Cherreads

Between Cold Fire

Vkook_Eunhae
7
chs / week
The average realized release rate over the past 30 days is 7 chs / week.
--
NOT RATINGS
270
Views
VIEW MORE

Chapter 1 - Character Intro. (OPTIONAL - Skip if you don't like)

යුවේන් ශයේන්ද්‍ර මලලසේකර

තරමක් හිතුවක්කාර ගති පැවතුම් ඇති විනෝදයට බර තරුණයෙකි. ජාත්‍යන්තර මට්ටමේ සන්නාම සඳහා නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. විනෝදාංශ ලෙස නර්තනයේ හා ක්‍රීඩා කටයුතුවල නිරත වේ.

ඉලක්‍ය අක්නථ් ආලෝකබණ්ඩාර

තුන්වන වසර ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල සිසුවෙකි. ඉක්මන් කෝපය සහ විවිධ දක්ෂතා නිසා ම සරසවියේ ප්‍රචලිත හා කැපී පෙනෙන චරිතයකි. තේරුම් ගැනීමට අපහසු ඝණයේ තරුණයෙකි.

*මෙයා ගැන තව විස්තර කතාව කියවද්දි දැනගන්න පුලුවන් ඈ. දැන්ම කිව්වොත් අගේ නෑ.😁

(අකිල් අයියාව වෙනස් කළා හලොව්.. මෙයා තමයි ඒ කැරැක්ටර් එකට හරියට ම මැච් වෙන්නේ😁)

අකිල් තේජක වාහලතන්ත්‍රී

යුවේන්ගේ සොයුරාගේ කුඩා කල සිට ම මිතුරා වන අතර ඔවුන්ගේ පවුලේ සමීපතමයෙකි. විශ්වවිද්‍යාලයේ තෙවන වසර ඉගෙනුම ලබයි. තම මිතුරන්ට හා පවුලට ඉතා ලැදි පරිනත සිතුම් පැතුම් ඇති තරුණයෙකි.

චේත්‍ය විරේන් ඩි සිල්වා

තෙවන වසර ඉගෙනුම ලබන අතර ඉලක්‍යගේ ප්‍රානසම මිතුරා ය. විනෝදකාමී සැහැල්ලුවෙන් දිවි ගෙවන චරිතයකි. ඉලක්‍යගේ චරිතයට හාත්පසින් ම පරස්පර ගති පැවතුම් ඇති නිතර විහිලු තහලුවෙන් තම හැඟීම් ප්‍රකාශ කරයි.

අශ්විනී සාරන්‍යා අධිකාරි

විශ්වවිද්‍යාලයේ පළමු වසර ඉගෙනුම ලබන අතර තරමක් සංවේදී නමුත් කටකාර තරුණියකි. පළමු වසර බැජ් රිප්‍රසන්ටේටිව් (Batch රෙපී) ලෙස කටලුතු කරයි.

නෙවන් ෆර්නෑන්ඩෝ

එම විශ්වවිද්‍යාලයේ ම පළමු වසර ඉගෙනුම ලබන අතර බැජ් රිප්‍රසන්ටේටිව් (Batch රෙපා) ලෙස කටයුතු කරයි. බාස්කට්බෝල් ක්‍රීඩාවේ නිරත වන තරමක් සිසුන් අතර ප්‍රචලිත තරුණයෙකි.

.

.

.

.

තව හුඟක් අය ඉන්නවා ඉතින්...

මිස්ටර් මලලසේකර

අශේන් මලලසේකර

වර්ශන් දයාපති

රඛිත අන්දරමාන (ලෝගො)

ඔක්කොම ඉන්ට්‍රඩියුස් කරන්න ගියොත් මෙතන වෙන ම ඉඩක් යනවා.

ඒ නිසා ඉතුරු අය ව පුලුවන් විදියට හිතේ මවාගන්ටලා මයේ මැනිකෙලා නිළමෙලා ටික. 

අනික තමා මේ කතාව පියෝ ෆික්ශන් එකක්. මගෙ ම මහන්සියෙන් ලියන එකක්. මෙහි එන නම් ගම් චරිත වලට කිසිම සම්බන්ධයක් නැහැ. මේ ප්ලොට් එක ළඟින් යන වෙන කතා තියනව ද දන්නෑ. තිබුනොත් කියන්න. මං මගේ එක ඒ කතාවලට හානියක් නොවෙන විදියට කරගෙන යන්නම්.

තැම්කූ...

මේකට ඔයාලා ආදරේ වෙයි කියලා හිතනවා.

එහෙනම් අපි ගියා.

මීට,

-රූබි💖