Cherreads

Chapter 96 - 96

Nithesh pov..

මහත්තයා ....

මං ඔහේ උන්නා....නාද්‍යා විඩෙන් විඩේම මහත්තයා ගගා ඇගේ එල්ලෙනකොට කසාදෙ රෙජිස්ටර් කරන මොහොතෙ ...පෝරුවෙ උන්න මොහොතේ ...කොටිම්ම...මට හුස්මක් වත් ගන්න නොදී මහත්තයා මහත්තයා ගගා අතින් අල්ලන් හිනා වෙනකොට ...වටේම කතා රස කරලා කියවනකොට සත්තයි .....මහෙ ඔලුව පැලෙන්න ආවා ...

නාද්‍යා .....ප්ලීස් ...පොඩ්ඩක් පැත්තට වෙලා ඉන්න....ඕන තරම් සෙටි එකේ ඉඩ තියෙන්නෙ.....පොඩ්ඩ්ක් ඈත් වෙලා ඉන්නකො....මට මේ ඇදුමත් ඇදන් ඉන්නත් අමාරුයි...ඊටත්...අම්මා ගෙදරින් එලියට බහිනකොට පොවපු වතුර එක බීපු වෙලේ ඉදන් මගෙ බඩ දගලනවා...

මං නාද්‍යව පැත්තට කෙරුවත් ඒකි මගෙ අතක් අරන් ඒකිගෙ අතට පටලවගත්තා .....

සැරින් සැරේම අල්ලන යටි බඩේ කැක්කුම එක්ක...මට බඩ පෙරලන්න ගත්තා ....ඔක්කොටම වඩා පෝරුවෙන් බහිනකොටම එදා,ආව අර කොල්ලා සුදු මහත්තයා කියාගන රෝද පුටුවෙන් වැටුන හැටි...සැරින් සැරේ උනත් අහම්බෙන් ඒ ඇස් දැකපු මට ඒ ඇස්වල තිබුන කියන්න නොතේරෙන වේදනාව මගෙ හිතට පුදුමාකාර විදිහට ගත්තා ...

ඇත්තටම උඹ කව්ද ...

මාව අදුනනවද ..අදුනනවද ....ගගා අහ අහ මගෙ ඇගේ එල්ලුන උඹ කව්ද ....

මං නලල මිරිකගන තනීයම කල්පනා කරනකොට වෙල්කම් ඩ්‍රින්ක් එක ගෙනාව කෙල්ල අපි දෙන්නට අල්ලනකොට මං ඒක දිහා බලලා අහක බලා ගත්තා ....

මහත්තයා බොන්නකො...

මට බොන්න බෑ...

අනේ....හැමෝම බලන් ඉන්නවනෙ...

හැමෝම බලන් උන්නට හැමොගෙන බඩ කැලතෙන් නෑනෙ.....

මං වෙල්කම් ඩ්‍රින්ක් එක පැත්තකට කරනකොට අම්මා තකහනියෙ දුවගන ආවා .....අම්මා කෙසේවෙතත් ..අද මගෙ කසාදෙ වෙලත්...අප්පච්චි නැති එක මට තවත් හිතට වදයක් වෙනකොට මම අප්පච්චි දැන් වත් ඇවිත් ඇති කියලා ඉස්සි ඉස්සි හෙව්වා....

සුදු මහත්තයා ...ඇයි මේ බොන්නෙ නැත්තෙ...

අනේ අම්මා..මගෙ බඩ පෙරලෙනවා...වමනෙට වගේ .....මට බොන්න නෙවෙ..මට මේ මගුල් ගලවලා දාන්න ඕනා...

අනේ.....සුදුමහත්තයා ...නැකත තියෙන්නෙ තව පැයකින්නෙ....

නැකත...කොහෙ යන්නද....

අම්මා නාද්‍යගෙ ඇදුමෙ හැඩ බල බල එයාව අත ගගා නැකත තියෙන්නෙ තව පැයකින් කියනකොට මම ආයම අම්මා දිහා බැලුවා...

කොහෙ යන්නද අහන්නෙ.....ඇයි දරුවො....හනිමූන් එක....ඔන්න..දූ.....එනකොට සුභ ආරන්චියක් මාසෙකින් වත් කියන්ඩ බලාගන එන්න ඕනා....මග් හිතේ තිබුන ලොකූ..බරක් නිදහස් උනා.....සීයා තාත්තා වලව්ව සුදු මහත්තයගෙ නමට හරවන්න ඉන්නෙ ආවට පස්සෙ.....දැන් ඉතින්....සීයගෙ එකම ආසාව...සුදු පුතාගෙ දරුවෙක් බලන එක.....

අම්මා බහුබූත ඉවරයක් නැතුවම කියවනකොට මං අතින් කටවහන් බාතෲම් එකක් හොයන් දිව්වා ....

අම්මලට පිස්සුද මන්දා බදින්න කලින් ළමයි හදන්න කියන්නෙ.....

මං හිතින් හිත හිත අතින් කටත් වහගන බාතෲම් එකට දුවලා කොමඩ් එකට වමනෙ කරන්න ගත්තා .....උදේ පොවපු වතුර එකෙන් ආව අපුල රසම ආය ආය එලියට යනකොට වමනෙ යන්න යන්න මගෙ බඩ කැලතෙන ගතිය අඩු උනා උනත් කිසිම දෙයක් නොකාපු හින්දද කොහෙද මගෙ ඔලුව දෙදරන්න කැක්කුම ඇල්ලුවා....

මං එහෙම්ම සින් එක ගාවට ගිහින් මූන හෝදගන ටික වෙලාවක් සින්ක් ගැට්ට අල්ලගන හිටගන උන්නා.....කියන්න නොතේරෙන ඔතෑනි ගතිය දවස් ගානක ඉදන් මාව අඩපන කරනකොට මට ආයම එතනට නොයා මෙතනම ඉන්න තිබුන නම් කියල හිතුනත් මම නැති උනොත් මෙතනට එයි කියලා හිතපු මම ආයම එන්න කෙලින් වෙනවා එක්කම මාව පස්සට විසික් වෙනකොට කවෘ හරි මාව අල්ලගත්තා .....

මම පිටිපස්ස හැරිලා බැලුවා.... අදුනන්නෙ නැති කොල්ලෙක්...

තැන්කිව් ...මචන් ....එක පාර ඔලුව කරකවන්න ගත්තා.....

මම හේතුවක් නැතුව උනත් කොල්ලට මගෙ ගතු කියනකොට මාව අල්ලන් උන්න කොල්ලා මාව අතෑරලා අත හෝදන්න ගත්තා .....හැබැයි...මා එක්ක හිනා උනේ වත් නෑ....මම බලන් උන්නා...කොල්ලා අත හෝදන්නෙ පලිගන්න වගේ ආවෙගිකින් වෙනකොට ඌ අත හෝදලා හෝදලා කෙලින් උනා....

.නැකත තියෙන්නෙ කීයටද මචන් ...

ගොරෝසු කටහඩින් කොල්ලා නැකත කීයටද අහනකොට මම අම්මා දීපු උත්තරේම දෙනකොට ඌ කට කොනින් හිනා උනා....

නැකත් බලලා ගිහින් අත පය කඩන්නද මල්ලි...

මො...ක...ක්....

මොකුත් නෑ..මොකුත්....නෑ...මචන්...ඔහොම යමුකො...

මගෙ උරහිසට තට්ටුවක් දාපු කොල්ලා නැකතට ගිහින් අතපය කඩන්නද අහනකොට මාව කරකවල ඇරියා වගේ වෙනකොට මම කොල්ලා දිහා බලන් උන්නා වගේම ඌ මාවත් හප්පගන වගේ එලියට යන්න ගිහින් දොරකොඩ ගාවදි ආයම හැරිලා බැලුවා.....

මල්ලි....උඹේ මැනිකෙ.....මගෙ මෙට්ටෙත් ගැහුවා හොද හොද බල්‍ටි....ඒක විතරක් මතක තියන් හනිමූන් පලයන්කො....

මම කටත් ඇරන් බලන් උන්නා...මොන මගුලද මේ කියන්නෙ.....ඌ කතා කෙරුවෙම මම උගෙන් බලෙන් මොනව හරි ගත්ත ගානට වෙනකොට මට තියන විකාර ගතියට මම එහෙම්ම ඔලුවත් අල්ලගන බිත්තියහේත්තු උනා.....

මගෙ මැනිකෙත් ගැහුවා බල්ටි...?? මොන මගුලක්ද දෙයියනේ ඌ මේ කියවන්නෙ....ඒ කියන්නෙ නාද්‍යා.....?? නෑ...නෑ.. එක...වෙන්නෙ කොහොමද ...ඒකිනෙ...කිව්වෙ....ඒකිට...මගෙ...අතින්.....නෑ..ඒක වෙන්න....බෑ..මං කොහෙද ඒකිට මොනවත් කෙරුවෙ ...වෙඩින් එක මගෙ උනාට..මං කෙරුවෙ නිදා ගත්තු එක විතරනෙ...නිදාගත්තා ඇරෙන්න වෙන මොකුත් නොකරපු මම ඒකිට කොහොමද එච්චර හරියක් කරන්නෙ....ඇරත්....අර කොල්ලො දෙන්නා.....මෙහෙන්.....මේකා.....

මොන මගුලද දෙයියනේ මේ කියන්නෙ.....

මගෙ ඔලුව පැටලුන නූල්බෝලයක් හා සමාන උනා....කොටිම්ම කිව්වොත්....මට ඊයෙ උනේ මොනාද කියන එක වත් මට හරියටම මතක නැති වෙනකොට මම සෑහෙන්න වෙලා බිත්තියට පිට දීලා හිටගන උන්නා....

සුදු මහත්තයා ..කොහෙද ගියේ .

බාතෲම් එකට.....

දැන් බඩ හිරිද ..

ම්න්...

අම්මා ලව්වා තැබිලි ගෙඩියක් ගෙනල්ලා දෙන්නද 

අන් නාද්‍යා...මං මේ දවස් ගානෙම තුන් වේලම තැඹිලි බිව්වා...මට ඕන තැඹිලියක් නෑ....නැකත ඇතා නැතා යනමගුලක යන්න ලෑස්ති වෙනවා.....

අනේ..ඇයි මේ.....

මම මගෙ අත උඩ තිබ්බ ඒකිගෙ අත ගසලා දැම්මා...අරකොල්ලගෙ වචන කන් අස්සෙ දෝන් කාර දෙනකොට මං බාතෲම් එකේදි හම්බුන ඒ නාදුනන කොල්ලව හෙව්වා....ඇස් කරකව කරකව හෙව්වා...ඒත් මට ඒ කොල්ලා ඉන්න තැනක් හොයා ගන්න බැරි වෙනකොට මම නාද්‍යා දිහා බැලුවා....ඒකි හිනා වෙනවා....ඒකිගෙ මූනෙ සතුට උතුරන්න තිබුනට...මගෙ හිත ඇතුලෙ නොදන්න දෙයක් තෙරපෙන්න ගන්නකොට මම නැගිට්ටා .....

සුදු මහත්තයා මේ කොහෙ යන්නද....

ගෙදර යන්න....

ගෙදර ....අද ගෙදර යන්නෙ නෑනෙ.....

අමුතුවෙන් හොටෙල් අස්සෙ රිංගල මට ඔයා එක්ක විශේශෙන් කරන්න දෙයක් නෑනෙ.....අනික.....මෙච්චර දවසක් මට නින්ද යනකන් ඉදලා ඔයාම මගෙ කාමරෙට ආව.....ඔයාම කිව්වා එදා මම බීපු වෙලෙ මගෙ අතින් ඔයාට එහෙම උනා කියලා ...එහෙම එකේ ...මම ආයම මොනවා ඕකෙ අමුතුවෙන් බලන්නද....ඔයාට එන්න බැරි නම් ඉන්න....

නිතේශ්...මොකද ඔයාට මේ වෙලා තියෙන්නෙ...ඇයි මේ තරහින්....

මගෙ ඇගට අමාරුයි .....

ඉතින්..නැකත...

අනේ ගෑනියෙ.....නැකත ගාන්නෙ...උඹ නැකත් බලලද මගෙ කාමරේට රිංගුවෙ .....

මට ආවෙස උනා..අර කොල්ලා කියපු වචන එක්ක .....ඒ වගෙම පෙරේදා ආව කොල්ලා කියපු කතා එදා ඉදන් අද වෙනකන් වද දෙනකොට මට ආවේස උනා....

මම නැකත් නැතුවම එන්න හදනකොටම අම්මා දුවන් ඇවිත් මාව අල්ලගත්තා ....

සුදු මහත්තයා ..කොහෙද මේ යන්න යන්නෙ....

මට ගෙදර යන්න ඕනා.....මගෙ ඇගට අමාරුයි....ඔක්කොටම වඩා අප්පච්චි ...අප්පච්චිට බැරි උනා කෝල් එකක් ගන්න....අප්පචිට බැරි උනා මෙතනට එන්න....අනික....මම නැකතට ගිහින් ඇද පොලු කඩන්නද....සිංහලෙම්ම අහන්න...

නිතේශ් ....

ඇයි...එයාමනෙ කිව්වෙ...එදා මගෙ අතින් එහෙම උනාය කියලා.....වෙරිමතෙන්...අම්මලත් දැනුවත් ව කිව්වෙ...එහෙම එකේ...මං මොකටද කොහෙවත් යන්නෙ....එයාට එනවා නම් එන්න කියන්න....නැත්තන් ඉන්න කියන්න..මගෙ සර්වාංගෙම කැක්කුමයි...මං යනවා යන්න....

මම එන්න ආවා අම්මා කට ඇරන් බලන් ඉන්නකොට මම එන්න ආවා...දවල් කෑමට ආව වලව්වෙ උන් බලන් ඉන්නකොට නාද්‍යා බැරි බැරි ගාතෙ මගෙ පස්සෙ දුවන් එනකොට මම එන්න ආවා.....

සුදු මහත්තයා ..අනේ ..නවතින්නකො...ඒක ඇදන් දුවන් එන්න බෑ...

මගෙ පස්සෙන් එන් නාද්‍යා කෑ ගහනකොට මම නැවතුනා .....ඒකි කෑ ගගහා එනකොට මට ආය ආයම මතක් උනේ අර කොල්ලව වෙනකොට ලගට ආව ඒකිගෙ අත් ගොබ දෙකෙන් මම අල්ලගත්තා .....

උඹ.....ඇත්ත කියපන්....උඹ තව කා එක්කද ජවුසන් නැටුවෙ කියපන්....

දෙ....යි ..යනේ.....නි...තේශ්....

මම ඒකිගෙන් ඇහුවෙ ඒ ප්‍රශ්නෙ විතරයි ....මම ඒකිව අතෑරලා එන්න ආවා ....මට තේර්‍ර්නෙන් නෑ දෙයියනේ මොන මගුලක්ද මට මේ සැරින් සැරේම වෙන්නෙ කියලා ...ඒකි සුදු මහත්තයා ...සුදු මහත්තයා ගාග මගෙ පස්සෙන් ආවා උනත්....මට ඒකිව දැනෙන්නෙ නෑ....මම ඒකිට මැනිකෙ කිව්වත්...මට ඒ වචන දැණුන් නෑ...ඒකි කියනවා මම ඒකිට පන ඇරලා ආදරෙ කෙරුවලු....ඉතින් එහෙම නම්...ඒ.ආදරේ මට දැනෙන්න එපැයිනෙ.....

බේබි මහත්තයා ...

වලව්වට යන්න ඕනෙ....

ඒත්...මහ

උඹද හාමු නැත්තම් මමද ...ස්ටාර්ට් කරපන්....මේ මගුල් ගලවලා දාන්න....

මම දොර ඇරලා ඉස්සරහින් ඉදගන්නකොට මං බලාගන නාද්‍යා ඇවිත් පිටිපස්සෙන් ඉදගත්තා .....මට එකම එක වතාවක්....එක වතාවක් අර කොල්ලව හම්බ උනා නම්.....මොන මගුලද යකෝ මගෙ ඔලුවට පුරවපු කුනු ගොඩ කියලා අහන්න තිබුනා .....

සුදු මහත්තයා .....

නාද්‍යා මගෙ ඔලුව කැක්කුමයි....මට කතා කරන්නවත් බෑ...අහන්න තියන දෙයක්..කියන්න තියන දෙයක්..හෙට අහන්න....

පිටිපස්සෙ ශීට් එකේ උන්න නාද්‍යා ආයම මොනවා හරි දෙයක් අහන්න කතා කරනකොට මම මගෙ ඔලුව කැක්කුමයි කියලා මම ශීට් එකට ඔලුව ගහගත්තා .....

මහත්තයා ...මගෙ..කොන්ඩ කටු ටික ගලවනවද.....

අර කෙලීට කියලා ගලවගන්ඩ මං නාන්න යනවා....

ටවල් එකත් උරහිසේ දාගන උන්න මම එන්න යනකොටම යට සාය වගේම ඔසරි හැට්ටෙ පිටින් උන්න නාද්‍යා මාව අල්ලන් එකීගෙ කොන්ඩ කටු ගලවන්න කියනකොට මම ඒ අත පැත්තකට දාලා වැඩට ඉන්න කෙලී ලව්වා ගලවගන්න කියනකොට මං බලාගන ඒකිගෙ මුන ඇද වෙලා යනවා.....

උඹ වෙන උන් ලව්වා කඩාගන ඇවිත්...මගෙ අතින් කැඩුනා ගෑවා....

ඒකිගෙ ඇද වෙලා ගියපු මූන දිහා බලපු මම ආයම මතුර මතුර එන්න ආවා... කාලෙකට කලින් නැති උන සුදු අක්කහෙ කාමරේ ගාවින් මම එන්න එනකොට මට අහම්බෙන් සුදු අක්කව මතක් උනා....එයා මැරුනයි කියලා දැනන් උන්නට....ඇයි මැරුනෙ කියන්න හේතුව මට නිච්චි නැති වෙලා ගියා වගේම මම බාතෲම් එකට නොයා කෙලිම්ම වත්තෙ තිබුන ලිදට ගියා.....

මැනිකගෙ ගේ .....කඩා වැටිලා....ඒකි ගමට ගියානෙ....කෙල්ලට දැන් වත් එහෙ ඉස්කෝලෙ යන්න තියනවා නම්...ඒ ඇති.....

මම ලිද ගාව ඉදන් කැලෑ වැදිලා තිබුන මැනිකගෙ ගේ දිහා බලන් උන්නා....

ලිදට වැටුන වතුර බාල්දිය වතුරට වැටෙනකොට ජබොක් ගාලා සද්දෙ ඇහෙද්දි මම වතුර එක අදින්න ගත්තා .....

ආ.....ව්...හ්හ්....ආ....

සැරින් සැරේ අල්ලන බඩ කොර ගතිය එක්ක බඩ පෙරලන ගතිය එකක්ක මම කොර වෙලා ගියපු යටි බඩට අත තියා ගන්නකොට මගෙ අතින් වතුර බාල්දිය අතෑරුනා වගේම මම එහෙම්ම ලින් ගැට්ට අල්ලගන එක දිගට වමනෙ දාන්න ගත්තා ....එක පාර වමනේ බේසමක් විතර යනකොට ගිය ඔක්කොම තනිකරම කහ පාටට හුරු අපුල රහ ගේන වතුර ගොඩක් වෙනකොට හිටගන ඔක්කාරෙ කරපු මට කෙලින් වෙලා තත්පරයක් වත් ඉන්න බැරි වෙනකොට ආයමත් වමනෙ බාල්දියක් විතර ගියා ....

බෙ .බී...හා...මූ...

බ්වෑක්.....

මම වමනෙ කෙරුවා ....ඉවරයක් නැතුවම වමනෙ කෙරුවා .....වමනෙ කරනකොට මගෙ බඩ පපුව ගිනි තිබ්වා හා සමාන දැවිල්ල අල්ලනකොට මගෙ පිට කොන්ද දිගේ අසාමාන්තික සීතලක් යනවා එක්කම කවුරු හරි මට කතා කෙරුවා .....

මං හැරිලා බැලුවා.....ඒත් කවුරුත් නෑ....වමනෙ කරලා කරල හිටගන ඉන්නවත් පන නැති වෙනකොට මාව පිටිපස්සට වීසි වෙලා ගිහින් වැටෙන්න යනකොට ආයම කවෘ හරි මාව අල්ල ගත්තා වගේම....ඒ පාරත් බලනකොට පිටිපස්සෙ කවුරුත් නැති උනා....මගෙ සර්වාංගෙම සීතල වෙලා ගියා.....

ක්....කවුද...ක....ව්....ද....

ඔතන..ක...ව්ද ....

ඔ..ත...න.....ක....ව්ද...

මම කෑ ගැහුවා .....

මද්දහන වෙලා තිබුන අහස තත්පර ගානකින් වැහි වලාකුලු වලින් වැහිලා යනකොට මං බලාගන මැනිකගෙ ගෙදර කිට්ටුව තිබුන ගොරකා ගස් වල අතු හෙලවෙනවා.....

බේ..බී....මහත්තයා...

කව්ද.....කව්ද....උඹ.....

බේබී...ම...හත්....තයා.....ඔය....සුරෙ...

ගලවපන්.....ඉනේ...ගැට....ගහ....න්...ඉන්න...සු ...රේ..ගල ..වපන්.....

ක...ව්ද .....උඹ....කව්ද ....

වැහි වලාකුලු වලින් වැහිලා ගිය අහස දැනුම් දීමක් නොකරම මහ හයියෙන් අඩන්න ගත්තා.....පලාතම හිතන්න බැරි වේගෙකින් අන්දකාර වෙලා යනකොට මං බලාගන ලිදට වැටුන බාල්දිය ඉබේම ඉහල ඉස්සෙනවා....බොලොක්කෙන් එන චර චර සද්දෙ එක්ක මගෙ සර්වාංගෙම බය වැඩි කමටම ගැහෙන්න ගත්තා

වැහි වතුර මාව නාවගන යනකොට සුදු මහත්තයා ...සුදු මහත්තයා කියන කටහඩ කොහෙන් එනවද හොයා ගන්න බැරි වෙනකොට ළිඳේ බොලොක්කෙන් එන චර චර සද්දෙ එක්ක වතුර බාල්දිය ලින් ගැට්ටෙන් උඩට මතුවෙන මං මර ලතෝනි ගැහුවා....වතුර පිරුන බාල්දිය උඩ ඉදගන උන්නෙ කෙල්ලෙක්....

දෙවියනේ..බාල්දිය උඩ ඉදගන උන්නෙ කෙල්ලෙක්...පාට ගියපු චීත්ත ගවුමක් ඇදන් උන්න කෙල්ලගෙ මුලු මූනම මඩ වලින් වැහිලා තිබුන කෙල්ල අතේ ඕලු මලක් තියන් උන්නා ...

බේ බි ...හාමු....

එ...එපා....එපා....එපා....අනේ...එපා....

වැහි වතුරට ලින් පඩි හෝදගන යනකොට පාසි බැදිලා තිබුන ගල උඩ මාව උඩ බෙලි අතට වැටුනා.....වැටුන පාරට රෙදි අපුල්ලන කලු ගලේ වැල මිට හරිය ඇනෙනකොට මං බලාගන ඒකි හිනා වෙනවා...ඒකි කෑ ගගහා හිනා වෙනවා...බාල්දියෙන් වතුර උල්පතක් හා සමානව වතුර විසික් වෙනකොට ඒකි මට බේබි හාමු...බේබි හාමු...මාව මතකද ගගා හිනා උනා...වැහි වතුරට කෙල්ලගෙ මූන හේදිලා ගියා උනත්.....හේදෙන්න හේදෙන්න මූනට තව මඩ තලි තලි එකතු උනා.....ඇදන් උන්න පාට ගියපු චීත්ත ගවුම පිටිපස්ස ලේ වලින් පෙගිලා යනකොට ඒකි අර ඕලු මලෙන් මට දමලා ගැහුවා

උඹට මාව මතක නෑ...අ යකො....උඹට මාව මතක නැද්ද .....තොට මාව මතක නැද්ද බේබි හාමු....ආ...

අනේ ...හ්...ක....ව්...ද...කව්ද....උඹ....කව්..ද...උඹ...

ඒකි මගෙන් ඇහුවෙ එකම දෙයයි...මාව මතක නැද්ද...මාව මතක නැද්ද විතරක් වෙනකොට ඒ කටහඩ මගෙ ඔලුව ඇතුලෙ නහර වැල් පීරි ගාන්න පටන් ගත්තා ....මම ඔලුව බදාගන මහ වැස්සෙම කෑ ගහනකොට බාල්දිය උඩ උන්න කෙල්ල බහින්න හදනකොට මම බයටම පස්සෙන් පස්සට රීට්ටුවා....

බේ..බී.හාමු....මං...රන්මලී...හාමු.....

උඹලා මට ආදරෙයිනෙ....ඇයි හාමු බය වෙලා...

ර්...ර..න්..මලී.....න්න්.නෑ..නෑ....ඒකි....උඹ වගේ..නෙවෙ....ඒකි...උඹ....වගේ..නෙවෙ...ඒකි....ල...ස්...සනයි.....අහිංසක...යි.....

අනේ.....උඹ...ඒකි...නෙවෙ ....

බේ..බී...හාමු.....උඹගෙ...ඔලුව....උන් ගැටගහලා....උඹේ...නහර වැල්...උන්...එකට....එක...පූට්ටු...කරලා....උඹට...උඹේම...උන්ව...අමතක ...කරවලා බේබි...හාමු.....

එන්න...එපා...අනේ..එපා....එන්න ..නම්..

එපා....

මං කෑ ගැහුවා....මෙච්චර වෙලාම බාල්දිය උඩ උන්න රන්මලී කියන එකී ලින් ගැට්ටෙ ඉදගන්නකො වලාකුලු දෙකක් එකට පූට්ටුවෙලා කන් අඩි පුපුරන්න ගොරවලා ගහක අත්තක් කඩන් වැටෙන්න ගහපු හෙනේ එක්ක ඒකිගෙ සම්පූරනම ඇගේ මඩ හෙදී හේදි යනකොට කෙල්ල මා එක්ක හිනා උනා...

අනෝරා වැහි වැස්සා උනත්....ඒ ඇස්වල බැදුන කදුලු පටලෙ මං මගෙ ඇස් දෙකෙම්ම දකිනකොට මන් රන්මලී කියන කෙල්ල දිහා බලන් උන්නා....

අවංකවම ...මට කෙල්ලගෙ මූන මතක නෑ...මැනිකා...රන්මලී අඩමානෙට මතක තිබුනට එ කාගෙවත් මූන කොයි වගේද මතක නැති මම කෙල්ල දිහා බලාගන උන්නා....

බේබි ..හාමු.....උන් උඹලට කොඩි වින කරලා...

උ..න්.....උ..න්..කියන්නෙ.....

උන් කියන්නෙ...උඹේ පවුලෙම උන්...උන්..උඹලට කොඩි විනකරලා....උඹේ කරට..හූනියමක් එල්ලල... විසි එක් වතාව ගාන් දහ දවසක්... උඹලට මතුරපු තැඹිලි පොවල...උඹලගෙ මතකෙ හිර කරලා හාමු....

මං...ආවෙ...ඒ අවනඩුව විසදන්ට....ඒත්...මට උඹ ගාවට ලන් වෙන්ඩ බෑ.... ඔය ඉනට ගැටගහලා තියන සුරේ හින්දා...ගලවපන් ඕක....

කෙල්ල කියවනව....රන් මලිඔ කියන කෙල්ල ලින් ගැට්‍ට උඩ ඉදන් කියවනවා...ඒකි කියනවා ඉනට ගැට ගහලා තියන සුරේ ගලවන්නලු.....ඒකිට මගෙ ගාවට එන්න බෑලු.....ඒකි කියනවා මගෙ මතකෙ හිර කරලලු.....

කියන්නෙ මොනවද කියලා මෙලේම දෙයක් නොතේරුන මම මගෙ වේදනා දෙන ඔලුව අල්ලගන කලිසමින පහත් කරලා සුරේ හෙව්වා....

කඩපන්...කඩපන් හාමු....කඩපන්.....

සුදු මහත්තයා ...සුදු මහත්තයා ....

මේ වැහි මැද්දෙ මම බිම වැටීගන ජීවන් කරලා තිබුන සුරේ එක්ක ඔට්ටු වෙනකොට මගුලට ගිය ඇදුම් පිටිම්ම අම්මා දුවගන එනකොට මං බලාගන අර කෙල්ලගෙ මූන එක තත්පරෙන් වෙනස් වෙලා යනවා....එක විනාඩියෙන් වෙනස් වෙලා යනවා....අම්මගෙ කටහඩ එක්ක ඒකිව ආයම මඩ වලින් වහිලා යනකොට ඔලුව පිටිපස්සෙන් ටැප් බටයක් කැඩුවා හා සමානවම ලේ විද්දවනකොට මෙච්චර වෙලාම මීක් නොගා උන්න ලින් බොලොක්කෙ ආයම කන් දෙක බීරි කරවන්...පපුව පීරි ගහන් "චර...චර චර...." ගගා වේහෙන් කැරකෙන්න ගත්තා වගේම ඒකිගෙ ඇස් දෙක රතු වෙලා මුලු මූනම සුදු මැලි වෙලා ගියා.....

බේබි...හාමු....ඉක්මන් කරපන්...ඉක්මං ....කරපන්....ඔය...සුරේ ගලවපන්....අත පන ඇතුව....ගලවපන්....

කෙල්ල මැරෙන්න හදනවා...ඒ උනත්...මගෙ ඇගිලි පන නැති වෙලා වගේ මට සුරේ තිබුන කලු පටිය කඩාගන්න බැරි උනා...අම්මා ළඟ ලගම එනකොට ඒකි හුලගටත් වඩා වේගෙන් මගෙ ගාවට ආවත්...ආපිට ඒකිව වීසිවෙලා ගියා...

සුදු මහත්තයා .....

ඒකි එනවා....ඒකි එනවා...බේබී හාමු.....උඹට බෑ.....මං ආයම එනවා....මං...ආයම එනවා....මතක තියාගනින්...ඔය සුරේ ගලවපන්.....ඔය...සුරේ.....තියනතාක්...මටඑන්ඩ බෑ....ඔය සුරේ.....තියන...තාක්...මට එන්ඩ බෑ...අනිත්...දේ....උඹ....ඒකි එක්ක එකතු වෙන්ඩ බෑ.....ඒකි....මොන දහන් ගැටේ දැම්මත්....උඹ...ඒකි...එක්ක....එකතු වෙන්ඩ..බෑ...මං...කියන....දේවල්.....

මතක තියාගනින්.....බේබි හාමු...උඹව අයිති....ඒකිට නෙවෙ.....උඹව...අයිති....එකා...ඒකි...

නෙවෙ.....උඹව ඒකි අල්ල ගන්ඩ හදන්නෙ ....මතක තියාගනින් හාමු....උඹ ඒකි ...එක්ක...උන්නෙත් නෑ....උඹට ඉන්ඩත්.....බෑ...මං ආයම එනවා....මං ..ආයම ..එනවා.....මං ....ආයමඑනවා හාමු.....

මං කන් දෙක වහගත්තා .....කෙල්ලගෙ කටින් තත්පරේට වචන කෝටියක් විතර එලියට පනිනකොට මලකඩ කාපු බොලෙක්කෙ ඔක්කෝටම වඩා හයියෙන් කැරකෙන්න ගද්දි මගෙ කන් බෙර පුපුරලා කන් බීරි වෙලා යන්න ආවා...මම බිම ඉදගන කන් දෙක වහගන උන්නා...ඒ එක්කම ලිදට ගල් ගෙඩියක් අතෑරියා හා සමානවම වතුර වැටෙන සද්දයක් එනවා එක්කම ඒ හැම සද්දයක් නැවතිලා ගියා...අම්මා මඩ නාගම මා ගාවට දුවගන ආවා....

සීවරන් දෙයියනේ..සුදු මහත්තයා ....මහ සාගරේ නානකාමරේ තියනකොට උඹ ලිදට ආවද....පව්....අර කෙලී බය වෙලා...

.......

ඈ සුදුමහත්තයා ....උඹේ වැල මිටේ ලෙල්ලක් නෑනේද...ආ....උඹව වැටුනද...

ඔව්....

අම්මා කියවනවා.....අරකි බය වෙලා කිය කිය කියවනකොට මට අර කෙල්ල කියපුවා මතක් උනා...ඒකි මගෙ ඇගේ එල්ලුන එකියක් ...ඒකි මාව අල්ලගන ඉන්නෙ කියන වචන ආය ආයම මගෙ කන් අස්සෙන් ඇහෙන කොට මම ලෙලි ගියප අතත් එක අතකින් අල්ලන් වැටුන පාරට ලෙස්සලා ගියපු පාර කකුලකුත් මොකක්ද වෙලා තියනකොට මම ඒ මොර සූරන වැස්සෙම නොන්ඩි කොට කොටම එන්න ආවා.....

සුදු මහත්තයා ....

නාද්‍යා....ඇගේ එල්ලෙන්න එපා....

වතුර බේරි බේරි ආව මාව දැකපු නාදයා ලගට එනවා එක්කම මම වෙන්නෙ මොනවද....උනේ මොනවද....අමතක උනා උනාට ඒකිට සැර කෙරුවා ...සැරකරලා කාමරේට ගිහින් දඩාන් ගාලා දොර වැහුවා....

නිතේශ් මේ දොර අරින්න....නිතේශ් ...

මට මේ ඇදුම වත් මාරු කරන්න දෙන්නෙ නැද්ද.....

නාන්න කියපු මට සිද්ද උනේ බයවෙලා වැහි වතුර නාලා ගෙට එන්න උන එක වෙනකොට ඇදුම මාරු කරන තත්පරේටවත් නාද්‍යට ඉන්න බැරිව දොර කඩන්න හදනකොට මම කෑ ගැහුවා ....අවසානෙදි මන් දොර ඇරියා...

මොකද නාද්‍යා ....ආ...

ඇයි නිතේශ් මාව දාලා දොර වැහුවෙ...අනික මම ඔයාගෙ වයිෆ් නෙ....

වයිෆ්නෙ කියලා උඹට මගෙ ඇට දෙකේ ඉදම්ම බලන්න ඕනෙද නාද්‍යා ආ...

නිතේශ් .....

ඒකි ආයම ඇතුලට එනවත් එක්කම මම දොර වහලා වහලා ගිහින් ඇද උඩ පෙරලුනා ...ඒකිටවත් ඉඩක් නොතියම.....මං බලාගන ගෑනි හනිමූන් යන්න ගත්තු නයිට්ඩ්‍රෙස් එකේ උඩ කෝට් එක ගලවලා දාලා වියතක් දිග චූටි ගවුම් කොටෙ පිටින් ඇදට එනවා...

මහත්තයා ....අනේ...ටිකක් එහාට වෙන්නකො...

නාද්‍යා මගෙඔලුව කැක්කුමයි...හරී...ඒක හින්දා.....මට එහාට යන්ඩ මෙහාට යන්ඩ ගගා වද දෙන්ඩ එපා....ඔය බිමින් මෙට්ටයක් හරි දාන් නිදාගන්නවා....

ඔයාට මොකක්ද මහත්තයා මේ වෙලා තියෙන්නෙ....ඊයෙ පෙරේදා වෙනකන් මම ඔයා ගාව නේද නිදාගත්තෙ....

මං අහගන ඒකි කියවනවා...මල කරච්චලේ ඉවසන්නම බැරි තැන මම බිත්තිය අයිනට රෝල් වෙලා උඩ බෙලි අතට හැරෙනවා එක්ක මං අහගන ජනෙල් පියන ඉබේටම ක්‍රී....ස් ගාන සද්දෙත් එක්ක ලාවට ඇරෙනවා...

මහත්තයා .....

මොකද .....

.ඒකි ඇදට නැගලා එහෙන් මෙහෙන් ඇලෙන්න ආවත් මං බලන් උන්නෙ ජනෙල් පියන දිහා .....කොයි වෙලේ අර ලින් ගැට්ටෙන් මතු උන කෙල්ල එයිද කියලා මම බලන් උන්නා.....

ක්‍රී...ස්ස්ස්

ඇරුන ජනෙල් පියන ආයම වැහිලා යනකොට මං බලාගන අඩ අන්දකාර උන කාමරේ ඇතුලෙ හෙවනැල්ලක් වගේ යනවා...

ඒකිඑක්ක එකතු වෙන්න එපා....උඹ අයිති ඒකිට නෙවෙ කියපු වචන ආය ආයම කන් අස්සෙන් ඇහෙනකොට මගෙ අත උඩ ඔලුව තියන් ඇගට අතක් දාගන්න ආව නාද්යව මං පැත්තකට කරනවා එක්කම ඒකි මගෙ ඇග උඩින් ඉදගන්න ආවා....හැබයි....එච්චරම තමයි...ඊලග තත්පරේදි ඒකිගෙ කකුලෙන් කවුරු හරි ඇදපු පාරට ඒකිව ඇදෙන් බිමට වැටුනා 

අ..නෙහ්....නිතේ...ශ්...

🙂ජැක්කනේ.....හී

ම්හුක්.....ගුම්මෝනිම්....මේ ළමයා බුජි...

ආයම එන්නම්.....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters