නිර්වාන් ....නිර්වාන් ...අනේ...නිරූ...
මට කෑ ගැස්සුනා....මට කෑ ගහනව ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු උනෙත් නෑ....බිමට වැටුන ඵෝන් එක තවමත් එ විදිහටම තියෙද්දි මං ඔහේ බලන් උන්නා....
චූටි....
.....
චූටියා.....ඇයි සයාශ්....
.....
චූටියා....
මං ඔහේ උන්නා...මෙච්චර කල් කාගෙන්වත් වචනයක් නාහපු නිර්වාන් .....අනේ එයාට මොනවද මේ වෙන්නෙ.....
චූටී....
නිර්වාන්ගෙ පස්සෙන් දුවන් ආව මං ඔහේ මග නැවතිලා බලන් ඉන්නකොට අපි හැමෝගෙම පස්සෙන් දුවන් ආව සනාශ් අවසානෙදි මගෙ ගාව නැවතුනා...එයාට ශෙනිරු පස්සෙ දුවාගන්න ඕන තරම් වෙලාව කාලෙ ඉඩකඩ තිබුනත් ඌ නැවතුනෙ මගෙ ගාව වෙනකොට මාව උකුලෙ තියාගන මොන දේ උනත්...කවුරු මොනවා ඇහුවත් කවදාවත් මාව දාලා යන්නෙ නෑනෙද අහ අහ මගෙන් පොරොන්දු ගත්තු නිර්වාන්ගෙ වචන මතක් උන මගෙ ඇස් වලින් ඉබේම කදුලු වැටෙනකොට මම සනාශ් දිහාවට හැරුනා වගේම ඌ මෙ වෙනකොටත් බිම වැටුන ඵෝන් එක ඇහිදන් එයාගෙ ඵොටො වලට වැටෙන "haha" රියැක්ට..."angry රියැක්ට් වගේම මනුස්සයෙක්ට ඉවසන්න අමාරු ද්වේශ සහහත කමෙන්ට් කියවන ගමන් උන්නා...
මගෙ නිර්වාන්ට..... උන් පාඩුවෙ ඉන්න දෙන්නෙ නැති.... වෙයි ලොකූ....
නෑ..නෑ..චූටියා...මේ අහපන්...කෝ කෝ...අඩන්නෙ නැතුව ඉදපන්....අඩන් නැතුව ඉදපන්කො මල්ලි...ශෙනිරු ගියානෙ...උඹට ඌ යන වේගෙට යන්නත් බෑ...මට පුලුවන් කම තිබුනත් උඹව දාලා යන්න බෑනෙ චූටි...
ඇයි...බන්...ඇයි බන්....නිර්වානටම මෙහෙම කරන්නෙ...නිර්වාන්ද සංජනගෙ අම්මව මරාගත්තෙ...?? නිර්වාන්ද ...ලොකූ මේ ඔක්කොටම පලි....?කොච්චර දර දඩු උනත්...අපි හැමෝම ඉස්කෝලේ යන ළමයි ලොකූ.....
මට ඇඩුනා...මට පුදුම විදිහට වේදනාවක් දැනුනා.....අම්මා තාත්තා කරන වැරදි වලට මිනිස්සු එයාගෙන් තරහා පිරිමහන්න පටන්නරන් තිබුනා....විභහග කට ළඟ....අම්මා හින්දා පුදුම විදිහට වේදනා විදින එයාට කිසිම තැනකින් සහනයක් නැතිව යනකොට මට මහ වේදනාවක් දැනුනා.....
චූටියා...මේ මේ අහපන්කො...මෙහේ වරෙන්.....මෙහෙ වරෙන් අපො ගෙදර යමු...
ගෙදර...ගෙදරගිහින් මොන මගුල කරන්නද ලොකූ.....කොහෙද ගියේ මොනවටද ගියේ කියන්න කිසිම දෙයක් නොදැන ගෙදර ගිහින් මොනවා කරනන්ද කියපන්...
දැන් උඹ මෙතන උන්නා කියලා උඹට දැනගන්න හම්බෙනවද...මෝඩයා මොලේ කල්පනා කරපන්.....තුනත් පහු වෙලා ගෙදර නොගියොතින් ඊලගට හම්බෙන්නෙ උඹටයි මටයි...මෙතන උන්නා කියලා නිර්වාන් කිීයටවත් ආයම මෙතනට එන්නෙ නෑ.....ඌ යන්නෙ අපායට උනත් ශෙනිරුවා අනිවාර්යයෙන්ම අපායට උනත් දුවනවා චූටි....මං.කියන දේ අහලා ගෙදර වරෙන්.....
මම අහක බලාගත්තා ....මට එන තරහවට වේදනාවට ගෙදර නෙවෙ.....මේකදාපු උන්ගෙ ගෙවල් වලට ගිහින් මරලා එන්න තරම් කෙන්තියක් ආවත්.....එකෙක් දෙන්නෙක්ගෙන් නැතිව සිය ගානකගෙන් මේ වගේ දේවල් එනකොට මම කීයක් කියලා මරන්නද...
චූටි.....
බලපන් මොකාද ඕක දාලා තියෙන්නෙ කියලා ...
මේක මේ එඩිටක් චූටියා....උන්ගෙ අම්මවයි අර ඇමති පකාවයි මූවයි එකට සෙට් කරලා දාපු එඩිටක් ..මොකා ගැහුවද කියන්න දන්නෙ නෑ...
ඕක වයිරල් වෙයිද ලොකූ...
වෙන්න දෙයක් නෑ...සංජනගෙ අම්මගෙ මරනෙ ආයම උඩට අරන් උඩට අරන් මේ ඵොටෝ එක්ක පෝස්ට් වැටෙනකොට මේක වයිරල් නොවී තියෙයිද....
මං යටි තොල හපා ගත්තා..නිර්වාන්ම තුවාල වෙන්න හපාපු යටි තොල තවත් හයියෙන් හපාගත්තු මන් අවසානෙදි සනාශ් දිහා බැලුවා.....
හවස ක්ලාස් එන්න කිව්වනෙ....හවස යන්...ගිහින්...
ගිහින්.....?ගිහින් මොකද කරන්නෙ....?
වෙන දෙයක් ඊලගට වෙන්නෙ ගෙදරනෙ ලොකු.....වෙනදයක් වෙනවා නම් වෙන්නෙ ගෙදර මොකද අර ගෑනියි මිනිහයි දෙන්නම ඉන්නෙ ගෙදර...
ඇයි සංජන....ඌත් ඉන්නෙ ඒ ගෙදර....
මම ඇස් දෙක හීනි කරගත්තා .....සංජනත් ඉන්නෙ ඒ ගෙදර.....ඒත් සංජන කියලා මොනවා කරනන්ද...නිර්වාන් මගෙ අම්මට මොකුත් කෙරුවෙ නෑ කියලා පෝස්ට් එකක් දාන්නද....මිනිස්සු පිලි ගනීද....ඇරත්.....මගෙ නිරූ කිව්වා වගේම....ඌ කවදා හරි හදවතිම්ම සමාව දෙනකන් ...කොහොම කියලා සංජනවත් විස්වාස කරනන්ද....
සමහර තැන්වල දරුවො හින්දා විදවන්නෙ දෙමව්පියො..ඒත්...මෙතන...දෙමපියො හන්දා විදවන්නෙ දරුවො....
මුන් දෙමව්පොයො නෙවෙ...තනිකරම ආත්මාර්තකාමී යක්කු..අම්මා තාත්තට කවදාවත් බෑ තමන්ගෙ වාසියට දරුවො පාවිච්චි කරන්න....
සංජනගෙ අම්මටත් තිබුනා අර මූසල මිනිහව දාලා වෙන රටකටවත් යන්න...ඒ.මනුස්සයා මොකක්ද කෙරුවෙ මැරිලා ගිය එක...ඒකෙන් උනෙ අරූ තනි උනා මදිවට ලේසියටකට සමාව දෙන්න හිතෙන්නෙ නැති වරදකට නිරිවාන්ට වන්දි ගෙවන්න සිද්ද උන එක.....
ඒත්....ඒත්..මම...කිව්වත් බෑ....
මම කිව්වත් බෑ දෙයියනේ.....මම කට වචනෙට ඒ අම්මට රටකට යන්න තිබුනානම් කිව්වත්...අර මනුස්සයට පිස්සු වැටෙන තරමට ඇබ්බැහි වෙලා උන්නද කව්ද දන්නෙ... ..අත අරිනවා...අත අරිනවා කිව්වත්...අත ඇරියත් හිත හදාගන්න බැරිම තැන..එයාට සැනසීමක් දැනුන එකම තැන මැරෙන එක විතරක් උනාද කව්ද දන්නෙ..... .....
මිනිස්සු තවත් මනුස්සයෙක්ට ඇබ්බැහි වෙන තරම් භයානක දෙයක් මේ ලෝකෙ තවත් නැතිව ඇති....අසීමාන්තික ඇබ්බැහියක් කියන්නෙම වේදනාවක්...ඒ අම්මට මැරිලත් සැනසීමක් නෑ...වලලපු මලකදත් ගොඩට අරන් විකුනන් කන්න යනවා..මුන්ට ඒ කාලෙත් ලැජ්ජා කරන්න තිබ්බනෙ....වෙන ගෑනු පස්සෙ නොයා තමන්ගෙ ගෑනි ගාවට පලයන් කියන්න මුන්ට මීට කලිනුත් හොදටම පුලුවන් කම තිබුනනෙ....ඇයි දැන් විතරක් ....
මේකෙන් වෙන්නෙ..සංජන හිතේ තරහව පැල් බදින්න ගන්න එක....අර ගෑනිට නැතත් මගෙ නිර්වාන්ට සමාව දෙන්න කොහොම හරි හිත හදාගත්තා උනත්....මෙ වෙන දේවල් එක්ක එයා කොහොම නම් සමාව දෙන්නද...
චූටියා...වරෙන්...මේ හැම දේකම අවසානයක් තියෙන්න ඕනා....
ඔව්...මේ හැම දේකම අවසානයක් තියෙන්න ඕනා...හැබැයි...ඒ අවසානෙ මගෙ නිර්වාන්ට හීරිමක් වත් නොවී සනාශ් .....ඌ විදෙව්වා ඇති....ඌ විදවන එකේ සීමාවක් තියෙන්න ඕනෙ.....අනුන් කරන වැරදි වලට දඩුවම් විදින්න දුක් විදින්න ඕනෙ කෙනෙක් ඉන්නව නම්....ඒ මගෙ නිර්වාන් නම් නෙවෙ....
ඔව්...ඒ නිර්වානයා නෙවෙ....දැන් වරෙන්කො ගෙදර යන්න.....
මං මගෙ අතේ තිබුන ඵෝන් එක ඵෝන් එක ආයමත් ශෙනිරු අතට අදීලා බස් හෝල්ට් එකට එන්න ආවා...
ගෙදර යන් කිව්වත් මගෙ හිතට කිසි සැනසීමක් නෑ...සංජනගෙ අම්මා මැරුන වෙලේ.....
එහෙම හිතන එකත් පව්...ඒත්....ඒත්..හිත ඇතුලෙ කිසිම තෙතමනයක් නැති ගෑනියෙක් වෙනුවෙන් මොනවට කියලා අනුකම්පා කරනන්ද...??
චූටිය.....
ම්ම්ම්
දැන් උඹ ඔහොම උන්නම හරිද....ලොකු නැන්දා බයවෙයි තොට අසනීපයක් කියලා .....
....ම්ම්ම්
කෝ අර වහංගතයා....බලපිය මැරිලද කියලා .....
...
උඹ ළොකු නැන්දට නම් කියන්ඩ එපා මූ බෑග් එකෙ උන්නා කියලා ....මෙහ්ර් දියන් ඕකව....මූ දඩාවතේ ගිහින් ඉන්නකොට එනගමන් දැකලා අරන් ආවෙ කියන්ඩ....
......
කෝ නැවතියන් බලන්ඩ....මේ ඉන්නෙ...ජඩයා...අනේ පරිගේසමෝ.....තෝව බෑග් එකෙ දාන් දිව්ව....බස් එකේ චප්ප චුරුප්පන් වෙවි ආවා....ඒත් උඹ බුදි නේ...නැගිටපන්...උඹලගෙ අම්මටයි අප්පච්චිටයි කරදරයක්.....
මං ඔහේ උන්නා...ඉස්කෝලෙන් බස් හෝල්ට් එකට ආවත් මගෙ කට වැහිලා තිබුනා....වෙනදට බස් එකෙන් බැහැලා එනමග දිගට මොන තරම් කියුම් කියන එකෙක්ද මම...ඒත්...අද එහෙම නෑ....මගෙ හිතේ ගින්දර ගොඩක් ඉහටත් උඩින් ඇවිලෙනකොට මොන කතාද.....මොන හිනාද ....කොයි වෙලෙට් කියවන මම වගේ නෙවෙ...වචනයක් කතා කරන්නෙ නැති මම කියන්නෙ....
කට ඇරලා ඕනාවටත් වඩා හිනා වෙන වගේම.....හිනා වෙන්න ගත්තම අනිත් උන්වත් හිනස්සලා නවත්තන මම මගෙ හිනාව සම්පූරනම නවත්තපුදාට වටේම ඉන්න මිනිස්සුන්ට උන්ගෙ හිනාව පවා අමතක වෙලා යනවා...
බස් එකෙන් බැහැලත් වචනයක් කතා නොකරපු....නිකන් වත් හිනා නොවුන මාව හිනස්සවන්න සනාශ් කොච්චර ට්ර්යි කෙරුවා උනත් සනාශ්ට බැරි උනා මගෙ කටින් වචනයක් තියා මගෙ මූනෙ හිනා රැල්ලක් එලියට ගන්න....ඌ දහසක් දේවල් කිව්වත් මං කෙරුවෙ ඔලුව වනපු එක විතරක් වෙනකොට මගක් දුර ආව සනාශ් මාව නවත්තන් බාගෙට වහපු බෑග් එකේ උන්න පූසව එලියට ගත්තා වගේන ඒකට මැරිලා හා සමානවම නින්ද ගිහින් උන්නා...
පරි.....පරිගේසන් ...අඩේ...නැගිටපිය....
....
චූටියා මේ බලකො....බල්කෝ....ඉතින් මූට කරමත ගහලා තියන තරම.....මුගෙ මූන තනිකරම හැමදාමත් අටපට්ටමෙ පෙන්නන වගා ලිදට වැටෙන අලියා වගෙ .....මේබලපියකො...චූටියා....මේ
වද දෙන්ඩ එපා සනාශ්...
ච්...චූටි...
මම කවදාවත් නැතුව ලොකූට සැර උනා...මං දන්නවා ..ඌ මේ විකාර කරන්න හදන්නෙ මගෙ මූනට හිනාවක් ගේන්න ඕන හන්දා...මට හූ හිතන හැම දේම දැනෙනවා....එක බඩවැල කඩන් ආව...නව මාසයක් එක ඉඩ බෙදාගත්තු උගෙ සිතුවිලි මට දැනෙන්නෙ නැතිවද...නැතිව නෙවෙ...ඒත්...මගෙ සිහිය කල්පනාව මේ වෙනකොට තිබ්බෙ ආතක් පාතක් නැතිව දුවාපු නිර්වාන් ගාව වෙනකොට මං මාව හිනස්සවන්න හදපු සනාශ්ටත් සැර වෙලා ඌවත් දාලා එන්න හැදුවා උනත් ඌ මගෙ අත් ගොබෙන් තද කරලම අල්ලගත්තා ....
නැවතියන්....
සනාශ් ..මං ඉන්නෙ විහිලු කරන වෙලාවක නෙවෙ සනාශ් ....
.ඒක මං නොදන්නවා චූටි .හැබැයි....උඹ ඔය මුඩුම මූනම දාගන ගෙදර ගියොත් ....උඹ දන්නවා....අප්පච්චි වගේ නෙවෙ...සුදර්මා දෙයක් හොයන්න ගත්තම....උඹගෙ පුක් මූනට එකම හේතුව චූටි අයියගෙ ඉස්තරම්ම ගෝලයා කියලා දැනගත්තොත්....උඹට වෙන්නෙ හෙට උදෙම්ම තියන බස් එකේ හොරොව් පතානට යන්ඩ...එහෙ ගිහින් අට්ටාලයක් බැදන් සීයත් එක්ක හේනට එන අලි එලව එලව ඉන්ඩ....
...
උඹට ඒකද ඕනෙ...
.....
ආ චූටියා....උඹට දැන් එකද වෙන්න ඕනෙ....ඒක වෙන්න ඕනෙ නම්....ඔහොම ඉදපන්....
....
උඹට දෙයක් කියන්නම්...තරහ වෙන්ඩ එපා...උඹ තරහ උනත් එකයි නැතත් එකයි...ඕන පුකක්...උඹ ඔහොම මුඩුමෙට ඉන්නකොට ඇත්තටම පොඩි නැන්දා වගෙ...එමම මූසල මූන.....එමම මුස්පේන්තු කම.....කොටිම්ම ඔලුවට පෝර උරයක් බස්සලා ඇට බිදෙන්න ගහන්න හිතෙන මෝඩ මූසල මූනක් උඹට තියෙන්නෙ
උඹ මගෙ මුන සනත් නිශාන්ත වගේ කියලා බැනපන්..මං ඒකත් ඉවසන්නම්...ඒත් ඔය මෝඩ ගැනිගෙ වගේ කියන්ඩ එපා...
අ...ඒකනෙ...අන්න එච්චරයි.....දැන් ගනින් උඹගෙ දරුපැටියව...මාමට වඩා දරුවො හැදෙන්ඩ ඕනෙ අම්මා ගාව....
යෑ....ව්ව්....
ආදර.....මල් පවනේ.....ඈ...යන....මේ ගමනේ...කොහෙදෝ....යන්නෙ..කව්දෝ....දන්නෙ....සුධර්මා....හ්.....සුධර්මා......
මං පූසව වඩාගන ගේට්ටුව ගාව උන්නා මෙච්චර වෙලාම මගෙ මූනට අනම් මනම් කියාපු ලොකුවා අවසානෙදි මොකුත් උනෙ නැති එකා වගේ වෙස් මාරු කරගන ගේට්ටුවෙන් ඇතුලට යනකොට ගිනිගහන් අහස දිහා බලපු මං ලොකූ හුස්මක් අරගත්තා ....
මං විශ්වාස කරනව මගෙ නිරූ....උඹ උඹගෙ චූටිව අඩවන්නෙ නැති වේවි කියලා....
යැ.....ව්....යෑ.....ව්...
මොකද උඹ....යෑව් තමයි.....අප්පච්චි ගාල කඩා ගත්තු හරලා වගෙ කොහෙද දිව්වා මම මෙහෙ ගිනිපත්තු වෙලා ඉන්නවා...තෝ මෙතන යෑව් ගානවා....
යෑව්.....
කටවහපන්.....තව එක පාරක් හරි ඇඩුවොත් මං උඹව දීලා පුත්තලම් ගෝවා ගෙඩියක් ගන්නවා.....
ය්ය්....ය්...යෑ...ව්
බේසික පූසා...ම්හුක්....සුතර්මා .......දෙවනි දරු පැටියා සිල්පය හදාරා නිවහනට වැඩම කෙරුවා.....
මම හැම වේදනාවක්ම දුකක්ම ගෙදර ගේට්ටුවෙන් එපිට තියලා කීකරු කමක් ගෑවිලා වත් නැති නිර්වාන්ගෙ දරුපැටියවත් හොක්කෙ ගහන් මං ගෙට ගොඩ වෙලා බෑග් එක එහෙම්ම සෝෆාවට අතෑරියා. ඉස්කොලේ සපත්තු දෙක එකට එකක් පයින් පාගපු මං සුදු මේස් පිටින් ලෙස්ස ලෙස්ස ලොකු නැන්දව හොයන් යනකොට මං බලාගන ගෙට ගොඩ වෙන්න කලින් වෙලාවකට මුලු දිවයිනටම සාම විනිසුරු වගේම...තවත් වෙලාවලකට සමත මන්ඩලේ මුල් කනුවක් උන සැලලිහිනියා දඩ දඩ ගගා කාට කාට හරි කොටනවා...කාට කෙටුවත් වැඩක් නෑ.....උන්ගෙ එක ඵෝන් එකක් අපිගාව...අනිකට ගත්තත් දැන් තේරුමක් නෑ...නිර්වාන්ගෙ ගෙදරට යනකන් අපිට වෙන්නෙ පිච්චි පිච්චි ඉන්න එක විතරක් වෙනකොට මන් අතේ උන්න පූසව හිටගනම බිමට අතෑරලා සුධර්මව හොයන් කුසියට දිව්වා...
සුතර්මා ....
....
මේ දෙවනි දරුපැංචා ආවා...
හිතේ කොනකවත් නැති සතුටක් බලෙන් මවාගත්තු මං වෙනදා වගේම ඒම හුරතලෙන් ළොකු නැන්දට කෑගහගන් කුසියට යනකොට ලොකු නැන්දා තෙල් තාච්චිය ලිපේ තියන් මොනවද බදිනවා....
මොනාත අනේ ඔය බදින්නෙ...
....
යෝහ්...කක්කුට්ටො....
වෙනදට නම් කකුලුවො බදිනකොට ඒ සුවද දැනෙන්න ගෙට ගොඩවෙන්න ඕනෙත් නෑ...මඟින්ම දැනෙනවා..ඒත් අද මට මේ කිසිම.දෙයක් දැනුන් නෑ..අඩුම කෑම පිරියවත් දැනුන් නෑ.....කකුලුවො අඩු පිරෙන්න කූඩයක් වෙනම බැදලා තියෙනකොට මං දැක්කා තව හට්ටියක උයාපුවා තියනවා.....වෙනදට නම් පෙරේතයා වගේ ඇදුමක් ගලවනවා තියා අතක්වත් හෝදන්නෙ නැතුව ගිල්ලත් මූනිච්චාවට බෙරිහන් දුන්න මං ආපිට යන්න හැරුනා...
චූටියා... .
ඕ සුතර්මා ...ඇයි...දරු පැටියගෙන් කුමක් හෝ සේවයක් විය යුතුයිත .....?
උඹ මග දිගට මොනවා හරි ගිලලා ආවද?
ම්ම්ම්හුක්...නෑ....අනෙ..මොනවා ගිලින්නද...මග දිගට ගිලින්න අතේ තඹ සතයක් නෑ...ඇයි ඔයා ඒහෙම ඇහුවේ....?
නෑ උඹ වෙනදට අත පයක් වත් හෝදන්නෙ නැතුව ගිලින හින්දා ඇහුවෙ...මහ දිගට මොනවා හරි ජරාවක් වත් ගිල්ලද කියලා ..අද විතරයි ...මෙව්වා උඹලා දෙන්නයි චූටි අයියයි හෙට පනු බේත් බොන්ඩ ඕනෙ ආ....
ම්හුක්....යෝ...බොරු චෝදනා එපා ඈ..සුතා....අනික පනි බෙත්....මෙච්චර ලොකු අපිට.....ආ..ආ...ආ...මේ...මේ..ඔව්වට නම් එන්ඩ එපා සුතර්මා ..පනු බේත්...එව්...ඊයා.....
එව් ඊයා බීයා නෙවෙ.....වහාම අරූටත් කියපන් හෙට එහෙම දහ ජරාවල් ගිලින්ඩ එපාය කියලා ආව දෙන්කො මහ එකත්....
ආ..ආ...ආ..හරිම අගෙයි....හරිම අගෙයි මෙච්චර ලොකු දරුවන්ට පනු බෙහෙත් ගිල්ලවන්න දගලන අයුරු නම් ආ...හරිම අගෙයි සුතර්මා ...ක්‍රියාකලාපෙ නම්...අති විසිස්ටයි ....අනික ඇදුරු තුමාට මහ එකා යනුවෙන් ඇමතීම.....ඉතා විලි ලැජ්ජා සහගතයි .....හරිම අගෙයි සුතර්මා ...ප්‍රීතී.....ප්‍රීතී...පුතේ ..ප්‍රීතී....හ්
ප්‍රීති ප්‍රීති නෙවෙ...උඹලගෙ අම්මා තමයි මතක් කෙරුවෙ....මොකද උඹගෙ ඔය කටත් ඉදිමිලා...?
මුකක්...අනේ..මුනිතාස අයියේ.....හ්...ම්හුක්..කට ගැන ඇහුවනෙ....අනේ...සුතර්මා ...මේ සෑම දෙයක්ම හිච්චි බෑනගෙ පලිගැනීම්නේ....
මං කටට අත තියාගත්තා ..දූවිලි රස එන පනු පෙත්ත එක්ක නිර්වාන් කට කාපු එක මතක් වෙනකොට මං කටට අත තියාගන ලොකු නැන්දා ඉස්සරහා අර සරල චූටියා වෙන්න පුදුම විදිහට උත්සහ කෙරුවා .....ඇත්තටම මිනිස්සුන්ට තමන් විදිහට තමන් නොවෙන තැන මොන තරම් අමාරුද...
උඹලට බත් බෙදන්නද.....
ම්හ්....මට එපා ලොකුට විතරක් බෙදන්න සුතර්මා ...
මං කිව්වෙ...උඹ මග දිගට මොනව හරි ගිලල කියලා ...
යෝ අනේ නෑ සුතර්මා ..මගෙ බඩ රිදෙනවා..ඒකයි .. ...
යෑව්......ය්...යෑ....ව්ව්
ආ....උඹ ආවද ..කොහෙද උදේ ඉදන් උන්නෙ ආ බොල ....දඩාවතේ ගිහින් ගිහින් කන වෙලාවට ගෙදර එනවද...ආ....
යෑ....ව්....
යෑව්....යෑව් තමයි උදේ ඉදන් තොට අඩගහලා මගෙ පනගියා ...චූටියා මූව අල්ලනවා නෙවෙ කොහෙ ගම්මැද්දෙ රිංගලා ආවද කව්ද දන්නෙ...
මං එන්න හැරුනා ....බඩගින්නක් තියා මෙලෝ හැගීමක් නොදැනුන මං එන්න ආවා...උදේ ඉදනමා එක්ක ඉස්කෝලේ ගිහින් උන්න පූස් තඩිය මෙච්චර වෙලා උන්නෙ මග මැරිලා වගේ උනත් බැදුම් සුවදටද කොහෙදෝ කඩාගන බිදගන කුසියට දුවනකොට ඌ උන්නෙ කොහෙද කින්ද මන්ද මොකුත් නොදන්න ලොකු නැන්දා පූසව අල්ලන්නෙ නෑ කියලා තවත් මොන මොනවදෝ කිය කිය මටවගේම පූසටත් බනිනකොට මං කාමරෙට එන්න ආවා...
සනාශ් ....
සනාශ් තවම ඒ ඇදුම පිටිම්මයි...ඇද උඩ ඉදගන කාට හරි හරි හරියට මැසේජ් කරන උගෙ මහපට ඇගිලි දෙක මැශින් එකක් වගේ වෙනකොට මම කාමරේට බෙල්ල දාලා ආපිට හැරුනා උනත් මාව දැකපු ඌ මට කතා කෙරුවා ...
චූටි..
ම්ම්...
මෙහෙ වරෙන්.....
යන්න හදපු මට සනාශ් ඇදට තට්ටුවක් දාන ගමන් ලගට එන්න කොට මං සනාශ් ගාවින් ඉදගත්තා වගේම ඌ මගෙ අතට ඵෝන් එක දුන්නා....
කව්ද.....ලොකූ මේ....
ඔය.මැසේජ් ටික උඩ ඉදන් යටටම බලපන්....මගෙ ඇගේ ලේ රත්වෙලා තියෙන්නෙ චූටියා.....එන තරහවට මට උඹගෙ නැන්දම්මව .....එක්කො...ඕන් නෑ..මට පව් පිරෙනවා...බලපන්...ඕක කියවලා.....
මගෙ අතේ තිබුන ඵෝන් එකට තට්ටුවක් දැම්ම සනාශ් හැම මැසේජ් එකක්ම උඩ ඉදන් යටට කියවන්න කියලා ඌ මං ඉන්න තැනම ඇදුම්.මාරු කරන්න ගත්තා ....
සංජන...
මගෙඇස් දෙක හීනි උනා...මෙච්චර වෙලාම ලොකූ එක්ක මැසේජ් කරලා තියෙන්නෙ සංජන එක්ක වෙනකොට මං උඩ ඉදම්ම මැසේජ් කියවන්න ගත්තා....කියවන මැසේජ් එකක්...මැසේජ් එකක් පාසාම මට දැනුනෙ මාව රත් උන තෙල් කටාරමකට බස්ස බස්ස ගන්නවා වගේ දෙයක් වෙනකොට මං ඉදිමිලා තිබුන කට තවත් හපා ගත්තා ....
මේ ගෙදර තනිකරම අපායක්...මට විසිහතර පැයක් යන්න කලින් එපා උනා සනාශ්
නිර්වාන් මොන හේතුවට මේ ගෙදර ඉන්නවද කියන්න මං දන්නෙ නෑ....
ඒත්....එයාට මේ ගෙදර නොයිදත් බෑ....
උන් දෙන්නම කරන්නෙ තනිකරම නිර්වාන්ව වගේම...මාව පාවිච්චි කරන එක.....
නිර්වාන්ගෙ අම්මා...ඒ එක ගෑනියෙක් ...
මගෙ ඩැඩා ඉස්සරහ නිර්වාන්ට වත් නැති ආදරයක් මට පෙන්නනවා.....මොන විහිලුද මල්ලි මේ.....??
මං ඵෝන් එක මුනින් අතට හැරෙව්වා.....???මට එන තරහවට මාව වෙව්ලන්න ගන්නකොට මම තත්පර දෙකක් තුනක් එහෙම්ම උන්නා....
චූටියා අන්න බත් බෙදුව....
මට කන්න ඕන බතක් නෑ ලොකූ....
.උඹ නොක උන්න කියලා ප්‍රශ්න විසදෙනවද.....??
....
චූටියා ....නොකා උන්නම මේ ලෝකෙ ප්‍රශ්න විසදෙනවා නම්.....මේ ලෝකෙ හැම මිනිහම බඩගින්නෙ ඉන්නවා...එහෙනම්...කෑම කියන දේ අත්‍යාවශ්‍ය නොවන දෙයක් වෙනවා....
ඔව්....උඹට ඔහොම කතා කරන්න පුලුවන් ලොකූ...මොකද.....ප්‍රශ්නෙ අනුන්ගෙ වෙනතාක් ...දෙන්ඩ තියන හැම උත්තරේම දාර්ශනිකයි....උඹ මේ මැසේජ් කියෙව්වද.....
........
උඹෙ මේ ඔක්කොම කියෙව්වද....ඇයි උන් මෙහෙම ඒ කොල්ලො දෙන්නට කරන්නෙ....හරි...මං පිලිගන්නවා..නිර්වාන්ට තවම එලියට ගිහින් තනියෙන් ජීවත් වෙන්න අමාරුයි කියලා ....අපි හැමෝම තාම අම්මා අප්පච්චි ලාගෙන් යැපෙන මිනිස්සු ලොකූ...ඒත්...එහෙම කියලා...ඒ දුර්වල තාවෙම අල්ලන් ඔහොම කරන එකහරිද ලොකූ...ආ.....
මට ආයම ඒ ඵෝන් එක් අල්ලන්න හිතුන් නෑ.....එතනින් එහා තිබුනෙම සංජනගෙ ඇස් වලින් දකින නිර්වාන්ගෙ වේදනාව වෙනකොට මට මෙතනින් එහා කිසිම දෙයක් කියවන්න ඕන උනේ නැති උනා.....
තවමත් ඒ දෙන්නගෙම්ම කිසි උත්තරයක් නෑ.....ඉස්කෝලේ ගිහින් ආවත් හරි මං තවම යුනිෆෝම් එකෙම්මයි.....මේ වෙනකොට ලොකු නැන්දා මටයි සනාශ්ටයි බත් කාපල්ලා කියලා සියපාරකට වඩා කියන්න ඇති ..ඒත්...මං උන්නෙ බත් කන මානසීකත්වෙක නොවෙනකොට මම බඩගින්නෙ ඉන්නකොට ඌටත් කන්න හිතක් නැතුවද කොහෙද සයාශුත් ඇදට වෙලා ඵෝන් එක අතේ තියාගන සංජනට නිර්වාන්වයි ශෙනිරු ගැනයි බලන්න කිය කිය මැසේජ් පිටමැසේජ් දැම්මා.....
ලොකූ.....චූටියා.....උඹලා කන්නෙ නැද්ද කියපල්ලා...හැබැයි අනිත් පාර ඔක්කොම බල්ලන්ට අනනවා.....
........
ඇයි අම්මේ ඇවිල්ලා කාපියව්කෝ මට
මෙ කුසිය අස්කරල ඩිංගක් ඇහැපියවගන්ඩ....මදැයි පාන්දර ඉදන් නේද මං මෙ ඇහැරන් ඉන්නෙ...
ලොකු නැන්දා තාමත් කෑ ගහනවා.....ඒත් මමවත් ලොකුවවත් නෙවෙ එලියට බැස්සෙ...මෙච්චර වෙලාම ලොකු නැන්දා පස්සෙ එහා මෙහා වෙවී කෑ ගහහා උන්න පරියත් අවසානෙදි දොර රෙද්ද යටින් රිංගන් ඇවිදින් පොත් මේසෙට නැගලා ඒක උඩ ඉදගත්තා .....
ඉදගත්තා කියන්නෙ.....ඌ උන්නෙ තනිකරම රවාගන....කොටිම්ම යෑව්...ගෑවෙත් නෑ.....ඌ උන්නෙ අපෙන් පලිගන්න වගේ....මං හිතන්නෙ අපි කෑවෙ නැති හන්දා මුන්ට කන්න දීලා නෑවගෙ...

ලොකූ...
ම්ම්ම්
සංජන මොනවද කියන්නෙ...
ක්ලාස් එන්න එපාලු.....අර ගෑනි ඉන්නෙ එච්චර හොද මූනකින් නෙවෙලූ....
ඒකිට හොද මුනකින් ඉන්න හොද මුනක් තියනවද කියපන්....නෑනෙ.....ඒකිට හොද මූනකින් ඉන්න තිබුනා.....ඒකි හොද අම්මෙක් උනා නම්...හිතෙ ඇති....ආකරයක් තරමට සල්ලි තිබුනම ඔක්කොම හරි කියලා ..අනුන්ගෙ පවුල් කඩලා...දරුවෙක්ට අම්මෙක් නැති කරලා...රජයෙන් පුලුවන් තරම් යටි මඩි ගහන්...මුන්ට හොද මූනකින් ජිවත් වෙන්න පුලුවන්ද ඉතින්...උඹම කියපන් ලොකුවා...ඔය ඇමතියා මාර්ග සංවර්ධන ඇමතියලු....ඕකා පාරක් හදන්න ලක්ශ ගානක් ගවර්මන්ට් එකෙන් පාස් කරගත්තොත් ඌ පාර හදන්න වියදම් කරන්නෙ කීයද.....???.අද ගහන කාපට් එක මාස දෙකෙන් ඉවරයි...ටිපර් එකක් ගිය ගමන් ඔක්කොම ඉවරයි.....ඒ අතින් අපේ අම්මා අප්පච්චි ලා අනුන්ගෙ ඉදුල් හෝදලා කක්කුස්සි මැදලා හම්බකරන එක රුපියල පවා උන්ගෙ හොර සල්ලි වලට වඩා වටිනවා ලොකුවා....
මුන්ගෙ ජඩකම් හන්දා විදවන්නෙ අසරන ළමයි.....
මම මගෙ අත මිටමොලවලා මෙට්ටෙට පාරක් ගැහැව්ව....සනාශ් සංජන එක්ක මැසේජ් කර කර කර මගෙ මූන දිහා දැන් සියපාරක් විතර බැලුවා..... ඌ මගෙන් මොනවා හරි හංගනවද.....
.උඹ මොනවද ලොකූ මගෙන් හංගන්නෙ....???
උඹට නිර්වාන් මොනවා හරි කිව්වද....?
මොනවා ගැනද....??
මොනවා හරි දෙයක්...
මොනව හරි දෙයක් කියන්නෙ...මොනවා ගැනද නොදැන මං මොනවද උඹට දෙන උත්තර සනාශ් .... ? උඹහැංගි හොරා නැතුව මට ඔය සංජනයා කියන්නෙ මොනවද කියපන්...
නෑ ඌ මට මොකුත් කිව්වෙ නෑ...
කිව්වෙ නැත්තන් මොන මගුලක්ද අහන්නෙ....
මං එලියට ආවා...පැයෙන් පැය ගෙවිලා යනවා..මං තවමත් ඉස්කෝලේ ඇදුම පිටින්...
සනාශ් අහනවා නිර්වාන් මොනවා හරි කිව්වද කියලා .....ඒත්....එයා මොනවද කිව්වෙ අහෙන්නෙ...මොනවා ගැනද කියල නොදැන මං මොනව කියලද උත්තර බදින්නෙ....
මගෙ ඔලුව පුපුරන්න වගේ....මාව උකුලෙ ඉන්දවන් එයා ඇහුවෙ කවදාවත් එයාව මොන දේ උනත් අතාරින්නෙ නෑ නේද කියන එක විතරක් වෙනකොට එයා කියපු දෙයක් මට මග ඇරුනා වත්ද කියලා මං මගෙ ඔලුව අත් දෙකෙම්ම තද කරන් කල්පනා කරන්න ගත්තා .....
අනේ දෙයියනේ මට මතක නෑනෙ.....
චූටියා.....උඹ තවමත් ඔය ඉස්කෝලේ ඇදුම පිටින් නේද...
චූටි...මේ තේ එක බීපන්....
මදැයි දවල්ට කාලත් නෑ....ආය තොපිට මං තේ හදන්නෙත් නැ....
දැන් වත් ඔය ඇදුම් ගලවලා ඇගපත හෝදගන්....මදැයි දැන් හතත් පහු වෙන්ඩ එනවා මූට මලපෙර්රෙතයෙක් වැහිලද....
චූටි...ගෙට එනවා...
සයාශ් ....ගෙට වරෙන් උඹ දැන් කීපාරක් නැන්දා කතා කෙරුවද...බලපන් උඹ උදෙ දහයට කාපු ගමන්.....උඹගෙ නිර්වාන් ගෙන් විතරක් නෙවෙ...ශෙනිරුගෙනුත් කිසිම පනිවිඩයක් නෑ චූටි...එහෙමයි කියලා මං උඹ වගෙ මෙහෙම ඇවිද්ද....
ශෙනිරුට ඉන්න අම්මා අප්පච්චි ද නිර්වාන්ට ඉන්නෙ...ලොකූ...දැන් වෙලාව බලපන්....උඹ ඔහොම.ඉන්නෙ කොහොමද ලොකූ....මං හිනා වෙලා උන්න පලියට ජෝකර් කෙනෙක් නෙවෙ සනාශ් ....උඹගෙ ශෙනිරුට කියලා කිසිම ප්‍රශ්නයක් නෑ..හැබැයි..අහක යන හෙනයක් හරි ගැහුවොත් ගහන්නෙ.....මගෙ නිර්වාන්ට.....එතකොට මම පිස්සුවෙන් වගේ ඇවිද ඇවිද මග බලන් ඉන්න එක වැරදිද සනාශ් ??
මගෙ ඇස් වලට කදුලු පිරුනා....දවල් දැක්කට පස්සෙ ආයමත් මගෙ නිර්වාගෙන් කිසිම පනිවිඩයක් නැතිවෙනකොට උදේ පිපුන මල් පරවෙලා ගිහින් හෝරා ගානක් වෙනකනුත් මම බලන් උන්නා.....හයේ කනිසම...හතේ කනිසම...මේ හැම කනිසමක්ම පහු වෙලා යනකොට ජීවිතේ පලවෙනි පාරට ආදරෙ කරන්න පටන් ගත්තු මට මේ වේදනාවන් පුදුම තරම් බර වෙනකොට " උඹ මොකක් හරි උනොත් මමත් මැරෙනවා" කියන ලද බොලද ප්‍රේම කතා මගෙ හිත අස්සෙ දලු දාන්න ගත්තා....
මං එහාට ගියා...ආයම මෙහාට ගියා...අඩුම ගානෙ මොකක් හරි කියලා හිත හදාගන්න චූටි අයියා වත් නැතිවෙනකොට උදේ දහයට කාපු පිටින් උන්න මගෙ බඩ ලෑල්ලක් වෙලා ගිහ්න් තිබුනා.....
චූටියා.... ....වරෙන්කො බන් ගෙට....
මම ගේට්ටුව ගාවට යන්නවා පාර බලනවා එනවා.....
මිදුල පුරාවටම එහාට යනවා මෙහාට යනවා..අවසානෙදි බැරිම තැන මන් සනාශ්ගෙන් ඵෝන් එක ඉල්ලගන සංජනට කතා කරන්න හදනවත් එක්කම සංජනගෙන් කෝල් එකක් ආවා වගේම මගෙ අතේ තිබුන ඵෝන් එක සනාශ් උදුරගන කනේ තියාගත්තා ...
කියන්න සංජන...
"මේක අහලා කලබල වෙන්න එපා.."
.මගෙන් ඵෝන් එක උදුරන් සනාශ් කනේ තියා ගත්තා උනත් මං අනිත් පැත්තෙන් කන තියාගත්තා වගේම සංජන කියාපු දේ හොදටම.ඇහුනා....
කලබල වෙන්න එපා.....
දෙයියනේ කලබල වෙන්නෙ එපා කියන්නෙ කොහොමද ....
මගෙ නිර්වාන් පොලිසියෙලු...
කලබල වෙන්න එපාලු...
සංජන....මට..මට...මාව එක්ක යමන්.....මාව ඇවිදින් එක්ක යමන් සංජන.....
මං කෑ ගැහුවා.....ලොකු නැන්දට නෙවෙ.....අහල පිට රටක ඉන්න අප්පච්චිට පවා ඇහෙන්න මං කෑ ගැහුවා.....කලබල වෙන්න එපාලු....ඒත් ඉන්නෙ පොලිසියේ කියන්කොට කලබල නොවී කොහොමද ...
චුටි ....
සයාශ් ඔහොම නවතින්න....
චූටියා නැවතියන් යකො...තෝවත් අල්ලලා කූඩුවට දායි...
ඇමතියෙක්ගෙ පුතෙක්ලුනෙ.....
තිරිසනෙක්ට වග් ගහලා...
උන් ලොකූ ලොකු මිනිස්සු හින්දා අත අරි
තවම ඉස්කෝලේ යන ලමයිනේද මුන්.....
අපේ උන්ගෙත් වැරදි...
අර කතාව ඇත්ත එහෙනම්...මේ කොල්ලගෙ අම්මා අර මන්ත්‍රී ....පවුල කැඩුවා කියන්නෙ ඇත්ත
.
පව් ඒ ගෑනි...හරි ලස්සන ගෑනියෙක්...
ඒ ගෑනිටත් ළමයෙක් ඉන්නවලුනෙ
අනිකගෙ තාත්තා හමුදාවෙ ලොක්කෙක්ලු....
ලොක්කො බැරි නම් සොක්කො උනත් වැඩක් නෑ.....අපේ උන්ගෙ අතපය කඩලා මුන්ට ඔය තරමට විහිලුව තේරුම් ගන්න බැරිද..
අනික තරහා ගන්න දෙයක් උනෙ නෑනෙ....උන් කියලා තිබ්බ දේවල් ඇත්තනෙ.....
චූටි....
චූටි....නැවතියන්...
මගෙ ඔලුව පුපුරන්න වගේ...ගෙදර ඉදන් මම.මෙතනට ආවෙ කොහොමද කියන්න මටවත් මතක නෑ....සංජනට මාව අරන් පලයන් ගගා කෑගහපු හැටි
.. යන්තම් මතක තිබුනත් මෙතනට වෙනකන් ආව හැටි වත් මට නිච්චියක් නැති වෙනකොට කාටත් කලින් බයික් එකෙන් බැහැපු මං උදේ ඇදන් උන්න යුනිෆෝම් එක පිටිම්ම පොලිසිය ඇතුලට දිව්වා ...
උන් බනිනවා...මගෙ නිර්වාන් වැරදි කාරයා කියනවා.....
ඇමතියගෙ...මන්ත්‍රී ගෑනිගෙ හපන් කම් හතර වටින් ඇහෙනකොට එය එක්ක එකපාරක් ඇවිදින් තිබුන පොලිසිය අස්සට මං මොන නීති රීතියක් ගැනවත් හිතන්නෙ නැතිවම දිව්වා....
මෙච්චර වෙලාම ආවේගෙන් උන්න .....තරහවෙන් උන්න මගෙ ඒ තරහව...ඒ ආවේගෙ ඒ දොර පාස් වෙනවත් එක්කම සම්පූරනම බිදිලා ගියා.....
හීනෙකින් වත් එයාව මේ විදිහට දකින්න ප්‍රාර්තනා නොකරපු මට දකින්න හම්බුනේ මගෙ නිර්වාන් වෙනුවට අපිලිවල වෙලා ගියපු නිර්වාන් කෙනෙක් වෙනකොට මට මගෙ කකුල් වාරු නැති උනා...උදේට ඉස්කෝලේ එන ඒපිලිවලින්ම ගෙදරයන නිර්වාන් අද පුදුම විදිහට අපිලිවෙල වෙලා උන්නා...ටයි එක හොයන්න නැති උනා...
.සුදුපාට යුනිෆෝම් එක පුරාවටම ලේ පැල්ලම් තිබුනා විතරක් නෙවෙ...මගෙ නිර්වාන් ගෙ මූන ඉදිමිලා තඩ්ස්සිවෙලා තිබුනා.....
නිර්වාන් .....
මට කතා කරගන්නවත් හයියක් නැති උනා.....
චූටි.....දෙවියනේ...නිර්වාන් .....ස්....සෙනූ...
මාව ගල් ගැහිලා ගියා...මගෙ ඇස්දෙක තිබුනෙ නිර්වාන් ගාව විතරක් වෙනකොට ඊට එහායින් යටබැනියම විතරක් ඇදන් ඉන්න ශෙනිරුව මට මග ඇරුනා....අත පය එල්ලන් මූනවල් තඩිස්සි වෙලා උන්න උන්ව මට මග ඇරුනා...
මං බලාගන උන්නා...මෙච්චර වෙලාම දුවපු කකුල් වලට දුවා ගන්න බැරු වෙන්න එයාගෙ මූන මගෙ කකුක් වල පන උදුරගත්තා .....
රතුපැල්ලම් ලේ පැල්ලම් පිරුන මුනට බිමට හරවන් උන්න එයා සැරින් සැරේම එයාගෙ දිග ශර්ට් අතින් පිහිදගත්තා වගේම ඒහැම පාරම ශර්ට් එකට රතුපාට පැල්ලම් එකතු උනා.....
එයාගෙ නාස් පොල්ල කැඩිලා වත්ද..එයා ඔලුව පහත් කරගන ඔහේ ඉන්නව....මෙච්චර දුරක් ආව මට තව දුරටත් බලන් ඉන්න බැරිම තැන මං කූඩුවෙ දැම්මත් කමක් නෑ කියලා කදුලු අස්සෙම කෑ ගහන් එයා ගාවට දිව්වා.....

නිරූ...හ්!!!
න්..නිරූ.....
මගෙ....නිරූ...
අනේ...නිර්වාන් ...
නිර්වාන් අනේ.....
මං කෑ ගැහුවා....වටේ ඉන්නෙ කව්ද කියලා නොබලම කෑ ගැහුවා.....පොලිස්කාරයෝ ඉන්නවා කියලා නොබලම මං මගෙ නිරූ කියලම කෑගහනවත් එක්කම බිම බලාගන උන්න එයා එකපාරම ඔලුව උස්සලා බැලුවා .....මාව දකිනවත් එක්කම ඒ ඇස් ගැස්සුනා...

ච්...චූටි.....!!
නිර්වාන් .....
චූටි...ඇයි...ලමයො...ඔයා...මෙහෙ....
ඇයි...නිර්වාන් ....උඹ...මට මෙහෙම කරන්නෙ...අයියෙ....මං...මං....ඇයි...
අයියෙ...අනේ...ඇයි....මේ.....
ශ්ශ්...මං වැරදි කරපු...මනුස්සයෙක්...හොද...දරුවා වගේ....පැත්ත...කට...වෙලා....ඉන්න...
හොදද...මං....මං...උන්ට....ගැහුවා....චූටි ...අයියා...වැරදි.....මං....මං....උන්ව...
මරන්න...හැදුවා....ඔයාට...තේරෙනවා නෙද...මං....වැරදි.....කාරයෙක්....කියලා ....මං....වැරදී....මගෙ....චූටි....
.නිර්..වාන්...අනේ....ඇයි...නිර්වාන් ....ඇයි නිර්වාන් උඹගෙ අම්මා තාත්තා හින්දා උඹ විදවන්නෙ....ඇයි යකො තොපි ඔක්කොම අහක යන කුනු මගෙ නිර්වාන්ගෙ ඔලුවට අතාරින්නෙ...
මං කෑ ගැහුවා ...එයාම එයා වැරදි කරපු මනුස්සයෙක් කියලා කියනවත් එක්කම මීටත් වඩා ඉවසන්න අමාරු උන මං ඒ ඔක්කොටම කැ ගැහුවා . ..
.සයාශ් ..
ඇයි....ඇයි උඹලා මෙ මනුස්සයට මෙහෙම වද දෙන්නෙ....කතා කරපියව් .....
චූටි.....
ඇයි තොපි හැම පැත්තෙම්ම තැලෙන එකාව තවත් තලන්නෙ...උත්තර දීපියව්.....කවුරුත් කරපු පව්වලට ඇයි උඹලා වෙන උන්ගෙන් පලිගන්නෙ..ඇයි.....ඇයි කියපල්ලා ...!
🥺ම්හුක්.....අද goks නෑ යාලුවනෙ....
🌼ආයම එනකන් පයිස්සමින් ඉන්නලා පුතුකියොනේ.....
🌼මන් ජොබී....
Nedeesha !....