Cherreads

Chapter 102 - 102

මම බේසම දිහා බලන් උන්නා...අතට දීපු තැබිලි ගෙඩියට මතුරලා තියනකොට තව තැඹිලි ගෙඩි පෝලිමක්මන් වෙනුවෙන්බලන් උන්නා...

දෙයියනේ දැන් ඉතින් අර ජරහංන්තෙ යනකම්ම වමනේ කරන්න එපැයි....

මම ශෙනෝන් දිහා බැලුවා ...ඌ ඇස් වලින් මට තැඹිලි ගෙඩිය පෙන්නලා බොන්න කියනකොට මම දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි කියලා පලවෙනි තැඹිලි ගෙඩිය කටේ ගහගන එක හුස්මට බොන්න ගත්තා ....පලවෙනි ...දෙවනි තුන් වෙනි එක් බොනකොටත් මට වමනෙ යන්න ආවෙ නැති උනත් බඩ කලගෙඩියක් වගේ වෙලා ඉස්මුරුත්තාවට වගේ ආවා...

අනේ බන්...දැන් නම්බෑනෙ..ගෙඩි තුක්ම එක දිගට බිව්වා....බඩ පුපුරයි මගෙ....

මෙච්චර කල්ම කන කන එක වමනෙ ගියපු හින්දා බඩගින්න තිබුනත් මට කාගන්න බැරි වෙලා තිබුනා...කඩ කෑම කාපු ගමන් අනිත් අතට වමනෙ ගියා.....නමට කසාද බැදපු ගෑනි කවදාවත් වලදක් රත් වෙන්න තියලා බඩ පිරෙන්න බත් කටක් නොදුන්න හින්දා මම බඩගින්න ඉහිලුවා...මැරිලා මැරිලා ගෙදර එන ටිකටත් ඒකි රිංගපු ගුබ්බෑයම් වලින් කෝල් එනකොට ඒකිව ගේන්න යන්නයි....මට අමතක මගෙ විතේන්ව හොට හොය ඉබාගාතේ යනකොට මට හිතේ ගින්න ඇරුනම බඩේ ගින්න අමතක වෙලා අවසානම අඩියෙදි බඩ වැල් අව්වට වේලුන මෑකර් ඇකිලෙන්නා හා සමානවම ඇකිලිලා ගිහින් බඩ මට කාගන්න බැරි උනා....

අනේ බන් හිමින් බීපන්කෝ...හිමින්..බීපන්...බෑයි කියලා ඔය මගුල අහවර නොකර ඉන්න බෑනෙ...උඹට බඩට අමාරු නම් ඔය කලිසම් බෙල්ට් එක ගලවලා දාපන්...දාලා නිවාඩුව බීපන්කො.... 

මගෙ කොන්ද කැක්කුමයි බන්...බඩ කොර වෙනවා....

මම එහෙම්ම කොන්ද නමා ගත්තා...මගෙ යටි බඩ කොර වේගන එනකොට හරි අඩක් බීපු තැඹිලි ගෙඩිය පැත්තකින් දාලා යටි බඩ අල්ලන් එහෙම්ම නැමුනා...

අනේ....ශෙනෝ.....න්න්.....මගෙ... බඩ...බ්වෑ.....ක්ක්ක්ක්...

මගෙ බඩ කොර වෙනවයි කියල නැවීගන උන්න මට ඌ දිහා බලලා කෙදිරි ගාන්නවත් බැරි උනා...කට පුරවලා තැඹිලි වතුර අපුලට යනකොට මම දෙකට නැවීගන බේසමට ඔලුව ඔබාගන වමනෙ කරන්න ගත්තා ... 

අම්මෝහ්...අනේ...දනවා .....හ්...ශෙනෝ..න්න්.....

යටි බඩේ කොරේ බඩේ දැවිල්ලකට පෙරලෙනකොට මම ශෙනෝන්ගෙ කලිසම් කකුල අල්ලන් බඩ දනවා ගානකොට ඌ දෙකට නැවිලා දැවිල්ලයි කියන බඩ අතගානකොට මම ආයම පාරක් වමනෙ දැම්මා...

ශෙ....නෝ....

හරි...හරි...හෙමින් බොමු...හෙමින්බොමු.....ඔය දැවිල්ල ගන්නෙ ඔය මගුල් එලියට එන්ඩ...අනේ උඹ බෑ කිව්වොත් ඕක ගන්ඩ බෑනෙ...උඹට උඹේ විතේන්ව හොයා ගන්ඩත් බෑනෙ...හොද එකා වගේ හෙමින් බොමු...

ඌ මගෙ ඔලුව අත ගගා නොබී උන්නොත් මගෙ විතේව හොයා ගන්නත් බෑනෙ කියනකොට මම බයටම අනිත් තැඹිලි ගෙඩියත් අර්ස්න් කටේ ගහගත්තා ....

උගුරෙන් පහලට යන වාරයක් ගානෙම ආපිට එලියට එනකොට වෙද ගෙදර මිනිස්සු වමනෙ බේසම කූරු ගගාම බලනකොට ඒ දිහා බලන් උන්න මට ආයම වමනෙ ගියා 

කට පුරාවයම දැනෙනෙ අඹුල් රස පිට පිටම මාව ඔක්කාරෙ කරවනකොට හය හත් වෙනි ගෙඩිය බීලා වමනේ යනකොට මට නම් තව බොන්න බැමයි කියලා මම බිම වකුටු උනා...

අනෙ...දෙයියනේ...මගෙ ...බඩ පපුව ගිනි...ගන්නවා...

තොල කට පවා වේලිලා යනකොට මගෙ උගුර් කට පවා.දැවිල්ල ගත්තා බඩ පෙරල පෙරම එකම එක අංශු මාත්‍රයක් වත් ඉතිරි නොකරම එලි බහිනකොට මම බොන බොන ගෙඩිය ආපිට දැම්මා

මාව හෙම්බත් උනා.....කෙලින් ඉන්න පන නැති උනා වමනෙ කරපු මං මහ පොලවෙ වැලි ගොඩේ මුනින් අතට වැටිලා ඔලුව ගහග්ත්තා

අනේ මට නම් තවත් බෑ දෙයියනේ කිව්වා ...උඩු හිත කොච්චර බෑ කිව්වත් යටි හිත කිව්වෙම බාගෙට මැරිලා හරි ඇගේ අලවපු දේ යවන්න කියලා වෙනකොට 

මං ආයම බිම ඉදගත්තා ....

ශෙ..නෝ....න්....තව...කීය...ක්..

තව හතයි....තියෙන්නෙ නිතේස් අයියෙ .අනේ පුතේ....ඕක බීලා කොහොම හරි වමනෙ දාපන්කො.....අනේ සෙනෝන් මේ බෑග් එක අල්ල ගන්න මට මේ ලමයගෙ කොන්ද අත ගාන්න....පව් අප්පා...මට එන තරහට..ඇත්තමයි...ලෑල්ලකට ඇන ගහලා අනීතිච්චිව ඒක උඩ ඉන්දවන්න හිතෙනවා පුක හිල් වෙලා මැරියන් කියන්න ....

නෑ....ඒක් හොද වැඩී....අනීතිච්චිගෙ චූටි ඇගිල්ල කොහෙ හරි බිත්තියක මුල්ලෙ වැදිල උඩ හම පලයන් ...එතකොට චූ බර එන්නම දැවිල්ල ගන්නවනෙ.....නැත්තන්....නැත්තන් ....අනේ ඕකි ටොයිලට් යනකොට වල ඇතුලෙ පොලගෙක් ඉදලා පුකට කොටපන්...ම්හුක්...මට නම් දැන් තරහා ගිහින් ඉන්නෙ හරියට ....නිතේශ් ...කෝ ඔලුව උස්සන්න පුතේ ...උගුරත් දනවද ....ගෙදර යනකොට මං පෝලෝ පැකට් එකක් අරන් දෙන්නම්...හොද දරුවා වගේ මේක බොමුකො පුතේ ..

මන් කෙදිරි ගෑවා....ඩියෝනයා පිස්සට හැතැම්ම නෑ වගේ අනීතට ...ඇත්තටම මට නමට වත් අම්මෙ කියන්න පිරියක් නැ දෙයියනේ.....ඒ ගෑනි මාව කෑවා...අපිව කෑවා ...මං කෙදිරි ගගා අහන් උන්නා...ඩියෝනයා මගෙ දැවිල්ල ගත්තු බඩ පපුව උගුර අත ගානකොට මට වෙන මොනවටත් වඩා කූල් වතුර ටිකක් ඕනා උනා....මගෙ උගුර ගිනි ගන්නවා වගේ දැනුනා බඩ පපු කටු කම්බි වලින් සූරනවා වගේ දැනුනා .. හරිටයටම නටන තෙල් කටාරමකට බැස්සුවා වගේ දැනුනා .....

අනේ..මගෙ නිතේස් නැගිටපන් පුතේ....නැගිටලා මේක බීපන්කො....ඇත්තමයි මට එන තරහවට වලව්වෙ උන් ඔක්කොටම කන් රත් වෙන්න ඩෑස් දෙක තුනක් දෙන්න හිතෙනවා .. .කෝ මේක බොන්න මගෙ නිතේස් අයියෙ.....

මං ආයම කෙලින් උනා.....වේදනා දෙන උගුර ඩියෝන් අතගානකොට මං බීපු තැඹිලි ගෙඩිය ආයම එලියට ගියා .....වමනෙ යන්නෙ කොයි පාරද මං මාව මැරිලා ගියත් කමක් නෑ කියලා මන් එක හුස්මට බීගන බීගන ගිහින් ඩියෝනයව මිරිකගන නහයෙන් කටෙන් එක දිගට හුස්මක් කටක් නැතුවම වමනෙ ගිහින් ගිහින් අවසානෙදි පිත එක්කම ලේ වමනෙ පවා යනවා අක්කම කලුම කලු පාට ගුලියක් වමනෙ බේසමට වැටුනා .....

අනෙ...දෙයියනේ....මට දැන් නාඩි වැටෙන්නෙත් නෑ....

ඇස් වලින් වැටුන කදුලු නයගරාව පරද්දවනකොට මගෙ කන් අඩි පවා අගුල් වැටිලා ගියා.....වමනෙ ගිහින් ගිහින් අවසානෙදි මගෙ බඩ පිට කොන්දට ඇලිලා යද්දි මං තවත් නම් කෙලින් ඉන්න බැරි කමටම ඩියෝන්ගෙ ඇගට හේත්තු උනා වගේම ඌ මගෙ බඩ පපුව අත ගගා අවසානෙදි මැනිකට කෑ ගැහුවා .....

සෙනෝන්....දැම්මා....දැම්මා....නංගි බබාලගෙ අම්මෙ....නිතේස් අයියා දැම්මා....

බේබි හාමු....උඹලා මූන කට පොඩ්ඩක් හෝදන් ටික වෙලාවකට හාන්සි උනා නම්...උඹලට දෙන්න විරෙක කසායක් තියනවා.....ඔව්වා එක පාරම යන්නෙ නෑ හාමු..මේ උඩටම අද මේ කසාය උගුර බීලා හත් දොහක් යනකන් බඩ සුද්ද වෙන්ඩ මේක බීපල්ලා.....දෙයියන්ගෙ පිහිටයි කියලා උඹලගෙ වැඩේ අහවර කරන්ඩ පුලුවන් .....ඔය අඹරපු මිරිස් ආපිට අඹරලා ඔවුන්ට මේ දීපු ගින්දර අපි හරවමු හාමු.....

මල ඉර බහින්ඩ තව හෝරා කීයද ...උඹලා කලබල නොවී ඉදපල්ලා ...අද හිත සැනිසීමෙන් උඹලට නිදා ගන්ඩ පුලුවන් වෙයි....ටික වෙලාවකට ඇලවෙයන්කො හාමු....

වමනෙ බේසමට වැටුන කලු ගුලිය පාද පාද වෙදහාමිනෙ බලනකොට මැනිකා ඇවිදින් මට ඩිංගක් ඇලවෙන්න කිව්වා....ආයමත් බඩ විරේක කරවන්න කසායක් දෙනවා කියනකොට බාගෙට පන ගිහින් උන්න මට තවත් යන්න පනක් නැති උනත් මම ඉවසන් දරාගන උන්නා..මොකද ....අදින් පස්සෙ මගෙ හැම විදවීමක්ම ඉවර හින්දා.. ..

නිතේස්.....නිතේස්...අයියේ...නැකිටින්න පුතේ ..

මට නින්ද ගිහින් තිබුනා...ඇග වේදනාවට....ඇග පන නැති කමට මේ ඔක්කොමත් එක්ක මට ඩියෝන්ගෙ උකුලෙම නින්ද ගිහින් තියනකොට ඒකා මගෙ මූන් අත ගගා මට නැකිටින්න කියනකොට මම ඇස් ඇරියා....ඒත් තොල කට උගුර මේ ඔක්කොම ඉඩෝරෙට අහු උනා වේලිලා ගිහින් තියනකොට මම වතුර එකක් ඉල්ලුවා...

වතුර එක ගත්තත් මට ආපිට මතක් උනේම තැඹිලි වතුර වෙනකොට මට ආයම ඔක්කාරෙට ආවා.....

මම ආයම වමනෙ දැම්මා...ආයම දැම්මා...ආයම දැම්මා....මං හිතන්නෙ අදින් පස්සෙ මගෙ ජීවිතේ කිසිම දාක මම තැඹිලි බොන එකක් නෑ...මට ඒ තරමට තැඹිලි අප්‍රසන්න උනා...

මම ඇදන් උන්න ටී ශර්ට් එකෙම්ම කට පිහිද ගත්තා ...කට පිහිදගත්තු මම එහෙම්ම පොල් ගහට පිට දීලා හේත්තු වෙනකොට ඩියෝනයා ආයම මගෙ අතට තේ කෝප්පෙකට දාපු කසාය දෙනකොට මම මූන අකුලන් කසාය කෝප්පෙ දිහා බැලුවා .....

මට රිදුනා....

කසාය බොනවටත් වඩා මට රිදුනා....

තැඹිලි බීලා මහ සාගරයක් තරමට වමනෙ ගියාටත් වඩා රිදුනා.....

මේ ඕක්කෝම පිටිපස්සෙ ඉන්නෙ දස මාසයක් මාව බඩේ තියන් උන්න අම්මා නේද කෙරුවෙ කියලා මතක් වෙනකොට මට මේ හැම දේටම වඩා පුදුමාකාර වේදනාවක් දැනුනා....පූරුවෙ කරුම පඩිසන් දෙන්න ගන්නකොට කරුම දෙමව්පියො විදිහටත් එනවයි කියන එක මට මගෙ අම්මා තෙරුම් කරලා දුන්නා...

කොටිම්ම කිව්වොත් මහෙ අම්මා කියන්නනෙම මිනිස් වෙස් ගත්තු යක්සනියක්....

මතු උපදින කිසිම ආත්මෙක සංසාරෙ කොතනකවත් ප්‍රාර්තනා කරන්න වටින් නැති ගෑනියක්....

අම්මෙ උඹ බුදුවේවා කියලා වෙන දරුවො අම්මට බුදු බව ප්‍රාර්තනා කෙරුවත් ..මට මගෙ අප්පච්චිට ඇරුනම අම්මා වෙනුවෙන් බුදුබව හීනෙකින් වත් ප්‍රාර්තනා ක්රන්න බැරි තරම් උන අමු යක්ශනියක් ...

නැත්තන් කොහොමද දෙයියනේ මෙච්චර හතුරු කමක් කරන්නෙ....

මම එහෙම්ම පොල් ගහට හේත්තු උනා....හැම පැත්තෙම්ම බැටකාලා කාල මගෙ හිත අන්තෙටම කල කිරිලා තිබුනා.... මම මගෙ අතේ තිබුන කසාය කෝප්පෙ දිහා බැලුවා ...අම්මත් හරියටම කසාය වගේ . තිත්ත ගෑනියක්....හැබැයි කසාය කියන්න බෑ....කසාය කොච්චර තිත්ත උනත්...ඇගට ගුනයක් මිසක් අම්මා වගේ කොඩි විනයක් නෙවෙ...

මම එහම්ම ආයම දේවාලෙ පැත්ත බැලුවා... මං බලාගන මැනිකා ගුරු මැනියො ....ඒත් නැත්තන් වෙද හාමිනේ එක්ක දේවාලෙ ඇතුලෙ ඉදන් යාතිකා කරනවා....තඹ තහඩුවල මොල්ලිගොඩ වලව්වෙ නම්බුකාරයන්ව කැටයම් කරලා ගිනි දල්ලට අල්ල අල්ල මතුරන සද්දෙ එන කොට මම තිත්ත කාඩි පරදන කායම් රහ ගේන කට කාරවන කසාය එක, එක උගුරට ගහලා ඇරලා අතින් කටවහ ගත්තා .....

අමු කොහොඹ ගුලියක් බිව්වා වගෙ....

මම එහෙම්ම ගිහින් සිමෙන්ති බන්උවෙ ඉදගත්තා ...සැරින් සැරේම මගෙ ඔලුව වටෙ මතුර මතුර දෙහි කප කප අවසානෙදි ගැට විසි එකේ නූලක් මතුරල මගෙ බෙල්ලට දැම්මා...කසාය එක බීලා පැය කාලක් විනාඩි විස්සක් ඉන්න හම්බුන් නෑ මගෙ යටි බඩ ආයම කොරවේගන එනකොට අවංකවම මගෙ බඩ බුරුල් වෙනවා කියන එක මට දැනුනා වගේම මම ටොයිලට් එකට දිව්වා....

අනේ දෙයියනේ ..මට දැන් පන නෑ...අඩුම ගානෙ හුස්මක් කටක් ගන්න වත් පන නෑ.....කලු පාටට බඩ බූරුලට යනකොට මම දනහිස් වලට වැලමිට ගහගන මම ඇස් පියා ගත්තා.....මගෙ බඩ සුද්ද වෙන්නද කොහෙද ආයම බීපු කසාය යටින් යනකොට මම එහෙම්ම කොමඩ් එකේ වතුර් බොක්ස් එකට හේත්තු උනා...

උඩින් යටින් යන්න ඕනා ඒවා ගිහි ගිහින් මම අවසානෙදි පරඩැලක් වගෙ වෙනකොට මට ටොයිලට් එකෙන් එලියට අඩි දෙක තුනක් වත් එන්න බැරි තරමට මගෙ ඇග පත වාරු නැති වෙනකොට මම එතනම තිබුන නමක් නොදන්න ගහ අල්ලගන හිට ගත්තා ...

නිතේශයා ... 

ශෙනෝ...න්.....

මචන් උඹට කලන්තෙට වගේද.....

මගෙ ඇගම....පන...නෑ...බන්....

හරි..හරි... ඉදහන්...ඉදහන්...උඹට ඇවිදගන්න පුලුවන්ද . ..

පු...ලු...ව...න්.....

අමාරුවෙන් උන්න මා ගාවට දුවගන ආව ශෙනෝන් මාව අල්ලගන මට ඇවිදින්න පුලුවන්ද ඇහුවා ...මම බැහැයි කියන්න බැරි කමට පුලුවන් කිව්වත් මගෙ ඇග මටම වාරු නැති වෙලා ගියා...අඩියක් ඉස්සරහට තියන්න දනහිස් පොල්කටු පවා පන නැතිව යනකොට මට අඩියක් ඉස්සරහට තියා ගන්න බැරි උනා . 

වරෙන් වරෙන්....මෙලෝ හුත්තක් මතක නැති උනාට උද්දච්චකම නම් තියනවා පකාගෙ.....තෝත් එකයි තොගෙ අර අනිකත් එකයි ....අසනීප නැත්තන් ගහනවා කන් ගැටේ පුපුර්න්ඩ . ....

අරූ බනිනවා ඌ බැනබැනම මාව උස්සගන්නකොට මගෙ අත පය හතර කඩා වැටුනා ඌ කොච්චර බැන්නත්...මගෙ හිතේ ඌ ගැන කිසිම.කහටක් තිබුන් නෑ.....ඌ මටගැහුවා උනත් මට ඌට වචනයක් කියන්න හිතුන් නෑ. ...තමන්ගෙම උන් හතුරු කම් කරන කාලෙක ලේ නෑකමක් නැතුව උනත් උන් මගෙ සහෝදරයො වගේ ළඟින් ඉන්නකොට ඒ ලෙන්ගතු කම මාව ඇඩෙව්වා .....

මං ඇඩුවා....කෑ ගහල නෙවෙ උනත්...මගෙ ඇස්වලින් කදුලු වැටුනා...මං දන්නෙ නෑ.. පිරිමි අපි ඇඩුවට මේලෝකෙට පිරිමි කදුලු අකැපයිද කියලා.....ගෑනුන්ගෙ ඇස් වල කදුලු ගාව සංවේදි වෙන මිනිස්සු සමහර වෙලාවට පිරිමි ඇස් ගාවදි කියනවා ආපො ගෑනියෙක් වගේ අඩන්න එපා බන් කියලා....ඇයි ඒ....ඇයි.....අවංකවම ඇයි.....අඩ අඩ හරි පිට දාන්නෙ හැගීම් නෙවෙද.....අඩා ගන්න උනත් කොච්චර හයියක් ඕනෙද....

මේලෝකෙ හැමෝම කියනවා නිර්දෝශී ගෑනියකගෙ කදුලු තරම් තවත් සාපයක් නෑය කියලා ...එතකොට මං වගේ උන්...මගෙ අප්පච්චි වගේ උන්...මගෙ විතේන් වගේ උන්....ඇයි අපේ කදුලු මේ ලෝකෙය නිර්දෝශී නැතිද.....ඒවා කදුලු නෙවෙද....පිරිමි කියලා හිත් උනු වෙන්නෙ නැද්ද . .. ...

මම ඇඩුවා...උගෙ ලෙන්ගතු කම මගෙ පපුවම පසාරු කරනකොට මම ඇඩුවා..මගෙම අම්මා මෙහෙම දෙයක් කරනකොට එක දවසක් කන්න දීලා යන්න එන්න තැනක් නැති උන්ට හෙවනක් දීපු එකේ කලගුනේ අමතක නොවෙන්න උන් මට ආපිට සලකනකොට මට ඒක දරා ගන්න බැරි උනා...

උඹට බොන්න දෙයක් අරන් එන්නද.....නැත්තම් කන්න දෙයක්...

අනේ ...බන්...මට කන්න නම් බෑ.....

කල් කිරි එකක්....මයිලෝ එකක්.....

තැඹිලි ඇරෙන්න ඕනා දෙයක්.....අනේ...බන්..මට තැඹිලි නම් එපා...දෙයියනේ....

මම ඔලුව බදාගත්තා ....මට දැන් තැඹිලි කියන වචනෙ ඇහෙනකොට පවා මගෙ බඩ කැලතෙන්න ගත්තා ....

නෑ.... ණෑ...තැඹිලි ගේන්නෙ නෑ..මං උඹට කිරි එකක් අරන් එන්නම්....උඹ පොඩ්ඩක් ඔහොම්ම හේත්තු වෙලා ඉදින්....ඩියෝන් ...ඩියෝන්.....

ඕ...සෙනෝන්...

මේ නිතේශ් අයියා ගාව ඉන්න.මං කඩේට ගිහින් එන්නම්....

ඇයි.....ඇයි සෙනෝන්.....ඇයි....

ඇයි අහන්නෙ මේ මනුස්සයට ඇගට පන නෑ....වමනෙ ගිහිල්ලයි බඩ එලිය ගිහිල්ලයි පරඩැලක් වෙලා පේන්නෙ නැද්ද ...ඔය අහු මුලු ගානෙ රිංගල එක එක මගුල් කටේ ඔබා ගන්නෙ නැතුව ඉදින් ... 

ම්හුක්....එක එක මගුල් කියන්නෙ මේක බේත් නෙල්ලි ගෙඩියක්නෙ සෙනෝන්.....

මෙන්න මෙහෙන් පැත්තකින් ඉදගනින් ඩියෝන් මගෙන් ගුටි නොකා...ආව වෙලෙ ඉදන් සක බබරෙ වගේ ගස් ගල් ගානෙ බඩගානවා.....ගහනවා තොට මම පුක පුපුරන්න...

හා අප්පා...හා....ඔච්චර කෑ ගහන්න එපා සෙනෝන් මේ දරුවා බයවෙයි.....නේ මගෙ නිතේස් අයියෙ....සෙනෝන්.....මටත් අඩයක් වත් අරන් එන්න ඒයි....අඩේකුයි යෞවනේ පොපියන චමත්කාරෙකුයි ගේන්න....

මම පුටු ඇන්දට ඔලුව හේත්තු කරගන අහන් උන්නා ...මට මයිලෝ එකක් හරි කල් කිරි එකක් හරි ගේන්නම් කියපු ශෙනෝන් යන්න යනකොට අරූ මගෙ ගාව ඉදන් මගෙ නලලට අත තිය තිය මොනවදෝ කුටු කුටු ගගා මගෙ ගාව ඉදන් උන්නා...

නිතේශයා....නිතේශයා...

ම්ම්ම්...

ඉදා මේක බීපන්...මයිලො එකක් ....එක පාර හුගක් දෙන්නත් බයයි උඹට ආයම වමනෙ ගියොත්....ඒක හින්දා එකක් බීලා අනික පස්සෙ බීපන්.....

සෙනෝන්..මගෙ අඩෙ....ඩියෝන් බබාගෙ අඩේ කෝ...

ඩියෝන් බබාගෙ අඩේ කලිසම අස්සෙ....මගුල...ඉදා..

මම ශෙනෝන් දුන්න මයිලෝ එක හෙමින් හෙමින් බොන්න ගත්තා...වේඋන උගුර් කට සීතල චොකලට් කිරි වලින් තෙමීගන යනකොට අවංකවම ඇගට සනීපයක් දැනුනා....මම හුස්මක් වත් නොගෙන උගුරට දෙකට මයිලෝ එක බීලා ඕන මගුලක් කියල අනිකත් ඒ උඩටම ගහලා දාල පපුව පිරෙන්න හුස්මක් ගත්තා ...

මැනිලලා මොකද බන් කරන්නෙ.....

මම තාම දේවාලෙ ඇතුලෙන් එලියට නාව මැනිකල ගැන අහනකොට ශෙනෝන් වෙ පැත්ත බැලුවා ...

තඹ තහඩු පුච්චනවා...මැනිකා කිව්වා යන්ත‍රයක් දෙන්නම් ගෙදර ගිහින් ලිපේ දාලා පුච්චන්ඩ කියලා ...

එතකොට .....

එතකොට කියන්නෙ.....උඹලටත් ගෙවල් වල ඉන්න බැරි උනා වගේ උඹලගෙත් සර්වාංගෙම ගිනි ගත්තා වගේ උන්ටත් ඒ හා සමානවම පිච්චෙන්න ගන්නවා උඹලට උනේ මොනවද ඒ...හා සමානවම උන්ටත් වෙනවා...බලන් ඉදින්...ඔය උන් ලේසියෙන් මැරෙන් නෑ...විදවලා විදවලා මැරෙන්නෙ ... .

දේවාලෙ දිහා බලාගන ශෙනොන් කියන වචනයක් වචනයක් ගානෙම මම අහන් ඉදලා ඕෆ් කරලා දාපු ඵෝන් එක අරන් ඔන් කෙරුවා ....

මිස් කෝල් අටයි....අම්මගෙන් හයයි...නාද්‍යගෙන් දෙකයි...

ගෙදරින් අරන් බන් ...

කව්ද....ගෑනිද...නැත්තම්.මහ එකීද.....

ගැනියි මහ එකීයි දෙන්නම...

ගනින් ගනින්...අරන් බලපන්....මොකද කියල ..කිව්ව්ත් වගේ ..මල ඉර බහින්ඩ ලගයි...මොන මගුලක් හරි වෙලාද බලපන්.....අතක් පයක් වත් කැඩිලශ කියල බලපන්.....

මිස් කෝල් ඇලර්ට් දැකපු ශෙනෝන් එකම මට ගන්න ගන්න කියනකොට මම අම්මගෙ ඵෝන් එකට කෝල් එකක් ගත්තා....කෝල් එක රින්ග් වෙන්න වත් හම්බුන් නැද්ද මන්දා...අම්මා ආන්ස්වර් කෙරුවා .....

හෙලෝ...සුදු මහත්තයා ....

ඇයි....

ඇයි අහන්නෙ...දෙයියනේ....උඹ කොහෙද උන්නෙ නිතේශ් ....උඹ මොන ලෝකෙද උන්නෙ.....

කෑ නොගහා උනේ මොකක්ද කියලා කියනවද ..

උනේ මොකක්ද....අත්තම්මා ඉස්පිරිතාලෙ ....

අත්තම්මා ....ඉස්පිරිතාලෙ .....

වෙව්ලන කටහඩකින් කතා කරපු අම්මා අත්තම්මා ඉස්පිරිතාලෙ කිව්වා...ඒ කිව්වත් එක්ක මට අම්මා කියපු දේම සද්දෙට කියවෙනකොට මම ශෙනෝන් දිහා බලලා ඵෝන් එක අතින් වහගත්තා ....

මචන් අත්තම්මා ඉස්පිරිතාලෙ ලු....

ආ..හක්....ඉස්පිරිතාලෙ ලු....සුපිරි....ආය....සු ..පි....රි...ඒ කියන්නෙ.....හිතුවට වඩා වැඩේ ඉක්මන්...ආය ඒකනෙ කියන්නෙ මාතර උන්ට ගහන්ඩ කාටත් බෑ කියලා ....හරි...හරි ..දැන් ඉතින් උඹ පරන විදිහටම ඉදින්...

අරූ හිනා උනා...අප්පුඩියකුත් ගැහුවා...ඉනට අත් දෙක ගහගත්තු ශෙනෝන් මා දිහා බලන් ඉන්නකොට මම ආයම ඵෝන් එක කනේ තියන් සද්ද කරන්න එපා කියන ගමන් කතා කරන්න ගත්තා ....

ඉස්පිරිතාලෙ ....ඒ මොනවා වෙලාද ඉස්පිරිතාලෙ ....

මොනව වෙලාද....උඹගෙ ගෑනි පොඩ්ඩගෙ වැඩ තමයි....මේකි නම් අපිවම කන්න ආව යක්සනියක්....

අම්මා නැහෙන්නෙ නැතුව වෙච්ච දෙේ කියන්නකො.....

වෙච්ච දේ කියන්නෙ....මේකිව මෙහෙට ගෙන්න ගත්තෙ මටත් බැරි හින්දනෙ .....අත්තම්මව නාවන්න කියලා වතුරත් උනු කරවලා දීලා බාතෲම් එකටත් එක්කන් ගිහින් මේකිට නාවන්න දීලා මම ගියා හාල් හුන්ඩුවක් ලිපේ තියන්ඩ ..මේකිට බතක් වත් උයන්ඩ දන්නෙ නැති හන්දා ...

.ඇයි අම්මා උයන්නෙ...වැඩට උන්න කෙලී....

ඒකි හාල් කොටන් එන්න මෝලට ගියා....

හරි ..ඉතින්....මොකද වෙලා තියෙන්නෙ ..

වෙලා තියෙන්නෙ ..උඹ ගානක් නැතුව කොහොමද ඔහොම අහන්නෙ නිතේශ් ....ආ...උඹ ගානක් නැතුව ඔහොම අහන්නෙ කොහොමද ....

ඉතින් දෙයියනේ මම අඩ අඩ අහන්නද...මං වැඩ අම්මා...මං වැඩ...අර පරට්ටි ගෙදර ඉන්නකම්ම ගෙදර උයන්නෙ නැතුව පහල බත් කඩෙන් නයට කාලා කාල....එක එකා එනවා මේකි නයට කාපුවල සල්ලි ඉල්ලන්....මට දැන් එක එකාගෙ ණය බේරෙන්න සල්ලි හොයන්න වෙලා තියෙන්නෙ .....

එහ පැත්තෙන් අඩ අඩ ඉන්න අම්මගෙ ඔලුව කන්න මම තව තව විස බීජ දැම්මා...පුලුවන් තරම් නාද්‍යගෙ වැරදි කිව්වා...ඒකි මට කරපු නොකරපු ඔක්කොම.එකට ගොත ගොත කිව්වා...

ශික්කෙ...මොන නමනින්දාවක්ද දෙයියනේ අපෙ පවුල්වල උන් කවදද නයට කෑවෙ මේ වේස කෙල්ල....නම්බුව එහෙන් පිටිම්ම කනවා...මේකිව තියන්ඩ වටින් නැ දෙයියනේ ..මේකි.....මේකිගෙ වැඩේම අර ලබ්බෙ ඵෝන් එකේ....හිනා වෙවි ඒක දිහා බල බල ඉන්නවා මිසක් මේකි වැඩක් කරන්නෙම නෑ නෙ.....

ඔව්වා මට මහ දේවල් නෙවෙ ...ඔව්වා මං දකින්නෙ ඕකිව බැන්ද දා ඉදලා .....ඔව්වා මං කරපුවා නෙවෙනෙ මට බන්දලා දීපුවනෙ අම්මා....දැන් මොකද උනේ කියන්න....

මේකිට අත්තම්මව නාවන්න ගිහින් වට්ටල නිතේශ් ....අත්තම්මගෙ උකුල් ඇටේ කැඩිලා....දැන් ඉස්පිරිතාලෙ .....මට නම් තේරෙන්නෙ නෑ නිතේශ් ....මට නම් තේරෙන්නෙ නෑ....

අම්මා අප්පච්චිට වත් එන්න කියන්නකො අම්මා...අම්මටත් බැරි එකේ ....මම කොහොමද අම්මා එන්නෙ....මට එන්න විදිහක් නෑ....දැන් අත්තම්මා ගාව කව්ද නවතින්නෙ....අප්පච්චි උන්නා නම් අම්මට ලේසියි ....අප්පච්චි නිකමටවත් ගන්නෙ නෑ ගියා ගියාමයි...

........

හෙලෝ...අම්මා.....අහන්ද ඉන්නෙ....ආ...අම්මා....කව්ද නවතින්නෙ.....?

ම්...මට....මට තමයි නවතින්න වෙන්නෙ...උඹගෙ ගෑනිව නැවැත්තුවොත් ඒකි මේ මනුස්සයව මරලයි නවතින්නෙ...මගෙ ඔලුව ගිනිකබල වගේ දෙයියනේ.....අත්තම්මගෙ වයත් එක්ක අත්තම්මව ඇදටම වැටෙයි කියලයි මට බය . .. අප්පච්චි කොහෙ එන්නද....අදත් කතා කරපු වෙලේ ඉහටත් උඩින් වැඩ කිව්වා.....

ඇත්තදූ.....

මොකක්ද .....මොකක්ද සුදු මහත්තයා කිව්වෙ....

මොකුත් නෑ අම්මා....

 

මම අහන් උන්නා ....කට හඩින් කොහොම දුක පෙන්නුවා උනත් මගෙ මූනෙ සතුට උතුරන්න තිබුනා...මෙච්චර වෙලාම ඇගට පන නැතුව හේබාලා උන්න මම අම්මගෙ කදුලු ගාව හිනා වෙන්න ගත්තා .....අම්මා එහෙන් අඩනවා.....ඒ කොහොම උනත් අප්පච්චි ගැන අහනකොට සද්ද නැතුව උන්න අම්මා ඊලග පාර අතේ පැලවෙන බොරු කියනකොට මම කට කොනකින් හිනා වෙන ගමන් අහන් උන්නා...

සුදු මහත්තයා ...අනේ ...උඹට එන්න බැරිද පුතේ .මට මේවා තනියෙන් කරගජන්න අමාරුයි...හෙට පොඩීවයි ලොකු අම්මවයි අරන් එනවා...අනෙ දෙයියනේ ඒකිගෙ මිනිස්සු දෙන්නගෙන් එකෙක් වත් ඒකිව අරන් යන්න කැමති නෑ....ඒකිට සිහි කල්පනාව මෙලෝ දෙයක් නෑ නිතේශ් ....අනිත් පැත්තෙන් ලොකු අම්මා...ඒකිගෙ මිනිස්සු දෙන්නම වෙන අතක් බලාගන පුදුම මිනිස්සු තමා.....යකො ගෑනිට අසනීප උනා කියලා ඔහොම කරනවද.....

ම්න්.....

නිතේශ් ...අනෙ පුතේ උඹට එන්න බැරිද.. 

මට අද හෙටම එන්න වෙන්නෙ නෑ...ඔය නාද්‍යා ලව්වා තියන එකක් කර ගන්න...

නාද්‍යා ...නාද්‍යා...ඒකි ලව්වා වැඩ කරවන් වලපල්ලට යන්ඩද.....ආ නිතේශ් ...කිසි වැඩක් බෑ....විලිසංගෙ නෑ...අර සීයා තාත්තා ඉන්නවා නේද උඹේ ගෑනිනේද .ඒවා බලන් නෑ...මේකි අමු හෙලුවෙන් නටන්නෙ...අත්තම්මට පපුවෙ අමාරුව අල්ලනවා මේකිගෙ ඇදුම් දැකලා.....

මට හිනා යන්න ආවා....අම්මා එහෙන් ගිරිය පුප්පන් කියවනකොට පලවෙනි කඩුල්ල පැනලා අත්තම්මගෙ උකුල් ඇටේ බිදිලා ඇදේම පනුවො ගහන තැනට වැඩ වැටිලා තියනකොට මගෙ මූනට හිනාවක් ආවා....අම්මා තව තව දේවල් කියනකොට දේවාලෙන් එලියට ආව මැනිකව දැකපු මම එහෙම්ම කෝල් එක් කට් කරල දානකොට මැනිකා මං ගාවට ආවා....

බෙබි හාමු...පස් දොහක් යනකන් මේන් මේ කසාය බීලා බඩ සුද්ද කරගනිල්ලා.....උඹලට පස් දොහකින් ආයම වලව්වට යන්ඩ වෙයි සුදු කොඩි අදින්ඩ.....

සුදු කොඩි අදින්ඩ...

ම්ම්ම්.....උඹලට ආයම සුදු කොඩි අදින්ඩ යන්ඩවෙයි.....ඒ පස් දොහ ගෙවෙනකොට උඹේ ඔය ගැට ගැහුන නහර ආයම බුරුල් වෙලා මතකෙ ඇවිදින් තියේවි ....මතක තියාගනින්....උඹ ඉන්ඩ ඕනේ මොකුත් මතක නෑ වගෙ.....තේරුනානෙ.....දහම් හාමුගෙ කට බැන්දෙ කොහොමද ...ඒ වගේම උන්ගෙ කට බැදෙයි...උඹගෙ ඇස් පනාපිටම උන්ට හොරි දායි....තුවාල දායි....පනුවො ගහයි...ඔය ඇස් ඇරල බලන් ඉදින් හාමු...උන් ඔක්කොම.අහවර වෙයි...උඹ එකක් කරන්ඩ ඕනා හාමු....

මොකක්ද...

මැනිකගෙ ඇස් නාරන් පාට වෙලා තිබුනා...ඒකො කියවනවා...ඒකි කියවන්නෙම ආවේස වෙච්ච එකියක් ගානට වෙනකොට ශෙනෝන්ලා කටවල් ඇරන් බලන් උන්නා...ඒකි හරි හරියට කතා කර කරම ඉක්මන් අඩි තිය තිය අප්පච්චි උන පැත්තට යනකොට මාත් ඒකි පස්සෙ ගියා... ඒකි එහෙම්ම බෙහෙත් ඔරුවෙ ගිල්ලිලා උන්න මගෙ අප්පච්චිගෙ අත අරන් වක ගැහිල වගෙ තිබුන ඇගිලි හිමින් දිහාරින ගමන් දහම් හාමු වගේම උන්ගෙත් කට බදිනවා කියල අවසානෙදි කප්පමක් ඉල්ලනවා වගේ මගෙ මූන දිහා බැලුවා...

පහලට වැවට තෙප්පමක් දාන්ඩ ඕනා....මගෙ කෙලී මැරුනයින් උන් පහල වැවෙ තෙප්පම අයින් කෙරෙව්වා.....උඹ ගිහින් පහල වැවට තෙප්පමක් දාන්ඩ ඕනා....අනිත් එක.....උඹ ඔය වලව්ව සම්පූරනම බිමට සමතලා කරන්ඩ ඕනා....ඒකත්....උඹේ අත්තම්ම ඉස්සරහා ...ඔවුන් නොවිදිනා දුක් විදලා මැරෙන්ඩ ඕනේ....ඒ කරලා...ඒ ඉඩමම....දලදාවට පූජා කොරාපන් ...මගෙ කෙලීගෙ ආත්මෙට සැනසීමක් දෙන්ඩය කියලා ඒක පූජා කොරාපන්...

හ්..හොදමයි....මැනිකා....

හ්ම්....දැන් යමල්ලා.....අද ඉදන්.....යන්තරේ රත් කොරන්ඩ ගන්නවා.....උඹට...මන් කිව්ව වගේ මල ඉර බහින්ඩ කලියෙන් එක ලකුනක් දුන්නා...එහෙනම්.....මතක ඇතුව...වැවට තෙප්පමක් දාපන්.....පස් දොහකින් පස්සෙ.....පලවෙනි ගැටේ කපනවා....අරූ පරසක්වල ගහලා නේද උඹ ලව්වා මිනි වල කප්පනවා කියලා .....උඹ තෙප්පම දාලා ගිහින් මිනිවල කපපන්....දැන් ඉතින් පලයන් හාමු....දැන් ඉතින් පලයන්...

🙂ම්හුක්...

මුව පැතියත මේ ටිකේ ඔලුවතත් උඩින් වැඩ අයියො...

බෝනස් ඉල්ලනය අය සමාව භජනය කොරත්වා....

කමක් නෑ මුව පැතියෝ....බෝනස් නැතුවත කියල කියන් යන්ඩලා...😂😂

ආය එන්නාම්....

ම්හුක්...

Ferdeesha ❤️💚😘 ....

More Chapters