Cherreads

Chapter 71 - 71

විනීතම්මගෙ අතට බෙහෙත් උරේ දුන්න මං ආය එක මොහොතක් වත් ඉන් නැතිව ඉස්පිරිතාලෙ ඉදන් ගෙදර ආවා...

ඒමොන මගුලක්ද වෙලා තියෙන්නෙ රවීන්ගෙ නම් වරද තියෙන්නෙ ඒකි ඔච්චර නහින්නෙ මොකටද ....??

මන් කල්පනා කෙරුවා එක වෙලේකට හිත ඒකි ගැන අනුකම්පා කරනකොට ඊලග තත්පරේදි මට මගෙ විතේන්ව මතක් උනා....අනීත වගේ මහන්තත්ත ගෑනු මොල්ලිගොඩ විතරක් නෙවෙ රට පුරාම බෝ වෙලාද කොහෙද .....නැත්තන් ඉතින් වැරද්ද තියෙන්නෙ තමන්ගෙ එකාගෙ බව දැන දැන වැරද්දක් නොකරපු ගෑනිට ගහන්නෙ බනින්නෙ මොකටද ...ඇරත් ඒකිට දමලා ගහලා ගෙදර යන්න පුලුවන් නෙ....

ඒත් ඉතින් කව්ද දන්නෙ මං මේ කජු ඇට කොස් ඇට කිරනවා වගේ කිව්වට උන්ගෙ පවුල් අස්සෙ මොන තරම් ප්‍රශ්න තියනවද කියලා ....අනේ මන්ද ඉතින්...

හොදම දේ අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගන් නැතිව ඉන්න එක....

මං මගෙ අතේ තිබුන මුදුව දිහා බැලුවා .....මට පපුවටත් වඩා බර හුස්මක් පිට උනා....

කොලේට අත්සන් නොතිබ්බා උනත්...මමත් පවුල් කාරයෙක්.....

නිදියපු පලවෙනිදාම ලේ පැල්ලම නොදැක්කා උනත්.....හම්බුනේම පිරිසිදු ආදරයක්.....

දවස ගනෙම ඇද රෙදි ඉරුවත් දරුවෙක් ගැන හීන දැක්කත්....දරුවෙක් නොහිටින බව දැන දැන උනත් කවදම හරි දවසක අප්පච්චි කෙනෙක් වෙන්න හීන දකින ජීවිතයක් .....ඉතින් එහෙම බැලුවම මමත් පවුල් කාරයෙක් මං වෙනුවෙන් බලන් ඉන්න එකෙක් මං වෙනුවෙන් හුස්ම ගන්න එකෙක් මම වෙනුවෙන් ජීවත් වෙන එකෙක් ඉන්නකොට මම පවුල් කරයෙක් නෙවෙද.....හොදම දේ ..අනුන්ගෙ පවුල් බර මගෙ ඔලුවට නොගෙන මෙ උන්නා වගෙම පාඩුවෙ ඉන්න එක.....

මං එන්න ආවා.... හවස් වෙන්න හවස් වෙන්න බීලා බීලා සූර් වෙච්ච උන් අතපට කඩාගන රතිඤ්ඤා බට්ටා වලට ඇස් කන් කටවල් කාගන තුවාල කරගත්තු උන්ව කොළඹ මහ ඉස්පිරිතාලෙට අරන් යනකොට මාසයක් තිස්සෙ මිනිස්සු ඇගිලි ගැන්න නත්තලත් ඉවර වෙන්න ආවා....

අනේ ඉතින් නත්තල ඉවරයි....

දම් රෝ එක ඉස්සරහා මහ පාරෙ අයිනක තිබුන ගවලනේ දැකලා මට දුක හිතුනා...

ආය ඉතින් එයා එක්ක නත්තලට පල්ලි යන්න අවුරුද්දක් වෙනකන් බලන් ඉන්න එපැයි....

මං ගෙදර ආවා ...මන් එනකොට ආව අය යන්න ලැහැස්ති වෙනවා .....ශෙනෝන්ලගෙ අම්මා අප්පච්චි නම් වේලාසන ගිහිල්ලා....ඩියෝනයගෙ අම්මයි තාත්තයි කාර් එක ගාව හිටගන ඉන්නවා ඩියෝනයා හොටු පෙරනවා..

අනේ...අම්මියෝ....අද ඉදලා යන්නකො...

බෑනෙ පුතූ....අද නොගියොත් බල්ලො බඩගින්නෙ...වෙලහට මල් ගස් කීයක් කාලද දන්නෙ නෑ...වැලේ රෙදි ඔක්කොම බිම දාලා ඇති....අර එකෙක් ඉන්නවා කොච්චර වත් පුටු උඩමයි ඉදගන්නෙ.....අපි උන්නොත් ඔවුන් බඩගින්නෙනෙ.....දැන් ඉතින් නිවාඩු දවසක ඇවිත් යන්න ....

මම අහන් උන්නා...ඇත්ත තමයි...ඒ මිනිස්සුන්ට කවදාවත් තැනකට ගිහින් සැනසීමෙන් ඉන්න බෑ ඇයි ඉතින් බල්ලො බඩගින්නෙනෙ කියලා දුවනවා.....පව්....ඒකලාට ඉන්නෙ එයාලා විතරනේ.....

අම්මා මේ බල්ලගෙ බත් එක ගත්තද....

තාත්ති බත් එක කෝ.....තාත්තී...අද ඉතුන් තාත්ති කතා කෙරුවා තමයි පොඩ්ඩක් ඉන්න දරුවො...

ඩියෝනයගෙ අම්මා තාත්තා ඒ දෙන්නට කතා කරගත්තෙ අම්මි තාත්ති කියලා සමහර විට අර බිබික්කම අම්මියො තාත්තියො ගාන හින්දා වෙන්න ඇති...මං බලාගන ශෙනෝනයා නාගසලන් වෙන්න වැදිලා උන්න මාමන්ඩියව ඇතුලට දානකොට අම්මා ගිහින් බැන බැන ඩ්‍රයිවින් ශීට් එකේ ඉදගත්තා ...අම්මටත් පොඩ්ඩක් වැදිලද මන්දා ....

ඩියෝන්.....ඩියෝන්...

ඇයි නිතේස් අයියේ....ඇයි ඒයි....

මේ අම්මටත් පොඩ්ඩක් වෙරි වගේ නේද...

අම්මියටද...

ඔව් ඔව්....අර පේන් නැද්ද ...

යෝ.....හ්....ඔව් මයි....අම්මියත් වැනෙනවා නේද....

අම්මියෝ...අම්මියෝ.....

ඇයි...ලමයො....

අම්මියෝ....මේ අනේ ඔයාට වෙරි හැදිලා නේත ඉන්නෙ...

පිස්සුද ඩියෝන්....

ආ...පිස්සුත කියලා අහනවා නම් වෙරි තමයි.....අනේ සෙනෝන්....අපෙ අම්මියටත් වෙරි හැදිලා වගෙ...කොහෙද අර ගෙදර ඉන්න ළමයින්ට කන්න දෙන්න එපැයිනෙ....නැත්තන් අම්මියලට ඉන්න තිබ්බනෙ.....සෙනෝන්....අනේ ඒයි....අපේ අම්මියලාව පොඩ්ඩක් ගිහින් දාලා එන්නකො....

මෙන්න මෙහෙ දීපන් යතුර උඹගෙ මිනිහටත් වෙරි නේද ...

ඩියෝනයා කට පුක උල් කරන් මහ ගෑනි වගේ උපදෙස් දිදී ගියාට ඒකගෙ මිනිහටත් වෙරි වෙලා තිබ්බා...නැන්දම්මා මාමන්ඩියා ඉස්සරහා පච වෙන්න බැරි කමට ඌ කෙලින් උන්නට දැන් කබරයා දායි...දැන් කබරයා දාන සයිස් එකක උන්න ශෙනෝනයා දත කාගන කෙලින් උන්නා....

සෙනෝන්....සෙනෝන්....යෝහ්....

සෙනෝන්....බොරුවට රගපාන එක නවත්තපල්ලා අප්පා...අනෙ ඇත්තමයි මට එන තරහට දෙන්න හිතයි ඩෑස් එකක් පුක පුපුරන්න....නෑ....ඒත් නෑ.....දෙන්න හිතයි "උඩ පැන කැරකී පා පහරක් " හරියටම සින්ගම් එකේ සින්ගම් වගෙ...

ඇයි අප්පා ඔයාට කියන්න නිතේස් අයියෙ මේ මිනියා මං එපා කියන්න කියන්න අර පෙන්සිප් සොට් එක ගැහුවනෙ....යෝහ්.....මට වද දෙනවා....එහෙන් අර ලමයට වෙරි හැදිලා බුදි...මෙහෙන් තාත්තියට වෙරි....ඒ අස්සෙන් අම්මියටත් වෙරි....මේ කොළඹ ගෑනීච්චිලත් දැන් බොන්න පුරුදු වෙලානෙ.....මං දැන් ඔක්කෝම ගැන කල්පනා කරන්න එපැයි..මට හරියට වැඩ...

මගෙත් දැන් නම් ඔලුව පුපුරන්න වගේ....ඔක්කෝටම හපන් ඩියෝනයගෙ කන්දොස් කිරියාව.....මං ඒකලාගෙ අම්මව හරි අමාරුවෙන් පස්ස ශීට් එකට දැම්මා වෙරි නෑ ගගා උන්න අම්මත් අවසානෙදි සද බොද කරන් තියනකොට මඥ්ඥන් කියවන්න ගත්තා....

පුතූ.....උඹලා....හැදුනෙ..අපේ....අත්වල....උඹලා...

අම්මියෝ.....යෝ...හ්හ් මේ ඉන්නෙ නිතේස් අනෙ...අපේ නිතේස් අයියා...නිතේස් අයියා කොහෙද අනෙ ඔයාගෙ අත්වල හැදුනෙ....ඩියෝන් බබා විතරනෙ හැදුනෙ....අපේ අම්මියත් ඒ පාර බොරු කරන්න පටන් අරන් ...

මං උන්ගෙ අම්මට ශීට් බෙල්ට් එක දම්මලා ඉස්සරහින් ඉදගන්නකොට අහෙනෝනයා ඉස්සරහා කානුවට කබරයා දාන්න ගත්තා...

නිතේස් ...නිතේස්...තනියෙන් යන්න එපා...අපෙ දෝනියව අරන් යන්න සෙනෝන්....අපේ මිනියා කබරයා දාන්න අරන්...යෝ.....හ්....අනේ දෝනියෝ....මාමියා එක්ක තනියට යමන් දෝනියෝ ...

මගෙ තනියට අවසානෙදි ඉතිරි උනේ පලිගුවා විතරක් වෙනකොට ඒකි අපූරුවට ඉස්සරහ ශීට් එකෙ ඉදන් වට පිට බැලුවා ....පාරෙ බල්ලෙක් ගියොතින් ඒකට බිරුව.....කෙදිරි ගෑවා...

මැනිකේ.....

ගෙදර ආව මං පලිගුවව ගෙදර ඇරලලා ගෙදර ආවා...බැහැගන යන ඉරේ එලිය කාමරේ බිත්තිය තෙමලා තිබුනා.....අනේ මගෙ පැටියා නින්දෙන් දගලලා වගේ පොරවපු බ්ලැන්කට් බිම වැටිලා ඔලුවට තියපු කොට්ටෙ පැත්තක තිබුනා....

මම එයාගෙ ලගට ගියා....පව්..දාඩියත් දලා මට ඒසී එක වත් දාන්න අමතක වෙලා තියනකොට එයාගෙ මුලු මූනම දාඩියෙන් පෙගිලා තිබුනා ....

මගෙ මැනික...

විනාඩි ගානක් යනකන් ඒ මූන දිහා බලන් උන්න මම එයාගෙ මූන පිහදැම්මා...පිහිදලා ඒසි එක ඔන් කරලා එයාව ආයම පෙරෙව්වා..... ...

ම්හ්හුක්...

දැන් ඇතිනෙ දොයියෑවා.....ඔයගෙ සුදු අප්පොට පාලුයිනෙ මැනිකේ... .

එයා ගාවින්ම දිගෑදුන මම තදිම්ම නින්ද ගිය මගෙ කොල්ලව කූරු ගෑවා....මට පාලුයි.....වචනවලට පෙරලන්න බැරි තරමට පාලුයි.....එයා නිදාගන ඉද්දි ඇහැරගන ඉන්න මට මේ තරම් පාලුනම්....මගෙ දෙයියනේ මේ කොල්ලා දවස් දෙක තුනක් කොහේ හරි ගියෝතින් .මං හිතන් නෑ...මට හුස්ම ගන්න පුලුවන් වේවි කියලා ..මාව මැරෙවී.....

මම එයාව එහෙම්ම මගෙ අත උඩට ගත්තා ...එයා ගුලිවෙලා ඉන්නවා .හරියටම පුංචි පූස් පැටියෙකු හා සමානවම...."ආදරනීයම මිස්ටර් විතේන්...." මිස්ටර් විතේන් ...මිස්ටර් විතේන් අවසානෙදි මගෙ මැනිකෙ තැන ගත්තා ...

මම එයාගෙ නලලට හරි ආදරනීය හාදුවක් තිබ්බා....

දන්නවද මගෙ මැනිකෙ....උඹ නිදාගන ඉන්න මෙ පැය ගානම මම ඉවසන් ඉන්නෙ හරි අමාරුවෙන්....ඉතින් මං කොහොමද රත්තරන් අහන්නෙ...උඹ මම නැති ටිකේ කොහොමද උන්නෙ කියලා .....ඔය හිතේ කොච්චර නම් ගිනි පත්තු වෙන්න ඇතිද....මට සමාවෙයන් මගෙ විතේන්...මං උඹගෙ අප්පච්චිට පොරොන්දු උනා ..මම කවදාවත් ඒ ඇස්වලට කදුලු ගේන් නෑ කියලා ...මට ඒ පොරොන්දුව කඩන්න නම් බෑ මැනිකෙ...මට හීනෙකින් වත් ඒ පොරොන්දුව නම් කඩන්න බෑ....

අත උඩ උන්න එයාව මම අත් දෙකෙම්ම තුරුලු කරගත්තා ...මට ජීවිතේ කියා දුන්න දිසාපාමොක්....

මට කවියක රස කියා දුන්න ගුත්තිල ....

මට ආදරේ කියා දුන්න දුයිශේන් .....

බැහැගන යන ඉර එලිය වැටුන ලිලැක් මල් පොකුරෙ දම් පාට ඇස්වලට පුදුමාකාර සනීපයක් ගෙනාවා....එයාගෙ අතිම්ම හැඩ වෙච්ච අමු මල්පොකුර නටුවෙන් වෙන් වෙලා ආවත්....වතුර වීදුරුවට පින් සිද්ද වෙන්න තවමත් හුස්ම ඇල්ලුවා.....

මම එයාව අත් දෙකෙම්ම තුරුල් කරන් උන්නා..මට ආදරේ ගැන කියලා දුන්න දුයිශේන්ව තුරුලු කරන් උන්නා....

"අඩන්ට එපා අල්තිනායි" දුයුශේන් මගෙ කදුළු පිසදැමුවේය,

"අපි දෙන්නා හිටවපු අර පොප්ලර් ගස් දෙක මම බලාගන්නම්" යැයි හිටිහැටියේ දුයිශේන් කීය...

" උඹ ලොකු උගත් හෑනියෙ වෙලා ගනට එනකොට ඒ ගස් ලස්සනට වැඩිලා තියේවො..."

මට අල්තිනායින්ගෙ දුයිශේව මතක් උනා....මගෙ ජිවොතේ අදටත්...මලගිය ඇත්තන්ට වගෙම ගුරු ගීතයට දෙන්න කියලා තැනක් තිබුන් නෑ...ඒ වෙනමොකටවත් නෙවෙ....මලගිය ඇත්තන්ගෙ උන්න නොරිකොට වගේම..ගුරු ගීතයේ උන්න දුයිශේන්ට මගෙ හිතේ දෙන්න ඉහලම තැන හියා ගන්න බැරි උනා.....

දුයිෂෙන් ආදරේ කෙරුවා...

නොරිකෝ ආදරේ කෙරුවා....

ඉතින්....ඒ ආදරේ අපිව ජීවත් කෙරෙව්වා....සමහර හිස් පිටුවල ලියවුන හුස්ම ගන්න අකුරු නිසා අපි සමහර චරිතවලට සීමාවක් රහිත්වම ආදරේ කෙරුවා....සීමාවක් රහිතවම ඇබ්බ්හි උනා....එයා අඩනකොට අපිත් ඇඩුවා...එයා හිනා වෙනකොට අපිත් හිනා උනා....එය බය්වෙනකොට..එයාට වඩා අපි බය උනා...සමහරවෙලාවට කතවෙන් පිට ඉන්න අපි පවා කෑ ගැහුවා...." අනේ ඕක කරන්න එපා...අනේ ඕක එහෙම නෙවෙයි මෙහෙමයි" කියලා අපි මැරෙන්න හැදුවා අවසානෙදි කතාවෙ අවසානම පිටුවෙ" අවසානයි" කියන වචනෙ දැක්කම අපි කඩාගන වැටෙනවා..සතුටු හිතෙන අවසානයක් උනත්...කියවන අපිට තව මදි කියලා හිතෙනවා.....වේදනාත්මක අවසානයක් උනත්.....අනේ ...ඒක මෙහෙම උනා නම් හිතෙනවා....ඔය දෙකටම අතරමැද එකක් නම්.....ලියපු කෙනා අපිව අමාරුවෙ දාලා අවසාන කරන තිත තියලා තිබ්බා නම්...මගෙ දෙයියනෙ....අපි කතාව ලියපු එකාගෙ පලු ඇරියා....

අවසානෙදි චරිත ගොඩකට පනදීපු හුස්ම ගන්න අකුරු නැවතීමෙ තිතක් එක්ක නවතිනකොට ..මං හිතන්නෙ ඒ නැවතීමෙ තිත තියන්නෙම අපිව වංක ගිරියක හිර කරලද කොහෙද ...නැත්තන් මොකටද මිනිස්සු ඔය හැටි චරිත අස්සෙ අතරමන් වෙන්නෙ....

හරිනම් පොත් ලියන උන්වයි...ෆිල්ම් හදන උන්වයි අල්ලා කන්ද කාඩු යවන්න ඕනා උන් මේ අපිට කරන අපරාද වලට....උන් හැමදාම උන්ගෙ කදුලු වේදනාව දීලා අවසානයි කියලා යන්න යනවා....ඒත්...අපි...අපිට මොකද වෙන්නෙ.....අපි හැමදාම අසරන වෙනවා...

බජිරාඔ ට කාශී පැලීගන ආදරේ දුන්නා.....බජිරාඔ ත් කාශිට ආදරේ කෙරුවා ....ඒත් ..ඒ දෙන්නා මැදට මස්තානී ආවා...

මස්තානි.....මං හිතන්නෙ.....මස්තානිට වෙන්න ඇති බජිරාඔ පැලෙන්නම ආදරේ දුන්නෙ ...කාශි ගැබ්බරයි .....දෙයියනෙ මස්තානිත් ගැබ්බරයි....කාශි මාලිගාවෙ බජොරාඕගෙ පන එලියට ගේනවා....මස්තානි..මස්තානි තට්ට තනියම....ලමයව මේලෝකෙට ගේනවා..ෆිල්ම් එකේ අවසානෙදි බජිරාඔ සදහටම යන්න යනවා...මස්තානිත් සදහටම යන්න යනවා...මට දවස් ගානක් යනකන් බජිරාඔ ලාගෙන් බේරෙන්න බැරි උනා...

ශිව ගාමි ඇස්පියාගන්නවා...

බාහු බලි ඇස් පියා ගන්නවා....

"දන්නවද අපිට යාළුවො වෙන්න බෑ...නියම කරලා තියෙන්නෙ අපිට හතුරො වෙන්න..ඇත්තටම කවුද අපිට එහෙම කලේ....?"

The boy in the striped pyjamas එකේ පුංචි උන් යනවා...

ධර්මගෙ චාර්ලි යන්න යනවා.....

ඉන්ධර්ගෙ සරූ යන්න යනවා ....

මං දන්නෙ නෑ....ආදරේ ගැන කියා දුන්න ජීවිතේ ගැන කියලා දුන්න හැම මනුස්සයෙක්ම අපිව පාරට ගෙනල්ලා අතාරිනවා .....ඒත් ඇත්ත කතාව නම්...ඒ මිනිස්සු යන්න ගියහම අපි ලෝකෙට පේන්න හිනාවෙල දෙපයින් නැගිටිනවා....හැබැයි ...හදවතින් සදහටම මැරිලා ගිහිල්ලා.....

මන් සුදු පාට ගාපු සිවිලිම දිහා බලන් උන්නා ...එයා සැරින් සැරේම කෙදිරි ගගා මගෙ බෙල්ල අස්සට රිංගගන්න හදනවා ...කොච්චර තුරුලු කරගත්තත් මදී...කොච්චර ආදරේ දුන්නත් මදි....එයා ඉතින් මගෙන් ඉල්ලන්නෙත් ආදරේ විතරක් වෙනකොට මං මගෙ හදවත මිරිකලා අවසානම බින්දුව වෙනකම්ම දුන්නත් කියන්නෙ මදි කියන එක.....

මල ඉර බැහැපු අහස අන්දකාර උනත් පැත්තකින් හද පායන් ඇවිදිල්ලා එලිය කෙරුවා ...නත්තල් තෑගි බෙදන් යන පිනිමුවන්ට පාර පෙන්නන්න නත්තල් සීයට හොහ්..හොහ්...හෝ ගාලා කෑ ගහන් යන්න පාර පෙන්නන්න පුංචි පැටව්න්ගෙ

" අම්බිලි මාමා" රවුමට පායලා එලිය බෙදනකොට නත්තල් පහු වෙන්න ආවත් මිනිස්සුන්ට නත්තලෙන් ගැල වෙන්න බැහැ කියන්නද කොහෙද සැරින් සැරේම මල් වෙඩි පුපුරනකොට මට ලාවට වගේ කැරොල් කියන සද්දයක් ඇහුනා...

මට නත්තල ගෙනාව මගෙ නත්තල් පප්පට තවමත් හොදටම නින්ද ගිහිල්ලා ..මං ඒ අත අරන් මගෙ අතට පටලවන් පිට අල්ලට හාදුවක් තිබ්බා...නත්තල ගෙදරට ගෙනාව මේ අත් දෙක...කවදාවත් මාව බඩ ගින්නෙ නොයින්දලු මේ අත් දෙක....වේදනා දෙන ඔලුව අත ගාපු මේ අත් දෙක රෑ එලිවෙනක්ම්ම තුරුලු කරන් ඉන්න මේ අත් දෙක....තුරුනුවන්ගෙ පිහිටෙන් මගෙ හයියත් මේ අත්වලට ලැබෙන්න ඕනා

.

මං එහෙම්ම මූන දිහා බැලුවා ....මං නලලට ආයමත් හාදුවක් තිබ්බා...ඒ නහයට ....ඒ ලිප්ස් වලට ....කරන්න දෙයක් නෑ නින්ද ගිහින් උන්න කොල්ලව මං යට කර ගත්තා .....මං ඌට පැලෙන්නම ආදරෙයි ...මගෙ හිත කියන්නෙ එච්චරම වෙනකොට මං ඒ මුලු මූනටම හාදු තිබ්බා...කවදාවත් පිරෙන්නෙ නැති ලෑල්ල වෙලා ගියපු තිරිවානා පාට බඩටම් මං අවසානෙදි හාදුවක් තියනකොට එයාට රැවුල ඇනුන නිසාද කොහෙද පොඩ්ඩක් ඇඹරුනා .....

අනෙ ඉතින්.....මටත් පුලුවන් උනානම්.....බබෙක් හදන්න. ..

මං අවසානෙදි ආයනමත් ආදරනීයම විතේන් ගාවට ආවා....

දන්නවද මගෙ මැනික උඹව මට

මිල කරනු බැරි වස්තුවක්

කොයි මොහොතෙ දුටුව මුත් නුඹ

මා නිවන සිත්තමක්

ඇවිත් මගෙ දිවියට ගොතා

සොඳුරුම ගෙත්තමක්

මැණික දැන් එක දිනක් නොව උඹ ගාව හැම දිනම මට නත්තලක්..

අතහැරපු අතීතය යලි ගසා දා අලු

නැගිට්ටත්

රිද්දන්න බැරි හින්දා නුඹෙන් ඒවා මං

සැගෙව්වත්

උඹව හැර මුලු ලොවක් මැණික

මං රිදෙව්වත්

රිදවන්නෙ නෑ උඹට මගෙ හුස්ම

උන් සිදෙව්වත්...

හැඩ කරලා ආදරය මගෙ මං නිතර

නොකිව්වත්

කොයි තරම් ප්‍රශ්න ගැන තනියෙන්ම

විදෙව්වත්

මම නෙවෙයි උඹ මාව හැම තැනම දිනෙව්වත්

බොරු කරන්නෙ නෑ උඹට යම් දෙයක්

මා සැගෙව්වත් ...

(නෙතූ අමන්දා නංගී ඔයාට ගොඩාක් ස්තූතියි මේ දැනෙන අකුරු වලට❤️❤️)

නිතේස් අයියේ....නිතේස් අයියේ...

ඉර බැහැලා ගිහින් හෝරාවන් දෙක තුනක් යන්න ගියා....සෑහෙන වෙලාවක් යනකන් හැලහොල්මනක් නොතිබුන ගෙදර බිත්ති දෙදරන්න ගත්තා ....ශෙනෝනයගෙ පොඩි ගඩාපියයි ඒකගෙ දුවයි ඇවිත්...අනිවාර්යයෙන්ම ඕකට බඩගිනි වෙලා ඇවිත් ඉන්නෙ....

ම්හුක්....මගෙ නිතේස් අයියේ...

මොකද බන්...

ඩියෝන් බබාට බයි ගින්නක් ඇවිල්ලනෙ....හරි වැඩෙ තමයි නේ...

අර කුසියෙ බත් ඇති.....

ම්හුක්....සෙනෝන්ට වෙරි ගුඩ් වෙලා හොදටම දොයිනෙ ...ඉතින් මේලමයට බයි කටක් කවන්න කවුරුත් නැත්ද බලන්නනෙ මේ ආවෙ....

ඇයි අතපය තියෙන්නේ කාපන්කො..

ම්හුක්....

නත්තල් දවසෙ ඔහොම පරුස වෙන්න එපා අප්පා....බයි කටක් කවලා ගෙදර අරපල්ලකො...ඒ ලමයටත් දොයිය පුතා වෙන්න ඕනනෙ....

අරූ නහයෙ න් අඩනවා ...පලිගුවා ඇදට අත් දෙක තියාගන බ්ලැන්කට් එකෙන් එලියට පැනලා තිබුන මගෙ මැනිකගෙ අත ලෙව කකා කෙදිරි ගෑවා ..ඒකටත් ඕනා ඔක්කෝම ලව්ව හුරතල් වෙන්න...

තේ...ශී.....ම්හ්හ්...

අනේ ඉතින්...කෝ ආගාපන්කෝ...බඩගින්නෙ නිදා ගන්න එපා මැනිකෙ.....

බඩගිනී ගාගන ආව ඩියෝනයට වගේම කට කපලා නිදාගන උන්න එයාව හරි අමාරුවෙන් ඇහැරවන් කුසියට ගියපු මම එයාගෙ කටට බත් ගුලියක් ලන් කරන් උන්නා...

මැටි ඇතිලියේ අඩිය අල්ලන ගානට වෙනකම්ම රත් උන කුකුලු මස් හොද්දට ඩියෝනයා නහයෙන් අඩලා අඩල මං ලව්වාම පොල් සම්බෝලයක් වගේම පපඩම් දෙක තුනකුත් බද්දවගන්නකොට මම ඒ දෙන්නට එකා මරුවට එකාට වත් ගුලි කැව්වා.....මේ ඔක්කෝම.දිහා බලන් උන්න පලිගු මැනිකෙ සැරින්සැරේම බුරනකොට මම ඒකට මස් අන්ඩක් දැම්මා....

කෝ ඩියෝන් ආ ගාන්න....

තව චුට්ටක් අඩු කරන්නකො ඒයි ..ඔච්චර එකක් කන්නෙ කෝමද නිතේස් අයියේ ...

මම ආයම බත් ගුලියෙන් ටිකක් අඩු කරලා ඒකගෙ කටේ එබුවා...

සුදු මැනික ආ ගාන්න ...අවසානම එක....

තේශි...

ම්ම්ම්ම්....

අනේ...සුදු මහත්තයා මාව හෙට උදෙම්ම ඇහැරවන්න...ඔෆිස් යන්න ඕනා මීටින් එකක්....

හා මැනිකෙ ...දොයියන්න....

මං ලව්වා කවා ගත්තු ඩියෝනයා යන්න යනකොට මගෙ විතේන් නිදිමතේම ඇගහෝදන් ඇවිත් ඇදට පෙරලිලා නිදා වැටි වැටි හෙට උදෙම්ම ඇහැරවන්න කියලා කියනකොට මං එයාව මගෙ පැත්තට හරවගන එහෙම්ම අත්දෙකෙන් තුරුලු කර ගත්තා විතරයි අනේ එයාට ඒ තත්පරෙම්ම නින්ද ගියා.....

මගෙ මැනික මං ආදරෙයි ගොඩාක් ....

හද පහු කරන් යන වලාකුලු එයාලගෙ පාඩුවෙ යන්න යනකොට නිවනක් නැතිවම පිපිරුන මල් වෙඩි වලටත් අවසානෙදි මහන්සි දැනිලා නින්දට යනකොට ආදරේ පිරුන නත්තලක් දුන්න මගෙ නත්තල් පප්පටත් අවසානෙදි නින්ද ගියා ....

තේශී...අනෙ මගෙ ලැප් එක චාර්ජ් වෙලාද...ඵෝන් එක.....යතුර ....කෝ....

ඔය තියෙන්නෙ දරුවෝ....කෝ ආ ගාන්නකො.....

එයා ඇද ඇද දුවනවා ...දෙයියනේ කියලා වැදලා වැදලා වගේ නලින් කියන මනුස්සයව කන්න එපා කියලා නොවදිනා වැදුම් වැන්ද මං එයාගෙ පස්සෙන් දුව දුව එයාට උදේට කැව්වා ....

සුදු මහත්තයා මං එන්න රෑ වෙයි....හොදද...පරිස්සමින් ඉන්න මගෙ තේශී ආදරෙයි හුගාක් ...

පරිස්සමින් මැනිකෙ...ආදරෙයි මගෙ වස්තුවට ..

ආදරේ පිරුන උනුසුම් හාදුවක් එක්ක එයා යන්න යනකොට සැලෝන් එකට යන්න කලින් මං මුලු ගේම සුද්ද කරා....ලැවැන්ඩර් සුවද ඉහිරෙන එයාර් වීක් කැට දෙක තුනක් තැන් තැන්වල තියපු මං අවසානෙදි නාගන ඇදගත්තා ...

පෝ මගෙ කම්මුල් බෝල වෙලා අරකා මටගිල්ලලා ගිල්ලලාම මාව මහත් වෙලා තනිකරම ඌරු පැටියෙක් වගේ....

නිතේස් ....

මොනවද තියෙන්නෙ .

උදේ එකොලහට....අර බඩ තඩි ඇමතියගෙ වයිෆ් එක්ක දුව එනවලු....

අපෝ....තාත්තගෙ පම්පොරි ගහන ගොබ්බ මගුලද 

ඔව් ඔව් ඒයි ඒ මගුල තමයි....

තව.....

දෙකට යි හතරටයි ෆේශල් දෙකක් තියනවා පහ මාරට ඩ්‍රෙසින් එකක්...

එච්චරද....

ඕ....

එච්චරයි නේ...

ඕ ඒයි....මං මොන මගුලටද ඔයාට බොරුකරන්නෙ...අනේ....අද නම් මට හරියට වැඩ හොදේ. ..අපි හෙව්වොත් ..අපි කනවා....නැත්තන් එත් කනවා....කන්න නොදුනොත්ත් උදුරලා අරන් හරි කනවා.....

පිස්සු ඩියෝනයා පිස්සු කියවලා කියවලා යන්න ගියා...කැබින් එකේ දොරත් වහන් ඩියෝනයා යන්න යනකොට මම එහෙම්ම මගෙ විතේන්ට මැසේජ් එකක් දැම්මා...

සුදු මැනික...මොකද කරන්නෙ....

එයා වැඩ ඇති...ඒබව දැන දැන උනත් මම මොකද කරන්නෙ අහලා මැසෙජ් එකක් දානවා එක්කම මගෙ කැබින් එකේ දොරට තට්ටු උනා...ආයම අර වාතෙ ඩියෝනයා වෙන්න ඇති.....

මම ඔලුව උස්සන්නෙ නැතුවම එන්න කියලා එයාට ආයම මැසේජ් එකක් දැම්මා.....

වරෙන් බන්....

නිතේශ් ....

ආව එක්කෙනා ගාවින් ආවෙ අමූතු සුවදක්....ඒක ඩියෝන් ගාවින් එන සුවද නොවුන කොට ඇහුන කටහඩත් එක්ක මම ඔලුව උස්සලා බැලුවා.....

සෙනාරි....ඔයා...ම්....මෙහෙ ....තනියම ??

ඒ ඇවිදින් උන්නෙ සෙනාරි...අඩුම ගානෙ මට දැනුම් දීමක් වත් නැතිවම....ඒ එක්කම ආයම දොර ඇරුනා....ඒ ආවෙ ඩියෝන් වෙනකොට කැබින් එකේ උන්න ඩියෝනයගෙ මූන එක තත්පරෙන් වෙනස් වෙලා ගියා වගේම ඒකා වචනයක් නොකියම ආපිට හැරුනා...ඕකා අනිවාර්යයෙන්ම දැන් ශෙනෝනයගෙ කනේ තියාවි .නැති මගුල්නෙ වැටෙන්නෙ ...

වාඩිවෙන්න සෙනාරි....

මම ගානක් නැතිවම සෙනාරිට ඉදගන්න කිව්වා....ඒ මූන ගැන නම් මට කියන්න දෙයක් නැති උනා...මොකද කලින් උන්න සෙනාරිව දැල් දාල හොයන්න බැරි වෙන තරමට වෙනස් වෙලා උන්නා..ඇත්ත කතාව කියනවා නම්...එයා කැත වෙලා ඇස්වලින් පන ගිහින් උන්නා...අන් එහෙම්ම එයා එක්ක කතා කරන්න කලිම්ම හයිලන්ඩ් චොකලට් කිරි බෝතලයක් ගෙන්නුවා.මොකද වචනයක් කතා කරන්නවත් සෙනාරිට පන නෑවගේ මටම දැනෙන කොට මං එයාට කිරි බෝතලේ ගෙනත් දුන්නා වගේම එයා හුස්මක් වත් නොගෙන ඒක බීගන බීගන ගිහින් මං දිහා බැලුවා ...

පින්...අයිති...වෙයි නිතේශ් ....

ඇයි එන්න කලින් කෝල් එකක් වත් දෙන්න බැරි ...

මං ඔයාට ගත්තා ....ඒත් නම්බර් එක වැඩ කෙරුවෙ නෑ නිතේශ් ...

එයා කියනවා නම්බර් එක වැඩ කෙරුවෙ නෑ කියලා ...ඇත්ත තමයි..මං.එයාව බ්ලොක් කෙරුවා ....ඉතින් කොහෙ ගන්නද.....

මං මොකුත් නොකියම සෙනාරි දිහා බලන් උන්නා වගේම මේ වෙනකොට හැට පාරකට වඩා ශෙනෝන් වගේම ඩියෝනයා කැබින් එකට ඇවිත් ඇවිත් ගියා....

උන්ට ඕන කරන මගුලක් නෑ උන් දෙන්නටම ඕනා වෙලා තිබුනෙ ඇයි සෙනාරි ආවෙ කියලා දැනගන්න වෙනකොට මාත් සෙනාරි දිහා බැලුවා ...

සෙනාරි ඔයා ආවෙ....

නිතේශ් ....අනේ....මට උදව් කරපන් සුදු අයියෙ....

මෙච්චර වෙලාම හොදට උන්න සෙනාරි අත් දෙකෙම්ම මූන වහන් අඩන්න ගත්තා වගේම ඒ ටිකකින් ඇස්වල කදුලු පිහිද ගත්තා .....ඒ මදිවට පරන පුරුද්දටම සුදු අයියෙත් කිව්වා...

නිතේශ් ....පින් අයිතිවෙයි .....මට මේ අපායෙන් ගැලවෙන්න උදව් කරපන් නිතේශ් ....

සෙනාරි ..ඔයාට ඕනා කරන උදව්ව නොකියා මං කොහොමද උදව් කරන්නෙ....

මං සෙනාරිගෙන් ඕනකරන උදව්ව අහනකොට ඒකි පපුවටත් වඩා බර හුස්මක් අරන් මා දිහා බැලුවා .....

එයාට ඕනා කරන උදව්ව අහනවත් එක්කම මං පුටුවෙන් නැකිට්ටා ...

සෙනාරි ...!!!!!!බෑ සෙනාරි කීයටවත් බෑ සෙනාරි....උඹ හොද සිහියෙන් ඉන්නෙ සෙනාරි...??? උඹ හොද සිහියෙන්ද ඉන්නෙ.....

අනේ..නිතේශ් ප්ලීස්...ප්ලීස්....නිතේශ් ...අනේ...මේ උදව්ව කරන්න නිතේශ් ..... අනේ මං වදින්නම්.....පින් අයිති වෙයි.....

සෙනාරි ඉල්ලපු ඉල්ලීම මට හිතන්න අමාරු උනා...තනිකඩව උන්නා නම්..මම කවදාවත් අදි මදි කරන්නෙ නෑ...ඒ උනාට...දැන් ..දැන් මමපවුල් කාරයෙක් කියන එක ඔලුවට එන වරයක් පාසාම මම කෙරුවෙ ඒ හැම වැදුමක්ම අහන් සෙනාරිගෙ ඉල්ලීමට පිටුපාපු එක වෙනකොට ඒකි කදුලු පුරවන් මා දිහා බලන් උන්නා.....

සෙනාරි ..මම පවුලක් උන කෙනෙක්...මට අදරේ කරන්න කෙනෙක් ඉන්නවා...සමාවෙන්න මට මේක නම් අරන්න බෑ.....අනික.....sperm bank එකකින් ඔය දෙ කරගන්න පුලුවන් සෙනාරි ...

දන්නවා...ඒත්...අනේ.....නිතේශ්.....අනේ...නිතේශ් ...ඒක දැනගත්තොට්ගින් රවීන්ගෙ අම්මා ආයම මරයි ...ඒ ගෑනූ මනුස්සය මට නොදෙන වද කාන්දරාවක් නෑ...නිතේශ් ....

සෙනාරි .....මට මගෙ විතේන්ව කවදාවත් රිදවන්න බෑ සෙනාරි ....ප්ලීස් .....

කව්ද....නිතේශ් .....විතේන් ....

මගෙ ජීවිතේම ..මගෙ හැම දේම...උඹලා පාලුකරලා ගියපු මගෙ ජීවිතේ ආයම ගඩොලින් ගඩොල හැදුවෙ එයා....මට ඒ ඇස්වලට කදුලු දෙන්න බැ සෙනාරි ...මට මගෙ කොල්ලව වටිනවා...

කොල් ..ලා.....ඔයා.....

ඔව්...ඒ ගැන..මගෙ ගැන ඔයා කිසිම දේකට වද වෙන්න එපා...කොල්ලෙක් උනත් ..මං අද හුස්ම අල්ලන්නෙ එයා නිසා ....තරහාවෙන්න එපා සෙනාරි....මට බෑ ඔයාගෙ ඉල්ලීමට එකග වෙන්න...

නිතේශ් ...එකම එක පාරක් හිතන්න ...නේ නිතේශ් එක පාරක් ...

සෙනාරි ....සෙනාරි ....ඔයාම හොදට හිතලා බලන්න සෙනාරි .....මං උඹ එක්ක නිදි වැද්දෙ නැති උනත් ඔය දරුවා මගෙයි උඹගෙයි නෙවේද .....ඔය දරුවා මගෙ ලේ නෙවේද.....එතකොට ඔය දරුවගෙ අම්මා උඹ නෙවේද .....ඔය දරුවගෙ තාත්තා මං නෙවේද .....බැදීමක් නැති උනත්.....වටෙන් ගිහින් හරි....උඹගෙයි මගෙයි අතර අම්මා තාත්තා බැදීම ඇති වෙනවා නේද සෙනාරි....ඒ බැදීම මගෙ කොල්ලට වේදනාවක් නෙවේද ....ආ සෙනාරී....

බෑ බෑ...මට නම් ඔය වැඩේ කරන්න බෑ සෙනාරි ..මට මගෙ කොල්ලව හීනෙන් වත් රිදවන්න බෑ....ඇරත් රන්වීර් එක්ක කතා කරලා ඇයි හොද තැනකට නොයන්නෙ...නොකරපු වරදකට උඹ විදවන්නෙ ඇයි සෙනාරි.....සමාවෙන්න ..සල්ලි ඕනා නම් කියන්න...මට ඒක ප්‍රශ්නයක් නෙවේ..ඒත්...මට හැංගුන බැදීම් වලට නම් දෙන්න බෑ...දරුවන්ට ආදරේ නැති කම වත් හිතක් පපුවක් නැති කමවත් නෙවෙව්.....මට කෙනෙක් රිදවලා සතුටක් දෙන්න බෑ...සෙනාරි ...

මං සෙනාරිට කියන්න ඕනා ටික හැංගි හොරා නැතිව කියලා දැම්මා...කොච්චර කොහොම කිව්වා උනත් ඒ දරුවට බැදීමක් හැදෙනවා ...මගෙ ලේ ඒ ඇගේ දුවනකොට මන් අප්පච්චි වේවි ...නව මසක් දරාගන ඉන්න එයා අම්මා..ලොකු වෙලා කොයි තරම් රවින්ට අප්පච්චි කිව්වත් ඒ ළමයා මගෙනේද කියන එක හිතට එන කොට මගෙ හිත බැහැමයි කියලා කියද්දී ඒකි අඩ අඩ ඇවිත් මගෙ අත් වල එල්ලුනා වගේම ඒ එක්කම මගෙ කැබින් එකෙත් දොර ඇරනා.....

අනේ...මට මේ වෙලාවෙ ඉන්නෙ ඔයා විතරයි නිතේශ් ...අනේ....සුදු අයියේ....අනේ.අනේ...මට මෙහෙම කරන්න එපා සුදු අයියේ....

සුදු මහත්තයා ...ස්....සු....

විතේන් ...විතේන්.....!!!!නවතින්න...

🙂ආය හෙට එන්නාම්

පයිස්සමින් ඉන්ඩො

මම ferdeesha ❤️❤️🌾😘😘😘💚💚💚💚

More Chapters