Cherreads

Chapter 25 - 25

ම්ම්ම්....මෝ...අනෙ කට කපනවලු.....මන්දාරම්...මන්දාරම් මේ....ඔය කතුරෙන් මගෙ කට කැපුවම ඔයාට කිස් කරන්නවත් කටක් තියනවද මල්ලි ආ....?නොදන්න දෙයක් ඇහුවම කියලා දෙන්න බැරි ඇයි අනෙ....වයසට නෙවෙ මේ පොඩි ඇටයගෙ මුරන්ඩු කම...පුදුමා.....කාර වසක්නෙ.....

.......

මේ මල්ලි ඔයාට දැන් ලැජ්ජා හිතෙන් නැද්ද.....නෑ මං කියන්නෙ මේකනෙ ඔයා තාම පොඩි ලමයෙක්නෙ මල්ලි...පොඩි ළමයි ඔව්වා දැක්කම ඔලුව නරක් වෙනවා...

......

මල්ලි...මල්ලියෝ...ඒහ්....අඩෙ...හ්....මාව ඇහෙන් නෑ වගේ ඉන්නවනෙ....මල්ලි මේ එක්කො මන් ඔයාව ඊජිප්තුවට යවන්නද....එහෙ ගිහින් මමී කරනය ඉගනගන්න....

......

නෑ...නෑ එක්කො ඕන් නෑ...උඹ ඕවා ඉගනගන මාව මමියක් කරයි.....උඹගෙත් දස්කම් දැන් දැන්නෙ එලියට එන්නෙ.....අපෙ හාමු මගෙ හාමු ගගා උන්නට උඹ දැන්නෙ උඹගෙ නරක පැත්ත පෙන්නන්නෙ....මල්ලි කෙනෙක් අයියෙක්ට ගහනවද ඔය විදිහට....මගෙ පිට මැද්ද කසනවා අනෙ.....කන ඇහෙන්නෙත් නෑ ....අද දවසට මට දෙපාරක් ගැහුවා....හරිද...අර අර එව්වා ඇහෙන් නෑ වගෙ ඉන්නවා...ඒවා ඇහෙන් නෑ....ඒවා ඇහෙන් නෑ...මගෙ පිට කොකියනව අප්පා

.......

ඇටෙන්ශන් ප්ලීස් .....මල්ලි මල්ලි මේ....අවදානෙ නොදී අහක බලන්නෙ වයි.....??මං මෙහෙම අවදානෙ හිගා කන්න ඕන එකෙක් නෙවෙ බොල....බලපිය මගෙ දිහාව මං ඇවිදින් කන්ද උඩරට භ්‍රහ්මනගෙ වලව්වෙ ආකාස හාමු බොල...!

.......

ප්ස්...ප්ස්...දුඹුරු ගැටයො....මේහ්...මං මගෙ අන්ඩක් බිමින් තිබ්බොත් ඔයා මගෙ අන්ඩ කඩනවද මල්ලියො....??...දුඹුරු ලමිස්සිගෙ මේල් වර්ශන් එක....දුඹුරු ගැටයො.....

.......

මන්දාරම්...ඒහ්...(ලුක් ඇට් දිස් ලිට්ල් බිච්)....ඒහ්.....මේ මන්දාරම්...මේ පාර සීරියස් දෙයක්....අහන්නකො.....මල්ලි....

ආකාසගෙ පන...මේ.....මට පස්ස හරවන් ඉන්නෙ නැතුව එකපාරක් බලන්නකො...මෝඩ කතාවක් අහන්න නෙවෙ යන්නෙ...බලන්නකො...ඇයි අනෙ ඔයා ඔය ඇගට ඉටිකොලයක් බැදගත්තෙ.....කටු බොඩිය උනාට පස්සෙන් බලනකොට සෙක්සි පාටයි...ම්ම්ම්....කටු උනාට මරු .....ඒහ්...මේ අහන්නකො මං ගැඩවිලෙක් උනොත් ඔයා මට ඒත් ආදරේද මල්ලියො?

........

මන්දාරම්....කතා කරන්නකො....මට පාලුයිනෙ....අනික ඔයා ඔහොම උන්නම මට පේන්නෙ නෑනෙ....මට මොකුත් වෙන්නෙ නෑ...වමනෙ නම් මොනාද අනෙ....මං බීපුවමත් වමනෙ නාන්නෙ...ඔයාට ඕක කරන්න කලින් ශොට් එකක් ගහන්න ඕන නැද්ද.....??මගෙ ඇනෙක්සියෙ ඉන්න රූමා තෙල්දෙනිය පැත්තෙ...පොර කිව්වා උගෙත් ඈතින් සහෝදරයෙක් එම්බාම් ගහනවා කියලා...හැබැයි පොර ශොට් එක ගහලලු යන්නෙ මන්දාරම්...ඔයාට බොන්න ඕනද.....???බලන් ඉන්න මට නම් බොන්න ඕනා වගේ දෙයක් ෆීල් වේගන එනවා....

........

ඕනා නම් කියන්න....මං දැක්කා ටවුන් එකෙ වයින් ස්ටෝර්ස් එකක් තියනවා.....ගල් බෝතලයක් ගෙනත් දෙන්නම ශෙයා කරන් ගහමු...ඔයාට තනියෙන් වෙරි වෙන්නත් බෑනෙ ඒකයි මාත් බොන්නම් කියන්නෙ....මේ එක්කො මට හර්ස් එකෙ යතුර දෙන්නකො මං ගිහින් අරන් එන්නම්...චයිනිස් එකක් වත් තිබ්බා නම් කොත්තුවක් වත් දාගන එන්න තිබ්බා....වැව් මාලු එක්ක අඩියක් ගැහුවා නම් හරිනෙ....ඒවා රහද ඉතින්??

......

ඔයාට මොනවද ඕන...අති විශේශෙන් ගේන්නද....බ්ලැක් ලේබල් නම් වදිනවා සද බොදවෙන්ඩ...මල්ලි මෙහෙ කෑල්ලක් ගන්ඩ තැනක් නැද්ද??ඒක නෙවෙ සුදු මේ ඔයා ගාව බ්‍රිස්ටල් එකක් ගන්ඩ නැද්ද....???මටත් පිස්සු.....පොඩි උන්ගෙන් ඔව්වා ඉල්ලුවට වැඩක් තියනවද ....ඔයා නම් මත් රකුසට බිලිවෙන්ඩ එපා මල්ලි..පේනවනෙ මාවයි පියුමවයි මත් රකුසා බිලි අරන් වෙලා තියන දේ....තනිකරම ට්‍රැක් පැනපු රිලව් වගෙ...

.....

වෙයිට මිනිට් මල්ලි මං අපෙ එකාට කෝල් එකක් දාලා අහන්නම් ඌ ගාව කෑල්ලක් ගන්ඩ තියනවද කියලා...මේව හොද සිහියෙන් කරන්ඩ ඕන වැඩත් නෙවෙ...ඔය කපන්ඩ කොටන්ඩ තියනවා නන් මට කතා කරන්ඩ හරිද...මේ අයියා ඕන මගුලකට ඉන්නවා.....බය නන් කියන්ඩ මල්ලි හනුමට වඩා වෙගෙන් මට දුවන්ඩ පනින්ඩ පුලුවන්...ඔයා ගාව සව්කොල කැල්ලක් ඉල්ලගන්ඩ නැද්ද.....??අඩුම ගානෙ තල ගුලියක් වත්....??තල කැරැල්ල ඔතන කොලෙ තිබ්බත් ශේප් .....

...........

මේ ඒක නෙවෙ මං මගෙ අන්ඩ පාතට දාගන්ඩද....ඔයා කඩනවද මේක මං දැන් මේක පාතට දැම්මොත්??කකුල හිරි වැටිලා මල්ලි...එකපාරක් වත් මගෙ දිහා බලලා හා කියපන්කො මන්දාරම්.....අපෙ වලව්වෙ එකෙක් වත් මායි අරුයි තරම් බලු වෙලා නැතුව ඇති....ආදරෙ හින්දනෙ මේ ඔක්කොම....හිත පාරනා කතා එපා කියන්ඩ.....ඔය හීනි ඇස්වලින් මදෙස බලන්න...

.......

.......(මගෙ ඉහෙ නහරයක් වත් ගහලා යන්නෙ නෑනෙ හන්දුරුවනෙ.....)ලැහැස්ති කරගන්ඩ ඕන හැම ආම්පන්නයක්ම ලගට ගත්ත මං ඉනට අදින ඉටිකොලෙත් ගැටගහගන මලකද බාවලා තිබ්බ මෝචරි ලෑල්ල ගාවට ඇවිදින් හිටගත්තා...ඒකත් වක්ක්ඩ කැඩුවා වගේ කියවගනම ඉන්න මගෙ ආකාස හාමුවට පස්ස හරවලා....

වෙන කිසිම හේතුවකට නෙවෙ අනෙ මට මේ කන්කරච්චලෙ උහුලගන්ඩ බැරුව.....එන කම්ම ඇගිලි ගැන ගැන..පැලට නගින හැම රෑකම ගව් හතකටත් එහාවෙන් තියන කෙලොම්තොට ඉසව්ව දිහාව බලාගන රැය පහ වෙනකම්ම ඒ මූනකට...ඒ ඇස් ඒ හිනාව දකින්ඩ අනන්ත අප්‍රමාන පාරමිතා පුරන මට අද මේ කන්කරච්චලෙ උහුලගන්ඩ බැරිව ගියා....

දහයෙ කනිසමෙන් ඇවිදින් හෝරා දෙකක් පුරාවටම කියන වචනයක් වචනක් පාසාම අධිමාත්‍රාවෙන් සන්සුන් හැගීම් කවාපු මගෙ ආදර සියපත මගෙ ගාව ඉන්නෙම තනිකරම අගුන දෙයක් කෑව එකෙක් හා සමානව වෙනකොට කවදාවත් නැතුව ඒ කන්කරච්චලෙට කන්දීලද කොහෙද එක තත්පරේකට මට එම්බාම් කරන හැටිත් අමතක උනා...

ඒ තරම් කන්කරච්චලයක්....

ඒ තරම් වක්කඩක්...කොටින්ම ආකාස හාමුට හද මෝදුවේගන එනවත් එක්කම පිස්සු තද වෙලාද හිතුන මට එකපාරක් ඒ මුන දිහා බලාගන හාමු උඹට මරු විකල්ලද අහන තරමට මගෙ ඉවසීමෙ සීමා පනින්ඩ ගත්තා....

ඒත් දෙයියනෙ මේකට පිස්සු උනත් මං මේ පිස්සු රෙද්දට පන ඇරලා ආදරෙයිනෙ....එක්කො මං මගෙ කන් බෙරේ ඒ කරච්චලෙන් පැලිලා යන්ඩ ඉඩ දීලා කරන වැඩෙ කරගන්ඩ ඕනා...ඒත් නැත්තන් මුගෙ පිට රත් වෙන්ඩ දෙකක් දීලා ඕන රෙද්දක් කරන් ඕන අහක මකබෑවිය කියලා එලවන්ඩ ඕනා...

යටි හිත මගෙ හාමු තැනටත් වඩා කියවගන ඉන්නකොට එයාට පිටුපාගන උන්න මං අවසානෙදි තීරනේකට ආවා....ඉන්දවපු තැනින් බිමට බැස්සොත් කකුල් කඩනවමයි කියපු මමම අවසානෙදි මේ කියවිල්ලට මගෙ කන්බෙර පැලිච්ච දෙන් කියලා හිත හදාගත්තා....

ඒකා බොන්ඩ දෙයක් ඉල්ලනවා...ආයම මට නොතේරෙන්ඩද කොහෙද පපඩම් කුඩු කරන්නා වගේ මොනවදෝ මන්දා ඉන්ග්‍රීයෙනුත් කියවගන උන්නා...

බාගවෙලාවට ඕක අම්මා අප්ප සිහිකරලා ලින්ගික කාරිය කොරන කතාවක්දෝ ....??අනෙ මන්දා...ඒක දන්නෙත් ඒකා...

ඊටත් මොනාද මේ කියන නොසන්ඩාල කතා.....හරි කෙරුම වගේ බීපු ජාති ලැජ්ජහක් නැතුව කියවන් යන අපූරුව....වෙලහට ප්‍රේමගෙ සවුන්දරයත් මේකා එක්ක නාහෙන් පාතට තියනවදෝ...???

උඹ කොලඹ රටෙත් හොද හොද අඩව් අල්ලනවා ඇති නේ හාමු.....හිටපන්...හිටපන් මං උඹව කෝවක දාලා හරි මකවන්නම්....

බාගදා අර දහයෙ කනිසමට එන්නෙ මේකා බීලාවත් දෝ???නැත්තන් මේයාකාර කන්කරච්චලයක් ???මේ කටට සැනසීමක් ඇත්තෙම නෑනෙ...හුස්මක් වත් ගන්ඩ මතක නෑනෙ...මේක නන් රේඩියෝවකටම කතා කරන්ඩ ඉපදුන හාමු තැනක්....

කමක් නෑ රත්තරන් හාමු උඹ මගෙනෙ....!

හාමු තැනගෙ කන්කරච්චලෙ මැද හීන් සීරුවට මගෙ වැඩේ කරන්න ගත්තා....ඇගිලි තුඩුවලින් මලකදෙ වස්තර එකින් එක ගැලවි ගැලවි ශොපින් උරේ අස්සට වැටි වැටි ගියා.....

මෙච්චරවෙලාම එකම දිගට කියවගන ගියපු මගෙ ආකාස වස්තුවගෙන් තත්පර ගානකට සද්ද බද්දයක් නැතිව ගියා.....

එක්කො මේකා අර ලෑල්ල උඩ නැගන් එබිකම් කරනවදො....පේන්නෙ නෑ ගගා මැරෙන්ඩ හදපු ඒකෙ ඕකට නැග්ගදො.....ඔතනින් වැටිලා බෙල්ල කඩාගන්ඩ තමයි....

අනෙ මේ හාමු මගුල මට වැඩක් කරගන්ඩ දෙන්නෙ නෑනෙ .....

යටි හිතයි උඩු හිතයි එකතු වෙලා කොච්චරවාත් මගෙ හාමු තැනට දෙස් තිබ්බට මොකද කොච්චර දේවල් තට්ට තනියෙන් හිතුවත් මටත් එක මොහොතකට වත් ඒ මූන දිහාව හොරාවට වත් නොබලා ඉන්න බැරි උනා....

ඒ ඇස් වලට මගෙ ඇස් හදි ගැහුනොතින් මට එලිවෙනකම්ම මේ මලකද දීගන්ඩ බැරි වෙයි කියන බයට ඒ මූන දිහාව නොබලා උන්නට මොකද මටත් බැරි උනා එක තත්පරේකට වත් ඒ මූන දිහාව නොබලා ඉන්න වෙනකොට හීන් සීරුවට මං හොරාවට වගේ යන්තමට මගෙ බෙල්ල හරවලා ආකාස හාමු දිහා බැලුවා...

අනෙ ඉන්දවපු විදිහමයි....

කකුලක් පාත දාගන්ඩ ඇහුවට ඒ කකුල් උඩමයි....මට පව් කියලා හිතෙනවා...

මෙච්චරවෙලාම කියවලා කියවලා අවසානෙදි මගෙ හාමු වස්තුව එයාගෙ ඵෝන් එකට එබීගන මොනවදෝ කරනවා...එක්කො කාට හරි කෝල් කරන්න හදනවා....

ඔය ඉදපු දෙන් ....

මගෙ යටි හිත මට රහස් කොදුරනවා.....හරියටම වද දීල දීලා අවසානෙදි එයාගෙ ගාතෙ ඉන්න නොදරුවෙක් ට අම්ම අප්පා අවසානෙදි ඔය උන්න දෙන් කියල ඉන්ඩ අරින්නා හා සමානව මං මගෙ හාමු නොදරුවට ඉන්ඩ ඇරලා එකම නූල්පටක් වත් ඇගට ඉතිරි නොකර නිරුවත් කරාපු මලකද නාවන්ඩ ලැහැස්තිවෙලා අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ සම්පූරනම වැහෙන්ඩ උරයක් දැම්මා...ඒ චුට්ටකින්ම මන් අහගන මට පිටිපස්සෙන් මේ රාත්තිරියෙ රතිඥ්ඥයක් පුපුරනවා...

අනෙ දෙයි හාන්දුරුවනෙ අරකා ආයම කචපච ගානවා...

හෙලො පියුම්...මේ මල්ලි කතා කරන්නෙ...උඹ කොහෙද ගොබිලයො???

....(මගෙ අම්මෙ අයියට කතා කරන අසිරිය.....මේ කට එක්ක නම් හැරෙන්ඩ හම්බෙන්නෙ නම් නෑ....)

මගෙන් කොහෙද අහන්ඩ කලින් මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීලා ඉදින්.....ආ.....අර....අර ඇහෙන්නෙ....අර ඈතින් ඇහෙන්නෙ කැහැට්ටිගෙ සද්දෙ නේ....ඇයි අර ළමයා අඩන්නෙ...????මන්දාරම්.....මල්ලි බබා මෙන්න අපෙ ළමයා අඩනවා....මුන් අපෙ පුතු පැටියව අඩවනවා.....ඇත්ත කියපන් උඹලා අහුමුලු ගානෙ පෙම් කෙලින්ඩ ගිහින් ළමයා බලාගන්ඩ බැරි උනානෙ....????උඹ නම් ඇඹලයෙක් වෙලා...ළමයව බලාගනින් පෙම්කෙලින්ඩ ඕනා නම් ලමයා නිදියනකන් ඉදින්....අරකිටත් දැන් කොදොච්චිය ගහලද.....කැහැටු නලගන.....

......(ශිහ්....නමනින්දාවෙ බෑ සන්තො...)

...අබිලින් ගොයියා දැන් රෑට රෑට පැල් රකින්නෙ ඔහෙ වෙන්ඩ ඇති....විල් සී මදර් ෆකර්...විල් සී.....ම්ම්ම්ම්....මොකක්...පොඩ්ඩක් හයියෙන් කතා කරපන් මට ඇහෙන් නෑ.....හෙලෝ....හෙලෝ....හෙලො ....

පියුම් ...කොට පියුම් උඹට ඇහෙන් නැද්ද??

........

කුටු කුටු නොගා කතා කරපන්කො...මට මෙතනට සිග්නල් නෑ.....

........

බෑ මට වෙනතැනකට යන්ඩත් බෑ....බැස්සොත් කකුල් කඩනවා කියලා මාව උඩකින් ඉන්දවලා ඉන්නෙ...මායි මල්ලි බබයි වැඩක්....නයිට් ඩියුටි

........(මොකක්....බබා...මල්ලි බබා??මේ කටට බ්‍රේක් නැති හැටියක් මං කොහොමදැයි ආයම පියුම් හාමුට මූන දෙන්නෙ....?)

මල්ලි කියන්නෙ කාටද අහන්නෙ???මට මල්ලිලා මහ ගොඩක් ඉන්නවද....මගෙ ගාව ඉන්න මල්ලියි....මගෙ මල්ලියි ..දෙකයි.... මගෙ මල්ලි නම් දැන් නිදි...මගෙ ලොකු මල්ලි නම් වැඩක්...එයාට තනියෙන් මේවා කරන්ඩ බෑ...හිත ගැස්සුනොත්.....

......(අනෙ මාව පන පිටින් දිවන්ගත වෙන්නෙ නැනෙ...මේ මොනාකර අවලන් කටක්ද දෙයියනෙ)

උඹට පිස්සුද....මට මොනවත් වෙන්නෙ නෑ හරකො....ආ...උඹට පුලුවන් නම් ගුරුකම දවල්ට කරලා හැන්දෑවට අමුඩෙ ගහන් හේනට බැහැල මහපොලව කොටන්ඩ...මට බැරි ඇයි මගෙ ළමයා ළමයා මෙව්වා කපන්ඩ.....???අනෙ මේහ් ඌට නටාගන්ඩ කියපන් පියුම්....උඹ ඒකට බය උනාට මං බය නෑ....උඹ මේ ආකාස ගැන නොදන්නව නෙවෙනෙ පියුම්.....මට උලයි පිලයි දෙකම එකයි...

.......

මේක මහ පුදුම කෙලියක් උනානෙ...?????ඒකි මොන ලබ්බටද උඹගෙ ඇදුම් කැඩුම් හෝදන්නෙ....???උලුහාලි හදන්නෙ ...නෑ නෑ....ඒක පස්සෙ කතා කරමු මං උඹට ගත්තෙ වෙන කාරනාවකට....ඒ මොනවා උනත් ආය කාමරේට රින්ගුවොත් ගහපිය පත්තු දෙක තුනක් බැදලා මාසෙකට බෙහෙත් ඔරුවක ලැගලා ඉන්ඩ....ගහන එක ගහපිය පියුමා...ඇට සව් ඇට වෙන්ඩ

බැරිම තැන අනෙ මන් කරන වැඩේ නවත්තල ආපිට හැරිලා බැලුවා...අරකගෙ තියන මදාවි කමක මහත.....මොන මොනවදෝ දොඩවලා දොඩවලා ගුරු මායියටද කොහෙදො ගහපිය කියලා අතයි පයයි දෙකම ගස ගස තව තවත්කියවගන ඉන්නකොට මට ඉබේටම හුස්මක් පිට උනා...මේක් නම් තනිකරම අන්කර කෙක්කක්.....

පියුම්...මන් ගත්තෙ බඩුවක් අහන්න.....

......

උඹ ගාව කෑල්ලක් ගන්ඩ තියෙනවද .....??මට..අ...ආ...ම්...ම්...මන්දා.....රම්....

උඹට මොලෙ කොලොප්පම්ද හාමු?? එහෙමවත් අහන්ඩ....????කියවගනම ඉන්නවා....ලැජ්ජාවක් බයක් කියන එකක් ගෑවිලා වත් නැද්ද උඹට???උඹ හිතන්නෙ මහ වීරකමක් කියලද ?????

මට ආය ආයමත් යක්සාවේස වේගන ආවා....මුලු ගමම බැන්නත් මීක් නොගාන මගෙ ඉවසිම ආකාස වස්තුව ගාවදි නැතිවෙලා යන හේතුව මටම හොයාගන්න බැරිව යද්දි මිනිය නෑවිල්ල පැත්තක දාපු මන් අඩියට දෙකට ආකාස හාමු ගාවට ගිහින් ඒ ඵෝන් එක උදුරලා මගෙ අතට අරගන එයාට වචනයක් වත් කියන්ඩ ඉඩක් නොතියා මගෙ තරහවෙ තරම පෙන්නුවා...

උඹට පිස්සුද ආකාස????උඹට මොලෙ කියන නාමයක් නැද්ද අකලටද වයසට ගියෙ ... ???දහ ජරාව බොන එක මහ කෙරුමක් කියලද හිතන් ඉන්නෙ????

ම්..ම...මන්දාරම්.....ලමයො

ළමයා....එපා උඹ ඔය කටින් මට මගෙ නම වත් කියන්ඩ....උඹ හිතන්නෙ මල ජරාව කටෙ හලාගන්න එකයි පිරිමි කම කියලද...????උඹ ලැජ්ජාව බය නැතුව මට ඇහෙන බව දැනෙන බව දැන දැනම හැසිරෙන්නෙ මෙහෙම නම් මං නැති තැන උඹගෙ නැටිල්ල කොහොම ඇද්ද ආකාස ආ.....???.

......

ලෑස්ති වෙයන් උඹව ගිහින් දාලා එන්ඩ....

.......

ආකාස! කන ඇහෙනවද.....?මං උඹට කියන්නෙ යන්ඩ වරෙන් කියලා....

ඇගෙ නූල් පටක් නැති මලකද මැරිලත් සැනසීමක් නැතුව ඔහෙ ලෑල්ල උඩ වේලෙනවා...

මෙච්චර වෙලාම අහවරක් නැතුව කියවගන ගියපු මගෙ ආකාසෙ හුස්මක් කටක් ගන්නෙ නැතුව හුස්මත් හිරකරගන මගෙ දිහාව බලාගන ඉන්නකොට ඒ මුන දිහාව බලාගන තව බනින්ඩත් හිත හදාගන්ඩ බැරිව වගේම ගහපු කම්මුල් පාරෙ තරමෙ සැර තවම ඒ සුදු කම්මුලෙ ඉතිරි වෙල් තියෙද්දි ඒ වේදනාවටත් හිත අස්සෙ පිච්චි පිච්චි උන්න මං මගෙ අතේ තිබුන ප්ලාස්ටික් කෝප්පෙ පොලවෙ ගැහුවා.....

අවුරුදු ගානක් පරන ගනනින්ඩ බැරි තරන් මලකදන් නාවගන්ඩ පිහිට උන ප්ලාස්ටික් කෝප්පෙ ගුනකතනයක් වත් නාහම මගෙන් මැරුන් කෑවා.....

මන්දාරම්.....

එයා කතා කරනවා.....ඒත් මං නෙවෙ ඇයි ඇහුවෙ....මං නෙවෙ ඒ මූන දිහා බැලුවෙ....කරපු එකම දේ නම් අර ප්ලාස්ටික් කෝප්පෙ දිහාව බලාගන යටි තොල් හපාගන උන්න එක විතරක්ම වෙනකොට මට දැනුනා එයා ඉන්දවලා උන්න ගැට්ටෙන් බහිනවා...බැහැලා මගෙ ලගට එනවා....

මගෙ මන්දාරම්....

මගෙ හිත රිදෙන මතක ඉතිරි කරලා යන්ඩ එපා සුදු මහත්තයා ...උඹට අත ඉස්සුව වරදට මගෙ යටි හිත තාම ගිනි ගන්නවා ආකාස...ගැහුවෙ උඹට උනාට රිදෙන්නෙ මටයි ආකාස....මං ඉන්න තැනම උඹ මහ කෙරුම වගේ අහන්නෙ මොනවද ආකාස????මන් උන්නා නැතා....උඹ ඇයි ඔහොම දේවල් කරන්නෙ සුදු මහත්තයා .. .පින්සිද්ද වෙයි....මං මගෙ ඉහට අත හේදුවත් වචනයක් කියන එකෙක් නෙවෙ ආකාස....ඒත් මට උඹ ගාවදි නන් බෑ ආකාස.....

දෙයියනෙ මට උඹ ගාවදි නන් ඉවසන්ඩම බෑ ආකාස....අත් එකතු කරලා වදින්නම්...බුදුන්ට වදින අත් එකතු කරලා මං මේ කියන්නෙ....උඹ ගියහම මට පිච්චි පිච්චි ඉන්ඩ බැ ආකාස.....උඹට බැන්නට ගැහුවට මට අසිමාන්තිකව විදවන්ඩ වෙන්නෙ උඹ මාව දලා යන පලවෙනි තත්පරෙ ඉදන්මයි ආකාස....මං උඹට වදින්නම් රත්තරන් ....මේවා බුදුන්ට වදින අත් ආකාස

ම්...මන්දාරම්....

මං එකම දිගට කියවගන ගියා....හුස්මක් කටක් නොගෙනම කියවන් කියවන් ගියපු මං අවසානෙදි තව දුරටත් ගුගුරන්ඩ බැරිව මගෙ අත් එකතු කරලා වදිනවා එක්කම එයා මගෙ අත් ඒ අත් දෙකෙම්ම අල්ලගන එපා එපා කියන්න ඔලුව දෙපැත්තට කෙරුවා.....

එපා මන්දාරම්.....අනෙ එපා බන්....

උඹට බොන්ඩ ඕනද.....ම්ම්ම්....ආකාස උඹට බොන්ඩ ඕනද හාමු???

මං ඒ අත් මගෙ අත්වලින් අහක් කෙරුවා...ඒ ඇස් දිහාව බලගනම දෙපාරක්ම උඹට බොන්න ඕනද අහනවත් එක්කම මං බලාගන ඒ ඇස් වලට කදුලු පටලයක් බැදෙනවා....

ඒ එක්කම අනිත් පැත්ත හැරුන මං ඒ ලගම තිබුන පට්ට පරන් කබඩ් එකක් ඇරලා අලියා බාගෙ බෝතලයක් ගත්තා....

ලේබලෙත් මැකීගන යන අලියා බාගෙ බෝතලෙ හරි අඩක්ම තිබුනෙ හැලිඅරක්කු ....මේතාක් කාලෙකට අරක්කු බිදක රහ දැනිලා තිබුනෙම දත් කැක්කුමක් ආ දාක මයෙ අප්පුච්චා පුලුන් කැටිත්තක පොගාපු අරක්කු බිදක් මගෙ දතට හිරකරපු දා විතරක්ම වෙද්දි බෝතලෙ අතේ තියාගන උන්න මන් පියුම්ටත් කතා කර කර වද දෙන මගෙ ආකාස දිහාවට හැරිලා අලියා බාගෙ කටට හිරකරලා තිවුන පොරොප්පෙ අහක් කෙරුවා....

මන්දාරම්.....

බොන්ඩනෙ ඕන කියන්නෙ...

එ...එපා මන්දාරම්.....එපා...දෙයියනෙ මන්දාරම්.....!

ඉදා උගුරක් ඉතුරු කෙරුවා.....මේ වහනෙ බොන්ඩ ඕනයි කියන්නෙ.....

සලන්!!

මන්දාරම්!

මගෙ බඩපපුව තනිකරම පෙට්‍රල් වක්කරලා ගිනි තිබ්බා වගේ....බෝතල් කටට කට තියාගන ඇස් පියාගත්ත මං එකම හුස්මට අර අරක්කු බාගෙ බීගන බීගන ගිහින් ආන්තීම උගුර ඉතිරි කරලා ඒ ආවෙගෙම්ම ආකාස දිහාවට බෝතලෙ දික් කෙරුවා....ඒත් ආ අතින් බෝතලෙ ඇතෑරිලා බිම වැටිලා කුඩුවෙලා ගියා....

එපා අඩිය තියන්ඩ....

බෝතල් කටු සීසීකඩ.....අවසානම අරක්කු උගුර බොන්ඩ දුන්නත් අරක්කු බිදක් කටට යනවා තියා බෝතලෙ වත් අල්ලගන්න කලියෙන් අලියා බාගෙ බිම වැටිලා කුඩු පට්ටම් වෙලා යනවා එක්කම බය උන එයා මගෙ දිහාවට එන්න හැදුවා විතරයි එයා එන්න කලියෙන් මං එයාව අඩියක් පස්සට තල්ලු කරලා හිතන්නවත් ඉඩක් නොතියම අර හයයි හතරෙ පිරිමි පරානෙව හරහට උස්සගත්තා.....

මලකදක් තව තවත් සීතල වෙලා යන යාමෙකදි මුලු ලෝකෙම තත්පර ගානකට අමතක කරපු මන්දාරමක් ආකාස වස්තුවක් දිහා ඇහිපිල්ලමක් වත් නොගහම බලාගන උන්නා...කාට කාටත් හොරාවට විදුරු කටුවක් මහපොලවෙ වැදිලම ගොරහැඩි උන යටි පතුල පසාරු කරගන ඇතුළට බැහැල ගියා.....

මන්දා....රම්....උඹට වීදුරු කටුවක් ඇනිලා මගෙ දරුවො...අනෙ මන්දාරම්...මේ.....

ඔය හැටි මුරන්ඩු වෙන්න එපා මගෙ ආකාස හාමු...වීදුරු කටුව හම පසාරු කරනවට වඩා වේදනාවයි ආකාස දහජරාව බීලා බීලා අවසානෙදි උඹ විදවනවා දකින්ඩ උනෝතින්.....මං මිනි කපන එකෙක් මගෙ හාමු.....මේ අත් වලින් පලපු බඩවල් වල හැටි මේඇස් දෙකෙන් දකිනවා මගෙ හාමු.....ඒකයි....ඒකයි මං මෙච්චර කියන්නෙ....ඒකයි මං මෙච්චර උඹට කියන්නෙ ඒකයි ආකාස....

"සරස්..."

එතකොට මට....මට රිදෙන්නෙ නැද්ද.....මට තුවාල වෙයි කියලා මාව හරහට උස්සගත්තට උඹට අමතක උනා උඹ ගැන පරිස්සම් වෙන්න .....

සරස් ගාන සද්දෙත් එක්ක රෙදිපටියක් ඉරිලා ගියා....මං මොන තරම් ජාති කියෙව්වත් ආකාස හාමුගෙ හිත තිබුනෙ වීදුරු කටුව ඇනුන මගෙ යටිපතුල ගාව වෙනකොට ලේ පෙගුන පුලුන් ගුලිය දිහාව වේදනාවෙන් බලගන උන්න එයා අවසානෙදි මගෙ යටි පතුලට කෝපි කුඩු පැකට් එකම හලලා ගැටගැහුවා....(අපරාදෙ සති දෙකතුනක් විතර බොන්ඩ තිබ්බ කෝපි එක)

...මම නෙවෙ මුරන්ඩු උඹයි මන්දාරම්...දැන් ඉතින් නොන්ඩි කොට කොට කොහොමද මේවා කරන්නෙ....

මේ පොඩි තුවාලෙකට මාව එක් තැන් කරන්න බෑ සුදු මහත්තයා....උපන්දා ඉදන් සැප කියන දේ වචනයක්ම විතරක් උන ජීවිතයක් උරුම මට....මේ තුවාලෙ සුලු දෙයක් ආකස.....

මෙච්චරවෙලාම ඇවිලුන මම මේ වෙනකොට නිවිලා උන්නා ....එයා ලව්වම කකුල බැදගත්ත මං ආපිට එයාව අර ගැට්ට උඩින් ඉන්දවලා යන්තමට වගේ හිනා වෙලා වේදනාව හිත අස්සෙ තියාගන යන්තමට වගේ අර පාරහිටපු කම්මුල පිරිමදිනවත් එක්කම එයා මගෙ අත අරගන ඒ අල්ලට හාදුවක් තිබ්බා...

මන්දාරම්....උඹ ළඟ ඉන්න හැම මොහොතකම මට මාවම අමතක වෙනවා මන්දාරම්.....හිත පිස්සු නටනවා...කටට සීමා නෑ...හිතට සීමා නෑ...පපුවට සීමා නෑ.....කරන්නෙ මොනවද....ඉන්නෙ කොහෙද....මේ මොනවත් මට හිතන්න උවමනාවක් නෑ මන්දාරම්...මගෙ මුලු ලෝකෙම උඹගෙන් විතරක්ම වැහිලා ගියාට පස්සෙ මන් තව මොනවා හිතන්නද .....

මට මේ මුලු ලෝකෙම උනත් පාලනෙ කරන්න බලයක් ලැබුනොතින් සැකයක් නෑ මන්දාරම්....මට පුලුවන් වෙයි තුන්ලෝකයක්ම පාලනෙ කරන්න.... ඒත් මට බෑ මන්දාරම් උඹ ගාවදි මගෙ හැගීම් පාලෙන් කරගන්න....

වැඩක් නෑ....මට පාලනෙ කරන්නයි කියල අමුතුවෙන් තුන් ලෝකයක් ඕන නෑ මන්දාරම්....මගෙ ලෝකෙම උඹ වෙද්දි....මුලු ගමක් බැන්නත් ඉවසන් ඉන්න පුලුවන් උඹ මං සම්බන්ධ කාරනාවලදි ඉවසන්න බැරි හේතුව ආදරේම විතරයි කියන්න මං දන්නවා මගෙ රත්තරන්.....

මං තරහා නෑ...මගෙ හිතෙ උඹ ගැන අල්පමාත්‍රීකව තරහවක් නෑ මන්දාරම්...දන්නවද මන්දාරම්ගෙ තරහව කියන්නෙත් මට එක්තරා සතුටක්...මන්දාරම් මං වෙනුවෙන් ගුගුරනව කියන්නෙත් මට සතුටක්....තරහවට එකම හේතුව මන් වෙනුවෙන් තියන ආදරේ කියන එක මට පුදුමාකාර සතුටක් මන්දාරම්.....

.........

මන් තරහ නෑ...ගැහුවත් බැන්නත්.....මං තරහ නැ....මට උඹ එක්ක තරහ වෙනවා තියා හිතන්නවත් බෑ මගෙ කැලෑ මල....මේ ලෝකෙ කවුරු කා එක්ක තරහා උනත් ..ආකාසෙකට බැ මන්දාරම් ගදපාන මලක් එක්ක් තරහ ගන්න.....මට උඹ නැතිව පාලු දැනෙන තරම් කොයිතරම්ද කියන්න උඹ දන්නෙ නැ මන්දාරම්.....ඒ තියා මං වත් දන්නෙ නෑ....මං මගෙ හිතෙන් උඹව දවසක් ඇතුලත කෝටි ප්‍රකෝටි වාරයක් තුරුල් කරගන්නවා මන්දාරම්...කොටින්ම...මං උඹ ගාවදි ට්‍රැක් පැනපු ප්‍රේමවන්තයෙක්.....

මගෙ මෝඩ වැඩත් එක්ක ඕන තරම් තරහා ගනින්...ඕන තරම් මට බැනපන්....ඒත් අනෙ කවදාවත් මට තියන ආදරෙ නන් අඩු කරන්න එපා මන්දාරම්...කවමදාවත් මට දෙන ආදරෙ වෙන කාටවත් දෙන්න එපා මන්දාරම්....මන්බයයි උඹව නැති කරගන්න...මං හරි බයයි උඹගෙ ආදරෙ දශමෙකින් හරි අඩු කරගන්න ....

මට දුක හිතුනා .....මයෙ පපුව ඇදුම් කන්න ගත්තා...එන්න එන්න රෑ බෝවෙනවා මිසක් මයෙ වැඩෙ එහෙම්ම වෙනකොට තව ආදර කතා කෝටියක් උනත් අහන්න හිත දුන්නට ....ආකාස වස්තුවව පපුවට තුරුල් කරන් ආදර කතා තවත්න්කෝටියක් ඒ කනට මුමුනන්න හිත දුන්නට ගෙවෙන විනාඩියක් පාසාම තවත් සීතල ගහන මලකද දිහාව බලපු මං ආකාස හාමුගෙ ඉහ අත ගලාලා යන්තමට මෝදුවේගන එන කදුලු කැටෙ අතින් පිහ දැම්මා.....

වැවක් හිදුනත්...මේ ආදරෙ හිදෙන් නෑ මයෙ ආකාස.....උඹලා වෙනුවෙන් මේ හිතෙ ඉපදෙන ආදරෙ තනිකරෝම උල්පතක් වගේ .....තව තව ආදරෙ ඉපදෙනවා මිසක්කා තව තව දළු ලානවා මිසක්කා....හිදීමක් ඇත්තෙම නෑ රත්තරනෙ.....මයෙ පන ඩින්ග මෙහෙන් ඉදිල්ලා....රත්තරනෙ මලකද තවහීතල උනෝතින් ඇරත් මයෙ අම්ම ගෙදර යන්නෙ නැද්ද...ඔහෙන් ඉදිල්ලා.....

ආදර කතා අහුරකින් රිදුන තැන් සකසුරුවමට පැලැස්තර කරලා සීසීකඩ ගියපු වීදුරු කටුත් අතු ගාපු මන් ආපිට මලකද ගාවට නොන්ඩි කෙටුවා.....

මගෙ ආකාස පරානෙ මීක් නෑ...ඇස් පිල්ලාමක් වත් නොගහම බලාගන ඉන්නකොට මට දුක හිතුනා....කකුල් දෙකත් නවාගන අත් දෙකත් අර එරමිනියා ඔතාගන උන්න කකුල් අස්සෙ ගහන් ඉන්න විදිහ දැක්කම මයෙ පපුව මක්කද වෙලා ගියා...

තව ඩින්ගකින් මදුරු කරදරෙ උහුලන්ඩ බැරිවෙනවා.....ඒත් මේ ජනෙල් දොරවල් ඔක්කොක වැහුවම මලකදත් එක්ක පනපිටින් ඉන්න එකාවත් තැම්බිලා මැරෙනවා...

නොන්ඩි කොට කොටම ගිහින් අහුමුල්ලකින් තවත් ප්ලාස්ටික් කෝප්ප පොඩියක් ගෙනාව මං වහලා තිවුන ජනෙල් පියන් දෙකනරිනවත් එක්කම කනාමැදිරි එලියට අන්ත උන කහ පාට බල්බ් එකෙ එලියෙ තනි රකින්න හද එලියත් ලෝබකමක් නැතුවම එම්බාම් කාමරේට ගලාගන එද්දි වෙනදා වගේම මලගම් ගීයක් කියාගන කෑරලෙක් වහලෙට උඩහින් තටු ගහන් යනකොට අනෙ මං බලාගන මයෙ රත්තරම ගැස්සෙනවා....

ලමයො....

මේකෙන් වහගන්ඩ...මයෙ හාමුව මදුරුවො කාවි....තව ඩින්ග වෙලාවකින් මදුරුවො වැහි වහින්ඩ...වැහි වැටෙන පනිව්ඩ අරගන මෙරුවො නාවට මක්කද ඇග සන්තකේට ඉතුරු ලේ ඩින්ග රහ බලන්ඩ මදුරුවො නම් එකකාරෙට...

මාව මෙහෙම පෙරෙව්වම මගෙ ළමයව මදුරුවො කන්නෙ නැද්ද ...මන්දාරම් මේ කමිසෙ ඇදගන්ඩ...

මදුරුවන්ට මං දෙන්ඩ පුලුවන් උපරිම මයෙ ලේ දන්දීලා අහවරයි මයෙ ආකාස...ආය ඉතින් මේ කටු කබලෙන් ලේ බොන්ඩ එන එකාලගෙ ඉදිකටු හොටවල් මොටවෙනවා ඇරුනම ලේ බිදක් බොන්ඩ බැරුවා...

උඹ තනිකරම අප්පච්චි කෙනෙක් මන්දාරම්.....සමන්ගෙ තේරීම හරි....නිවන්ට උඹලා ඇරුනම මේ සක්වල ගල පන්නලා වත් උඹ තරන් හොද අප්පච්චි කෙනෙක් ලැබෙන් නෑ...පැටියා ජාතක අප්පගෙ ආදරෙ ලබන්ඩ පින් නොකරට... උඹල වගෙ පිරිමියෙක්ගෙ පපු උනුහුමෙ හැදෙන්ඩ පුදුමාකාර තරම් පිනක් කරලා තියනවා මන්දාරම්...

මං යන්තමට හිනා උනා....ජනෙල් පියන අරින්ඩ යමින් ගමන් ඇදන් උන්න මයෙ කමිසෙ ගලවලා මයෙ රත්තරමව මදුරුවන්ගෙන් වහන් කොරන්ඩ පොරවාපු මන් වෙනුවෙන් ආකාස හාමු දෙන ගුන සම්මාන අහනගන උන්න මං කවදත් වගෙ යන්තමට හිනා උනා....

සුදු මහත්තයා 

මන්දාරම්

මයෙ හාමු ඩින්ගිත්තකට වත් හිත ගැස්සුනෝතින් අනෙ මයෙ අම්මෙ නහින්ඩ කාරනා නැතුවා...මං උඹලා ගාව....වෙන මක්කවාත් නැතුව මයෙ අම්මා බුදු ගුන විතරක්ම මතක් කරපල්ලා...බුදුබනට ඔය මක්කත් දෙවනියි ආකාස...මට ඉන්න එකම හයිය ..

මං ඒ ඔලුව අතගෑවා...කොච්චරවාත් මගෙ හිත කිව්වෙම දෙකඩ කරාපු මලකදත් ඈතින් ඇහෙන කෑරලාගෙත්....උලලේනියන්ගෙ මූසල ඈඩියවත් මල ඉරෙන් පස්සෙ මුලු රෑ යාමෙම ඒකගෙ බාරෙට ගන්න කනකොකාගෙ ඇඩුමත් එක්ක ඒ පපුව ගැස්සෙයි කියන එකම විතරක් වෙනකොට මං එයාට බුදුබන සිහිකරන්ඩයි කියලා එන්න් හැරුනා.....

මන්දාරම්.....

හැරුනට මොකද එයා ආයාම මට කතා කෙරුවා .....

...??

තරහ ගන්නෙ නැතිනම් කාරනාවක් කියන්නන්...තුන් හිතකවත් කහටක් වත් අවිස්වාසයක් වත් නැතුව කියනවා නෙවෙ....ඇදපු රූපෙන් මිසක ජීවමානෙබ් නොදැකපු බුදුන්ගෙ ගුන සිහි කරනවට වඩා....මට බැරිද වදාපු එවුන්ගෙන් තුන්වෙලටම් විවරන ගන්න උඹගෙ පපුවට ගුලිවෙන්න මන්දාරම්....??

............උඹ වෙනුවෙන් පපුවෙම ඉඩ තියනවා...."මගෙ ආකාස වස්තුව"

*.

*

*

මිලාන වෙච්ච මලක ප්‍රේමය.....උඹට බැරි උනා තව එක මොහොතකට වත් ඉවසන්න.....අඩුම ගානෙ හදපානෙ පැනල යන්න....ඒත් උඹ කෙරුවෙ අම්මා අප්පගෙ නම්බුව රකින්ඩ උඹගෙ ආදර්‍ර් එක්ක පැනලා නොයා ශරීර කදෙ බර පරාලෙකට උහුලගන්ඩ දුන්න එක....

මන්දා බන්...මේ කටු ගැහුන සර්වාංගෙ දැක්කම මට අහන්න තියෙන්නෙ අන්තීම හුස්ම යනකොට උඹ දරාගත්තෙ කොහොමද කියලා....

මගෙ අතින් මිනිය නෑවෙනවා....

මිනි කාමරේ පුරාවටම කුට්ටි කපන්න පුලුවන් ගැඹුරුම නිහඩතාවෙකින් ගිලිලා යනකොට මගෙ අත්වලට වාරු වෙලා තිවුන ප්‍රානය නිරුද්ධ නිරුවත් මලකද වතුරෙන් තෙමි තෙමි යන වාරයක් වාරයක් පාසම මයෙ යටි හිත අර මලකදත් එක්ක ගනුදෙනු කරනකොට නාවලා අහවර උන මලකදෙ තෙත මාත්තු කරන්න ගන්නවත් එක්කම එයා මගෙ ගාවින් ඇවිත් හිටගත්තා.....

........හුස්ම මරාගන්න තරමට ප්‍රේමය කියන විශය කාරනාව මොනතරම් බරද මන්දාරම්.....??ඉවසගන බලා ඉදීමත් ප්‍ර්‍රෙමයක් කිව්වට...බලාගන ඉන්න එවුන්ගෙ හිත්වල බර කිරලා බලන්න තරාදියක් තිබුනා නන්....කිරන එකාගෙ පපුව පුපුරලා මැරෙනවා මන්දාරම්....බලාගන ඉන්න එකත් ප්‍රේමයක් කිව්වට....ඒ බලා ඉදිල්ල සුන්දර නෑ මන්දාරම්....

එයා කියවනවා.....ඒ කටහඩ ආයම වෙනස් වෙලා....දහයෙ කනිසමෙන් එන මගෙ ප්‍රේමනිය සියපතමයි.....

ලගට ගත්ත ආම්පන්න දිහා බලාගන උන්න මං ඒවට වැදලා වෙනදා වගේම පපු පදාසෙ එක පිහිපාරින් පලලා දාන්න හැදුවා....ඒත් මගෙ අත උගුරු ගැටේට යන්තම් පාතින් නැවතුනා...

සුදු මහත්තයා.....මං මේ පපුව බඩපතෙ අගිස්ස් වෙනකන් පලන්ඩයි යන්නෙ.....

......මං ඉන්නම් මන්දාරම්....

..........උඹලගෙ කැමැත්තක්...

මං නෙවෙ ඉන් එහා වචන හරඹෙට ගියේ....අඩමානෙට තියාන උන්න පිහිතුඩ හම මස කාගන ඇතුලට කිදා බහිනවත් එක්කම එකම දිගට පහලට වෙනකන් ඇදන් ආව මං අවසානෙදි වෙනදා වගේම පලාපු හමත් මසත් දෙපැත්තට කෙරුවා...

හදවත අක්මා බඩබොකු....මේ ඔක්කොමත් එක්ක මලකදකට උරුම සිනිගද හීන් සීරුවට උඩ ගහන්න ගන්නවත් එක්කම මං මගෙ ඇස්කොන් වලින් එයා දිහා බලන ගමන් බඩබතට එකතුවෙලස් තිබුන ලේ අද්දන්න බට දාන ගමන් අත් දෙකම අර දෙබෑ කරපු මලකදට දාලා බඩබොකු අහුරට අතට ගත්තා විතරයි මෙච්චර වෙලාම බලාගන උන්න මගෙ ආකාස හාමු කටට අත තියාගන එලියට දිව්වා.....

බ්වෑක්...

බ්වෑක්....

ම්...මන්දා.....බ්වෑක්....

ඒකා වමනෙ නානවා...අනෙ දෙයියනෙ මං කට කැඩෙනකන් මේකට කිව්වා....

රත්තරනෙ වතුර ඩින්ගක් බීපල්ලකො....

එ..එපා....එපා....බ්....බ්වෑක්...ඔයා....ඔයා...යන්න ...ඔයා යන්න....

එයා මාව තල්ලු කරනවා...ඇතුළට එලවනවා...අරහෙ තට්ට තනි උන මලකද...වමනෙ හලන වාරයක් පාසාම ඒ ඇස් වල කදුලු පිරෙනවා....කසිප්පු බාගයක් බීපු මගෙ බඩ පපුව එහෙන් දනවා.....

බලාගන ඉදලා ඉදලා බැරිම තැන පපුව පිච්චි පිච්චිම ඇතුළට ඇවිදින් තනිවෙච්ච මලකදෙ මුලු බඩපතම සුද්ද කරලා අන්තීම ලේ බිද වෙනකනුත් අද්දල අද්දලා අවසානෙදි කකුලෙ බල නහරෙ එලියට අරගන අනුපාතෙටකලවම් කරාපු ෆෝමලීන් බාල්දියෙන් බෝතලෙට ෆෝමලීන් පුරවපු මං වයර් එක අමුනලා අවසානෙදි මහත ඉන්ජක්ශන් කටුව අරන් බලනහරෙට ෆෝමලීන් විදලා ඉතුරු අඩ අර බඩබොකු දාපු බාල්දියට හැලුවා.....

බ්වැක්...

මගෙ අහිංසකයා හිටු කියලා වමනෙ දානවා...මලකදෙ බඩපතත් ගලවපු ඔලු කටුව පුරවන්ඩත් ගන්න ලී කුඩු ගෝණිය ගන්ඩ එලියට ආව මම පිල්කඩෙ ඉදන් දෑතින්ම ඔලුව බදාගන උන්න මගෙ හාමු දිහා බලාගන උන්නා...

සුදු මහත්තයා..

ද්....දැන් හරි....දැන් හරි ලමයො.....මං හිතන්නෙ මට ගෑස් අමාරුවද කොහෙද....

......

මට ගෑස් වැඩි උනහම වමනෙ යනවා....වෙලාවකට බඩත් බුරුල් වෙලා යනවා....ඒකයි මේ...

මං බනින් නෑ රත්තරනෙ....උඹලා ඔහොම හේබාගන ඉන්නකොට මයෙ හිතට වේදනයි....

එයා බොරු කියනවා.....මගෙන් ආපිට සැරයක් බැනුම් අහන්ඩ වෙයි කියන බයටදො කොහෙද මගෙ ආකාස වස්තුව හිටු කියලා බොරු කියන්න ගත්තා විතරයි බනිනවා තියා රැවුමකින් හිත රිදවන්නවත් හිතක් නැති මන් එයාට බොරු කියන්න එපා කියනවත් එක්කම එයා බැරි බැරි ගාතෙ නැගිටගත්තා...

සුදු මහත්තයා....

මාත් එන්නම් මින් එහා යන්න දෙයක් නෑ මන්දාරම්...මට ඔයා ගාවින් උන්නම හරියයි.....

ම්න්....

මං ආපිට ඇතුළට ආවා.....මගෙ පස්සෙන්ම මෙච්චරවෙලාම වමනෙ හලපු එයත් ආවා අනෙ මයෙ කොල්ලා අර ගලවලා තිවුන ඔලු කටු කුහරෙත් එල්ලි එල්ලි තිවුන හිස් කබලත් දැක්කා විතරයි ආපහු මහ සද්දෙම්ම ඔක්කාරෙ කරගන එලියට දිව්වා ...

*

*

*

මුලු මලකදටම ෆෝමලින් වැදිලා අහවර උනා....මෙච්චරවෙලාම වමනෙ හලාපු එයා වැස්සට තෙමුන කුකුල් පැටියෙක් සමානව අත පය අකුලන් මගෙ කමිසෙත් පොරවන් මං කරන දේවල් දිහා බලාගන උන්නා....

මගෙ අතින් ලී කුඩු වැටෙන හැටි.....ඉදි කට්ටට නූල අමුනන හැටි.....අවසානෙදි හිස් වෙච්ච බඩපත වැහෙන්නම ලී කුඩු වැටෙන හැටි මේ ඔක්කොම දිහා බලාගන ඉදලා ආයම වතාවක් අර ඉදන් උන්න ලෑල්ලෙන් බිමට බැස්සා.....

බැහැල් හිමීට හිමීට මගෙ ගාවට ඇවිදින් හිටගත්තා.....

ඇයි මන්දාරම් මේ බෙඩ් ශීට් එක....

මේකත් තියලයි මේක මහන්නෙ....

මන් අහගන එයාට හුස්මක් වැටුනා..... කිව්වත් වගේම ලීකුඩ්ඩෙන් පිරුන බඩට දෙකට නවාපු බෙඩ් ශීට් එකතියල මහන්න පටන් ගන්නවත් එක්කම තවත් චුට්ටක් ළං උනා...

මේ ජීවිතේ මහ පුදුමාකාරයි මන්දාරම්.....මහපොලවට පස් වෙන ශරිර කදක් තියාගන මරනෙ කොයි වෙලාවෙද කියන්න නොදැන ජීවත් වෙන අපේ මේ ජිවිතෙ පුදුමාකරයි නේද මන්දාරම්...එහෙව් ජීවිතතියෙන එවුන්ගෙ රැස්.....

මන් නෙවෙ වචනෙකින් වත් උත්තර බදින්න ගියෙ....එයා කියන කතා මොනතරම් සර්ව සාධාරන උනත් මගෙ සම්පූරනම අවදානෙ තිබුනෙ මලකද ගාව වෙනකොට බඩපත සම්පූර්නම මහපු මං තවත් ලී කුඩු අහුරක් අරන් අහක් කරපු මොල කුහරෙට ඔබලා එල්ලි එල්ලි තිබ්බ හිස් කබල අරන් ආයම කතිර මැස්මෙන් මහන්න ගත්තා.....ආයම ඇහිපියන්....ඊටත් පස්සෙ කට....,අවසානෙදි මලකද අනිත් පැත්ත මේසෙන් තියලා මුලු ලෑල්ලම ආයම වතාවක් පිහල පිහලා ආයම හරහට වඩාගත්ත මලකද ලෑල්ල උඩින් තියල මිනිඇදුම අතට ගත්තා....

මන්දාරම්...

ම්න්....

අර අරවා කෝ...

කොව්වද.....

ඔයා අහක් කරපුවා....

මේ බාල්දියෙ...

බා....ල්..දියෙ...

ම්න්....

කෙටි උත්තර...ගෙවිලා යන අවසානම තත්පර වල පුරුදු විදිහටම තදියම් වෙන මං ආයම වතාවක් ෆෝමලීන් පොගවපු පුලුන් කෑලි දෙක තුනක් අරන් කන්වලට වගේම නාස් කුහරවලට ඔබපු මං කකුල් දෙකම එකට අල්ලලා ඉටිකොල එතුවා.....කකුල් අතපයට මේස් දම්මලා අවසානෙදි මං ලාපාට ඔසරිය අතට ගත්තා....

පිට නෑ පිට නෑ කිව්වට මේ ඇදුම් සම්පූර්නයිනෙ..... .....මන්දා මන්දාරම්....ආදරෙත් මහ අසාදාරනයි ....හරිම හදවත් මුනගස්සන්නෙම වැරදි සංසාර චක්කරේකදි.....

අර කොල්ලා කොහොම දරාගන්නවද දෙයියො දන්නෙත් නැතුව ඇති.....මාව නම් මැරෙයි මන්දාරම්....මැරෙනවා දැනෙන්නෙත් නැතිවෙයි ....උඹට මොනවත් උනොතින් මැරුනෙ මොන වෙලාවෙදිද කියන්නවත් මං දන් නැතිවෙයි...

මන්දාරම් උඹ මට පොරොන්දුවක් දුන්නා...කරුනාකරලා ඒක රැකපන් මන්දාරම්...උඹ තවම විසිවයස පොඩි කොල්ලෙක්...මේ වයසටමයි මන්දාරම්.මුරන්ඩුකම් ගහන්නෙ ඉහටත් උඩින්.....උඹ මට දුන්න පොරොන්දු කඩන්නම් ඕන හිතුනදාක....අමතක නොකර මගෙ ඇස් මතක් කරගනින් මන්දාරම්....පපුවෙ නම් බලන්න දෙයක් නැතිවෙයි....මොකද ඒ වෙනකොටත් මගෙ පපුව පුපුරලා තියෙයි ...

ලෑල්ල උඩ උන්න කෙල්ලගෙ ඔසරියෙ ලැල්ල ගානට හැදෙනවා....මගෙ ගාව උන්න ආකාස හාමු අනුන්ගෙ මලගෙයක් මැදට තමන්ගෙ දුකත් එක්කාසු කරගන මං දුන්න පොරොන්දු රැකපන් රැක්පන් ගගා එකම දිගට කියවන් යනකොට ඔසරිපටෙ රැල්ල හදාපු මං අවසානෙදි කෙල්ලගෙ මූනට පව්ඩර් ඇබිත්තක් උලලා පස්සට වෙන්න පීරපු කොන්ඩෙ තවත් පාරක් පීරලා අතපයෙ මේස් දාලා අත් දෙක බඩ මැදට තියලා අවසානෙදි මෙච්චරවෙලාම කියවපු මගෙ හාමු තැනගෙ මූන දිහාව බැලුවා.....

මං පොරොන්දුවක් දුන්නොත්....දුන්නමයි ආකාස....මං යන්නෙ නෑය කියලා කිව්වොතින් යන්නෙ නෑමයි....

.........

ඔතනින් අහකට වෙයල්ලා මං මේක පෙට්ටියට දාන්ඩ යන්නෙ ....බරකියන නාමයක් නැති මේකිලාව උස්සන්ඩ දෙන්නෙක් ඕන නෑ...රීප්ප පටි රින්ගවලා පෙට්ටියට දාන්ඩ ඕන නෑ...

මන්දාරම් හදන්නෙ කෙල්ලව වඩන්ඩද.....??

මං යන්තමට වගේ ඔලුව වැනුවා...වෙනදට ලෑල්ල උඩ බාවලා තියන කදට රිප්ප පටියක් හරස් අතට දාලා කද බැන්දා වගේ අරන් පෙට්ටියට දැම්මට මං අද ලෑල්ල උඩ උන්න මලකද හරහට අරන් පියන් හතර මේ වෙනකොටත් ඇරලා තිබ්බ කිසිම මල් කැටයමක් නැති අතරින් පතර කැලැ මලක් අටවපු පෙට්ටිය ඇතුලෙන් තියලා හරහට ගන්නකොටඑහා මෙහා ගියපු ඇදිවත ආයම හරියට හදලා අවසානෙදි ඒ දිහා බලාගන උන්නා...

අහවරයි...

.......මෙව්වලට බය වෙන එකත්....බදාගන අඩන එකත් අපරාදෙ කියල හිතෙන්නෙ දැනුයි මන්දාරම්...බඩ කටමට්ටන් වෙන්න තියෙන්නෙත් ලී කුඩු...ඔලුවෙ හිඩස වැහුවෙත් ලී කුඩු....මේක තනිකරම ලී කුඩු ගොඩක් ඔතාපු හමක් විතරයි මන්දාරම්.....පපුව පැලි පැලි දුක දැනුනත්....මේකනෙ මනුස්සයෙක්ට උරුම ලෝකාන්තිමෙ.....

ම්න්....සුදු මහත්තයට පුලුවද මා එක්කලා මේක වාහනේට දාගන්ඩ උදව් කරන්ඩ....සුනංගු උනා අකාස එකාකරෙට.....

එන්නම්.....

එයා එන්නම් කිව්ව.....මං ඉන්න හන්දද කොහෙද කිසිම බයක් හැකක් ගෑවිලාවත් නැති මූනෙන් යන්තමට හිනා උන මගෙ ආකාස වස්තුව එන්නම් කිව්වා....ඒත් උලුවැස්ස පනිනකොට මේක බර වෙලා මේකා බයවෙයිදො....??

මං මේ පැත්තෙන් අල්ලන්නද ලමයො....

ම්න්....

ඔන්න එහෙනම්....එකයි...දෙකයි .....මේ ලමයො මේක බරනෑනෙ....මේ පෙට්ටි ලෑල්ල මොකක්ද ...පුලුන්ද???චුට්ටක් වත් බර නෑ...

බලාගන.....ආකාස්

ම්.....ම්...මන්දාරම්....මන්දාරම්...මේක...

එයා ආයම කියවනවා.....බරක් දැනුන් නැති පෙට්ටිය ගැන කයිවාරු කියව කියව ලෑල්ලෙ වර්ගෙ අහනවත් එක්කම ඔලුව පැත්තෙන් අල්ලන් උන්න එයා උලුවැස්ස පැන්නා විතරයි ඒ පැත්තම බර වෙලා ගියා...කොටින්ම ඉහ පැත්ත පාත්වේගන ආවා...

හයියෙන් අල්ලගනින් ආකාස....

අල්...අල්ලන් තමයි ඉන්නෙ යකො...අල්ලන් ඉන්නෙ....මං මේක අල්ලන් ඉන්නෙ තෝ අල්ලකො ඕක හරියට....හුක්....

එයා කැ ගහනවා...මට විස්වාසයි ...මගෙ ආකාස ඉන්නෙ බයවෙලා.....කොච්චර කොහොම හිත ගල් කරන් උන්නත් මලකදක් වටෙ වටවෙන මලගිය ආත්මත් යක්ශ ප්‍රේතයොත් පෙට්ටිය උලුවැස්ස පන්නලා ගන්නවත් එක්කම අර මලගිය ප්‍රානියගෙ මිනිපෙට්ටිය වටේම එල්ලෙනවා කියන්ඩ සහසුද්දෙන්ම දන්න මං බයවලා කෑගහන ආකාසට ඕක හයියෙන් අල්ලගනින් කියලා කියනවත් එක්කම එයත් මට කෑගැහුවා.....කොටින්ම බයවෙලා ඉන්න මගෙ අහිංසකයා මට අමු කුනුහර්පෙනුත් බැන්නා...

කොහෙද මං කිව්වා තොට මේවා හොද සිහියෙන් කරන්ඩ ඕන දේවල් නෙවෙ කියලා...පොඩි හුත්තිගෙ පුතා අරක්කු බාගෙම කටෙ ගැහුවා ....ඔය එල්ලිලා ඉන්න හුත්තො හුත්තියො පලයව්කො.....

තොපි මේ හාමුගෙ හැට් දන්නෙ නැතුවයි ආය....නාඩි වැටෙනවා නම් මට දර ඉපලත් එකයි යකො....

එයා කෑගහනවා...පෙට්ටියෙ බරට ඒ අත්වල නහර පවා ඉලිප්පිලා තියෙද්දි මං ඒකා කියන කුනුහර්ප කිසි දේකට කන් නොදි තල්ලු කරගන වගේ ගිහින් මේ වෙනකොටත් ඇරලා තිබ්බ හර්ස් එකෙ පිටිපස්සෙන් පෙට්ටිය දාගන්ඩ එයාට කතා කෙරුවා....

ඕක හිමීට තියපන් ආකාස...

හිමීට තියන්ඩ.....හිමීට ....අම්මගෙ රෙද්ද හිමීට තියන්ඩ....හුත්තලා මැරුනා නම් මැරුන විදිහට ඉන්ඩ ඕන.....ආවා මෙතන එල්ලෙන්ඩ.....පලයව්කො වද දෙන්ඩ එන්නෙ...අම්මට සිරි උනා...මල්ලි මෙහෙන් පෙට්ටිය ඇරුනා යකො.....

මේකිගෙ ඔලුව එලියෙ.....පානාතිපාතා වේරමනි සික්ඛා..පදන් සමාදි ආමි....සුරාමේරේ.....මන්දාරම්....අනෙ....හුත්තො.....මේකිව ඉස්සරහට තල්ලුවෙනවා.......බාහුන් සස්...ස.....

පලයන් ඔතනින් අහකට!!මගුල් අහනවා

ආයමත් සැරයක් මට යක්සා වේස උනා....දොරකොඩ්න් පන්න ගත්ත වෙලේ ඉදන් ඒ මිනිපෙට්ටිය ගෙනාවෙම ගේන්නම් වාලෙ වෙනකොට කකුල් හරියෙන් උස්සන් උන්න මග පැත්තට වඩා හාමු අල්ලන් උන්න ඔලුව පැත්තම තිබ්බෙ බිමට පාත් වෙලා වෙද්දි ගානට තියලා තිබ්බ මලකද ඉස්සරහට තල්ලු වෙලා මදිවට පියන් කොකු ගැලවිලා පෙට්ටි කට ඇරිලා තිබ්බා...

මෙච්චරවෙලාම වෙලාවම මට වගේම වටේ ඉන්න එවුන්ටත් කුනුහර්ප පිට කුනුහර්ප කියපු එයා පිස්සුතද උන එකාවගෙ කියවගන ඉන්නකොට මං ඒකට කෑගැහුවා....කෑගහලා එලවගත්තා....

*

*

*

කොහෙද ඔය යන්නෙ.....??

ඔහොම ඉදින් ආකාස....මේකට ඇත්දල ගෙනියන් නැතුව පෙට්ටිය දෙපැත්තෙන් උඹයි මායි හිටගන ඉන්ඩද.....??අර පහන් දාගන්ඩ ඕන....වඩම් දෙකක් දාගන්ඩ ඕන.....එව්වා එහෙම්ම

ඉතින් යකො කියලා පලකො...අනෙ මල්ලි මොකෙක්ද මන්දා අඩනවත් එක්ක....නරිද මන්දා හූ කියනවා.....මල්ලි ....මන්දාරම් හිටපන්කො මාත් එනකන්..මට බෑ මෙතන ඉන්ඩ.....

මෙච්චරවෙලාම වෙලාම හර්ස් එක ඇතුලෙ ඉදන් එහා මෙහා උන පෙට්ටිය ඇතුලෙ තිබ්බ මලකදෙ අඩුපාඩු හදාපු මං ආයම පෙට්ටි පියන් හතර වහලා දාලා එලියට බැස්සා විතරයි කොච්චරවාත් මගෙ අස්සෙ රින්ග රිනග පස්ස පාරෙ එම හාමුවා නහයෙන් අඩාගන වගේ ආයම කොහෙද යන්නෙ අහනකොට අර කේන්තියෙම්ම උත්තර දුන්න මං එන්න ආවා.....

ඇයි මේ පෙට්ටිය ඇතුලට බිත්තරයක් දාන්නෙ....??

වලට ගියහම ඒකිට තම්බන් කන්ඩ බන්.....කටවහන් ඉදින්කො ආකාස පොඩ්ඩකට....එහෙමවත් කියන්ඩ

මෝ අනෙ....කියන්ඩකො මන්දාරම්...ඇයි බිත්තරයක් දැම්මෙ මේකට.....දැන් දැන් උඹ බන් කියනවා වැඩී මල්ලි ඔයා....අන් අයියෙක්....ඒ උනාට නොදන්න දේවල් කියල දුන්නට මැරෙනවද???

තුන්දෙනෙක් යන්ඩ හොද නැති හන්දා....

ගිහින් වාහනේට ගොඩවෙයල්ලකො හාමු පස්ස පාරෙ එන්නෙ....බලපන් මෙතනම කීයද එකොලහත් පහුවෙන්ඩ එනවා...දොලහ වෙයි අද දෙනියට යනකොට.....මිනි දෙකක් කපන්ඩ තිබ්බ වෙලාව අද මේ එකකට ගියෙ.....

එතකොට ඔයා....???

මාත් එනවා මාත් එනවා...අර දොරවහන් නැද්ද...යතුර ගන්නෙ නැද්ද.....

යතුර ගන්ඩ යන ටිකට මං තනියමනෙ.....මේකි මේකෙන් නැගිටල මගෙ බෙල්ල මිරිකුවොත්....අනෙ ඉදින්කො........

*

*

*

සුදු මහත්තයා.....

ම්ම්ම්ම්ම්

ඔහොම ඉදලා බෙල්ල ඇමැට්ටි වෙයි අම්මෙ...

කමක් නෑ....මට මෙහෙම සනීපයි මන්දාරම්...මට මෙහෙම ඉන්න දෙන්න...

ම්න්....උඹලට නිදා වැටෙනවා....තව ඩින්ග දුරයි...ආව කාරිය අහවරකරල සුනන්ගු නොවි යන්.....

මං මන්දාරම් ගාව නිදාගන්න එනවා අද....මට බෑගෙදර යන්න....අනෙ මාව යවන්න එපා මන්දාරම්...මැටිපොලව පුරුදු නැති උනාට කමක් නෑ....මට උඹ මගෙ ගාව ඉන්නකොට ඕන දුකක් පැනි රහයි ...මාව යවන්න එපා මන්දාරම්.....උඹ මාව එලවගන්නකොට මට පුදුම දුකයි බන්....

මයෙ පපු පැත්තක්ම ඇදුම් කන්න ගත්තා.....මෙච්චරවෙලාම දස්ට් දිස්ටි දාලා හදාගත්ත මිනියත් අරන් දෙනියට එනකොට මහ රෑ දොලහෙ කනිසමත් කිට්ටු වෙලා තියෙනකොට මලගෙදරයි කියලා කිව්ව ඉසව්ව කිට්ටු වෙන්ඩ තව අඩ හෝරාවක කාලයක් වගේ තිබුනා.....

එක උරහෙකුත් අත්ගොබකුත් යටකරන් වැටිලා උන්න මගෙ ආකාස වස්තුව දුක කියනවා...සැරින් සැරේටම මයෙ අත ඉඹිනවා...මේකා මිනි කපපු එකානෙ කියලා නොබලා හිරිකිත නොකර අනෙ මයෙ අම්මා හරි හරියට මට ආදරෙ කරනව....එහෙව් එකාට මං කොහොම කියලා නම් ආපිට ගෙදර පලයන් කියලා එලවගන්ඩද.....

ඒකා වගේම අනේ ඒකව තුරුලු කරාන රෑ තුන් යම හීන දැක දැක නිදාගන්ඩ මාත් මනාප නැතුවද....

මන්දාර....ම්ම්

ම්න්....

තනිකරම හුරුතලයක්....කට මුඛරි වදස්කන්දයක්....අනෙ ඒ උනාට මේකා මයෙ පන ඩින්ග වෙලා හමාරනෙ....

ආකාස වස්තුවගෙ වැඩේම මන්දාරම් ගගා නාහෙන් අඩන එක....යන්තම් හූ මිටියකින් උත්තර බැන්ද මං මයෙ අත් ගොබේට බරකරාන ඉන්න ඒ ඉහ මුදුනට හාදුවක් තියල බලු බල්ලෙක් නැති ගුරුපාරෙ එලියක් කියන නාමයක් නැති ගුරුපාරෙ හර්ස් එක නැවැත්තුවා....

ඒ එක්කම එයා මගෙ අතින් අහකට වෙලා මයෙ දිහා බැලුවා....

ඇයි මන්දාරම් ....වාහනෙ මොකක් හරි අවුලක්ද.....ප්‍රෙටල් ඉවරද...????ඊටත් මේ ලබ්බ නැවතුනේම හෙන පාලු හේන් ගොඩක් මැද නේද මන්දාරම්.....??

මං යන්තමට කට කොනින් හිනාවක් පෑවා...මයෙ පරමනිධානෙ කියවගනම ඉන්නවා.....වාහනෙ නවතින්ඩ හේතු ඒකම උපකලපනෙ කොරනවා....

මොකුත්ම නොකියම යන්තන් හිනාවක් පෑව මම යන්තමට වීදුරුවත් පහත් කරලා මෙච්චරවෙලාම ඇවිලුන කහ ලාම්පුත් නිවලා එහෙම්ම රෑ අහසට පායලා තිබුන වටකුරු හද දිහාව බැලුවා....

වටකුරුම වටකුරු හද.....නවම් හද...බක් මහට කලියෙන් පායන නවම් එලිය...තවත් කොලුපැටියෙක් උන්නා නම් නවම් කියල නම් තියන්ඩ තිවුනා...

සැරින් සැරේම සැරින් සැරේම පාවෙලා යන වලාකුලු නවම් සදවතියට හාදු තිය තිය මක්කඩෝ මන්දා රහස් මුමුන මුමුන යනකොට ඒකිල පායලා තිවුන අරුන්දතියො එක්ක හරි හරියට හිනා වෙන්ඩ ගත්තා....හිනා වෙන වාරයක් පාසාම අර පායාපු අරුන්දතියන්ගෙ දිස්නෙ තවත් ඩින්ගිත්තක් වැඩි උනා....

අනෙ එවුන්ගෙ රහස් කතාවලට හිනා වෙනකොට උන් උන්ව තව තව දිලිහෙන බව එවුන් දැනන් උන්නට...මහපොලවෙ ඉදන් රෑ අහස බලන අපි වගෙ එවුන් හිතන්නෙම තරු කැට හිතුමනාපෙට එලිය අඩුවැඩි කරනවය කියලා.....

සුදු මහත්තය ආන්.....නවම් හද පායලා!

හීන් හුලන් රැලි නවම් එලියත් අරගන ගව් ගනන් දුර තවත් දේසෙකට ගියේම ඇග හිරිගඩු පිපවගන වෙද්දි අහවරක් නැතිව මන්දාරම් මන්දාරම් කියන ආකාස වස්තුවට මං ඇගිල්ල දික් කරලම නවම් හද පෙන්නුවා... .....

එක තත්පරයයි.....නෑ.....තත්පරේටත් අඩුයි....වෙන මක්කටවත් නෙවේ මිනියත් තියාගනම මං වාහනෙ නැවැත්තුවෙ රෑ හද පෙන්නනය කියලා තේරුන මගෙ ආකාස වස්තුවගෙ ඇස් අර පයපු තරු කැටත් පරද්දාන දිලිහෙන්න ගත්තා.....ඒ ඇස්වලින් ආදර්‍ර් වෑස්සෙන්න ගත්ත....

මගෙ ලමයො.....උඹ ඒකට කිව්වෙ මොකක් කියලද මන්දාරම්....?

නවම් හද.....

උඹ ඇවිදින් අමුතු මනුස්සයෙක් මගෙ මන්දාරම්.....උඹ ඔය හද දිහාවට ඇගිල්ල දික් කරලා නිකම්ම නිකන් ආකාස අන්න හද පායලා කියල කිව්වා නම් මට මේ තරම් දැනෙන් නැතිවෙන්න ගියා.....ඒත්.....රත්තරන් උඹ හදට නම් දීලා කතා කරපු හන්දා මගෙ පපුවට මොනවදෝ බරක් එකතු උනා....මන්දාරම්....ඇත්ත කියපන්....උඹ මගෙ පපුව ආදරෙන් බර කරනවා එහෙම නේද....??

මන් හිනා උනා...නිකම්ම නිකන් හද නොකියා නවම් හද කිව්වත් හරි මගෙ ආකාසෙට හිටු කියලා වචන උනනකොට වීදුරුව හරහා හද එලියෙන් නැවුන ආකාස හාමු දිහා බළං උන්න මං මගෙ ඇගිලි පාර හිටපු කම්මුල යන්තමට මගෙ පිට අල්ලෙන් අතගානවත් එක්කම ආකාස හාමු සම්පූර්නවම මගෙ දිහාවට හැරුනා.....

ඒ විතරක් නෙවෙ මාත් සම්පූරනම මයෙ ආකාසෙ දිහාට හැරුනා....

ආකාස.....,දන්නවද මයෙ හාමු වටකුරු හද එලියට ආකාසයක් වගේම සියපතක් මොනාකාරෙන් ලස්සනද කියන්න....??

........

මෙ තත්පරවල මං ඒ ලස්සන මයෙ ඇස් දෙකෙම්ම විදිනව මයෙ සියපත්.....උඹ ඇවිදින් මේ මන්දාරමට ප්‍රාතිහාර්‍යක් ...හද එලිය වැටුන සියපතක පාටයි ආකාස මේ දෙතොල්...

මං හීන් සීරුවට මිමිනුවා....නොකියා නොකියා උන්නට කට තියාන එක හුස්මට ගහපු හැලි අරක්කුවෙ සැරට මාව යන්තමින් මත් වේගන එනවා මදිවට කතා කරන වචනයක් පාසාම මටම මයෙන් අරක්කු සැරක් දැනෙන්න ගත්තා.....

ඒත් මතකට පුලුවනිද මයෙ පපුවෙ තියන ආදරෙ නවත්තන්ඩ...???

මෙච්චරවෙලාම එක අතකින් ඒ මූන අල්ලන් උන්න මන් අනිත් පාර මයෙ අත් දෙකෙම්ම මූන අල්ලගන්න ඇහෙන නෑහෙන ගානට මුමුනවත් එක්ක මන් බලාගන මයෙ ආකාස හාමු ඇගිලි වලින් ශීට් එක මිරිකගන්නවා.....

හද එලිය වැටුන සියපතක පාටයි මේ දෙතොල් කියන ගමන් යන්තමට මහපට ඇගිල්ලෙන් යටි තොල පිරිමදිනවා එක්කම මං බලාගන ඒ උගුරු ගැටෙ ඉහල පහල යනවා...

මගෙ මන්දාරම්.....

ම්න්....ආදරෙයි...හුගක්..ආකාස වස්තුවට මන් ආදරෙයි මහ හුගක්...දොලොස් මාසෙ දොලොස් නමින් තවත් කල්ප කාලාන්තරේකටත් හද පායයි.....ඒ කල්ප කාලාම්තරේකටම මන් උඹලට ආදරෙයි ආකාස.....

මන් මිමිනුවා....හාමු තරම් ආදර කතා මුමුනන්නෙ නැති මං මේ තතපරේදි ආදර කතා අහුරක් මුමුනවා එක්කම ආකාස හාමු තවත් චුට්ටක් මයෙ ලගට ලන් උනා.....

අරහෙන් මලකද.....මල්වඩමට ඉහාපු මලගමටම උරුම සුවද දියර්‍ර් පුසුඹ.....

ඒ ඔක්කොම එක්ක පායපු හද එලියට දිලිහන මයෙ ආදරමර්මස්තානෙ මහ තැන හන්දම ආදරෙන් ඔත්පල වෙලා උන්න මට කුලුදුල්ම හාදුව රහබලන්ඩ ඕන වෙලා තියෙද්දි මං ඒ ඇස් දිහාව බලාන ආදර කතා කප්පරක් තරම් කියෙව්වා....

මන් ලස්සනද මන්දාරම්.....

ආදරනීයයි....මට උඹගෙ ලස්සන සමාන කරන්න මේ ලෝකෙ තව දේවල් නෑ ආකාස.....මන් උඹලට ආදරෙයි....

ශ්ශ්...ඔය තරන් සද්දෙන් කතා කරන්න එපා මන්දාරම්....

......??

අර පේනවද...මෙච්චරවෙලාම වලාකුලු අස්සෙ හැන්ගුන හද හොර හොරාවට එබි එබි බල බල අපෙ කතා අහන් ඉන්නවා....මන්දාරම් දන්නවද....මගෙ අතින් කුරුටු ගෑවෙන හැම පද පේලියකම ඉන්නෙ මන්දාරම් කියන්න.....

දන්නවා.....උඹම කවියක් වෙනකොට මට අමුතුවෙන් ඒ කතා මොකටද ආකාස...

එයා හිනා උනා....ඒත් එක තත්පර්‍රෙකින් ඒ හිනාව නැති උනා....ඒ විතරක් නෙවෙ....මයෙත් හිනාවන් කතාවන් එක මොහොතකට නතර වෙලා ගියා...

වලාපටින් පෙරි පෙරි එන හද එලියක් යට තනි උන ආකාස සියපතකත්....ආකාසෙකට විතරක්ම කැප උන මන්දාරමකත් හදවත් ප්‍රේම ස්වර සුසර කරවනකොට හුස්මක දුරින් උන්න ආකාසයත් මන්දාරමත් ඒ හිඩැසත් මකා දැම්මා....

නවම් හද පාවෙලා යන වලාපටකි නවම් උවන අඩවන් කරන යාමෙක නිරිතදිගින් ගලාගන ආව හුලන් කැරැල්ලෙ එතිලා තිබුන හීසරක් හදවත ආදර මාත්‍රාවෙන් පසාරු කරන් යන්නත් එක්කම කැලෑ සුවද තැවරුන ගඳපාන මලක කුලුදුල්ම දෙතොල් හාදුව ආකාසයක් හිමි කරගත්තා......

මන්දාරම්...මගෙ වස්තුව....

නවම් එලියෙන් හැඩවුන උඹ මගෙ ප්‍රේමනීය ආකාස පරානය!!

👉👈🌸

 

THANK YOU

More Chapters