරුමයක් ගෙවන්න තමයි....උඹගෙ අත්තම්මා...මගෙ අම්මව තිරිහන් කාලෙදි නුවරට අන්න ගිහින් තියෙන්නෙ....අපි දකුනෙ මිනිස්සු හාමු.....අපි කිව්වෙ...අම්මලා....
ඒත් ..දකුනෙ උනත්.....උඹලට දැන් කාත් කවුරුත් නෑනෙ.....
මේ ලංකාව අස්සෙ ඕන තරම් උන් හොයන්න ඇහැකි....ඇන්න පලයන් බේබි හාමු...
මාව කරකවලා අතැරියා වගේ උනා....මැනිකලා මාතරලු....මෙච්චර කල් මං නොදැන උන්නෙ කොහොමද ...මං තනියම කල්පනා කර කර කරන්න දෙයක් නැති හින්දා ආයම ස්ටේශන් එකට ඒ දෙන්නව එක්ක ගියා....
මොකේද යන්නෙ...
යාල් දේවිය තියනව බේබි හාමු...වෙලාව බලන් මයි ආවෙ.....
මම ගිහින් ටිකට් කවුන්ටර් එකට එබිලා මාතරට ටිකට් දෙකක් ගත්තා...
ආ මේක කන්න.....මෙන්න මෙතන බොන්න කිරිපැකට් තියනවා ...ටොයිලට් එකට යන්න ඕන නම් ගිහින් එන්න මං මේක බලා ගන්නම්...
මන් අතෙ තිබුන මල්ල මැනිකට දුන්නා...උන්ගෙ වත්කමම බෑග් එකක උන්ඩි වෙලා තියනකොට අපෙන් අසරන උන ගෑනු පරාන දෙක කාන්තා විවේකා ගාරෙ කියලා ලියපු ටොයිලට් එකට එක්ක යන්න උනෙත් මටම උනා...එකක්....මැනිකලාට මලපොතෙ අකුර ඇරෙන්න අකුරක් බැරිඋනා.....දඩ බඩ සද්දෙන් යලඩ යකු පලාතම දෙදරවනකොට මිනිස් පුලුකට දැක්කෙ වලව්වෙ හැතිකරේම විතරක් වෙනකොට උන්ටත් මට වගේම සමහර තැන් අමාරු උනා....
මම ආයම බඩු මලු දෙක ගාවට වෙලා උන්නා...ෆවර්සෙට් කඩාගන බිදගන යනකොට මං එහා මෙහා යන කෝච්චි දිහා බලන් උන්නා....හලවතට මුතූ...කන්ද උඩරටට මැනිකෙලා.....දකුනය යාල්දේවිය තවත් නම් දහයක් කියන ගමන් යකඩ කට හිගක් දේල් කියනකොට මම කොලපාට ලී පටි ගහපු පුටුවට වෙලා නත්තල් නොදැකම ඇස් පියවපු ඒකිගෙ වත්කම දිහා බලන් උන්නා...
උන්ද වැරදි...අපිද වැරදි....මට කාගෙවත් පැත්තක් ගන්නවට වඩා කටවහන් ඉන්න එක හොදයි කියලා හිතෙනකොට ඇස්වලින් පන ගිය මැනිකා පිස්සිගෙ පලා මල්ල වගේ තිබුන එතනගෙ කොන්ඩෙට වතුර ගැලුමක්.ගාලා පීරවලා ගෙඩියක් බැදලා තිබ්බා....
මැනිකා.....අම්මට...
දන්නෙ නෑ බේබි හාමු...
මොකක හරි උවමනාවක් උනොත්...මට කියපන් මැනිකා....සල්ලි උවමනාවක්..උනත්...උඹලට යන්න එන්න තැනක් නැති උනත්...මට කියපන් මැනිකා....අපේ උන් උඹට කෙරුවෙ ගෙවන්න බැරි ණයක්....
යාල් දේවිය උතුරෙ ඉදන් තල් ගස් පහු කරන් පොල් රුප්පා පේන අහස යටට පිඹගන එනකොට උතුරෙ සෙනෙහස දකුනට බෙදන්න ඒකෙ උන්න මිනිස්සු බලන් උන්නා.....
චටස් පටස් ගාගන යකඩ කද කාගන ඇවිත් වංගු ගාවදි වේගෙ බාල කරලා මොකුත් නොදන්න එකී වගේ ෆ්ලැට්ෆෝම් එකේ මිනිස්සු වෙනුවෙන් නවතින කොට මම මැනිකවයි එතනවයි නැග්ගෙව්වා...
මැනිකා....පරි...ස්සමින්...
මම ගොත ගගහා වගේ පරිස්සමින් කියනකොට ඇතුලට ගිය මැනිකා ආයම හැරිලා බැලුවා.....
බේබි...හාමු...
මැනිකා ..
ප්රවේසමෙන්...මොකද මෙච්චර කල් උඹලා...අපි කියෙව්වෙ...අතුරු කතාව විතරයි....දැන් තමයි.....හරිම කතාව පටන් ගන්නෙ බේබි...හාමු.....ඔය ඇස්වලට සෑහෙන්ඩ අඩන්ඩ වෙයි...කොහොම උනත්...හොද සිහියෙන් ඉන්ඩ හාමු....මොකද කතාවෙන් සීයට හැටක් විතරදැන් ගිහින් ඉවරයි ....ඉතුරු හතලිහෙන් තමා....පපුව හාරවන්න ගන්නෙ....කරන දෙයක් ප්රවේසමෙන් ....දලදා හාමුදුරුවන්ගෙම පිහිටයි.....
මගෙ සර්වාංගෙම සීතල වෙලා ගියා...මැනිකගෙ කටහඩ...ඒ මූන ඒ ඇස් මහ අමුතු කතාවක් කියනකොට මගෙ ඇගේ හිරිගඩු පිපිලා ගියා .... යාල්දේවිය හූ කියාගන යන්න ගියා... හරියටම ඒ හූව මට කිව්වා වගෙ මට දැනුනා ...
මොකක්ද ඒ මැනිකා කිව්වෙ.....??මගෙ ඔලුවට තවත් බරක් දාපු යාල්දේවිය යන්න යනකොට මම එයාගෙන් කෝල් එනවා දැක දැක..මම ඔලුව අත් දෙකෙම්ම බදාගන සෑහෙන්න වෙලා ඉදන් උන්නා.....
සුදුමහත්තයා ....
ම්ම්ම්ම්
ඇයි අනේ ඵෝන් එක ආන්ස්වර් නොකරන්නෙ...කෝ මැනිකා....එතනා.....
මම ගෙදර ආවෙ කොහොමද කියන්න මමවත් දන්නෙ නෑ....මම ඔහේ පඩිපෙල නැග්ගා...මැනිකා මොන මගුල මට කරලා ගියාද කියන්න මමවත් නොදන්නකොට මම කුසියට ගිහින් ලීටරේ වතුර බෝත්ලෙන් බාගයක් කටේ ගහගන එක හුස්මට බීගන බීගන ගිහින් එහෙම්ම කුසියෙ පුටුව උඩට කඩන් වැටුනා....
සුදු මහත්තයා ....
මැනිකලා.....මාතර කියන්නෙ....
මොකක්....මාතර...
ම්න්.....
මාතර කොහෙලුද...??
අනේ මන්දා විතේන් ..මට තේරෙන්නෙ නෑ...පොඩීට මොනා උනාද කියන්න කිව්වෙත් නෑ ....ඒ අස්සෙන් මේ මේකකුත් බැන්දා....
මේ මොන මගුලක්ද මේ...?
මන්දන්නෙ නෑ....විතේන්...මගෙ ඔලුවත් එක්ක කැරකෙනවා...
එයා මගෙ අත අරන් එහා මෙහා කර කර බැලුවා.....රතු පටිය උඩ එයාගෙ ඇස් දෙක සිය පාරක් විතර එහා මෙහා දිව්වා....එයා මගෙ දිහා බලනවා...මට දෙන්න උත්තර නෑ...
තේශී....
කියන්න අහන් ඉන්නෙ....
මේවා ඔයා විශ්වාස කරනවද.....
මොනවද....
මේ....නූල්....යන්ත්ර මන්ත්ර...
නෑ. .....
ඇයි.....
මට...විශ්වාස...මගෙ හිත ගැන විතරයි...
ඒත්...සුදු අප්පො....විශ්වාස නොකර පැත්තකට දාන ඒවා පවා විශ්වාස කරන්න වෙන වෙලාවල් එනවා ...ඒකි මේකබැන්දෙ....උඹගෙ පරිස්සම ගැන හිතලා නම්.....
මං නූල පරිස්සන් කරන්න ඕනෙ නම්...නූලෙන් ඇති වැඩේ මොකක්ද මැනිකෙ.....??මට තේරෙන්නෙ නෑ...එහෙන් එතනට පිස්සු.....පොඩීට අරහෙමයි...අප්පච්චි මට විස්තරයක් කියන් නෑ....
මං එතනින් එහා මැනිකා කියපුවා නොකියා උන්නා...ඒකි මට අනතුරු ඇගෙව්වද??එතන ගැන දන්නෙ එකම එකා සීයා තාත්තා විතරමයි...මේ වෙලා තියන දේවල් එක්ක ඔව්වා අහන්න පුලුවන්ද ??ඒත් නාහා කොහොමද ...
දන්නවද තේශී.....
එයා මගෙ සරම් බොක්කෙන් ඉදගත්තා ....සරම කඩන් වැටුනත් එයාව හොම්බෙන් යයි කියලා මං එක අතකින් අල්ල ගත්තා ...
නිර්දෝශී ගෑනියෙක්ගෙ කදුලු තරම් සාපයක් කොහෙවත් නැතුව ඇති ....ඔය ගෑනු පරාන තුනම නිර්දෝශියි සුදු මහත්තයා ..උඹම බලපන් .....සුදු අක්කා.....රන්මලි....අවසානෙදි ..මැනිකා....එතනා...උන්ගෙ ඇස්වලින් වැටුන හැම කදුලු බින්ංදුවක්ම නිර්දෝශයි ...එහෙම එකේදි ....වස්වදින එක ..නවත්තන්න...සක්කරයගෙ පුතා වයිමටවත් බෑ.....සක්ර දෙයියන්ගෙ හිතම ගෑනු කදුලු ගාවදි උනුවෙලා පන ගියපු කිදුරට පන පෙව්වා නම්....තව මොන කතාද...ගෑනු කදුලු ගාව දෙවියො පවා අසරනයි තේශි.....
බෞද්ද උන උඹම දන්නවා ...බුදුහාමුදුරුවො එනකොට යශෝදරා දේවිට අඩාගන පය පාමුලට දුවනකොට එයාව නවත්තන්න හදපු මිනිස්සුන්ව පවා බුදුහාමුදුරුවො නැවැත්තුවා ..මොකද ...එදා එහෙම නැවැත්තුවා නම්...එතනදි...පපුව පැලිලා මැර්ව්න්න උනත් ඉඩ තිබ්බා...ඒක කාටත් කලින් බුදුහාමුදුරුවො දැක්කා.....
ගෑනු...හිත් ගැන කියන්න හරි අමාරුයි තේශී....උන්ගෙ ආදරෙ ගැන කියන්න අමාරුයි ...උන්ගෙ කදුලු හරි හයියයි තේශී.....එහෙම එකේ.....වරදක් නොකර අඩවපු ගෑනු උඩ ඉන්න තිස්තුන් කෝටියෙන් .....මොනවා ඉල්ලුවත්...දෙවියන්ට පවා උන්ට පස්ස හරවන්න බැරිව ඇති.....
එක අතකට...මේ හැම වැරද්දටම මුල්ම ගැටෙ ....උඹගෙ සීයා තාත්තා තේශී...උඹගෙ සීයා තාත්තා...නැග්ගෙම වෙන ගෑනුන්ගෙ බඩ උඩ....අවසානෙදි විදෙව්වෙ උන් .....
අම්මත් එක්කත්..ලැගලා ...අවසානෙදි දුව එක්කත් ලැග්ගා....අම්මා බඩ නොවුනට.....දුව බඩ වෙලා ඇස්වලට කදුලු ගේන්න හේතුවක් එලියට දැම්මා.
...
ඒක එහෙම් පිටිම්ම දූශනයක් නෙවේද තේශි...
එක ගෑනියෙක්ද.....ගෑනු ගොඩක් .....
ගෑනු ගොඩක් තේශී.....සීයා තාත්තට යට උන ගෑනුන්ගෙ කදුලුත් දැන් පලි ගහනවා ඇති සුදු අප්පො....
එයා කියෙව්වා ....සෑහෙන්න දේවල් කියෙව්වා....ඇත්ත....සීයා තාත්තගෙ කරුම තමා මේ....එයා එහෙම කිය කිය මගෙ අතේ තිබුන නූලට එයා තවත් ගැට දෙක තුනක් දාලා මං ගෙනාව කෑම උරේ අරන් මේසෙ උඩින් තියනකොට මන් ගිහින් දත් මැදලා මූන හේදුවා ...
තේශී...
ම්න්...
අනේ මේක පහලට ගිහින් දෙන්නකො....
මට උන්ගෙ කෑම එකත් දෙන්න අමතක වෙලා තිබුනා....එයා කිරි තේ එක හදන ගමන් මට උන්ගෙ කෑම එක පගතට දෙන්න කියද්දි රෑ ඇදපු සරම මැශින් එකට ඔබලා එයා ගෙනත් දුන්න මෙරූන් පාට සරම ඇන්දා...ගරා යකා ඉන්න සරුන් දුසිමක් විතර මං ගාව තිබ්බා...ඉස්සර කොට කලිසම ඇන්ද මට එයාගෙ ආසාව හින්දම මං සරුන් ඇන්දා...හැබැයි එයා එක දවසයි කිව්වෙ එදයින් පස්සෙ මමම හිතලා එයා වෙනුවෙන් අදින්න ගත්තා ...මොකද මට ඕනා ඒ ඇස් හැමදාම සතුටින් හිනා වෙනවා බලන්න වෙනකොට එයා මාව වෙනස් කරනවට වඩා මං එයා වෙනුවෙන් වෙනස් වෙන්න ගත්තා ...
යෝ.....සෙනෝන්.....තව උඩට...උඩට....
දැන්...අත රිදෙනවා ලමයො.....මේ හරිද
..
ම්හුක්...ඔප්පගෙ...මූන ..පේන් නෑනෙ..
උඹට ඕප්පගෙ මූන විතරද පේන්න ඕනෙ පහල තියන දෙක පේන්න ඕන් නැද්ද ...
යෝහ්හ්.....සෙනොන්..මේ ළමයා ඉන්න තැන මොනාද ඒයි කියවන්න.....හරි....දැන්...අර...ජන් කුකියව වී ගාවින් තියන්න....
මොන මගුලක්ද මන්දා මං තෝව කොරියාවට යවනවා..රෙද්ද.....හරිද මගුල....
ඔය වී නෙවෙ නේ මිනියො...ඔය ඉන්නෙ සුගා...
අනෙ ඩියෝන්...මං මුන්ගෙ නම්දන් නෑ....අරන් දීපන්...ඔක්කොම එක වගෙ ඇස් චූටියො....
පලිගුවො...චුට්ටක් එහාට වෙන්න පුතෙ...අම්මියා අර මෝඩ මිනිහට කියලා දෙන්න.....කෝ අහකට වෙන්න ලමයෝ....ඔයා ගිහිල්ලා නිතේස් මාමගෙ නත්තල් බෝලයක් අරන් ඇවිත්...අර යස්ස විතේනයා දැක්කනම් අපේ බෝලා ගලවලා නත්තල් ගහට එල්ලයි...
ඩීයෝන් දැන් හරිද.....
අපේ..අපේ...ඔය තියෙන්නෙ ලස්සනට...අනේ මන්දා සෙනෝන්...ඔයාටත් අනෙ මගෙ ලේ පුච්චන්නෙ නැතුවම බෑනෙ...ඈ ඒයි...
අහකට පල ඇගෙ ඇතිල්ලෙනවා....
ම්හුක්...මහ...මොකෙද්ද මන්දා උඹ...පස්සෙන් එන කාලේ නම් කොහොමද උන්නෙ..මං නැති ලෝකෙට ඉර පායන් නෑ වගේ...හොද වැඩේ ඉගන ගන්න කාලෙදි මට මගුල් විසේ ගැහුවනේ.....හොදට ඉගන ගත්තා නම්..මටත් ඔප්පලා වගේ ජීවීතේ ජයගන්න තිබ්බා...
ජයගන්න ගියා ඇටයක්....
ම්හුක්...ඇටයක් හරි ගන්න තිබ්බා...උඹ මාව රවට්ටගන මගෙ පතිවත ඉදිරුවෙ නැත්තන්.....අනේ ඇත්මයි සෙනෝන්...මට දැන් නම් හරීයට තරහ යාගන එන්නෙ....තරහා ගියෝතින් මං උඹේ වම් ඇටේ ගලවලා විකුනලා ඒ සල්ලිවලින් කොරියාවට යනවා.....
ඒ උඹ ...කියන්න බෑ උඹ ඒකත් කරයි මට...
ඉතින්...ඒයි ..ඇමරිකන් ඩොලර්...හැත්තෑ දාහක් කියන්නෙ....නිකන්ද....අනේ සෙනෝන්...අපි විකුනමු...ඈ. ඒයි....වම වික්කත් අපිට දකුන ඉතුරුයිනෙ...බලන්නකො.....ඒයි...
මොනවා බලන්නද ..අහකට යමන් දරුවෝ....යෝහ්...
පොඩ්ඩක් ඉන්නකෝ ඒයි ..කියන්න...මෙහෙට වෙලා එක එකාලගෙ පොල්මුඩු කපන වෙලේ...ඈ සෙනෝන්....ඔයාගෙ එකයි...නිතේස් අයියගෙ එකයි...විතේන් අයියගෙ එකයි...
ඇයි...උඹේ එක.....ඒක තමා එකටම ගලවන්න ඕනෙ...ඇටයක් වැඩීනෙ....පැත්තකින් ඉදගන්නකො ඩියෝ...න් ඇයි මේ ඇගේ.එල්ලෙන්නෙ.....ඇත්තමයි උඹ වැටිලා අත.පය කඩා ගත්තොතින්...ගහන එකනම්.ගහනවා...ආ.....
මං අහන් උන්නා....මුලු සාලෙන් පැත්තක්ම ගඩාපියගෙ බටස කොල්ලො හත්දෙනා වහන් උන්නා.....ඌ ටේකුක්ද...මොකක්ද ශිප් කරනවලු...කොරියාවෙන් ටේ කුක්ලු...චීනෙන් යීජාන් ලු...මට නම් ඔව්වා.තේරෙන්නෙ නෑ මෙලෝ.මගුලක්...උගෙ ගෙදර බිත්ති පාට පාට උනා....බටස දම්.....බ්ලින්ක් රෝස....කැස්බෑ ෆැන්ඩම්ද මොකක්ද කියලා කහ.....ආය....ඉස්සෙක් කියල රතු ...බයික් කාරයෙක් කියලා කොල...මට තේරෙන්නෙ නෑ උගෙ බහු බූත...ඒ කෙසේ වෙතත් දැන් ඒ පාර ඔප්පලාව බලන්න යන්න ඒකා අපි හැමෝගෙම වම් ඇට විකුනන්න ප්ලෑන් කරන හැටි අහන් උන්න මම බිත්තියෙන් එකක් වහන් උන්න බටස කොල්ලො හත් දෙනා දිහා බලලා...අනිත් පැත්තෙ ඉන්න...යීජාන්ද..කව්ද මන්දා කොල්ලො දෙන්න දිහ බැලුවා....
අපේ වම් ඇටේ නැති උනොත්...එදාට උඹලා නම දෙනා තමා වග කියන්න ඕනා.....
ඩියෝන් ...
මං කතා කෙරුවා ....
නිතේස්...අයියේ.....ම්හුක්...මගෙ නිතේස් අයියා ඇයිල්ලා...මෙන්න ඒයි ඇතුලට.....
ම්න්...
මොනාත අනේ මේ...පලිගුවො...මේ මාමියා ඇවිල්ලා...
මගෙ අතේ තිබ්බමල්ල ඌ ගන්නවා එක්කම බඩු උස්සන පලිගුවා නට නට වගෙ දුවන් එනකොට මං ඉක්මනට සරම අල්ල ගත්තා ....
හරි..හරි...ඇගට නගින්ඩ එපා ..ආ...කෙල්ලෙ උඹ මගෙ සරම කඩනවා දැන්..කෝ බලන්න අම්මියා නාවලද කියලා බලන්න අපේ චූටි මැනිකව ....අම්මෝ...සූදායි....හරි සූදයිනේ ඉතින්....
ඩියෝනයා සට පට ගාලා කුසියෙ බඩු සද්ද කරනකොට මං රාජපක්ශ පලිගුවව පොඩ්ඩක් හුරතල් කෙරුවා ...මූට බෙල්ලට රතු පාට සාටකයක් දාන්න ඕනා හොරාකනවනෙ....පොඩි බෝලෙන් පටන් අරන් කොහෙන් නවතීද කව්ද දන්නෙ....
ඇබිතකට නැතිව උන්න,පලිගුවා දැන් ලොකු බැල්ලියක්..ගිලලා ගිලලම ඒකි ඇවිදිනකොට පස්සෙ ගාත් වල මස් හෙලවෙනවා...බෝලයක් වගෙ.....මූට තියන සැපට මූ දන්නෙ නෑ ඌ බල්ලෙක් කියලවත් .....හොරෙක් පැන්නොත් අපිට බුරන්න වෙනවා ඇර ආසාවට බුරන්නෙ නැති පලිගුවා මහ දොන්ත බිබික්කමක් උනා...මූ නම් රාජපක්ශයෙක්ම තමයි...
නිතේස් අයියේ...
ඕ...
විතේන් අයියට අඩගන්නකො...
ඇයි
අපෙ එක්කෙනා පරාටා ගෙනාවා ....
මන් ශෙනෝනයා දිහා බලනකොට ඔව් කියන්න ඔලුව වනපු ඌම අපෙ එක්කෙනාට කතා කරනකොට බලු කෙල්ලගෙ කම්මුලත් මිරිකපු මං.අත් දෙක හෝදගත්තා ...
කොහෙද ඔය කුරුම්බැට්ට පුක ඇගේ වද්ද යන්නෙ...
නිකන් ඉන්න නිතේස් ....
ඇත්තනෙ....
මං අත හෝදන් එනකොට කොයි වෙලෙත් ඇගේ ඇතිල්ලෙන ගඩාපි පැටියා ඒකගෙ කුරුම්බැට්ට සයිස් පස්ස ඇගේ වද්දන් යනකොට මං මගෙ බොටමා එන්න කලින් පස්සට පාරක් දුන්නා....
මරු පුප ඈ...
යෝ..නිකන් ඉන්න ඒයි....අනේ මන්තා නිතේස්...ඔයා විතේන් අයියා එක්ක මගුල් නටන්න ගත්ත දා ඉදන් ඔයා මහ කුපාඩියෙක් වෙලා ඈ....ඇත්තමයි අනෙ....විතේන් අයියා දැක්කා නම් සකබුම් තමයි.....
මොනවද ආ....??
න්න්....නෑ...මැනිකෙ..මොකුත් නෑ...නේද ඩියෝන් බබා...
ඔව්....මොකුත් නෑ...නැත්තෙත් නෑ..
අනෙයකො....
පරමාණුව සැපත් උනා...
කන පිරෙන්න දේශනයක් දෙන්න ගිය කුඩික්කි කට අල්ලන් දෙපාරක් තුම්පාරක් ඉඹපු මං පුපුරන්න ගියපු බෝම්බෙ නිශ්ක්රිය කර ගත්තා .....
තේශි ...මොනවද බිත්තර රොටිද....පරාටද....
ගෙනාපු පාන් බනිස් අහක බලන් උන්නකොට පහල කඩෙ නානගෙ බිත්තර රොටි එකයි පරාටෙයි ප්රශ්න කරදර මැද උනත් බඩේ ගින්දර ගේනකොට එයා මට පරාටා ටිකක් බෙදලා දුන්නා

ඩියෝන් බබා ආ ගාන්නකො..
ශෙනෝනයා වෙනසක් නැතිව අරූට කවනකොට මගෙ විතේන් අනේ මීක් නොගා කෑවා...
අයියෝ...මගෙ කොල්ලට මස් හොද්ද සැර වැඩිද කොහෙද නහයත් බුරුල් වෙලා තිබ්බා...එයාගෙ නහය ගාවට ටිශූ එක දික් කරත් මට ඒ නහය පිහන්න බැරි උනා....අප්පච්චිගෙන් කෝල් එකක් ආවා...මං කෑම මේසෙන් නැකිටලා එලියට ආවා...මං හින්දා උන් බඩගින්නෙ ඉන්න ඕන් නෑ...
අප්පච්චි ...
සුදු පුතා....අම්මා....
ආ...අම්මා.....කියන්න....
අප්පච්චිගෙ ඵෝන් එකෙන් ඇහුනෙ අම්මගෙ කටහඩ වෙනකොට මං ඊලගර මොනවා කියයිද බලන්න අහන් උන්නා...
සුදු පුතා....පොඩීට....
මන් දන්නවා අම්මා..
ඔයාට කොහොමද ...හොදින් ඉන්නවා නේද ...
......
හෙලෝ....සුදු පුතා...නිතේශ් ....
......
මං.අහන් උන්නා ...අම්මගෙ තැම්පත් කටහඩ අහලා පුරුදුනැති මම අහන් උන්නා...එයා මගෙන් කොහොමද අහනකොට මම උත්තර දෙන්න බය උනා.....
සුදු පුතා....
අප්පච්චි ....
ඇයි දරුවො සද්ද නැත්තෙ.....
ඊලග තත්පරේදි කතා කෙරුවෙ අප්පච්චි වෙනකොට මම උත්තර බැන්දා....
මට බයයි අප්පච්චි ...
මොනවටද....
උත්තර බදින්න...කවදාවත් හොදින් කතා නොකරන මිනිස්සු හොදින් කතා කරනකොට උත්තර බදින්න බයයි අප්පච්චි ....උන් අහනවා "ඔයා හොදින්ද" කියලා.....හිත හදන් උත්තර බදින්නෙ කොහොමද අප්පච්චි ...ඒ මූනෙ හැගීම් නොදැක කොහොම උත්තර බදින්නද අප්පච්චි ...කව්ද දන්නෙ...ඔයා හොදින්ද අහනකොට මම උත්තර බදින්නෙ මම හොදින් කියලා උනත්...උන් අහන්න බලාපොරොත්තු වෙන උත්තරේ මම හොදින් නෙවෙ කියලා කියන්නද කව්ද දන්නෙ අප්පච්චි ...මං දැන් හරි බයයි...
මගෙ ඔලුවට ආයම මැනිකා එනකොට මම හිතේ දෙගිඩියාවෙන් උත්තර බැන්දා. ..
අප්පච්චි .....පොඩීට මොකද වෙලා තියෙනෙන් අප්පච්චි ...
අනේ මන්දා නිතේශ් ඒකි බය වෙලා....
බය වෙලා..කාට.....
කාටවත් නෙවෙ....ඒකි කියනවා ඒකිගෙ ඇගට කලු පූසෙක් පැන්නලු...ඒ පැනපු පාරටලු ඒකිව වැටුනෙ...
කලු පූසෙක්..... ? වලව්වෙ කොහෙද අප්පච්චි පූසෝ...
ම්ම්ම්....ඒක තමා ප්රශ්නෙ....වලව්වෙ කොහෙද පූසො..ඒකිට උන..ලාවට අනත මනත කියවනවා... අනේ මන්දා...සුදු පුතා...සතියක ඉදන්...මෙහෙට කිසිම ගුනයක් නෑ....ගුරුන් වහන්සේ මාමව ගෙන්නලා තෙල් සාත්තුවකුත් කෙරෙව්වා ගෙදරටම ...ඒත් නෑ.....පොඩීගෙ තත්වෙ එච්චර හොද නෑ....
මම අහන් උන්නා..අප්පච්චි කියන කතාව....වලව්වෙ උන්ට පව් පඩිසම් දෙන්න අරන්....
අප්පච්චි ...ඒකිට මොනවා වෙලාද.....ඇත්තටම ...
ගුරුන්වහන්සෙ මාමා නම් කියන්නෙ....කලු පූසෙක් විදිහට පිල්ලියක් එවලා කියලලු...
මොකක්....පි...ල්...ලි...යක්.....
ම්න්....
මාව ඉබේටම බිත්තියට හේත්තු උනා.....කලු පූසෙක් විදිහට පිල්ලියක් එවලා කියද්දි මට අහම්බෙන් මැනිකව මතක් උනා...
ඒකිලා මාතරලු...
කට්ටඩි කමක් වත් කෙරුවද???
🙂ආය එන්නා...ම්ම්
මම
Ferdeesha ❤️💚😘 ....