මගෙ අන් පවා අගුල් වැටිලා ගියා ...උදේ හවා ඈතින් දකින අඩි පහ දහයක දුර තියලා දකින ඒක දන්තයා...
මම තනිකරම කළු කූඹියෙක් නම් ඒක දන්තයා තනිකරම රූස්ස ගහකට සමාන උනා...
කහ ඇස්.....ඇග පුරාවටම ගහගත්ත දූවිලි පාර...තවමත් මල්වර නොවුන නැගගන එන ඉරේ එලිය ...වේලුම් කාපු ඉලුක් කැලෑව තනකොල බූටෑව ආර සර සද්දෙන් හොලවාගන හීනියට උඩුහම් ගහන් යන හුලන් රැල්ල .....මේ ඔක්කොම එක්ක මං උන්නෙ තනිකරම හිට්පිලිමයක් හා සමානව වෙනකොට අරකා සැරයක් පිම්ඹා...දෙසැරයක් පිම්ඹා....ඉස්සරහට යන්ඩද ...පස්සට බඩගාන්නද ...
දෙවියනෙ මමවත් නොදන්න වෙලාවක කවුරු හරි මගෙ බලනහරෙ මැදට ගැටයක් දලා කකුල් කෙටි දෙකේම පන ගිහිල්ලා.....
උරහෙ උඩ මල්වර උන නංගි....කිලිටි ලේ කුයිලෙ උඩුගම් යනවද.. ..ඒකගෙ නාහෙට දැනෙනවද....ඒත් නැතිනම් මිනිස් පුලුටෙ ඉව විතරක් දැනෙනවද....
මං දන්නෙ නැ දෙයි හාන්දුරුවනෙ.....පාර ගහයිද උස්සලා පොලවෙ ගහලා පාගයිද ඔලුවෙන් තද කරයිද.....මට හිතාගන්න බැරි උනා.....
ඒකා කන් වනනවා.....කකුල් හතරටම යටින් පස් වෙනි කකුල මහපොලවට අගලක් දෙකක් උඩහින් නලියනවා....කෙනරක් නැතුව ඒකට නුරාව ඉහවහ ගිහින් යක්සාවේසෙන් පාර පිට පාර දූවිලි අහුරු අහුරු ඇගට ගහ ගහ ඒක දන්තයා කන් වනනවා...ආයම පැද්දෙනවා....
ඒකා ඉස්සරහට ආවොත් මාව චප්ප කරනව....
කරේ ඉන්න කෙල්ලව ඉලුක් කැලෑවට වීසි කරලා දැම්මයින් පසෙ මාව චප්ප කරනව නම් චප්ප කරපන් ඒක දන්තයො....

මගෙ යටි හිත මගෙ බහෙන් ඒකට යදින මොහොතක කරේ උන්න කෙල්ලව මගෙ ඇස් වලින් කිල්ලට අහු උනාට වෙන කිලිවලට අහුවෙන්න දෙන්න හිතක්ම නැති මං මගෙ කුයිලෙ රැදුන සරම් ගැටෙටිකින් ටික බුරුල් කරන්න ගත්තා.....
මං දන්න අලිමන්තර පවා අමතක වේගන යන වෙලාවක මට කරන්න පුලුවන් එකම දේ උරහෙ දරාගන ඉන්න නංගිව පුලුවන් තරම් ඇගට තද කරන් මගෙ සරම ගලවලා දාලා කකුල් වලට පපුවෙම හයිය අරන් දුවන එක...
මගෙ පපුව ගැහෙනවා....
එහෙන් මාසෙට පෝයට බඩ පුරවගන්න බලු නාම්බා බුරනවා....ඇදුම් කන යටි බඩ වත්තක පොල් උනත් වරුවෙන් ලෙලො ගහගන්න පුලුවන් තරමට එලිපෑදුන මගෙ උරිස් ඇටේට තද වෙලාද කොහෙද කෙල්ල එහෙන් කෙදිරි ගානවා...ඒකිට දගලන්නෙ නැතුව ඉදින් කියන්නවත් මට සිහියක් නෑ.....ගෝමර වැටුන අරකගේ හොඩේ තිබුනෙ මගෙ ප්රාස්වාසෙ වදින තරම් දුරක වෙද්දි ඉරඑලිය මහපොලවට වැටෙන්නත් කලියෙන් කණකොකා අඩාගන යන යාමෙක මගෙ සරම බිම වැටුනා...
ඇතෙක් අලියෙක් පන්නනවා නම් කරන්න පුලුවන් ලොකුම දේ කෙලින් පාරෙ නොදුවා වංගු වංගු වලින් දුවන එක.....ඒ වගේම ඇගේ කුයිලෙ රැදුන වස්තරෙන් කොටහක් වත් ගලවලා බිම දාලා දුවන එක.....
අරකා හොඩෙ වනනවා...නලියන පස්වෙනි කකුලෙන් මං බලාන නඩකහනවා.....දෙතුන් වන්ගියක්ම පිඹලා පිඹලා කන්පට වනලා වනලා හොඩේ උස්සනවා එක්කම
පස්සට තියන්න හදපු කකුල පස්සට තියාගන්නවත් වෙලාවක් නැතුව නිවන් නොදැකම මං බුදුන්ගෙ රූපෙ දැක්කා.....
ෆූශ්......
වැහිබිදක් නොලැබුන දූවිලි වරුසාවක් මගෙ ඉහ කන නාවගන පහලට වැටුනා...වැටුන සරම බිමම වෙනකොට අරකා ගහන්ඩ උස්සපු හොඩෙන් ආයමත් දූවිලි අහුරක් අරගන ඇගට ගැහුවා මදිවට මටත් ගහලා තිබුනා වගේම බුරාගන ගියපු දඩෝරියට ගහන්ඩ හොඩේ උස්සනවා එක්කම මං බලාගන ඒකගෙ සද්දන්ත ඇගට පිටිපස්සෙ ගුරුපාරෙ මොනවා හරි ගුලියක් තිබුනා....
බල්ලා කෑගහගන දුවන්න හැදුවා... ඒත් කොහෙ කියලා දුවන්නද ...හොඩ පාර හරි හැටි නොවැදුනත් යන්තම් වැදුන පාර එක්ක ඒකගෙ පස්ස කකුල් නොන්ඩි වෙලා ගිහින් ඒකව මට එහායින් බිම වැටුනා.....
බල්ලා දිහා බලන්නද....
තනි දලයා දිහා බලන්නද...දූවිලි වලාව මැදින් අඩමානෙට පේන ගුලිය දිහා බලන්නද...???
මාව වෙව්ලනවා....කෙදිරි ගාන බල්ලා පන ඇද ඇද වගේ කෙදිරි ගානකොට දලදාවෙ නටන හීලෑ ඇතෙක් හා සමානව ඒකදන්තයා වම් පැත්තට පැද්දිලා ආයම හොඩේ උස්සන් මගෙ මූන ගාවටම ඒකගෙ හොඩ ගෙනල්ලා පිඹපු පාරට
කන් අඩි විතරක් නෙවෙ පපු කැහුතු පවා කරගරන යනතරමට ඒ උනුහුම දැනුනා....බය වැඩි කමටම මටත් නොදැනි මගෙ ඇස් පියවිලා ගියා.....වැහුන ඇස් මන පියන් අස්සෙන් මං,මගෙ දිහා දුකෙන් වගේ බලාගන ඉන්න සමනව දැක්කා.....!!!
සරස් ...
සරස්....
ආයම කොල පොඩි වෙනවා....
සමනා....
දෙවියනේ සමනා ..කෝ දෙයියො උඹ.....???
එක තත්පරයක් වත් නෑ....කහට බැදුන දත්වලින් පාන හිනාවත් ..පොකුට්ට ගැහුන කොන්ඩෙකුත් අයිති සමනා මගෙ ඇස් වලින් අතුරුදන් උනා...බයටද....දුකටද උනාපු කඩුලු කැටයක් ලාවට කබ කැටියක් බැදුන ඇහිකොන් වලින් රූටගන කෙට්ටු කම්මුල් තෙමාගන පහලට වැටුනා...
හතර කුටීර ගැහෙන ගැහිල්ලට ඉල ඇට කාඩාගන එලියටවැටෙයි කියලා මටම බය හිතුනා...වැහුන ඇස් ආයම වතාවක් හීන් සීරූවට ඇරෙනකොට මං බලාගන මගෙ පනකෙන්ද මගෙන් උදුරගන්න හදාපු තනි දළයා ගිනිගන්න ඔන්න මෙන්න තරන් වේලුන ඉහටත් උඩින් වැවුන තනකොල යාන්ගෙ පොඩි කරන් වෙන අහකට යන්න යනවා.....
සමනා....ඇයි රත්තරන් මං උඹව දැක්කෙ.....දෙයියො උඹ කොහේවත් ඉන්නවද කියාපන් මයෙ අම්මා.....??
මගෙ යටි හිත මලගම් ගියාය කියාපු සමනා වෙනුවෙන් ආයම දුක් වෙන්න ගන්නවා....
අරකා යන්න ගියා....මට නොගහම ඒකා කවදාවත් නැතුව ආපිට හැරුනා...
ඒ එක්කම අර දූවිලි වලාව හීන් සීරුවට තුනී වෙන්න ගත්තා....
ගමකගෙ ඇස් වහලා නාඹර ඉරඑලිය වැටීගන එන යාමෙක ගල්පොත්ත පහුකරාන යාරෙක දුරින්
ගුරු පාරමලගමක් උහුලන් උන්නා....
මටත් නොදැනිම මගෙ කරේ උන්න කොටහලු මල බිම අතෑරුනා.....!!

පියදාස.....මාමෙ.....හ්හ්
මං හිතන්නෙ මගෙ බෙරිහන්දීම මුලු ගමටම ඇහෙන්ඩ ඇති .....නිලට හැදුන ගොයමෙන් අහසට නගින කොක්කු රෑනක් වෙනුවට මඩගොහුර අවුස්ස අවුස්ස කොරලි පැටියෙක් ඩැහැගන්න ආව කොක්කු රෑනක් අල්ලපු ගොදුරත් බිම දාලා අහසට නගිනකොට බොද උන ඇස් වලට අර කියන්නා වගේ කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙනකොටයි කියන පරම සත්‍යවත් දකින්න බැරි උනා...
අවුරුදු ගානකට උඩදි රහබැලුව අයිස්ක්‍රීම් පෙට්ටි පොඩි දෙක තුනක් සීසීකඩ..... මල් වගේ උයාගන්ඩ බැරි උනත් බඩකටක් පිරෙන්ඩ ඉදුන බත සීසිකඩ....මැල්ලුම් අහුරක් එක්ක සුවදත් රසත් මලගමෙ සුවදට යට උන හොද්දක් සීසිකඩ....
කදුලු වැල් ගලාගන ගියපු ඉහනිකට පැහුන පියදාසගෙ හුස්ම පොද කොහෙද ??
අපෙන් හාන්දුරුවනෙ පන්සලට හීල්බත එවාපු ඇබේනිට මලබතට ලිප්ගල් හොයන්ඩ වෙලා අදට විතරක් ගිලන්පස වලදපල්ලා අමනාපකම් නොකර...
මගෙන් හුස්මක් පිට උනා....පියදාස මාමෙ කියලා ලේ නෑකම් නැති මනුස්සයට මමා කම් කිය කිය දෙයියන්ට බුදුන්ට එකතු කර කර වදින අත්ම එකතු කරලා වැදලා ඒකාදෙන කොස් බෑව කී දොහක් නම් ගෙදරට ගෙනාවද...
කොටහලු උන කෙල්ල කෙදිරි ගානවා...
හොඩ යන්තන් වැදුන දඩෝරියා පහු පහු වෙනකොට පස්ස කකුල් කෙලින් කරගන්න බැරිව අඩ අඩාම පුකෙන් රූටන්න හදනවා....
කඩලා බිම දාපු සරම ආයම ඉනපටලගත්ත මන් දොට්ට පිලට යන්නා හා සමානව අරකා කොල අතුවලින් වහපු මලකද ගාව ඇනතියාන අත් දෙකත් කතිරෙට හිටින්ඩ පපුවට ලන් කරන් උන්ඩි කරගන මං ඒ මුන දිහාව බලාන උන්නා...
.වෙනදට වඩා කණකොකා අඩන වාරගාන වැඩිවෙන්න හේතු මේකයි දැන්.....
මං බලාගන උන්නා....ලේ ගන්දස්සාරෙ නාවත් යන්තමට කක්කුසි ගදක් එක්ක හුජ්ජ ගදක් ගහනවා...බඩද මන්දා තලලා තියෙන්නෙ ...එක්කො හහපු ගැහිල්ලට බයට මල මුත්‍ර පිටවෙලා...
අරකා තිරිසන් ආත්මයක් ලබලත් එසේ මෙසේ පවක් නෙවෙ කරගන්නෙ.....සගනමක් වේලක් බඩගින්නෙ අරිනවට ඕකට තව ආත්ම හතකට වත් කන්ඩ හම්බෙයිද මං අහන්නෙ.....
ගමේ එවුන් තියන කමට දෙනවා නෙවෙ...ඒත් මොන ගැහැට ආවත් ස්‍රද්දාව ඉහට උඩයිනෙ හාන්දුරුවනෙ කියලා උන්ට ඕන සුජාජාතාව වගේ කිරිපිඩු දානයක් දෙන්ඩ වත්කම් නැති උනත් තියන සබ්බසකලමනාවෙන් මක්කවත් තම්බලා පන්සලට ගිහින් දෙන්ඩ...
නිකිනි....
ඉර එලියට වැටෙන්ඩත් කලියෙන් පන්සලට හීල් දානෙ අරන් ගියත් පින් කරන්ඩ කලියෙන් නිවන් දොර ඇරුන පියදාස මාමගෙ මලකද දිහා බලාන උන්න මං මගෙ ඇගට හේත්තුවේගන කෙදිරි ගාන නංගිට කතා කෙරුවා...
ඉන්ඩ හිටින්ඩ හරි හමන් තැන් නැති උනත් ..බඩට කන්ඩ තුන්වෙල නොතබුනත් ගම්තුලාන ඇතුලෙ කතා තිබුනා ඉහට උඩින් පිල්ගත්ත.....මියපරලොව ගියපු පැරන්නො ඉරහද වගෙ විස්වාස කරපු කතා තිබුනා කතාපොත් වලට හරවලා පෙට්ටගම් පුරවන්ඩ ....
ගෙටවෙන්ඩ ඔන්න මෙන්න ඉන්න නෑම්බියන්ට මලගම්වලට යන එක අකැපයි කියනවා...එවුට මිනිපෙරහරක් මූනට මුනිච්චි වෙන්ඩ හොද නෑය කියනවා....එච්චර එහෙම කතා අස්සෙ මට කියාපල්ලකො කොටහලු උන එකියක් මලකදකට මුනිච්චි උනහම මොන මොන කිලි අහුවෙයිද....
කරකියාගන දෙයක් නැතුව ..උදව් පදව්වක් වත් ඉල්ලන්ඩ හරි හමන් අම්මන්ඩියෙක් නැතුව ඒකිගෙ අයියා උන මමම ඒකිට පලවෙනි කිල්ල උනේ හිතකින් නෙවෙ උනත් මට ඔය ගෙයින් පිට එවුන්ට වඩා මගෙ දෑහෙන් ඒකිගෙ හෙලුව දකින එක හොදයි කියලම හිතුනෙ ගෙට උන මලක් මේ පැල්කොටේ ඉන්නවයි කියල කන් කන් වලට ගියෝතින් හේන් වලට කඩා වදින වල් ඌරො කන්නෙම ලපටි කැකිරි වගේ කොහෙන් හරි යන වල් ඌරෙක් මක්කවත් කරයිමයි කියලා වෙද්දි මං ඒකිට කිල්ලක් උන එකට මෙ චාරිත්‍ර වාරිත්‍රවලට අරක්ගත්ත එවින් මට සාප නොකර ඉදී කියල හිතා ගත්තා...
මලගම කියන්ඩ යන්ඩද....මේකිව නාවන්ඩද....ඒත් මේ පන්දරම මලගම් කියන්ඩ ගියෝතින් ගමේ එවුන් අනිත් පාර අහකට ගහන කෙලපාර මූනට ගහාවි...
ඉතින් හාන්දුරුවනෙ මන් කියල ඒකට ඇතා හැහුවද.....ඒකගෙත් මක්කවත් පවක් තියෙන්ඩ ඇති මේ සංසාරචක්කරෙ අහවර කරන්ඩ කලියෙන් ගෙවන්ඩ නියම උන .....
මල එකා මලා...කරන කටයුතු හමාර කරලා....ලියන්ඩ ඕන තැන්වල ලියවිලා උඹත් අවසානෙදි මෝචරි ලෑල්ල උඩට ඒවි ...මට තියෙන්නෙ උඹව සරසන්ඩ .....
ඇතා වහපු කොල රොඩු එහෙම්ම තියනකොට මන් ආයමත් නංගිව කරට ගත්තා ඒකිව විතරක් නෙවෙ අඩ අඩ මගෙ මුන දිහා බලන දඩෝරියවත් අනිත් පැත්තට ගත්තා
ඕන් හරි...මක්කටද මං බොට කිව්වනෙ මා පුතා පැත්තට දුව කියලා ....බොලාට පුලුවනෑ ඒකා එක්ක හැප්පෙන්ඩ ආ කොල්ලො....ම්ම්ම්...හරිහමනකට කන්ඩවත් දෙන්ඩ ඇහැක් එවුන් ගාව උන්නා නම් බොලා කරන් ගැට්ටි වෙන්නෙත් නෑ....ඒත් එහෙමයි කියලා බොලා සප්පායන් උන දන්කුඩට හරියන්ඩ මාව දාල ගියෙත් නෑ....
බොලා දන්නවයි..දවසක මේ සංසාර චක්කරෙ අහවර වෙන තැන ඔය තිරිසන් ආත්මෙන් ගැලවිලා දවසක මගෙ පුතාවෙයන් කලුවා.....නාඩපල්ලකො...මක්කවත් තෙලක් තිබ්බොත් දාලා අතගාන්නම් ම්ම්ම්ම්ම්...
කෙල්ල්වයි බල්ලවයි දෙන්නවම උස්සගත්ත මං අනිත්පාර අර මලකද පහු කරගන හිදීගන වැවට බැස්සා....
වතුර හිදීගන යන හිදිල්ලෙ තරම කියන්නෙ වතුර හිටපු තැන් කරකුට්ටන් වෙලා මදිවට මුලු පොලවම කුට්ටි කුට්ටි ගලවන්ඩ පුලුවන් තරමට කැට වලට වෙන් වෙලා තිබුනා.....
ගිලිලා නාගන්ඩ වත් වතුර බිදක් නෑ.... යන්තමට වතුර පොදකින් ඇගපත පිහාගන්නවා ඇරුනම දියබුන් ගහන්ඩ වතුර ටිකක් නෑ....මේ වැව් කඩිත්ත හන්දයි මුලු ගමම හුස්ම ගන්නෙ...හැම ලබ්බටම තියෙන්නෙ මේ වතුර කඩිත්ත විතරයි ...
ඇදන් උන්න සරම කැහැපට ගහගත්ත මන් රෙද්දකින් ඔතාන උන්න නිකිනිව බිමින් තිබ්බා....
නාවන් ගියාට පස්සෙ විලි වහන්ඩ දන්නවා....ඉන් එහාට ඔය ගෑනු ලෙඩ ගැන තේරුමක් තිබ්බත්.....
කාරි නෑ උඹ මගෙ නංගිනෙ රත්තරන් කරුමෙට මඩේ හිටෝපු ඉන්න වගේ උනත් උඹ මගෙ නංගි....මේ අත්වලින් පන නැති ගෑනු කීයක් නම් අවසානෙදි තැරි ගැහිලා ආපිට ලස්සන උනාද ....එහෙව් එකේ....මට බැරි මොකද පන ගහන උඹව ලස්සන කරන්න...වෙනසකට තියෙන්නෙ උඹගෙ අයියා පන නැති ගෑනු නිරුවතෙ බල නහරෙ ඇතුලට ඵෝමලින් කටුව බැස්සුවට උඹට මගෙ ආයුශත් ලැබෙන්ඩ ඕනයි කියලා ගෙට ගන්න එක නිකිනි...

ගම්මානෙ ගොම්මන පහවේගන යනවා...ඇදිවත පිටින්ම මඩපාටට හුරු වතුර ඒකිව හෝදාන යනවා..මඩපාටට අවපාට ලේ මුහු වෙලා මැරීගන යන පසට එකතු උනා...හදිස්සියට උස්සාන ආව මිසක මට බැරි උනා සබන් පොත්ත ගන්නවත් ....ඇදිවතක් ගෙනාවෙ නැත්තෙ නම් හිතලමයි...පැල්කොටේදි ඇදිවත ගැලෙව්වත් හතර අත ඇරුන තැන කොහෙ ගලවන්නද ....
උඹ මෙ පාන්දර මේකි නාවනවා....
දෙයිහාන්දුරුවන්ට ඔප්පු වෙන්ඩ....මාව ගැස්සිලා ගියා...නාවලා අහක් වෙලා ආයම අර තෙත ඇදුමට උඩින් චීත්තපට පටලනවත් එක්කම මගෙ පිටිපස්සෙන් ඇහුන කටහඩත් එක්ක මං කෙල්ලගෙ මූන මගෙ කටු පෑදුන පපුව අස්සෙ හන්ගගත්තා ....
මාමා...උඹ...උඹ මක්කද බන් එලිවැටෙන්ඩ කලියෙන් මේ වැව් කටෙ කරන්නෙ .....බලපන් ඇහැ කන පේන වෙලාවෙ එන්ඩ එපාය....ඊටත් ගෙදර තව පිරිමි පරාන නැතුව නෙවෙනෙ....
මං හිතන්නෙ මට ලේ ටිකක් ඉනුවෙ දැන්...හිතේ තිබුන ගින්දරටහ මන්දා මට ඇස් පියාගන උනත් අදුනන්න පුලු කටහඩ අදුනගන්න බැරි උනා
සමනගෙ අප්පා...පුරුදු රූපෙමයි....වැඩි හරියක් පැනි ගැහුන අතරින් පතර කලු ගැහුන මටුල්ලක් වගේ වැවුන බාගෙට පොකුට්ට ගැහුන කොන්ඩෙත් තිසාහාමි වගේ පැනිපාටත් කලුවත් මුහු වෙලා පපු මැද්දෑවට වැදුන රැවුලත් තුන්කාලට හිටින්න ඇදපු සරමත් කොයි වෙලාවෙත් විස්රාම් වැටකඩුල්ල ගාව ඉන්න පපපු වහන් කරන් ඉන්න පාට ගියපු රෙදි කඩත් පටලන් උන්නෙ සමනගෙ අප්පා....
එක අතක ඉහට උඩින් ගියපු රිට...අනිත් අතෙ පෙරහන් රෙදි කඩ බැදපු ලබු කැටෙ...ඒක උඩම නවාපු සුද්ද කරාපු පොල්කටුව.....මං උන්දට සැර උනා.....ඒ අතරෙ අරකිව හනි හනික ඔතාගන උරහෙට අරගන කේඩෑරි උන කලුවවත් කිහිල්ල අස්සෙ ගහන් මං සමනගෙ අප්පා දිහ බලාගන උන්නා....
..උඹ වල හුගක් ජඹුරට කැපුවද .....
රෑ එලිවෙනකනුත් හප හප කටේ පාලුව යවන බුලත් හපේ තවමත් හප හප උන්න උන්දැගෙ කට දෙපැත්තෙන් හැලුන බුලත්සෙවල වලට අර පැනි රැවුල මඩ පාට වෙලා තිබුනා.....වංගියක් මගෙ දිහා බලලා අනිත් පාර ආයමත් අර කෙරවලක් නැති හිස් බැල්මෙන් කොහෙද ඈතක් බලාගන උන්දෑ මගෙන් අහනවා වල හුගක් ගැඹුරට කැපුවද කියලා...
වලක් උනත් කපන හැටියක් තියනවා....ආවට ගියාට කපන්ඩත් බෑ....කපාගන යනකොට තෙත පස ඇතුලෙනුත් තෙත පසක් මතු උනෝතින් කපන එකා දැනගන්ඩ ඕන ඔය පසට මුහුවෙලා තියෙන්නෙ ඕජස් විත්තිය....සැරයි කියනවා...සමහරක්ගෙ නිය පවා කුනුවෙනවා...වලකපන එකා දැනගන්ඩ ඕන පසෙන් කියන්ඩ වලදාපු කාලවකවානුව...
මයෙ අප්පොච්චා ඔය පසක් පෑගෙන්ඩ වත් දෙන්නෙ නෑ ....රබර් සෙරෙප්පු කුට්ටම දාන්ඩ කලියෙන් ශොපි උරවත් බදින්ඩ කියනවා...මක්ක හන්දා වත් නෙවෙ ඔය දිරාපු සර්වාංගෙ තවමත් නිදන් රෝග තිබුනොත් ටක්කෙටම ඔව්වා බෝවෙන හන්දා. ..
ඒතරම්ම ගැඹුරට නෑ...
අවුරුදු ගානකට කලියෙන් වලදාපු එකාගෙ එව්වත් තිබුන් නැතුවා ...
.........
මගෙ උත්තර ගල් උනා...ඒකා ආයම සමනගෙ අයියගෙ සර්වාංග නටඹුන් අහනවා....මට අදටත් මතකයි අප්පච්චි රත්කෙහෙල් බොඩ කරේ තියාගන ඇවිදින් පෙට්ටියට තියාපු විදිහ ...සමනගෙ අයියගෙ මලකද ගේන දා මං උන්නෙ ගෙදර ...ඉස්කෝලේ දවසක් උනත් කොලඹ රටින් කව්ද කව්ද එනවයි කියලා පන්තියක් පන්තියක් ගානෙගිහින් පිලිවලට ඇදගන එන්න කියන එක අනිවාර්යය වෙද්දි අවුරුද්දකට වැඩිය පට්ට ගහපු ශර්ට් එකට අන්ඩ දාන්න තැනක් නැති තරමටම අම්මගෙ මැහුම් පාරවල් තිබුනා...ඊටත්පැනි පාට ගහලා....මන්දා ඔය කවියො නම් ඉස්කෝලේ ලමයින්ව කිරි කොක්කුන්ට සම කරනවා....
මං හිතන්නෙ ඒ නම් කැලෑමල් වෙනුවට නම් නොදන්න මල් පිපෙන කොලඹ රටේ ළමයි වෙන්න ඇති.....එහෙව් දාක මං උන්නෙ මෝචරි ලෑල්ල උඩ ඉදන් හුලන් විස්කෝතුවක් හප හප....
එදා වගේමයි....අද වලලන්න තියෙන්නෙත් කෙහෙල් කොට දෙකක්.....
මං මොකුත් නොකියම එන්න හැරුනා.....අඩුම ගානෙ ගුරුපාරෙ තව පෙට්ටි ඕඩරයක් තියනවා කියන්නවත් හිතක් දුන්නෙ නැතුවා....රෑ බෝවෙන්ඩ කලියෙන් ආදාහෙ වෙනවා...
කොටින්ම මද්දහන පහු උන ගමන් මලකදන් ගෙයින් එලියට ගන්නවා....බැනර් ගහන් කෝපි මුට්ටි තම්බ තම්බ මිමිස්සුන්ට ඉලව් රකින්ඩ දෙයක් නෑ...සාම්ප්‍රාදායික විදිහට කලු සුදු ඇදුනුත් නෑ ඇදිවත පිටින් මිනිස්සු එනවා ඇවිදින් අවසන් ගරුත්වෙ දිලා යන්ඩ යනවා...
ආදාහෙට වඩා වැදගත් මිනිස්සුන්ට මන්කඩ පහු කරන එක....ගල්පොත්තෙදි කරට බර උන මිනි පෙට්ටිය අරන් මිනිස්සු දිව්වෙම රුයිතෙට....
ගෙයිදොර පලුව පන්නනාවා එක්කම කරට දැනෙන බරේ දෙගුනෙත් හරි හමන් විදිහට ඔරොත්තු නොදෙනකොට මන්කඩ ගාවින් මොකා කියලා හිමින් යනවද.....??
ගන්න දෙයක් අරගන පය ඉක්මන් කරලා පලයන් මාමා...උදේ උනත් පාරම පාලුවට ගිහින්....මලගෙයක් උන ගෙදරකින් උඹ එලි බැස්සෙ...
මගෙ එකා මැරිලා නෑ බන්....උඹම කිව්වනෙ මගෙ එකා උන්නෙ නෑය කියලා...මක්කටත් කියලා ලියුන් කඩදහියක් ලියලා තියපන්....පින්පඩි දාට මං පෙට්ටියට දාගන යන්නම්.....
උන්දගෙ බැල්ම තවමත් එහෙම්මයි...වෙනසකට තිබුන එකම දේ නම් හිටන් ඉන්නවා වෙනුවට උන්දෑ කෙරුවෙ ඉවුර් ගාව ඇනතියාගන මඩවෙන්න නොදී සීරුවට පොල්කට්ට පිරෙන්න වතුර අරන් කලේට පුරවන්න ගන්න ලෑස්ති උන එක විතරක් වෙද්දි සමනා මැරුනේ නෑමයි කියලා තදින්ම විස්වාස කරන දොරේ බුදු දිහා මං බලාගන උන්නා.....
බෙනේ.....
මං එන්ඩ ආවා.....
වැව් ඉවුර පහු කරන් අඩි දෙකක් තුනක් එන්න ඇති .....සමනගෙ අප්පා මට කතා කෙරුවා...වෙන උන් වගේම උන්දැත් මට කතා කෙරුවෙ බෙනෙර් කියලා උනත්....සීයට දාහක් ඒ බෙනේ කියන වචනෙ ඇතුලෙ ලෙන්ගතු කමක් තිබුනා....වචනේ පරිසාමාප්ති අර්තයෙම්ම මේ මනුස්සයා මට ලෙන්ගතු උනා....බලාගත්ත අත බලාගන ඉන්න...
වෙලාවකට තට්ට තනියෙන් කතා කරන.....වෙලාවකට කා එක්ක වත් කතා නොකර බුලත් විට ඇබිති වංගෙඩියෙ දාන් කොටාගනම ඉන්න මේ මනුස්සයා මට පුදුමාකාර විදිහට ලෙන්ගතු උනා...
කෙල්ලත් බල්ලත් උස්සන් උන්න මං ආයම වතාවක් උන්දා දිහා බැලුවා.....
රැලි වැටුන ගිලා බැහැපු මූනෙ බොරපාට ඇස් වේලිලා ගිහින්...කදුලු කැටයක් උනන්න වත් සර්වාංග වලට හයියක් පනක් නැති තරමට මේ කාටක පොලවෙ මිනිස්සු දුක් විදිනවා....
ඉදා මේක ගනින්...
මාව ගොලු උනා....කොයිවෙලෙත් පුවක් බෑවක්..දුංකොළ කෑල්ලක් බුලත් කොලයක් හිරකරන් ඉන්න සරම් ගොටුවෙන් ගිරයක් ඇදලා ගත්ත උන්දා ඉදා මේක ගනින් කියනකොට මං ඒ වෙව්ලන අත දිහා බලාගන උන්නා...
ගිරයක්.....
කිල්ලක් තියනවා...ඕකි අරන් පය ඉක්මන් කරපන්....ඕක කොට්ටෙ යටින් තියාපන් .....
මට ආය කතා කරන්න දෙයක් නැති උනා....උන්දැට දැනුනා....දැනටමත් මලගම් ගිහින් ඉන්න පියදාස මාමට කිල්ල කියාපු උන්දෑ ගිර්රෙ දුන්නෙ කොටහලුවෙ තනිකන්දෝස කපන්න කියන්න මට ආය අමුතුවෙන්ම කියන්න දෙයක් නැතිම වෙද්දි මං අර ගිරෙත් කිහිල්ලෙ ගහන් පය ඉක්මන් කෙරුවා
*
*
*
*
මා පුතා...
මා පුතා.....
කොල්ලා උඹලා කොහෙද...
මා පුතා යසෝද.....
අප්පුච්චා මං මෙහෙ .....ඔහොම්ම පස්සට වරෙල්ලා.....
දඩස් ..
වක ගැහුන පිහිපාර වැදුන ලී දන්ඩ දෙකට කැපිලා ගියා...
මං උන්නෙ දාඩිය නාගන .....වැවෙන් ගිඩ ආවත් හරි ...දෙවන්ගියකට කොත්තමල්ලි පොවාපු නංගිට මට තේරෙන විදිහට රෙදි කෑලි අහුරක් තියාපු යට කලිසමකට කටු ගහලා අන්දවලා දොර දෙකම වහන් එලි බැහැපු මං කෙරුවෙම ලී දඩුරැහැ රැහැ දඩු කපාපු එක....
ඒකදන්තයා පෙරලාපු කුස්සි බිත්තියට කලියෙන් මට දැන් බදින්ඩ බිත්ති තිබුනා.....
අප්පුච්චගෙ බයිසිකලෙ සද්දෙටත් වඩා තදේටම ඇහුනෙ ඒකගෙ කටහඩවෙනකොට බෙලෙක් ජොග්ගෙ තිබුන අන්තීම වතුර උගුරත් බීපු මං ඉහ මුදුන තෙමාගන පල්ලම් බැහැපු දා බින්දුව අරක් ගත්තු ඇහිබැම පිහි තුඩෙම්ම කසාගන මං හතිහලාගන මගෙ ගාවට දුවගන ආව අප්පොච්චා දිහා බැලුවා.....
කපපු ලී දඩු හැම තැනම.....කපපු හුඹස් මැටි එක තැනක.....මේ හැම දෙම බලාගන උන්න අප්පච්චි මගෙ ගාවට ආවා.....
උඹ කොහොඹ අත්තක් වැටෙ එල්ලලා....මා පුතා....
අපච්චිගෙ කතාව හරි.....එන ඒමටම කොහොඹ අත්තක් කඩාගන ආව මං ඒක වැටේ එල්ලුවා...සමනගෙ මලගම කෙසේ වෙතත් දෑහින් දැකපු මලගමක් තිබුනා...ලෙඩා දුකා උනත් ඒකිට කිලින්වැටුනොත් කබලෙන් ලිපට වැටෙන්නෙ කව්ද....මලකදේ මක්ක මක්කවත් අහන්ඩ මොකා මොකා හරි ගෙට වදුනොතින්.....???
නංගි ගෙට වෙලා.....අප්පුච්චෙ මං ඒකි කරේ තියාන ගිහින් නෑව්වා...ආය නංගි වැවට නාන්ඩ යන්ඩ ඕන නෑ...කර ගෙවෙනකන් වතුර ඇදලා හරි මං ඒකි ගෙදර නාවන්ඩ කියනවා. ..
තවත් වැටමාර දන්ඩක් කැපිලා යනකොට මං ඒ මූන දිහා නොබලම කපාපු ඉන්න මීට කලින් හිටවපු ඉන්න ලගින්ම ඉන්දෙව්වා...
දෙයියන්ට හාල් ගරන්ඩ...මා පුතා තෝ වැව් කන්ඩි බඩගාපු වෙලාව කියාපිය.....
මගෙ අතේ තිබුන පිහිය බිම වැටුනා....කොහොඹ අතු එල්ලාපු කාරනාව වත් මං දඩු කපන කාරනාව වත් අප්පච්චි ට නෙවෙ වැදගත් උනේ.....මගෙ උරහිස් වලින් අල්ලගත්ත අප්පච්චි මේ වෙනකොටත් කණකොකා අඩාපු කාරිය දැනගන කියන කාරනාව ඒ රතු ඇස් අස්සෙ හන්ගන් උන්නා....
.........අප්පුච්චෙ ඒ යනකොටත් පියදාස මාමා කම්මුතුයි ...ඒක මගෙ හුස්මට හදි ගැහුනා....
ඒ අත් එකපාරම උරහෙන් කඩා වැටුනා....ඉහෙ කෙස් ගානට යක්කු ගස් නගින වෙලාවල පවා මිනී කපන මහ බෙනේ එකපාරම මගෙ උරහිස උඩ තිබුන අත් කඩා වැට්ටෙව්වා....
ගෙට උන ඒකිව නාවන්ඩ ගිහින් කම්මුතු උනා නම්...මට මක්කද වෙන්නෙ කියාපන්...
අප්පු....ච්චෙ....
අම්මා එන්ඩ දෙදොහක් යාවි...උඹ මලගෙදරට එන්ඩ ඕන නෑ.....
කාරි නෑ....උඹට තෙහෙට්ටුයි උඹ නිදාගනින් අප්පුච්චා.....
මා පුතා...
අප්පුච්චා උඹට ඔයාකාර නිදිමරන්ඩ හොද නෑ....පන ගිය උන්ගෙ පන ගියා...ඒ කියලා උන්ගෙ පන එක්ක අපෙ පනත් යන්ඩ ඕනද....
උඹට බඩගිනී.....හිටින් තැම්බුම් හොද්දක් එක්ක බත් ඩින්ගක් ලිපට කරන්ඩ....කෙල්ලට මක්කවත් දුන්නද...සුදුලූනු බික්කක් වත්...?
ඒකි ඉහෙ ඉදන් පොරවන් බුදි....
හිටින්....පොල් කෑල්ලක් පුච්චලා සම්බලක් අඹරන්නම්...තව හෝරාවක් යන්ඩ කලින් මුදලාලි පයින්ඩෙ එවනවා ඕන් බලපන් මා පුතා...
හ්ම්....
උන්දැ කියන දේකට හූ මිටි තිබ්බ මං ආයම දඩු රහින්ඩ ගත්තා...
මං දන්නවා අප්පච්චි ඔය බයිසිකලේ පාගනවට වඩා අම්මවඒ උඩ ඉන්දවන් තල්ලු කරන්ඩ ඇති ..වටයක් කරවලා ඊලග වටේ කරකවන්ඩ යනකොටම චේන් එක පනිනවා....බර දීලා පදින්ඩ බෑ ආයම කොහෙන් හරි පුපුරයි කියලා බය හිතෙනවා....ඔය හැතැප්ම ගානම මේ මනුස්සයා පයින් බඩගාන්ඩ ඇති...එහෙව් අප්පච්චි ට මං කොහොම කියන්ඩද මරනෙට යන් කියලා...
උදේ පාන්දරට යන්තන් හුලන් රැල්ලක් එක්ක ඉරපායන් ආවත් හෝරාවෙන් හෝරාව ගෙවෙන්ඩ ගෙවෙන්ඩ මෙ වේලුම් කාපු පොලවෙන් ගිනි පිටවෙනවා.....
මන්දා....මගෙ ජීවිතේ මට සතුටු වෙන්ඩ කාරනා කවදාවත් තිබිලා නෑ.....අව්වට කරන් ගැට්ටි වෙලා වයසට වඩා වයස පාටක් ගත්ත මට බඩ කට පිරෙන්ඩ තුන්වෙල කන්ඩ නැති උනත් තුන් වේලටම හිත පිරෙන්ඩ ලැබුන එකම දෙ මේ දුප්පත් අම්මා අප්පාගෙ ආදර්‍ර් විතරක්ම වෙනකොට ...මගෙ දුප්පත් ලෝකෙට අදක ඊයෙක ඉදන් තවත් සැනසීමක් ලන් උනා....
දහයෙ කනිසම....ඒ හිනාව....ඒ කතාව.....සතුටක් පේනතෙක් මානෙක නැතිමගෙ ජීවිතේට දහයෙ කනිසම තනිකරම ස්වර්ග සැප ගෙනාව හෝරා දෙකක් උනා....
ජීවිතෙ කිසිම දවසක නොදැකපු මේ සියපත මේ දුප්පත් ජීවිතේට පහනකට සමාන උනා...ඒ කටහඩ අහන එක පවා මට සතුටක් ගෙනාවා...
ආකාස....
සියපත් ආකාස....පුදුමාකාර නමක්....නිවෙන හිනාවක්....අනිවාර්යයෙන්ම උඹත් නිවීම පුරවගත්ත ආදරනීය මනුස්සයෙක් වෙන්න ඇති ....උඹව ලබන මනුස්සයා අනිවාර්යයෙන්ම පින් කදක් වෙන්ඩ ඕන...
මා පුතා ඉදා....උනුවෙන් කාපන්...පව් උඹ....ඒකි කරේ තියානම එච්චර දුර දිව්වා....
අප්පුච්චෙ මේකගෙ කකුලට මක්කවත් කරන්ඩ බැරිද.....
තෙල් ඩින්ගක් ගාලා වෙලුවා නම් හරි.....මක්කටද මේකා ඒකා එක්ක හැප්පෙන්ඩ ගියා....ආ කලුවා...බොලාට පුලුවනැ ඒක එක්ක ඔට්ටු වෙන්ඩ...කෝ අප්පුච්චට පෙන්නකො ඔය බලු අන්ඩ....
මැටි පිල්කඩ කොනක තිබුන කලේ නවාපු මං පුරවලම වතුර පොල්කට්ටක් එක හුස්මට බීල අප්පුච්චා දුව දුවම උයාපු බත අතට ගත්තා....
කන්ඩ තියාගන මඩ රහ උනත් පුරවලම වතුර කට්ටක් බිව්වෙ වෙන මක්කටත් නෙවෙ බත්වලට හරි හමන් විදිහට නිවන්ඩ බැරි බඩගින්න වතුරෙන් නිවිලා යන්ඩ....
මඩක්කු බාගයක්ම නැති උනත් කටවල් හතර පහක් මඩක්කු පතුල වහගන තිබුනා...බතේ තනියට පැත්තක රතුපාට සම්බෝලයක් තිබුනා...මගෙ අතට දුම් දාන බත් එක දුන්න අප්පුච්චා අනිත් පාර අන්ඩ අකුලන් කෙදිර ගගා උන්න කලුවව උකුලට අරන් ඒකගෙ බලු අන්ඩ අත ගෑවා....ඒකා වේදනාව කාගන කෙදිරි ගානව.......
බුලත් කහට බැදුන දිවටත් ලුනු රස කවාගන මිනී කපන පිරිමි අතෙන් ඉදුන බතෙ පලවෙනි කට මගෙ උගුරෙන් පල්ලම් බැහැලා පිට කොන්දට ඇලීගන උන්න බත එක දශයමක් ඉස්සරහට තල්ලු කෙරුවා....
අප්පච්චි හැමදාකම මං කියනවා....දවසක උඹ අනිවාර්යයෙන්ම මතු බුදුවෙනවා....
*
*
.
පරිස්සමින් ගිහින් වරෙන් මා පුතා.....
සරම වෙනුවට අවුරුදු ගානක් හාල් පොත වගෙ පට්ට ගහන කකුල් ලොකු පාට ගියපු ඩෙනිමත් කොලර් එකේ හමත් ගිහින් පට්ටෙත් පැදුන පාන්ඩු පාට ශර්ට් එකත් ඇදන් එලියට බැහැපු මට වැටකඩුල්ල ගාවදිත් අප්පච්චි පරිස්සමින් ගිහින් එන්ඩ කිව්වා.....ඒ කියලා උන්දා මන් එකට පූට්ටු කරාපු වැටමාර පොලුවලට චීත්ත පටක් පටලවන්න ගත්තා...
අද රෑට මිනිය කපන්ඩ වෙන්නෙ මට තට්ට තනියම...
කාරි නෑ....මගෙ තනියට උඹ මගෙ ඇස් මානෙන් හිතන්න වත් දුරක ඉදන් පිපෙන්වනේ...ඒකම මට සැපක් නෙවේද ආකාස....
ප්‍රේමනීය ආකාස.....
ආකාස කියන්නද... සියපත් කියන්නද....
මක්ක කිව්වත් උඹ නම් විසල් අහසක් වගෙම සුන්දර සියපතකට සමාන ඇති.....!මං සියපත් නොකියා උඹට ආකාස කියන්නම්....මොකද මලක නම කියන වාරයක් ගානෙම මට මගෙ අතින් මැරෙන මල්වල විලාප ඇහෙනවා...
.මිනිස්සු එකා දෙන්නා සමනගෙ පැල් කොටේට ඇදෙනවා...
ලග ළඟ නැති උනත් ඇදපු කොඩිවැල් වල ඈතින් ඈතින් එල්ලාපු කොඩි ඔහේ සර සර ගානව....මන් හිතන්නෙ උනුත් සමනගෙ කිරිදරුවට යන කලදාසාව ගැන හිතලා හූල්ලනවා...එක්කො උනුත් මං වගේම සමනා කොහෙ හරිම ඇතියිකියලා හිතනවා.....
ඉදහිටක හමාගන යන හුලග සැරින් සැරේම මලගමකට උරුම ශෝකි හැගීම කවුරුත් ඉල්ලන්ඩත් කලියෙන් කාගෙ කාගෙත් හිත් වලට බෙදාගන යනවා.... මහා සෙනගක් නෑ.....මරනාධාර සමිතියෙන් කියලත් එකම පාට පුටුත් නෑ....මහා ලොකුවට තහඩු මඩුත් නෑ...මිනිය එලියෙන් තියන්ඩ විතරක් තහඩු මඩුවක් ගහලා හාමුදුරු නමට සුදු රෙදි ආසනයක් පනවලා තිබ්බා...
එක එකා යන පාරෙම ගාට ගාට ආව මං සමනගෙ වැටකඩුල්ල පැන්නුවා....වැටකඩුල්ල පන්නනවත් එක්කම බුලත් හප හප උන්න අම්මන්ඩිලා දෙතුන් දෙනෙක් මාව පෙන්න පෙන්න මක්ක මක්කද කියවගත්තා...
අනිවාර්යයෙන්ම ඔවුන්ගෙන් එකෙක් කොයිම මොහොතෙ හරි මට කිට්ටු කරලා මිනියෙ වතගොත අහාවි....කොයි කොටහද සුන්වෙලා තිබුනෙ...කොයි කොටහද අඩුවෙලා තිබුනෙ අහයි.....අන්තිනට ඕක නානමන්කඩ ගාව දෙක කරලා කියයි ..පව් අර ගෑනිගෙ කනටාඅරන්චි උනොත් පපුව පිච්චිලා හොරට එරුන කිරිකදුලත් වේලිලා යාවි.....
ඔහෙන් ඇල්ලුවා නම්.....
හාමුදුරුවො තව ටික වෙලාවකින් වඩීවී...සමනගෙ අම්මා ඩින්ගිත්තක් අහකට උනා නම්....
මෙච්චර වෙලාම ඇතුලෙ තිබුන පෙට්ටිය එලියට ගන්ඩත් උන්ට මං එනකම්ම ඉන්ඩ සිද්ද උනා...ආවට ගියාට පෙට්ටි උස්සලා මක්කවත් උනොත් පියන් ඇරිලා මිනිය එලියට වීසිවෙයි කියන බයත් උන්ගෙ හිත් තදින්ම මිරිකන් ඉන්නකොට උන් මං එනකම්ම පෙට්ටියට අතගහන්ඩ පේ වෙලා බලන් ඉදල තිබුනා.....
වෙනදට මූන නොබලන උන්ට මං අද බෙනෙ මල්ලි වෙලා තිබුනා...පියදාසගෙ ඈතින් නෑවෙන එකෙක් මට අතටම බුලත් විටක් ගෙනත් දුන්නා මදිවට කොස් ඇට මුලක් තියනවා වෙලාවක අරන් යන්ඩ වරෙන් බෙනෙ මල්ලි කිව්ව...
මක්කවත් නෙවෙ....අද රෑ වරුවට මං පියදාසට ෆෝමලීන් ගහනවා.....
මිනිස්සු කොහෙත් එහෙමයි...
මල්වඩම අතට ගන්නවත් එක්කම මැදක තිබුන සියපත දැකපු හැටියෙම මට එයාව මතක් උනා....
.දහයෙ කනිසමට තව වෙලා තියනවා...
උඹ දන්නවද ආකාස.....බෙනේ වෙච්ච මාව ගමේම උන් අවලංගු කාසියක් ගානට දානවා....
වැහිවෙලාවට අගුපිලට ගොඩ වෙන්නා වගේ උවමනාවකදි විතරක් නමේ අගට මල්ලි කියනවා...
උඹ නම් එහෙම නැතුව ඇති නේද....මට එහෙම හිතෙන්නෙවත් නෑ...දෑහින් නොදැක්ක බව හැබෑව...ඒත් උඹට තිබුනෙ කාව නැති උනත් මාව නිවන කටහඩක්....දුප්පත් කමේ පතුලෙ ඉන්න මට ලුනු කැද බීපු දාක පවා පෙට්ටියක් යතු ගාන්ඩ උඹගෙ කටහඩ හයියක් ගෙනාවා...
වඩමෙ මැදතිබුන එකම සියපත හරි පරිස්සමට පිරිමැදපු මං පන තියනකොටම මලගම් ගියපු මල් අමුනපු මල්වඩම එලියට ගිහින් තියලා අනිත් අඩුම කුඩුමත් තියන පිලිවලට තියලා පිල්කඩ උඩින් සමන නැති හිස් පෙට්ටිය තිබ්බා....
හාමුදුරුවො වඩිනවා...
සමනගෙ අම්මෙ.....නගේ කෙලින් වෙයන්...
සුවපත් වේවා...
ඉන්න ඉන්න එවුන්ගෙ කසකුසුව ඇහෙනව...මද්දහන පහු උනා විතරයි උනත් මුලු අහස පුරාවටම තිබුනෙ වචන වලට හරවන්න බැරි පාලුවක් මූසලකමක් වෙනකොට අඩලම හෙම්බත් උන සමනගෙ ගෑනිත් අම්මත් වඩින හාමුදුරුවන්ගෙ කකුල් ගාව දෙකට නැවුනෙ අවසිහියෙන් වෙනකොට විස්වාසකරන්නත් අමාරු දෙයක් මගෙ පපුවට ගුලිවෙලා නිදාගන උන්නා...
දෙවියනේ සමනගෙ පැටියා....
කාට කාටත් හොද සිහිය නැති හන්දද ..ඒත් නැත්තන් සමනගෙ එකම යාලුවා මං හන්දද මන්දා උගෙ ගෑනි බිත්තියට හේත්තු වේගන සිංහකොඩිය පොරවාපු පෙට්ටිය දිහා බලාගන ඇහිපිල්ලම් නොගහා ඔහේ බලාගන උන්න මගෙ අතට පැටියා ගුලි කරනවත් එක්කම විස්වාස කරන්න මටත් නොදැනිම මං ලමයෙගෙ ඉහ මුදුන ඉඹගත්තා...පැටියා ගාවින් සමනගෙ පුසුඹ කාන්දු උනා.....මගෙ හාදුව දැකපු සමනගෙ ගෑනි පපුවට ගහගත්තා!!
හාමුදුරුවො වැඩියා...පන්සලේ ඉදන් පයින්ම වැඩපු උන්වහන්සේ පස්සෙ ඇදුන ඇබිත්තයා කොන්දත් නවාගන ඉහට තල් අත්තකින් හෙවන හදාගන එ පස්සෙන් ආවා.....
වටාපතෙන් හීන් සීරුවට පවන් සල සල උන්වහන්සෙ සමනගෙ ආත්මෙට මක්කද මන්දා කියනවා..... එක්කො ඒකට නෑහෙන ගුන කතා දැන් කියනවා....
සමනගෙ අම්මා සැරින් සැරේම පාට මැරුන චීත්තපටෙන් වගේම පලු දෙකවත් හරි හමන් පිලිවලකට මූට්ටු කරන්නවත් මස් කලදක් නැතිව කටුක්බල් ගැහුන සරීර කද වහන් උන්න බාච්චු වෙලා ගියපු හැට්ට කරෙන් කදුලු පිහ පිහ හූල්ලනකොට සමනගෙ ගෑනි මක්කටද මන්දා ගෙට ගියා...
සමනගෙ පැටියගෙ ඉහ මුදුන දහ දොලොස් වතාවක් මටම නොදැනි ඉවකරන්න ගියපු මට අනේ සමනගෙ සුවදම පැටියගෙන් දැනෙන්න ගත්තා....පලවෙනිවතාවට වඩා මේ පාර ඒ පුසුඹ මට හරි බරටම දැනුන හන්දද මන්දා මටත් නොදැනි මගෙ පපුව බර වෙන්න ගත්තා....
හාමුදුරුවො තවමත් හුගාක් දේවල් කියවන් ඉන්නවා....මූසල පාට තවතරගත්ත අහසටත් දුක හිතිලද කොහෙද වලාපටලපාට පවා පැනි පාට ගහලා තිබ්බා.....
තහඩු මඩුවෙ තැන් තැන්වල ඉදන් උන්න එවුන් සැරින් සැරේම සුසුම් හෙලනවා....අතේ උන්න පැටියට බඩගින්නක් ඇවිද්ද මන්දා ඒකා මගෙ පැනිපාට කමිසෙ උරවන්ඩ හදනවා මේ ඔක්කොම එක්ක මලගෙදරක් නැති එකෙක් ගානට සමනගෙ අප්පා පඩියෙ කොනක ඉදන් ඒකගෙම ලෝකෙකට වෙලා තට්ට තනියෙන් මුමුන මුමුන බුලත් විටක් කොටනවා...
ටක්...
ටක්....
මහ එකා බුලත් විට කොටනවා.....ලී වංගෙඩි පොඩ්ඩෙන් ටක් ටක් ගාන සද්දෙ එන එන වංගියක් ගානෙම කඩතොලු ගැහුන මැටි පිල තවත්දෙදරනවා...මැටි කැට කඩන් වැටෙනවා...පොලව පුරාවටම ඉරි ඉරි මතුවෙනවා....
අයියෙ.....
ලමයවත් තුරුල් කරන් බුලත් කෙටිල්ල දිහා බලාගන උන්න මගෙ ගාවට ආව සමනගෙ ගෑනි ඇහෙන නෑහෙන ගානට මට අයියෙ කිව්වා....
වෙන උන් වගේ නැතුව ඒකි මට අයියෙ කිව්වා...තකහනක්ම ගෙට ගිය ඒකි මගෙ ගාවට ඇවිදින් හතරහැට නවාපු කොල කෑල්ලක් මගෙ අතට හිර කරලා මා දිහා බලාගන ඉදලා ඉදලා අර ගොරකා ලෙලිවල පාටටත් වඩා රතු උන ඇස් වලින් කදුලු කැටයක් මගෙ අතටත් හලාගන පෙට්ටිය හාවට ගිහින් පෙට්ටිය බදාගත්තා ...
ඒකි ඉකිගහනවා....වචන මොකුත්ම නෑ...කොටින්ම ඒකිගෙ උගුරකට පවා අඩලමද කොහෙද බැරැන්ඩි වෙලා තිබුනා...ඒකි එහෙන් අඩනවා.....මගෙ ගාව උන්න කොලු පැන්චා අඩන්ඩ කට හද හද තවම හරියට කෙලින් කරගන්න වත් බැරි ඔලුවත් එහා මෙහා කර කර මගෙ දිහා බලලා බලලා අවසානෙදි ආයම පපුවට ඔලුව ගහගන්නකොට මටම බය හිතුනා කටුවව වත් හයි නොවුන ඔලුව මගෙ පපුවෙ කටු රිදෙව්වදෝ කියලා...
කොලු පැටියා මගෙ පපුවට හේත්තු උනා....අප්පගෙ සුවදවත් නොදන්න පොඩි එකා එහෙන් තුරුල් වෙනකොට මං අර කොල කෑල්ල දිගෑරියා....
ඒක ලියුම් කඩදහියක්...
හැඩක් නැති වෙද අකුරු වගෙ අකුරු....
කාගෙද කියලා කවුරුත් මට කියන්ඩ ඕන නෑ....මේ කටුවැල් බටු වගෙ ඇදි ඇදි යන්නෙ සමනගෙ අකුරු.....
ඒකා මන් වෙනුවෙන් ලියමනක් එවලද...
නෑ....ගැනිට එවාපු ලියුමෙම කොටහක් මං ගැන ලියලා....
"මැනිකෙ.... පැටියා ලැබුනයි.....මයෙ අම්මා පරිස්සමින් ඉන්නවයි....මට ලියලා එවාපන්කො පැටියා කවුරු වගේද කියලා.....මට විස්වාසයි...බෙනාගෙ අම්මා උඹට දුක් විදින්ට නොදී මගෙ පැටියා ගන්ඩ ඇතියි කියලා.....
බෙනා හොද එකා.....උඹට පෙරහන් කඩදහියක් තියලා පෙරාපු මිනිහෙක් ඕනා නම්...බෙනා දිහා බලාපන් මැනිකෙ...
මයෙ රත්ත්‍රන්...මං නවතින්ඩද මේ ලියමන ලියන්නෙත් නිවාඩුවක් නැති වෙලාවක...
මැනිකෙ...කාරනාවක් කියන්ඩ හිත බරකරගන්නෙ නැතුව අහපන්.....මං දන්නවා උඹ ගෙ වචන අහලම දැන් බුදුන්ටත් මහන්සි ඇති....ඒත් රත්තරනෙ මක්කවත් හදිසියක උනෝතින් .....මයෙ අම්මා උඹලා උඹලැයි අම්මා ගාවට යමල්ලා...මගෙ කොල්ලට මක්කවත් ඕන උනෝතින් දෙපාරක් නොහිතා බෙනේට කියාපන්....උගෙ ලේ නොදිව්වට.....මගෙ කොල්ලා උගෙන් ඉගනගනීවි මලගම් ගියපු අප්පුච්චා බෙනේගෙම අච්චුවක් කියන්ඩ....
.රත්තරන් උඹට තුරුනුවන් සරනයි...
පරිස්සමින් ඉදින්....
මං උඹගෙ සමන්!"
පු..තේ...හ්හ්....අනේ....මගෙ පුතේ.....හ්හ්...
මල බෙරේ වදිනවා....
මලබෙරේට වඩා සද්දෙන් මගෙ පපුව ගැහෙනවා....ලියුම් කඩදහියෙ අවසාන බිම් අගල කියවපු මට පනපිටින් වැලලෙන්ම හිතුනා...
අප්පා නැති උනෝතින් ....බෙනේට කියපන්....ඌත් මගෙම අච්චුවක් කියලා කොල්ලා දැනගනී...
අදහපන් රත්තරනෙ මගෙ පපුවට මොකෙක් හරි ගැහි ගැහි තියනකොටම ෆෝමලීන් විද්දා.....
කකුලෙ බලනහරෙ වෙනුවට ගිරිය මැද පලලා ඇදපු නහරෙන් කවුරු හරි මට බෙහෙත් විදලා....
මෙච්චර වෙලාම ගැහි ගැහි තිබුන මගෙ පපුව නැවතිලා ගියා.....ආදරේ මොනපාටද කියන්න නොදැනම මේ මලගෙයි අස්සෙම මං අප්පෙක් වෙලා...
සමනගෙ අම්මගෙ විලාපෙට ඈතින් පෙනුන දුම්මලගලෙ පවා පිපිරුම් ඉරි යනමොහොතක ලියුම් කඩදහිය මගෙ අතින් වැටිලා ගියා....ඔලුව වත් කෙලින් කරගන්න බැරිව ගියපු...තවම නමක් වත් නොදුන්න නොදරුවව මගෙ පපුවට හිරවෙලා ගියා...
"නිවන් බෝපත් "
නංගි.....මේ නම තියාපන්.....
මට ඔයින් එහා කියාගන්න බැරි උනා...නමට අකුරු තියනවද...වෙලාවක් බැලුවද....ඔය මොකුත්ම නාහම මිනිකපන එකා උන මං කෙහෙල් කොට පුරවපු පෙට්ටිය දිහා බලාගන කොලුවට නමත් දීගන පෙට්ටියට උර දෙන්ඩ ලෑස්ති උනා.....
ඩන්...
ඩන්.....
මලබෙරේ අඩනවා....
නිවන් සුව විරුවානනී...
ගොක්කොල තොරනෙ අකුරුත් අඩනවා...
ගෙනියන්නෙ කෙසෙල් කදක් බව දැන දැනත් මගෙ පපුව පොඩිපට්ටම් වෙලා ගිහිල්ලා.....සමනගෙ අකුරු වලට පවා කතා කරන්න පුලුවන් කම තිබුනකොට ඒ වචන මගෙ පපුව පුරාවටම අරක් අරගන ඇස් බොද කෙරුවා...
පුතේ....මගෙ පුතේ...මගෙ කොල්ලව අරන් ගියේ කවුදෝ...
දෙයියො...මගෙ කොල්ලව කවුරුත් හැන්ගුවදො.....
අනේ හාන්දුරුවනෙ.....මක්කටදැයි මූට ඔයාකාර....හොද නාමෙ දුන්නෙ....මේකා මැරිලා නැතුවයි දෙයියෝ....
සමනගෙ අම්මාගෙ කෙහෙවල්ල ලෙහිලා ගියා.....කටුගැහුන පපුවට ගහගත්ත ගහගැනිල්ලට මට හිතුනෙම තවත් දොහකින් කනකොකෙක් අඩයිම කියලා ....ඒ තරමට උගෙ අම්මා අහස පොලවට පවා දුක කිය කිය කදුලු හලනවා....
උන් කවුරුත් අඩනවා.....සමනගෙ අප්පගෙ විට කෙටුම තවමත් කෙටීගන ගියත් මං බලාගන අවසාම මොහොට මලබෙරෙ සද්දෙට මුවා වෙලා ඒකට ඉකි ගැහුනා.....
සමනා....උඹ මැරුනමද සමනා...
මගෙ හදවත තවටත් එකම ප්‍රශ්නෙ අහනවා.....ඌ මැරුනමයි කියන එක පිලිගන්නෙම නැති මුරන්ඩු හදවත ලියුම් කෑල්ලත් එක්ක පරාජෙ බාරගන්න හදනවා...
ඩන්.....
ඩන්.....
මගෙ උරහෙ බර උනා.....මීට කලියෙන් කවදාවත් උගෙ සර්වාංගෙ බර උහුලලා නැති මට ඌ දැනෙන්න දුන්නෙම මගෙ බෙල්ල වටේ ඔතාගන්න අතේ බර විතරක්ම උනත් ඌ අද මට පෙට්ටි බර ලෝබකමක් නැතුවම දීලා.....
පුරුදු පාරෙ තට්ට තනියෙන් යන්ඩ ගියත් අද උගෙ පස්සෙන් තව උන් එනවා....
යනු මිසක නොඑන ගමනට මොකටද මේ හැටි සෙනග සමනා.....???

මලවඩමෙ සුවද පාගගන මලබතේ සුවද පැතීරීගන යද්දි සමනගෙ සර්වාංග ස්කන්ධයට සමාන බරක් කරේ තියාගන කැඩුන පිල්කඩ පහු කරගන මං දකුනු කකුල ඉස්සර කෙරුවා.....
පපුව හාරවන මලබෙරේ අඩනකොට කනකොක් තටුවල පාට ගත්ත සුදු කොඩි වැල් දුක කියන්න ගත්තා....ඒ ඔක්කොඅ මැද මං අහගන අවේලාවෙ අලිවෙඩිල්ලක් පත්තු උනා...!!!
"විරුවානනී නිවන්සුව"
මල ඉර බැහගන යන්ඩ යනවා....
අවසානම පස්පිඩ හැලුනෙ මගෙ අතින් වෙනකොට මේ කනත්තට උන්න එකම මනුස්ස පරානෙ මමම විතරක් වෙනකොට උඹ ඇත්තටම යන්ඩම යන්ඩ ගියාද කියන ප්‍රශ්නෙ එක්ක නමක් නොදන්න රූස්ස ගහ පාමුල වැලලුන සමනගෙ පස්කන්ද ගාව මං ඔහෙ ඉදගන උන්නා...
උඹ කොහොමද බය හැක නැතුව උඹගෙ ලේ වල අයිතිය මට දීලා ගියේ සමන්...?
පොරොන්දු වෙනවා.....උඹ මට දුන්න වගකීම මන් එහෙම්ම රකිනවා...තුන්ලෝකෙ කොයිම කෙරවලක ඉදන් හරි උඹගෙ කොල්ල දිහා බලපන්...

මෙච්චර වෙලාම ඉදගන උන්න මං නැගිට්ටා.....හිදීගන යන්ඩ හදන පහනට තවත් තෙල් ටිකක් එකතු කරනවත් මගෙ ඇස් කෙව කෙව උන්න කදුලු කැටයක් අර පස්කන්ද උඩට කඩන් වැටුනා...
දයාබර මානවිය.....
හදවත වීදුරු නොවුනෙ මගෙ වෙලාවට,
එහෙම උනා නම් කැබලි වෙනුවට
දහවතාවකින් වත් අතුගාලා හමාරකරන්න බැරි වීදුරු කුඩු ගොඩක් තියෙන්න ගියා මගෙ පය පාමුල....!

මා පුතා....උඹට යන්ඩම ඕනදයි....
උඹලා ඉදිල්ල අප්පුච්චෙ....කාරි නෑ
එහෙනම් මේ අගුරු කෑල්ලවත් ඔය මල්ලට ඔබාගනින් පාරෙ තට්ට තනියෙන්....
මලකදක් එක්ක ගනුදෙනු කරන්ඩ යන්නෙත් තට්ට තනියම...එහෙව් වෙලාවෙ මේ ඇහැට පේන්නෙ නැති පුලුටු කෑල්ලට මොකටද බන් අගුරු කෑලි.....
මං උන්නෙ වැටකඩුල්ල ගාව....වේලුන පොල්කොල කප්පරක් එකට කරලා ගැටගහපු පන්දම එක අතක.....අනිත් අතෙ බත් ගෙඩිය දාපු පන් මල්ල.....පරිප්පු තෙම්පරාදුවයි මුලු බත් ගෙඩියටම හරියන්ඩ පුච්ච්පු කරෝල කෑල්ලයි කහට බෝතලෙයි කෑලි දෙකෙ රේඩියෝවයි...
මා පුතා උඹ ඉදින්....
මා පුතා මං එන්නම්...
වැටකඩුල්ල පනිනකම්ම අප්පුච්චා කිව්වෙම ඕක.....ගෙයි හරියටම වෙනදට පත්තු කරන්නෙ එක ලාම්පු කුප්පියක් උනාට අම්මා ළඟ නැති කොටහලුව අන්දකාරෙ කරන්ඩ බැරිහන්දා අද ගෙයි ඇතුලෙනුත් ලාම්පු එලියක් ආවා....
අප්පුච්චා ...උඹ අද ගෙයින් බුදියපන්....අරකි බයයි අම්මා නැතුව....
ඉස්සරහට ගිහිනුත් මං ආපිට මං යන දිහා බලාගන ඉන්න අප්පච්චි දිහාට හැරිලා අදට ගෙට පලයන් කියනකොට මං බලාගන අප්පච්චි අන්දකාර ආකාසම චන්ද්‍රකාන්තියෙන් පාට කරන වටකුරු හද දිහාව බලාන හීල්ලුවා.....මගෙ තනියට හුරුවමකුත් බාගන මං එන්ඩ ආවා.....
කෝ මා පැතු ඔබෙ ආදරෙ....
ආවෙ එදා මා තනි වී ලොවේහී.....
මුලු මූකලන් පාරම පාලුවට ගිහිල්ලා....ඈතින් ඇහෙන වෙඩි සද්දෙත් පාලු පාරම දෙදරාන ගිය ආමි කොල්ලන්ගෙ ට්‍රැක්ටරෙත් යන්ඩ ගියාට පස්සෙ පන්දම් එලිය එක්ක මාව ආයම තනි උනා...
ඉලුක් යාය රෑඅ හුලගට එහා මෙහා වෙනවා....ගල්පොත්ත හන්දියෙදි කකුල් ඉක්මන් කරපු මං ආයම මගෙ තනිකම යන්ඩ පන්දමත් වන වන සින්දුවක් මිමිනුවා.....
ආදරේ පාටවත් විරහවෙ ලුනු රහ වත් මොකක්ද නොදන්නවා උනත් වෙලාවකට ප්‍රේම ගී වලට වඩා මට විරහා ගී රහයි කියලා හිතුන....
දැන් ටිකකට කලින්ලු පියදාස මාමගෙ මලකද ඉස්පිරිතාලෙන් නිදහස් කරලා තියෙන්නෙ....ඔය පුරවන්ඩ ඕන එව්වා පුරවලා අහවර වෙන්ඩ ඇත්තෙ දැන්...
මල්ශාලාව තියෙන්නෙ බස් යන පාරෙ උනාට මිනි කාමරෙ තියෙන්නෙ අඩි දහයක් දොලහක් ඇතුලට වෙන්ඩ ඉලුක් කැලෑව ඇතුලෙ. .
ඉලුක් කැලෑව මිනි කාමරෙ අල්ලන් නෙවෙ නෙවෙ බිම්කඩ ඉලුක් කෑලෑව අල්ලගන....මරනෙ ශෝකි ස්වරූපය තවත් මේ කැලෑ යාන්ගෙ දෙගුන තෙගුන කරවන් යනවා...
ඔය කාමරේට පිටිපස්සෙ වේලුන පස යට කීයකගෙ බඩබොකු නම් වැලලිලා ඇතිද ....
බෙනෙ උඹ ආවයි....කෝ මහ එකා නැතුවයි....
නෑ...නංගි තනියෙන් ....ඒකිට මට වඩා අප්පච්චි ඉන්න එක හුරුයි...
ඇයි මහ එකී කොහෙ ගිහින්ද ...වැදුමක්ද?
ම්න්....එහා ගමෙ...
මහ එකා නැතුව කරන්ඩ පුලුවන්නෙ උඹට...තව ඩින්ගකින් පියදාසයගෙ ගෙදර එකෙක් එයි....පව් මේකා....ඇටකටු ගොඩ විතරයි...එකෙක් ගියොත් පෙට්ටියක් විකිනෙන එක හැබෑව...ඒත් කාටත් වරදක් නොකරන එවුන්නෙ ඇස් පනාපිට කම්මුතු වෙන්නෙ....අරකාට මදනයා ගහලා....රැහෙන් පිට පැන්නට පස්සෙ තනි වෙච්ච එකීලා කොහෙන් හොයන්ඩද ....දානෙ ටික අරන් යනකොටනෙ මේකව ගහලා තියෙන්නෙ....බඩෙත් තැල්ම හිටලා...ඒ බැහැලලු....
ටක්කෙටම පොලවෙ ගහලා විතරක් නෙවෙ බන් ඔලුවෙනුත් තද කරලා ඇටත් බිදිලලු....
ම්න්...
කාමර කෑල්ලට ගොඩ වෙන්ඩ හම්බුන් නෑ.....
මං එනකොටත් මනෝරත්න මුදලාලි රතුපාට තැපැල් නයින්ටිය උඩ ඉදගන බීඩි කොටයක් රහ කර කර මිනියට තනි රකිනවා...අප්පා ආවෙ නැත්තෙ මක්කද අහනකොට ගෙට උන කතාව හන්ගාපු මං අම්ම වැදුම් ගෙට ගියාපු කතාව විතරක් කියන ගමන් පිල්කඩට ගිඩ උනා....
මං ආවත් හරි මෙච්චර වෙලාම තනිරැක්ක මනෝරත්න මුදලාලි යන්ඩ ලෑස්ති උනා.....පියදාස මාමගෙ ගෙදරින් කවුරු හරි ඒවි කියාපු මුදලාලි අවසානම බීඩි උගුරත් ඇදලා කොටෙ බිම දාලා පාගලා දැම්මා....
ඇට බිදිලලු...ලේ බැහැලලු.....
ඇට පොඩි නොවී තියෙයිද....ලේ නොබැහැ තියෙයිද....සද්දන්තයෙක් එක්ක පරඩැල් වලට ඔට්ටු වෙන්න කොහෙ කියලා හයිය තියනවද...
නයින්ටිය යන්න ගියා.....පියදාසගෙ ගෙදරින් කවුරු හරි එයි කිව්වා...
ඕක හැමදාම වෙන නාඩගම.....මලකදක් එම්බාම් කරනකොට පවුලෙ එකෙක් එනවා...ඒත් පපු කුහරෙන් ගිලා බහින පිහොතුඩ බඩ පපුව දෙබෑකරන් යනවත් එක්කම උන් එලියට දුවන්නෙ වමනෙ කිලෝ ගනන් හලාගන...අදත් ඔය කෙරුවාවමයි....අපරාදෙ මගෙ කාලෙ කනවා....
මුදලාලියා යන්න ගියා.....අඩ අඩවගේ ඇවිලෙන ලයිට් එලියත් පායපු හදත් විතරක් මගෙ තනියට ඉන්නකොට මං බිත්තියේ එල්ලලා තිබුන ඔරලෝසුව දිහා බැලුවා...
එයා එන්න තව පැයබාගයක් තියනවා...එයා එනකන් මට කරන්න වැඩ තියනවා...කමක් නෑ....අනූ අටයි දශම අටේ තව සින්දු තියනවා...ඒත් එයා ඉන්නකොට යන සින්දු තරම් මට එයා නැති තැන ඇහෙන සින්දු දැනෙන්නෙ නෑ....
සරස්....
හීන් සීරුවට අඩවන් කරන්න හැදුවත් මොක්ද ලෑලි දොරපියන වැහිලා ගියේ අඩාගනම වෙනකොට මලකද තියලා තිබුන සුදුපාට ටයිල් කැට අල්ලපු මෝචරි ලෑල්ලට යටින් තිබුන බාල්දි දෙක තුන එලියට ගත්තා....
ලොකු එක බඩබොකු දාන්ඩ...පොඩි එක ෆෝමලින් කලවම් කරන්ඩ...ෆෝමලිනුනත් ආවට ගියාට ගහන්නෙ නෑ.....අනුපාත තියනවා...කලවම් කරන්ඩ ජාති තියනවා.....
ලේ ඉහිරුනොත් කියලා ඉනට බදින ඉටිරෙද්ද ඉනට බැදගත්ත මං අතට ගල්වුස් දෙකක් දාගන නහයටත් රෙදි කඩක් බැදගන ෆෝමලින් දියකරන්න ලෑස්ති උනා...
සැරින් සැරේම ඇහෙන කෑරලෙක්ගෙ සද්දෙ .....වන්ඩිල්ලන්ගෙ ක්‍රෑස් කෲස් සද්දෙ ...හද එලියත් කනාමැදිරි එලියත් එලිමහන අරක් අරගන තියනකොට මලමිනියක් එක්ක තට්ට තනියෙන් උන්න මං සුදු රෙද්ද අහක් කරලා පියදාස මාමගෙ මූන දිහා බැලුවා....ඇරුන කට වහන්ඩ නිකටට යටින් රෙදිපටියක් තියලා ඉහතෙක්ක තද වෙන්න ගැටගහලා....
මේ අත නම් කඩන්න වෙනවා.....
වකුටුවෙලා තිබුන අතේ වකුට්ට් කෙලින් කරන්න මෙ අත නම් කඩන්න වෙනවා කියලා තට්ට තනියෙන් මුමුනපු මන් ඒ සීතල අත අතගාලා එහෙම්ම මේසෙ උඩ තිබ්බ රේඩියො එක දැම්මා...
අනූ අටයි දශම අට....!!
දිගෑරපු ඒරියල් එක එහා මෙහා කරපු මං සා...සූ ගාන සද්දෙ නැතිවෙන්න හරියට සුසර කරගන ෆෝමලීන් බෝතලෙ අතට ගත්තා....
ඒ වෙනකොටත් සින්දුවක් යනවා...එයා නැති උනාට මැදිරියට අරක් ගත්ත තවත් කෙනෙක් සින්දුවක් දාලා...පුදුමෙ කියන්නෙ ඒ සින්දුවෙ තේරුම....
සින්දුව ඇහෙනවත් එක්කම මං ලෑල්ල උඩ නිසොල්මනේ උන්න පියදාස මාමා දිහා බැලුවා.....
ඇත්ත .....උඹ ගැන කවදාවත් මගෙ හිතෙ අහිතක් තිබුනෙ නැති හන්දා මන් උඹව ලස්සනට උඹගෙ උන්ට දෙන්නම් මාමා...!

මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනම
ගගෙ මහිම නැතිවෙයි දිය හිදුනාම
දුන්දෙ සුවද පවතී ලොව හැමදාම
"නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා...."
බෙනේ...
බෙනේ.....උඹ ඇතුලෙද....මං සුමතිපාල.....
බෙනේ.....
සරස්...
බාගෙට මොට කතුරට මිනි ඇදුමෙ පස්ස පලුව දෙකට කැපීගන ගියා.....සම්පූරනම ඇදුම අන්දන්ඩ බැරු හන්දා කරන්නෙ උඩ පලුව තියලා පස්ස පලුව දෙකට පලන එක...ඊට පස්සෙ ඒක ඇගට තියලා රැල්ලක් නොහිටින්ඩ යට කරන එක....ආය ඇන්දුවා වගේමයි.....
බාල රෙද්දෙන් මැහුන තනි සුදු ජාතික ඇදුමෙ කමිසෙත් අත්වල යට පලුත් පලලා අහවර කරන්නවත් එක්කම ලැලි දොරට තට්ටු කරන සද්දෙත් මන් සුමතිපාල කියන් සද්දෙත් ඇහුනට පස්සෙ මං ගිහින් දොර ඇරියා..
බෙනේ මල්ලි....
බාගෙට ඇරුන දොර පලුව ඇරගන පිරිමි දෙන්නෙක්ම ගොඩ උනා....
උඹ විතරද ඉන්නෙ මල්ලි.....කෝ අප්පා නෑ....
නෑ...අද මන් විතරයි....
මන් සුදු රෙද්ද අහක් කරන්ඩ කලියෙන් ආම්පන්න පෙට්ටිය අරන් මේසෙ උඩ තිබ්බා....වෙලාව දහයට කිට්ටුයි.....පනපිටින් ඉන්නකොට අප්පුච්චෙ අප්පුච්චෙ ගාන් පස්ස පාරෙ ගියපු සුමතිපාලයා ඉන්නෙ යාරෙකට එහායින්.....ඒකා තනියට එක්ක ආව එකා මොකාද කියන්නවත් මන් මීටකලින් දැකලා තිබුන් නෑ.....
එපා අල්ලන්ඩ ඕවා....
මක්ක කරනවද පියලා උඹ....ඔව්වා සිරිත්...මිනිකපන එවුන්ගෙ ආම්පන්න පිට උන් අතගහන්නෙ නෑ....
මෙච්චර වෙලාම ඕන කරන බඩු මුට්ටු ලගට කර කර උන්න මන් බාල්දියට කලවම් කරාපු ෆෝමලින් වතුර එක බෝතලේට හලලා අගට කටුවක් හයිකරපු රබර් වයර් එක ලෑස්ති කරන් හැරෙනවත් එක්කම මං බලාගන සුමතිපාලයගෙ තනියට ආව එකා නහරෙ අල්ලන අඩුව (ෆෝසේෆ් එක) අතට අරන් හරව හරව බලනවා.....ඒ එක්කම මං ඒකට සැර උනා. ...මට තරහා යාගන ආවා.... පිටතට නොපෙන්නුවත් ඔරලෝසු කටුව දකිනකොට මට පන තියන උන් රුස්සන්නෙ නැතිව ගියා....
එකක් දැන් දහයයිවෙලාව....කපන මිනිය උනත් මට එයාව අහගන නිවිහැනහිල්ලෙ කපන්න නැතිවෙන තරහවත් ආම්පන්න කාටවත් අල්ලන්න නොදෙන තරහවත් එක්ක මට පන තියන උන් එක්ක ගනුදෙනු කරන එක මහ වදයක් වගේ දැනෙන්න ගත්තා....
හුස්ම ගියත් මොකද පියදාසමාමගෙන් මට නෙවෙ ඇල්පෙනෙති තුඩක වරදක් උනේ...
මන් සුදු රෙද්ද අහක් කෙරුවා..... ඒ එක්කම සින්දුවක් පටන් ගත්තා....සින්දුවට මැදින් එයාගෙ කටහඩ ඇහුනා...ෆෝමලින් සැරත් මලකද කුයිලෙත් පුරහද පායපු ආකාසේ මැද සියපතක් පිපුනා...!!!

"වෙලාව හරියටම දහයයි...දහයෙ කනිසමත් එක්ක....ප්‍රේම කතා විරහා කතා අහුරක් තුරුල් කරන් ඔයා ගාවට ආව මං සියපත් ආකාස බ්රාහ්මනගෙ..."
අනූ අටයි දශම අට ලක් එෆ්එම්.....දහයෙ කනිසම
මින්දද හීසර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇහෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ...
මිනිය කපන්නද.....සින්දුව අහන්නද .....
දෙවියනෙ....බඹරු මිසක මල් කවදද සින්දු කිව්වෙ...
අතට ගත්ත පිහිය අතේම ගල්වෙලා ගිය.....දහය කනිසම එක්ක ආව එයා අමරදේව මහත්තයා එක්කම එකට අත්වැල් පටලගත්තා.....සමාවෙයන් අමරදේව මහත්තයො.....කලාවක්...රහක් නොදන්නවා උනාට මට මලේ පැත්ත මිසක් ඉන් පිට පැනලා උඹගෙ පැත්ත නම් ගන්න බෑ...
"ඉතින් රැයක් ගෙවිලා...රැයක් උදා වෙලා.....කොහොමද.....මාව අහන් ඉන්න ඔයා හොදින් ඉන්නවද.....අදත් ඊයෙ වගේමයි...කොලඹ අහසට පුරහද වැඩලා...චන්දන පෙති කහ ලාම්පු එලි අස්සෙන් ඇවිදින් කම්මුල්වලට හාදු තියන් යනවා....පිපුන රෑ මල් හද එලියත් එක්ක මක්කදො දොඩවනවා...මොන පැත්තෙන් සීතල හුලග ආවත්....මන් හිතන්නෙ මන් වැඩියෙන්ම ප්‍රේමයෙන් බැදෙන්නෙම නිරිත දිග හුලන් රැල්ල එක්ක....මන් හැමදාම බලන් ඉන්නෙම නිරිතදිග හුලන් රැල්ල මටත් රහසක් මුමුනන් යයි කියලා "
කපන්නද??
එයා තනිකරම කටර් එකක් වගේ...ඒත් ඒ කටහ පුරාවටම තිබුනෙ පුදුමාකාර තැම්පත් කමක්...පුදුමාකාර ප්‍රේමනීය බවක් .....ගිරියට අගලක් පහලින් පිහිතුඩ තියලා තදකරනවත් එක්කම එයා කිව්වා එයා ප්‍රේමයෙන් බැදෙන්නෙම නිරිතදිග හුලග එක්ක කියලා ....එයා බලන් ඉන්නවා කිව්වා නිරිත දිග හුලන් රැල්ලෙ එයා වෙනුවෙනුත් රහසක් මුමුනන් යයිකියලා....
ගිරියෙන් ගිලා බැහැපු පිහි තුඩ යටි බඩ ගාවින් නැවතෙනවා එක්කම සද්දන්තයෙක් අතින් මලගම් ගියපු පියදාස ගෙ නිරුවත් සර්වාංගෙ දෙපලු උනා සුමතිපාලයගෙ තනියට ආව එකාගෙ ඇස් උඩ ගියා සුදු අත් මේස් ලේ පාට උනා.....
දන්නවද ප්‍රේමිය
නිරිත දිගම අයිති පෙම් හැගුම් සුසර කරන අනංගයට!!!
අයියෙ....බ්....බ්වෑක්....
බෙනේ....
පිහිතලේට කැපීගන ගියපු බඩබොකු අහුර මන් ඇදලා ගත්තෙම අත්දෙකෙන් වෙද්දි දගර ගැහුන බඩවැල් සාරු සාරු හලාගන අතිනුත් ලෙස්සිලා පහලට වැක්කෙරෙනවත් එක්කම සුමතිපාලයටත් අර පියලා කියන එකාට නෑකම් අමතක උනා.....වමනෙ හලාගන උන් ලී දොරපියන් කඩාගන එලියට දුවනවත් එක්කම පන නැවතුන හදවතත් නිල්පාට බාල්දිය උඩට වැටුනා.....දෙවියො බුදුන් බැලුවා වගෙ මට මගෙ සියපත එක්ක තනිවෙන්න වරම් ලැබුනා...
හදවත අක්මා පෙනහලු...බඩබොකු...මේ හැමදේම පිහිතලේට කැපීගන කැපීගන ගියා....හමත්...හමට යට සුදු හමත් තෙල් තට්ටුවත් තිබුන පලු දෙක දෙපැත්තට වැටිලා තියනකොට මේ තාක් කල් දරාගන උන්න හැමදේම අර බාල්දිය පිරෙව්වා.....පෑදුන ඇටත් බඩ කුහරෙත් ලේවලින් පිරිලා ගියේ ලේවිලක් මවාගන වෙනකොට ආයම බටයක් ගහපු මන් උනාපු ලේ වෙන බාල්දියකට එකතුකරන්න ගත්තා...
ඔලු කටුව ගැලවිලා ගියා.....මහ මොල පොඩි මොල මගෙ අත්වලින් ආයම අර බාල්දියට වැටුනා...හිස් උන ඔලුකටුවෙන් කාන්දු වෙන ලේ උරා ගන්න....හිස් උන බඩපතෙන් පිටතට කාන්දුවෙන ලේ උරාගන්න ඒ හිස් තැන් වහන්න ලී කුඩු ගෝනි බාගයක් මලකදක් එක්ක අඩි හයක් යටට බහින්න බලාගන මුල්ලක ඉදන් ඉද්දි මන් අහගන එයා හරි නිවුන කටහඩකින් ප්‍රේමයට වඩා විරහව රහ නැද්ද අහනවා....
"ප්‍රේමයට වඩා විරහව රස නැද්ද.....ප්‍රේමයට වඩා විරහව බර නැද්ද....දන්නවද.....විරහව කියන්නෙත් ඕවර්ඩෝස් ගියපු ප්‍රේමයක්...
එයා කියනවා විරහව කියන්නෙත් ඕවර්ඩෝස් ගියපු ප්‍රේමයක් කියලා...
කකුලෙ බලනහරෙ එලියට ඇදිලා ආවා...තුනට එකේ අනුපාතෙට කලවම් උන ෆෝමලීන් වතුර ගැටයක් වැටුන බලනහරෙ ඇතුලට විද්දවීගන යනකොට මං බලාහන නහර ඉලිප්පීගන යනවා...පැත්තක තිබුන ඉදිකටුව....පැත්තක තිබුන පරන බෙඩ් ශීට් එක....ලී කුඩු ගෝනිය....ටිකෙන් ටික මගෙ ලගට එනව....වැවුන රැවුල් කොට හීරුමක් වත් නැතිවෙන්න කපාගන්න මං පරිස්සම් උනා...කැපුන තැන්වලින් ෆෝමලින් එලිදානවා...
ලී කුඩු අහුරක් බඩට වැටෙනවා....ආයම අහුරක් බඩට වැටෙනවා....කොටුන්ම අර හිස්තැන් පිරවෙන්නෙම ලීකුඩුවලින් වෙනකොට අවසානෙදි ලීකුඩු වලින් පිරඋන බඩපත ඇතුලට බෙඩ් ශීට් එකත් දාලා දෙපැත්තට කඩාගන වැටුන හම්පදාස දෙක ආපිට එකට එකතු කරපු මං අඩු පාඩු හරි හිර කර කර හිර කර බෙඩ් ශීට් එකත් අල්ල අර පතරංග ඉදිකටුවෙන් මහලා දැම්මා...
ඉදිකටුව මල හම සිදුරු කරන් යනවාරයක් පාසම මගෙ ඇස් තිබුනෙ මැහීගන මැගීගන යන මලකද දිහාවට උනත් මගෙ හිත තිබුනෙ සියපත ගාව...
එයා කියවනවා.....කොහෙන්ද ඈතක ඉදන් ප්‍රේමවන්තයෙක් එවාපු විරහ කඩදාසියට එයාගෙ හැගීමුත් කව කව එයා මේ දහයෙ කනිසම තවත් මගෙ පාලු පපුවට ලන් කරනවා...හැගීම් මැරුන...දැනීම් මැරුන සර්වාංගයක් එක්ක ගනුදෙනු කරන මාවත් එයා ඒ වචනවලින් දියකරන්න හදනවා.....
"සරවිඋයන....එදා වගේමයි...අදත් යකඩ පෙට්ටි කටස් කටස් ගගා ඔය සරසවි උයන පහු කරගන යන්න යනවා....
සුදු මැනික...මතකද අර කෙරවලම බන්කුව...කඩලගොටුවක් මගෙ වම් අතට හිර වෙනකොට දකුනුඅත හිරි වැටෙනකම්ම උඹ රාජසන්තක කරගන්නවා...
එක මිටකට අල්ලා බැදපු අක්බඹරු ගැහුන කොන්ඩෙත්.....නලල දෙපැත්තෙන් පහලට වැටුන කියඹුලතාවත් ගන ඇහිබැමත්...දිග ඇහිපිහාටුත් නාදල්ලෙ පාටම නැති උනත් හැඩ දෙතොලත්...කතා කියන තරු ඇස් දෙකත් එක්ක උඹ ඇවිදින් තනිකරම නිදහසේ අඹාපු රූපයක් කියන වචන අහුර හැමදාම මුමුනනකොට උඹ කරන්නෙම මගෙ දකුනු අත් ගොබේට හාදුවක් තියලා මගෙ උරහෙට බරවෙන එක....උඹ හරි ආසයි මං ලව්වා සින්දුවක් මුමුනවගන්න.....
මගෙ අතින්ම කඩල ඇටයක් කවාගන්න...අපිව පහු කරන් කන්ද උඩරටට යන යකඩ යක්කු දිහා බලාගන වරුගනන් ඔහෙ මුමුන මුනුන ඉන්න.....
සුදු මැනික....අකාල වැහි වැටුනම හැමදේම හෝදන් යනවා කියන්න මං දැනන් උන්නෙ නෑ.....
උඹගෙ උනුහුම සුවද දරාගත්ත මේ උරහෙ පාලුවට යයි කියන්න මං දැනන් උන්නෙ නෑ....."
මගෙ මැහිල්ල නැවතුනා...ලීකුඩු වැඩි උන තැන් වලින් ආපිට අහුරක් අහක් කරපු මං හිරට හිටින්ඩ හම ඇද ඇද මහ මහ උන්නට උරහිස පාලුවට ගියා කියන තැනදි මගෙ අත නැවතුනා....එයාගෙ කතාවත් නැවතුනා....
පුලිවන් නම් විස්වාස කරන්න එයාටත් මටත් එකම වෙලාවක බරම බර හුස්මක් පිට උනා....මට ඉබේටම මලකද දිහා බැලුනා....
මගෙ ඇස් පනාපිට අමුවට තියෙන්නෙම අනිත්‍ය....සදාකාලික නොවුන ලෝකෙක කොහෙන්ද සදාකාලික ප්‍රේමයක්....??ඒත්...හුස්ම වැටෙන එක නවතිනකන්වත් අහිමි නොවෙන ප්‍රේමයක් විදින්න කාටත් වරම් නැද්ද...??එයා මේ කියන්නෙ සරසවි උයන කෝච්චි ස්ටේශම වටේ ගෙතුන ආදර කතාවක්.....
එයා ආයම පටන් ගත්තා.....ඒ කටහඩ බර වෙලා.....වචනයක් කියනවා...ආයම නවතිනවා....හුස්මක් ගන්නවා....එයා ආයම පටන් ගන්නවා....මගෙ අතින් මැහුමක් වැටෙනවා...ආයම නවතිනවා...මදි හම ඇදලා ආයම ගැටගැහෙනවා......

දන්නවද ....අදත් සරසවි උයන පුරාවටම මල් පිපිලා...මං වගේ ..උඹ වගෙ ප්‍රේම කුරුල්ලො අර කෙරවල බන්කුව ගාවට ඇවිදින් වරුගනන් ප්‍රේම කතා මුනුනලා යනවා....
මගෙ උරහෙ හිස් උනා...
උඹගෙ සුවද උරාපු ඇදුම්වල කෙමිකල් පිරුන් සබන් සුවද විතරක් ඉතුරු උනා.....ඒත් උඹට නෙවෙ කාටත් බැරි උනා උඹට උරුම ආත්මීය සුවද මගෙන් උදුර ගන්න...ඒ හන්දම වෙන්න ඇති උඹ නැතුව උඹ එක්ක මන් අදටත් සරසවි උයනට යනවා....
මට අයිති නැති බන්කුව දිහා වරු ගානක් බලාගන ඉදලා ආපිට එන්න එනවා....
පුදුමයි...අවුරුදු ගානකට පස්සෙ අමාවකට හදපායලා තිබුනා....
අර බන්කුව උඩ මට පුරුදු රූපයක් තිබුනා....
කාලෙකට කලියෙන් මගෙ අහසෙන් නිවිලා ගියපු අරවින්ද කැට ආයමත් පායලා.....
මූන පුරාවටම හිනාවක් ඇදුනත්...මැනිකෙ මගෙ හිනාව එක තත්පරෙන් මිලාන වෙලාගියා...
මගෙ උරහෙට බර කරගත්තු මුවැත්තිය...උඹගෙ උරහෙ අද බර වෙලා තිබුනා.....
තාරකා ඇස්වල තිබුන බැල්මන් වෙනස් වෙලා ගිහිල්ලා....
මල්සුවද පිරුන විලවුන් සුවද වෙනුවට
කිරිසුවදක් උඹ ගාවින් කාන්දුවෙනගමන් තිබුනා....
මගෙ හිනාවන් මිලාන උනා.....අඩල අඩලම අඩන්න කදුලු නැතුව හිදුන විල්තෙර බලාගන ඉද්දි තෙත් වෙන්න ගත්තා ....ඇස්විල අස්සෙන් උනුවට කදුලු කැට ඉනුවා....යන්න හැරුනත් එක තත්පරෙන් මගෙ මිලාන උන හිනාව යන්තටම යන්තමට පනගහන් ඇවිදින් උඹ ආදරේම කරන අරලියාවක් හා සමාන හිනාවක් මගෙ මූන පුරාවටම පිපීගන ගියා....
උඹව සනසවන්න කියාපු කවිපදෙම්ම මගෙ මැනික අද කිරිකැටියෙක් නලවනවා....
ඉතින් ප්‍රේමිය ,මගෙ ප්‍රේමය තවමත් පනගහනවා.....සරසවි උයන තවත් කල්පකාලාන්තර්රෙකට මගෙ ප්‍රේමය දරාගන ඉන්නවා...
මගෙ ඇස් තෙත්වෙලා තිබුනා....අහේතුකවද....
සහේතුකවද මං දන්නෙ නෑ...
නැවතීම් තිත එක්ක බරට නිදහස් කෙරුණ එයාගෙ හුස්මත් එක්ක සීතල මලකද උඩට මගෙ කදුලු කැටයක් වැටුනා. . . ...
මම
දමිත් අකිල
මාවනැල්ලෙන්...
එයා හරි සීරුවට නමත් කිව්වා...ගමත් කිව්වා.....අවසානෙදි තත්පර ගානක් නිහඩවෙලා උන්නා.....ඒ චුට්ටකින්ම එයා ආයම කතා කෙරුවා...
නුරාව වෙනුවට දයාව උතුරන ඇස් දෙකක් වෙනුවෙන් .. සෘංගාර නහර පනගස්සපු පයෝදර ස්නේහය බෙදනකොට මාව ටිකක් අසරන වෙනවා.....සමුගන්නට...සමුදෙන්නට ඇවිත් යන එන.....දුම් රිය පොල පෙම්වතුන්ගෙ සරසවි උයනට වඩා තදින් මගෙ හදවත අමරදේවය්නගෙ පෙරදිනයක මා පෙම්කල යුවතිය වැලදගන්නවා...
දයාබර දමිත්.....මේක ඔයා වෙනුවෙන්...

ගැල්වුන ඔලු කටුවට ලීකුඩු පිරවුනා ....මැහුම්පාර කතිරෙට කතිරෙට තදේට ගිහින් අවසානෙදි පියන් දෙකට ඇරුන ඉහත් මැහිලා ගියා...ෆෝමලීන් සුවද මැද මටත් පීදුන නාමලකින් කිරි සුවදක් කාන්දුවෙනවා දැනුනා...
දෑහැට නොදැකපු මයාකාර සියපත කාගෙ කාගෙත් හැගීම් මර්මස්තානෙ හරුන්දරුනුවටම අල්ලන් උන්නා....!!
🥺🥺ආයමත් එන්නම්.....
අනේ දැනෙන දේ කියාගන යන්න අමතක කරන්න එපා...
ආදරෙයි හැමෝටම....
THANK YOU