Cherreads

Chapter 3 - 2.0

" පුතා..!! දැන් ඔය ට්‍රිප් එක දවස් කීයක්ද.. හැබැයි මට පොරොන්දු වෙන්න ඕන කිසිම කරදරයක් කරගන්නෙ නෑ කියලා.. අනිත් එක මම ආයෙම ක්ලබ් වලින් සස්පෙන්ඩ් වෙන ප්‍රශ්න වලට ඉස්කෝලෙ එන්නෙ නෑ එක එක කතා අහගන්න.. මේ සැරේ එවන්නෙ තාත්තව.."

මම සිවිලිමේ කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන ඉඳලා ආයෙම වස්සානෙ පාඩම් කරන්න ගත්තා.. අපේ ඉන්ට්‍රැක් ක්ලබ් එකේ ඇනුවල් ට්‍රිප් එක තියෙන්නෙ හෙට.. ඒ කියන්නෙ සෙනසුරාදා.. මම නම් ඕක යන්නම ඇඟිලි ගැන ගැන හිටියෙ.. ඇයි අප්පා අපිත් නාඩි වැටෙන ආතල් දන්න කොල්ලොනෙ.. නැද්ද.. මේ අවුරුද්දෙ මුල පාසල් අධ්‍යාපන චාරිකාවට නුවර එළියෙ ගිහින් දැන් අවුරුද්ද මැදට පොඩ්ඩක් මෙහායින් අපි ආයෙම පොළොන්නරු යනවා.. මෙහෙමයි..

මගේ තාත්තගෙ මහ ගෙවලුත් තියෙන්න්නෙ ඔය පැත්තෙ.. පොළොන්නරුවෙ නෙමේ අල්ලපු දිස්ත්‍රික්කෙ.. අනුරාධපුරේ..

ඒ වුණාට ඉස්කෝලෙන් යන එක හෙන ආතල්.. අපේ ඉන්ට්‍රැක් එක කියන්නෙ සුපිරි ක්ලබ් එකක් තමා.. දන්න කියන සේරම ඉන්ට්‍රැක් ක්ලබ් එකේ ඉන්නවා.. විශේෂෙන්ම ෂනෙරුවගෙ අයියල සෙට් එක.. අපි දෙන්නා වැඩි හරියක්ම දන්නෙ අපේ වයසෙ උන් නෙමෙයි අපිට වඩා ලොකු පන්තිවල උන්.. ඒකනිසා අපිට අයියලා දුසිම් කෝටියක් විතර හිටියා.. අර අයියා මේ අයියා.. අපේ අයියා.. මගේ අයියා.. අයියලා ඔක්කොම ෂනෙරුට ලව් නිසා තමයි මම හිතන්නෙ ඔය ගස්ගෙම්බට රධ්‍ය අයියව එච්චර මීටර් වෙන්නෙ නැත්තෙ.. අයියලා ලව් කිව්වෙ එහෙම එකක් නෙමේ මූට උන් හෙන පොඩි එකෙක්ට වගේ ආදරෙයි.. ඕකගෙ මායම.. මමනම් කියන්නෙ.. වෙන මොකුත් නෙමේ..

" ආහ්.. මගේ ෂනෙරු සත්තලනේ අපිට බදාගෙන නිදාගන්න පුළුවන්.."

මම පොත බඩ උඩින් තියාගෙන ෂනෙරුයි මායි ට්‍රිප් එක ගිහින් බදාගෙන නිදාගන්න හැටි කල්පනා කළාම මොලේ ටෙක්නිකල් එරර් එකකින් මට මැවිලා පෙනුනෙ අයුක අයියව..

" ක්‍රෑහ්හ්හ්හ් තූහ්.."

ගෝත ඔලුබක්කා.. සෙවල පෙරේතයා.. ගොම් බෙට්ටා.. ඕකා.. ඕකා මගේ පව්කාරයගෙ ආදරේ මැද්දටත් හොට දානවා.. හිටපන්කො ට්‍රිප් එක ගියොත් මම මුගේ කටේ සිග්නල් පුරෝලා ටියුබ් එකත් උගේ කටේ ගහලා මවුත් වොශ් එකක් අරන් ඇස් දෙකට හලනවා.. 

එක්කො ඇස් දෙකට මොකුත් කරන්න හොඳ නෑ.. පාඩුවෙ ඉඳහන් සෙනුක.. අනුන්ව අන්ධ කල්ලා මොකක්ද මේ ලබන තිරිසන් සතුට.. අන්න එයැයි ආසනම් මම එයැයිව ආදරෙන් වගේ අන්ධ කරනවා..

මට අයුක අයියගෙ අර එක ඇහැක බර්ත්මාර්ක් එකක් තියන ගොම්බෙලි මූණ මැවිලා පෙනුණා.. නෑ එහෙම ගොම්බෙලිමත් නෑ.. එයැයි හැඩයි.. ඒ වුණාට ඕකා පොඩ්ඩක් මාත් එක්ක හිනාවුණානම් මොකද වෙන්නෙ.. එහෙම වුණානම් මම ඕකා එක්ක යාළුවෙනවනෙ.. යාළුවෙලා දෙකට නමලා-

" පුතා..!!"

මම එකපාරට උඩ ගිහින් මගේ එක අහැක් නැති වලස් පැටියව බදාගෙන කාමරේ දොර පැත්තට හැරුණා.. අපේ අම්මා කාමරේ දොරට එකපාරක් තට්ටු කල්ලා දොර රෙද්ද මෑත් කරගෙන මූණ දැම්මා.. මම පාඩම් කර කරනෙ ඉතින් හිටියෙ..

" මොකද කරන්නෙ.."

" පාඩම් කළා අම්මෙ.."

" මහන්සිනම් මෙහෙට ඇවිත් ඉන්න පුතා.. ඕක අස්සෙම රිංගන් ඉන්න හොඳ නෑ.. තාත්තා කතාකරනවා.."

තාත්තා කතාකළානම් ඉතින් යන්නම වෙනවා.. මම ලූස් වෙලා තිබ්බ කලිසම නූලෙන් ඇදලා ඉණට හිර කරගෙන ශර්ට් එකත් පහළට දාගෙන සාලෙට ගියා.. තාත්තා පොතක් කියවනවා.. අපේ ගෙදර ඇවිල්ලා හෙන සාමකාමී හිත නිවන ගෙදරක්.. හැමදාම මේ වගේ තමා..

" මන්දාකිණී.. ගෙදර ටෙලිෆෝන් බිල් එක මෙහෙට ගෙනැත් තිබ්බනම්.."

" මම ඔයාට ඒක දුන්නා සාලිය.. කාමරේ මේසෙ උඩ.."

අපේ අම්මා තාත්තගෙ උරහිසට තට්ටුවකුත් දාගෙන කුස්සියට ගියා.. සාලිය-අශෝකමාලා ගැන නම් මම දන්නෙ නෑ.. හැබැයි සාලිය-මන්දාකිණී කතාවනම් මම දන්නවා.. මන්දාකිණි කියන්නෙ මගේ අම්මා.. සාලිය කියන්නෙ මගේ තාත්තා.. එයාලා දෙන්නම රජයේ ගුරුවරු.. අම්මා උසස්පෙළ-සාමාන්‍යපෙළ සිංහල ටීචර් කෙනෙක්.. තාත්තා පිරිවෙනක පාලි උගන්නනවා.. තව අභිධර්මයත්.. ඉතින් එයාලා දෙන්නා නිකම් ඉන්න වෙලාවට කරන්නෙම පොත් කියවන එකයි ඒ පොත් ගැන කතාබහ කරන එකයි.. අපේ පවුල මධ්‍යම පාන්තික 'සතුටින් ඉන්න' හරිම ලස්සන පවුලක්.. තාත්තා නම් ටිකක් සැරයි.. ඒ වුණාට මම එයාට පුදුම ආදරෙයි.. එකම ළමයා නිසා ඒ දෙන්නම හැමදාම මහන්සි වුණේ මං වෙනුවෙන් මට හොඳම දේ දෙන්න.. මම ඉහළට යනවා බලන්න.. මම ආස හැමදේම කරන්න මට ගෙදරින් සම්පූර්ණ නිදහස දීලයි තිබුණේ.. පොඩ්ඩක් කුපාඩි වුණාට එහෙම අම්මලගෙ හිත රිදෙන දේවල් අපි කරන්නෙ නෑනෙ.. 

මම පොඩිකාලෙ ඉඳලම වොයිස් ඇක්ටර් කෙනෙක් විදියට ටීවී චැනල්ස් දෙකක වැඩකළා.. තවටත් කරනවා.. ඒත් මම හඬකවපු ටීවී සීරීස් එක මාසෙකට කලින් එන්ඩ් වුණා.. ආයෙ එක්සෑම් අස්සෙ මම මොකුත් භාරගන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්නෙ.. ඒත් වීක් එන්ඩ් එකේ කිස් එෆ් එම් එකේ මෝනින් ශෝ එකක් කරනවා.. උදේ අට-දහය මෝනින් ශෝ එකට මම ගියේ, කලින් ඒක කරපු කෙනා හදිසියෙම රට ගියපු නිසා එතන තිබ්බ පුරප්පාඩුවට.. කොහොමහරි මගේ වොයිස් එක ඒකෙ ඉන්න අනිත් කොල්ලත් එක්ක සෙට් වෙලා ගිය නිසා ඒ වැඩේ ප'මනට් වුණා.. මම කියන්නෙ කටහඬ හොඳයිනම් ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕන..

ඒ ඇරෙන්න මම රෑ එකොළහ-දොළහ වෙලාවල් අල්ලලා ෆේස්බුක් එකේ ලයිව් යනවා.. ගිහින් මගේ පොඩි සෝලෝ ශෝ එකක් කරනවා.. එක එක අය ඉල්ලන සිංදු කියන එක.. මම මුලින් ඒක ආතල් එකට කළාට.. ටික කාලෙකින් ඔය හිතේ දුක හිරකරගෙන ඉන්න.. මානසික පීඩනෙන් ඉන්න සේරම මගේ ලයිව් එකට එන්න ගත්තා.. එයාලා එයාලගෙ හිතේ තියන හැගීම මට කියලා එව්වහම මම ඒකට ගැළපෙන සිංදුවක් කියනවා.. ඒ ඇරෙන්න වෙන කිසිම අනවශ්‍ය විදියේ දෙයක් මම ඒකෙ කළේ නෑ.. ඕඩියන්ස් එකත් හරිම 'හිතකර' නිසා මට ඒ වැඩේ කරගෙන යන්න හරි ලේසියි.. මියුසික් කියන්නෙ මගේ ලයිෆ් එකේ එක පැත්තක්.. මම එකවසරෙ ඉඳලම මියුසික් කරන්නෙ ඒකට බැහැලම.. දැනට ඉස්කෝලෙ ඔකෙස්ට්‍රා එකේ ඉන්නවා.. මෙච්චර කාලෙකට හැම ඉන්ස්ටෘමන්ට් එකක්ම වගේ ප්ලේ කරන්න පුළුවන් එකෙක්ට හිටියෙ මම විතරයි.. අපේ ගයනිකා අක්කත් මගෙන් අහගෙන උගන්නන වෙලාවල් තියනවා.. ගයනිකා අක්කයි කිව්වෙ.. අපේ ඉස්කෝලෙ වෙස්ටන් මියුසික් මැඩම්.. මැඩම් ඉස්කෝලෙට.. ගෙදරට අක්කා.. එයා මට දුරින් අක්ක කෙනෙක් වෙනවා.. අපේ ගෙදර එහෙමත් නිතර එනවා යනවා.. අම්මලා එක්ක හරි එකතුයි.. 

අපේ ඉස්කෝලෙ මේ ගෙවීගෙන යන්නෙ මියුසික් ක්ලබ් එකේ ගෝල්ඩන් ඊරා එකක්.. එහෙම කිව්වෙ.. ඉස්කෝළෙ පළවෙනි වතාවට අපි බෑන්ඩ් එකක් පටන්ගත්තා.. ඕක වුණේ මෙහෙමයි.. 

අපේ මියුසික් ක්ලබ් එකට අත්‍යවශ්‍යම දේවල් ගන්න අපිට ස්කූල් ෆන්ඩ් එකෙන් වෙන් කරපු බජට් එක හෙනම අඩුයි.. මුලින්ම වයිස් ප්‍රින්සිපලුයි ක්ලබ් එකේ සීනියර්ස්ලයි අතරෙ ලොකු ප්‍රශ්ණයක් ගියා.. අපෙන් පහසුකම් ගාස්තුම දහදාහක් විතර අරගෙන ක්ලබ් එකට දේවල් ගන්න අයින් කරන ගාණ අඩු වුණාම මල පනිනවනෙ.. පස්සෙ මියුසික් ක්ලබ් එකට මුළු ඊස්තටික් සොසයිටියම සෙට් වෙලා අපි කළා ශෝ එකක්.. ඉස්කෝලෙට ඇඬෙන්නම.. ලොකු සර් අපිට ප'මිශන් දුන්නා අපේම ශෝ එකක් කල්ලා අපිට ඕන සල්ලි හොයාගන්න.. ඉතින් අපිට ඉන්නවා සුපිරි කෝර් එකක්.. අනික ඔකෙස්ට්‍රා එකක්.. ගිය අවුරුද්දෙ ගැහුවා ශෝ එකක්.. අම්මටසිරිවෙන්නම.. ඒක කොළඹ පුරාම හිට් වෙලා ගිහින් ටිකට් දාපු ගමන්ම සෝල්ඩ් අවුට් වුණා.. ඔය අදහස ආවෙ රධ්‍ය අයියලගෙන්.. මියුසික් ක්ලබ් එකේ කැපීපේන චරිත.. මම.. රධ්‍ය අයියා.. ෂනෙරුවා.. භාතිය අයියා.. ළසිත් අයියා.. ඔහොම සෙට් එකක් ඉන්නවා.. උන් ටික එකතු වුණොත් කරගන්න බැරි දෙයක් නෑ.. ඕන ගේමක් ගැහුවැහැකි..

අපි සම්පූර්ණෙන්ම ඉස්කෝලෙ කණපිට ගහන්න ආපු සෙට් එකක් කියලා අපේ ප්රින්සිපල් සර් අපිට කියනවා.. විශේශෙන්ම ඉස්කෝලෙ හැම කුපාඩි වැඩකම එක කොණක් අතේ තියාගෙන ඉන්න මමයි ෂනෙරුවයි රිපෝට්ස් ගන්න ස්ටේජ් නගින වෙලාවට.. සර් අපිට හිත යටින් කැමතිද කොහෙද ඔය කිව්වට..

" පුතා.. හෙට ගමන මොකද දැන්.."

මම ගිහින් තාත්තගෙ පුටුවෙ ඇන්දෙන් ඉඳගත්තම තාත්තා පොත වහලා පැත්තකින්ම තියලා මගේ පැත්ත හැරුණා.. මම තාත්තට ආසම.. එයා මොන වැඩක හිටියත් මට කතාකරන්න උවමනා වෙලාවට සම්පූර්ණ අවධානෙ මට දීලා හැම වචනයක් ගානෙම හරි පරිස්සමින් අහගෙන ඉන්නවා.. හැබැයි ඕකෙ අනිත්පැත්ත තාත්තට හොර කරනවා කියන්නෙ අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි දෙයක්.. ඇයි හොඳ අවධානෙන් නෙ අහගෙන ඉන්නෙ..

" තාත්තෙ හෙට අර ට්‍රිප් එක.."

" ඔව්.."

" උදේට ෂනෙරුලගෙ ගෙදර ගිහින් එයාවත් පික් කරගෙන අපි ඉස්කෝලෙට යමු.. හතර හමාර වෙද්දි ඉස්කෝලෙ ඉන්න ඕන කිව්වා.."

" ම්ම්.. දැන් සඳුදා වෙද්දි එනවනෙ.. ෆෝන් ගෙනියන්න ප'මිශන් දුන්නද.."

" දුන්නෙ නෑ තාත්තෙ.. සඳුදා උදේ වෙද්දි එහෙන් එන්නෙ.. ඔය කිව්වට රෑ වෙයිනේ.."

" යන තැනක පරිස්සමින් ඉන්න ඕන තේරුණාද.. ෂනෙරු පුතත් ඉන්නවනෙ.. එයා එක්කම ඉන්න.."

" හරි තාත්තෙ.."

" ලබන අවුරුද්දෙ විභාගෙ තියන එකත් ඔලුවෙ වැඩකරනවා ඇති නේ.. බාහිර දේවල් හොඳටම වැඩී මේ ළමයින්ගෙ.."

අපේ අම්මා මග් එකක් අරගෙන කුස්සියෙ ඉඳන් සාලෙට ඇවිත් ඒක තාත්තගෙ අතින් තිබ්බා..

" ඒකට මොකද සාලිය.. ළමයෙක් වුණාම හොඳ පෞර්ෂයක් තියෙන්න ඕන.. අනික මෙයා පාඩම් වැඩ එහෙමත් කරනවනෙ.."

අම්මා මගේ ඔලුව අතගෑවහම මම මගේ මූණ දෙපැත්තෙ දිගට හැදෙන ඩිම්පල් දෙක පේන්න හිනාවුණා.. තව නළදත් දෙකකුත් තියනවා උල් වෙලා.. 

" මම කාමරේට යනවා අම්මා.. හෙට ගෙනියන දේවල් ලෑස්ති කළෙත් නෑ.."

මම තාත්තා වාඩිවෙලා ඉඳපු පුටු ඇන්දෙන් නැගිටලා කාමරේ අස්සට රිංගගෙන අල්මාරිය ඇරියා.. පැත්තක් පිරෙන්නම තියෙන්නෙ ඉස්කෝලෙ ශර්ට්ස්.. අනිත් පැත්තෙ ගමන් අඳින ඒවා.. හොඳ වෙලාවට අපි කලර්ඩ් යන්නෙ.. අපේ වයසෙ එවුන් එක්ක යන්න සෙට් වුණොත්නම් එපාවෙයි.. කොහොම හරි භාතිය අයියා ගාවට පැනගත්තනම් ගොඩම තමා.. ඒ බස් එකේ තමයි ඉන්නෙ අයියලා හැත්ත බුරුත්ත සේරම.. සමහරවිට රධ්‍ය අයියලත් ඉඳී.. එහෙම වුණොත් කියාන් අයියව සෙට් වෙනවා.. සයෝන් අයියලා අභිරු අයියලා.. අඩේ මරුනෙ..!!! අර ගෝත ඔලුබක්කත් ඉඳීවිද දන්නෑ..

උඹට මගෙන් බේරීමක් නෑ ඔලුබක්කො..!! බලාගෙන හිටපන් මේ සැරේ තමයි උඹ හැප්පුණේ වැරදි එකා එක්ක කියලා තේරුම් ගන්නෙ.. 

මම ට්‍රිප් එකේ ගෝත ඔලුබක්කව ජනේලෙන් එළියට විසික් කරන කෑල්ලක් මතක් වෙලා කුරිරු හිනාව කට කොනට ඇඳුණා.. මින්නේරියටම විසික් කරන්න ඕන.. ඊටපස්සෙ මූ මහසෙන් දෙයියො වෙනුවට ගෝත ඔලුබක්කෙක් වෙලා ඕකට අරක් අරගෙන ඉඳීවි.. අවුරුද්දකට සැරයක් වගේ දානයක් දුන්නනම් හොඳයි.. මට ඔය මහපග ඇමති පුතාව පෙන්නන්න බෑ.. අලිපුපෙන් ඇවිත් කියලා හිතාගෙන ඉන්නෙ.. 

" හිටපංකො කරන්න.."

3.0

" හායි දේදුණු ආන්ටී.. ගුඩ් මෝනින්.."

මම කාර් එකේ ශටර් එක පහළට කල්ලා ගේට් එක ගාව ඉඳපු ෂනෙරුලාගෙ අම්මට අත වැනුවහම අම්මා කාර් එක ගාවට ආවා.. අම්මා කියලම කියන්නත් බෑ.. ෂනෙරුවගෙ අක්ක වගේ පේන්නෙ..

" සෙනුක පුතා.. ආ සෙනුකලගෙ තාත්තත් ඉන්නවා.."

" ෂනෙරුලගෙ අම්මා ගුඩ් මෝනින්.."

" ගුඩ් මෝනින්.. පොඩ්ඩක් ඉන්න පුතේ මේ අපේ එක්කෙනා ඇහැරවගන්න අමාරුනෙ.."

මේ ගස් නරියා උදේ නැගිටල නැද්ද.. යකෝ!! අපිටනම් ට්‍රිප් එකක් යනවයි කිව්වහම නින්ද යන්නෙත් නෑ.. ඒකට මූ.. දෙන්ඩ තියෙන්නෙ පුප පුපුරන්න දෙකතුනක්.. ටිකකින් ෂනෙරුවා ගේ ඇතුළෙ ඉඳන් ආලෝකේ වේගෙන් කාර් එක පැත්තට දුවගෙන ඇවිත් යූ ටර්න් එකක් ගහලා ආයෙම අම්මා ළඟට ගිහින් අම්මට වැන්දා.. ඊටපස්සෙ වාහනේට නැග්ගහම මම හෙමින් සැරේ ඌට කිට්ටු වුණා.. 

" එහෙනම් අපි යනවා ෂනෙරුලගෙ අම්මෙ.."

" හොඳයි.. පරිස්සමින් ගිහින් එන්න.."

ෂනෙරුවා ශටර් එකේ එල්ලිලා අම්මට බායි කියලා නොපෙනී යනකල්ම ගේ දිහා බලාගෙන ඉඳලා මගේ පැත්ත හැරුණා..

" ගුඩ් මෝනින් සෙනුක.."

ඩයල් එක අපේ තාත්තට බය නිසා ගෙදර උන් ඉස්සරහා කුණුහර්ප කීමෙන් වැළකිලා ඉන්නෙ.. නැත්නම් මූ තියාගෙන පලන කුණුහර්ප තොගේට යසට ඉන්න මමත් බඩවෙනවා.. හැමෝටම අහිංසක මූණ පෙන්නගෙන හිටියට මුගෙ කෙරුවාව දන්නෙ මමනෙ.. අර අට වසරෙදි රධ්‍ය අයියට දුන්නු වදයක්.. රධ්‍ය අයියා වගේ නිසා හොඳයි.. බැරිවෙලාවත් ගෝත ඔලුබක්කා වගේ මූට කැමති වුණානම් එහෙම කොස්ස දෙකට බිඳලා කොන්දට දේවි.. මලෙන් උපත් හත්වලාමට කේන්ති යනවනෙ ඉතින්.. 

ඇයි දැන් මම ඌ ගැන මතක් කරන්නෙ..??

පළවෙනි හාදුව විශ්වාස කරන අය මේ ලෝකෙ ඉන්නවද දන්නෙ නෑ.. එහෙම පළවෙනි හාද්දම ලැබිච්ච එක්කෙනා එක්ක ඉන්න ඕනමයි කියලා නීතියක් නෑනෙ..

අනික ඒ ගෝත ඔලුබක්කා මගෙ පළවෙනි හාද්ද වෙන්න..??!! පිස්සු හැදෙයි.. අපේ අම්මා මට පොඩිකාලෙ ඉඳන් ඕනතරම් තොත්තු දීලා තියෙන්නෙ.. එතකොට මම ඇවිත් හැමදාම අම්මගෙයි තාත්තගෙයි.. හිතේ ඇති අරූ මගේ පළවෙනි හාද්ද වෙන්න.. එදා කිසිම හේතුවක් නැතුව මාව පූල් එකේ ඩීපෙන්ඩ් එකට තල්ලු කල්ලා මට හිනාවෙලා.. කරපු අපහාස ගොඩ.. මට අමතක නෑ පගෝ.. මට එහෙම අමතක නෑ..!! ඉඳපන් උඹ මින්නේරියට බිලි වෙන්නයි යන්නෙ.. කවුරුත් මුගෙ කේන්දරේ කියලා නැද්ද දන්නෙ නෑ වතුරෙන් අපලයි කියලා..

වතුරෙන් නෙමේ තොට අපල සෙනුකගෙන්.. මූණෙ වලවල් හැදෙන කොල්ලෙක්ගෙන්..

අපි උදේ ගාණට වෙලාවට ඉස්කෝලෙ ලඟට එද්දි ට්‍රිප් එක යන්න කට්ටිය තැන් තැන් වල සෙට් වෙලා රෙජිස්ටර්ස් මාක් කරනවා.. මම මගේ ගිටාර් එකයි බෑග් එකයි තව පික්නික් බොක්ස් එකකුයි උස්සගෙන බැස්සහම ෂනෙරුවත් උගේ බෑග් දෙකයි පික්නික් බොක්ස් එකයි අරගෙන එහාපැත්තෙන් බැස්සා.. අදනම් සිකුරු හෝරාවෙන්ම එළියට බැහැළද කොහෙද.. අපිට එහාපැත්තෙ තිබ්බ වාහනෙන් බැස්සෙ රධ්‍ය අයියයි, එයාගෙ අයියයි, කියාන් අයියයි, සයෝන් අයියයි.. බුදාම්මෝ අයියලා ගොඩ.. අයියලා ගොඩේ ලස්සන.. සයෝන් අයියව හිතුණොත් ලයින් කරගන්නත් හිතෙනවා.. ඌ හැඩට වැඩට ඉන්නවනෙ.. 

ෂනෙරුවා ගොං අලියා ඒ මොකකවත් ලස්සන බලන්න හිටියෙ නෑ වාහනෙන් බැහැලා අපේ තාත්තට ටටා බායි දෙන්න ගත්තනෙ.. ඊටපස්සෙ ඌ එහෙමම මැඩම් කෙනෙක් ගාවට දුවගෙන ගිහින් බෑග් එකේ තිබ්බ ෆයිල්ස් වගයක් ඇදලා මැඩම්ට දුන්නා.. රධ්‍ය අයියා වාහනේ ඇරගත්තු දොර වහන්නෙත් නැතුව ෂනෙරුවා දුවන දිහා බලාගෙන ඉඳලා, රධ්‍ය අයියගෙ අයිය පොඩි කැස්සක් දැම්මහම හරි සිහියට ඇවිත් බෑග් ටිකයි ගිටාර් එකකුයි උස්සගෙන මාත් එක්කත් හිනාවෙලා උන්ගෙ වයසෙ ළමයි හිටිය තැනට ගියා.. රධ්‍ය අයියගෙ අයියා වාහනෙන් බැහැලා බොනට් එකට හේත්තු වෙලා රධ්‍ය අයියා යන දිහා බලාගෙන හිටියා..

මේ ඉන්නෙ ආධ්‍ය අයියනෙ.. ඒ කියන්නෙ ෂනෙරුවගෙ කවදහරි මස්සිනා වෙන එකා.. බොරු කියන්නෝන නෑ එයා හෙන ලස්සනයි.. හිතුණොත් මේ අයියවත් මම දාගන්නවා.. කොහෙද ඉතින් පොඩ්ඩක් නෙමෙයි හුඟක් වැඩිමල්නෙ.. අවුරුදු එකොළහක් අපේ ආදරේට හොඳටම වැඩියි රෝසමලේ.. ඒකත් එකටම මෙහෙම ලස්සනට හිටියට මේකා මනමාලයෙක්ද දන්නෙ නෑ.. අපේ ෂනෙරුවට කැමති වුණොත් හෙම.. මලහත්තිහු#තක් වෙන්නෙ.. 

ෂනෙරුවා ආධ්‍ය අයියලා ඉස්කෝලෙ එද්දි හිටියෙ නෑනෙ.. මට ලාවට මතකයි අපි ප්‍රයිමරියෙ එද්දි මේකා රධ්‍ය අයියගෙ අතකින් අල්ලගෙන ඇවිත් පන්තියෙන් ඉන්ඳලා යනවා.. ඉක්කෙ රධ්‍ය අයියගෙ දතකුත් නෑ ඒ කාලෙ.. උගේ විතරක් නෙමෙයි අපි කාගෙ කාගෙත් දත් තිබ්බෙ නෑ තමා.. ආධ්‍ය අයියා වැඩිය ඉස්කෝලෙ කැපිලා පෙනුනෙ නැතිවුණාට ඩයල් එක එකසැරයක් මෝනින් එසෙම්බ්ලි එකක සෑහෙන්න දිග කතාවක් කළා.. අපි පොඩි කාලෙ ඔව්වා දන්නෙ නෑනෙ.. ඒකා අයිලන්ඩ් රෑන්ක් එකක් ගහලා ඉස්කෝලෙන් යනවා කියලා තමයි ඒ කියලා තියෙන්නෙ.. අනේ මේ හොටු පෙරාගෙන ටීචගෙ සාරියෙ එල්ලිලා හිටිය අපි දන්නවද ඔව්වා ගැන.. මට පොඩිකාලෙ 'ක'යන්න ලියාගන්න බැරුව වින්ඳ දුක මමනෙ දන්නෙ.. ආධ්‍ය අයියා ඉස්කෝලෙ යන කාලෙ රෝසමලක් වගේ අප්පා.. හරි නීට් එකට මැදපු ඇඳුම් රැල්ලක් පොඩි වෙන්නෙ නැතුව ඇඳලා කණ්ණාඩි දෙක ශර්ට් එල්ලලා ඉද්දි.. හෙන උගත් ලුක් එකක් එක්ක මනමාල පෙනුමක් තියනවා.. මම ඉතින් ආධ්‍ය අයියටත් පුංචි පහේ හිනාවක් දාගෙන යන්න හැදුවා විතරයි මහාමේරු පර්වතේට පණ ඇවිල්ලා වගේ මගේ උරහිසේ වැදීගෙන මොකෙක් හරි ඉස්සරහට ගියා..

තප්පරයක් ගියා..

නහය කඩාගෙන යන සීතල සුවඳක් තියන හුළඟක් ඇවිත් මාව නාවගෙන ගියා.. මම එහෙමම හිටගෙන මෙතනින් ගියපු එකාව මීටර් කරගන්න කළුවරේම ට්‍රයි එකක් දුන්නට මම ට්‍රයි දෙද්දි වැදිච්ච එකා ගිහින් ඉවරයි.. කමක් නෑ ඔය වාහනවල රෑට වවුල්ලුත් වදින්නෙ.. ඕක මොකක්ද සෙනුක.. ඇස් පේන්නෙ නැති වවුලෙක් කියලා හිත හදාගනින්..

අපේ තාත්තා ටික වෙලාවකින් යන්න ගියාම මම ෂනෙරුවා ගාවට කිට්ටු කළා.. පන්ති නායක උත්තමයා පන්තියෙ ආපු උන් ගණන් කරනවා.. ලාහට ගෙම්බො එකතු කරනවා දැකලා තියද.. නැත්නම් මේ මගේ මිත්‍රයා දිහා බැලුවනම් හරි.. ඌ එකම එකා පස් පාරක් විතර ගණන් කල්ලා පෑනකින් ඔලුව කහ කහ මං ගාවට ආවා..

More Chapters