Cherreads

Chapter 38 - 38

නිරූ....

......

ම්හුක්.....හිතලා ගැහුවෙ නෑනෙ අනේ.....ඉතින්....

........

ඉතින් අයියො ඔයත් ගිනි තියන් ගියෙ.....

.....

ඒ උනාට ඔලුව චුට්ටක් පැලුනා විතරනෙ.....

.....

ඕකට මැහුමක් දෙකක් ගැහුවම හරි යයිනෙ....

......

පරී....මේ තාත්තිට කියන්න අනේ ඔව්වා ගනන් ගන්න එපාය කියලා.....

.......

අම්මො අනෙ....වචනයක් වත් කතා කරන්නකො....මෙ දරු පැටියත් බය වෙලා....පරී.....මේ තාත්තිට කියන්නකෝ....

....

අද කතා නැත්තෙ මොකත මගෙ ලතා....

.....

ඉතින්....අනේ....පාප්ප....ම්හුක්....මේ අහන්නකො.....නිරූ....ඔයාට බයිනකොට මටත් රිදෙනවනෙ.....අපේ අම්මයි අප්පච්චි තියා අපේ සුතර්මා වත් අපි දෙන්නට වර පල කිව්වට එතනින් එහා සතෙක්ට වගේ කතා කරන්නෙ නෑනෙ....අම්මා තමයි...අම්මා උනාට.....සීමාවක් තියෙන්න එපැයිනෙ....එතන කීයක් උන්නද...අනික මේ පාප්ප බාල්දියකින් ගැහුවා කියලා ගනන් ගන්න ඕනෙද අනේ....

ඇරත් අර පාර්ලිමේන්තුවෙ යස අගේට නිසාන්තලා මිරිස්කුඩු එහෙම ගහගන්නෙ...

මිරිස්කුඩු මොකද පාප්ප මොකද....

යෝ...නිර්වාන්...කතාකරපන්කො දරුවො.....

අනික....ඉතින් ඔය දෙන්නටම මන්ත්‍රී නෝන්ව වහ කදුරුනෙ...

ඔයා තරහා එකෙ මට බෑනෙ අනේ නෑකම් පවත්තන්න...මදරින් ලෝ උනාට අනේ.....බෑනෙ....නේත.....

අනික ඔය පාප්ප බාල්දියෙන් ගහන අදහස මගෙ හිතේ කොනකවත් තිබුන් නෑ...විස්වාස නැත්තන් මට පරිගේසන් ගෙ ඔලුවට අත තියලා දිවුරලා කියන්න පුලුවන් ...

පරී පල්ලයිනෙ...අපේ සැලා කිව්ව හින්දනෙ අනේ පාප්ප එකෙන් දමලා ඇතෑරියෙ.....

අනික ඌ අයියනෙ.....අප්පච්චි මගින් මගටම කිව්වනෙ අයියා කියන දෙ අහන්න කීකරු වෙන්න කියලා ....👉👈

මං පරියව අනිත් අතට වඩා ගත්තා.....බැනර් එකින් එක ගිනි ඇවිලෙන්න ගන්නවත් එක්ක ලොකුවයි මායි ඒ අස්සෙන් මුල්ලෙන් එබීගන හිතුමනාපෙට ඕන ඕන උන්ට ගැහුවා විතරක් නෙවෙ මන්ත්‍රී මැනිකෙට පාප්ප බාල්දියෙනුත් දුන්නා...ඇවිලෙනගිනි ජාලාවට ඉන්නෙ කව්ද...ගහන්නෙ මොකාද....ගුටි කෑවෙ මොකාද හොයන්න් බැරි වෙනකොට නිර්වාන්ට සතෙක්ට සර්පයෙක්ට වගේ කෑගහපු මන්ත්‍රී දේවිට කට ඇරලා කටවහන්නවත් ඉඩක් නොතිබ්බ මං පාප්ප එක ඔලුවෙ ඉදන් හැලුවා විත්රක් නෙවෙ පාප්ප බාල්දිය පවා ඔලුවට දැම්මා.....

ඥෑ....ව්ව්....

ආ..ආ....ශ්ශ්.....සද්ද කරන්න එපා පරී....තාත්තිට තරහා ගිහින් ඉන්නෙ...

මං උන්නෙ අපේ ගෙදර ගේට්ටුව ඉස්සරහා ...අනිත් කාටත් වඩා ටිපර් වෙලා උන්නෙ මායි සැලයි වෙනකොට තව තව උන්නොත් අපි දෙන්නා එක මලගෙයක් වෙනුවට මලගෙවල් හතක් කරයි කියලද කොහෙද එහා මෙහා පැන පැන උන්න අපි දෙන්නව ඇදගන ඩිපූටියයි එයයි ගෙදර ආවා...නිර්වාන් නම් එතන ඉදන් මෙතනට එනකනුත් කතාවක් නැති උනත් සැලා නම් අම්බානෙට කුනු බැනුම් ඇහුවා...සහ ඌ තවමත් අහනවා.....

උඹට මොලේ නැද්ද සනාශ් ආ...??ඔය ඔලුව තියෙන්නෙ තමුසෙගෙ බෙල්ලෙ පාලුවටද කියනවා..

සෙනූ.....ඉතින් අනේ අහන්නකො

අහන්න...අහන්න...මොනවා අහන්නද...ගනින් අත.....ඇතිල්ලෙන්ඩ එනවා...අඩන්නෙහෙම නෑ ආ....උඹ හුම් කියන්නෙ නෑ....කරන්ඩ පුලුවන් ඔක්කොම ජඩ වැඩ කරලා දැන් උඹ කදුලු පෙරන්නෙ...

....

ආ යකො මල්පෝච්චි වලින් ගහනවද...අනික මං මේ කියන දේ හොදට අහගන්නවා සයාශ් හරි....

ස්...සෙ..සෙනු ..මං....සනා...ශ්...නෙ

මොන රෙද්ද හරි....මොන රෙද්ද හරි...නම වැරදුනත් මන් මේ කතා කරන්නෙ තමුසෙට හරිද...ගානකට ඉන්නවා...වැඩිය නටන්න හදලා මං ලව්වාකන් ගැටේ පලා ගන්න එපා...තමුසෙට අදාල නැති දේවල් වලට අතපය නොදා පාඩුවෙ ඉන්නවා.....මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ නිර්වාන්ටයි සංජනටයි මිසක්...තමුසෙටවත් තමුසෙගෙ අනිත් ගොන් බාන අර චූටියටවත් නෙවෙ....දෙයක් කරන්න කලින්...එකවතාවක් නෙවෙ.....සියවතාවක් හිතපන් සනාශ් ...මොන දේ උනත්....ඒ ඉන්නෙ උන්ගෙ තාත්තා ...හරි....මං උඹට මීට වඩා කියන්න ගියොත් උඹ ගුටි කනවා...ඒක හන්දා ගානට හිටපන්...

...

.නවත්තපන් ඇඩිල්ල....

...

පිහාගනින් ඔය කදුලු ....අඩනවා....ඔක්කොම කරලා අඩනවා ....කිව්වම අහලා නවත්තපන් ආ අඩන එක.....එපා කියන්නෙ එපා කියන් එකට.....

...

පිහාගනින් මූන....හරි....උඹ ආය අඩන්න බෑ...

හ්..හරි.....

ම්ම්ම්ම්..දැන් පලයන් ඇතුලට මූන කට හෝදන් නිදියපන්...හෙට උදේට නැගිටලා ඉස්කෝලේ පලයන්...උඹවත් අරූවත් මලගෙයක් පලාතෙ එන්නෙ නැ.....එන්නෙ නෑ කියන්නෙ එන්නෙ නෑ හරි...සනාශ් ...මං මේ හරි ඉවසීමෙන් කතා කරන්නෙ....තමුසෙගෙ ඔය නැටිල්ල අඩු කරගන්නවා හරිද...පලවෙනි දේ ඔය කියවිල්ල...දෙවනි එක...ඔය නැටිල්ල...කරුනාකරලා ඔයදෙක හදාගන්නවා...මං පලවෙනි පාර කියනවා දෙවනි පාර දීලා අතාරිනවා...ඇහුනද

...ම්ම්ම්ම්....

කෝ මූන උස්සපන්....

මගෙ කන් දෙකත් එක්ක රත් උනා...කොයි වෙලෙත් බබී...බබී මගෙ හුරතලේ කුරුලු පැංචා ගගා අරූව හුරතල් කරන ඩිපූටියා අරූට බනින බැනිලි වලට මටත් මොකක්ද උනා.....මොකද නිර්වාන් මේ වෙනතුරු මට වචනයක් වත් කිව්වෙ නැති හන්දා....එයා මේ වෙනකම්ම කෙරුවෙ කට පියාගන මා දිහා බලාගන ඉන්න එක.....එයා මේ වෙනකම්ම කෙරුවෙ බයික් එකට හේත්තු වෙලා අත් දෙකත් පපුවට බැදන් මං කියන වචනයක් වචනයක් ගානෙම අහන් ඉන්න එක....

නිරූ.....

මං අතේ උන්න පූසව බයික් ශීට් එකෙන් තියලා එයාම අන්දවපු ජැකට් එක ගලවලනකොට ඩිපූටියගෙන් බැනුම් අහපු සැලා ඔලුවත් පහත් කරන් යන්න ගියා...

නිරූ...මේක.....

....

නිර්වාන් කතා කරන්නකො.....එක්කො බනිනවා නම් බනින්න.....එතකොට දෙකෙන් එකක් ඉවරයිනෙ නිර්වාන් ...

මං ඇදන් උන්න ජැකට් එක එයාගෙ උරහිස උඩින් දානකනුත් එයා මීක් නැතුව ඉදලා ඉදලා අවසානෙදි එක පාරම මගෙ අත් දෙකෙම්ම මැනික් කටු ගාවින් අල්ල ගත්තා ...

අයියා කියපු හින්දද තමුන් පාප්ප බාල්දියෙන් ගැහුවෙ....ම්ම්ම්

ඔ..ඔව්නෙ....අයියනෙ කිව්වෙ..කීකරු වෙන්න එපැයිනෙ නිරූ...

ම්ම්ම්ම්.....දැන් තමුසෙ හැම අයියටම හරි කීකරුයිනේ .....

න්..නි..රූ.....

මෙච්චර වෙලාම ගල් ගිලලා වගේ උන්න නිර්වාන් මගෙ අත් වලන්මැනික් කටු හයියෙන් අල්ලන් මගෙ අත් දෙක දිහා බලාගන ඉදලා ඉදලා මං දැන් හැම අයියටම කීකරුයි නේද ඇහුවා විතරයි විභහග ශාලාවට ඇතුල් වෙන හැම දවසකම මාව දාලා දුවන මගෙ මොලේටත් අද දුවාගන්න වෙලා මදි උන හන්දමද කොහෙද පරන මතක හිටු කියලම උඩට අදින්න ගත්තා...

එයා කතා කරන්නෙ හරි හිමීට....වචන උනත් පුදුම තරම් නිවිලා...ඒත් එයා ඉන්නෙ තරහෙන් කියන්න ඒ නපුරු ඇස්වලින් පැහැදිලිවම මම දැක්කා....

එයාට මං පාප්ප බාල්දියෙන් ගහපු එක ගානක්ම නැති උනා...

හැබැයි.....මම සංජනගෙ ඔලුව අතගාපු එක.....ඒක එයා හිමින් හිමින් උඩට අදින්න ගත්තා විතරක් නෙවෙ.....එයාගෙ ලොකු අත් වලින් අල්ලන් උන්න මගෙ අත් දෙක එයා එන්න එන්න තද කරන්න ගත්තා ....

න්..නිර්වාන් ...මේ...අහන්නකො....

මොනවද ...ම්ම්.....එයාට කවුරුත් නෑනෙ නිරූ...එයා පව්නෙ නිරූ...එයාගෙ අම්මා නෑනෙ...නිරූ...එයාට තාත්තත් ආදරේ නෑනෙ නිරූ...එයා පව්නෙ නිරූ...ඔව්වද මං අහන්න ඕනෙ....ම්ම්ම්.....

මට කට උත්තර නැති උනා....මගෙ මූන දිහාවත් නොබලා මගෙ අත් දෙක දිහා බලාගන උන්න නිර්වාන් ඊලගට මම කියන්න හදන දේවල්ම මට කියනකොට මට කට උත්තර නැති උනා...මං බලාගන උන්නා ...මොකද මට කරන්න කියලා කිසිම දෙයක් නැති හන්දා ....

මේ මනුස්සයා මගෙ අත් දෙක අල්ලන් ඉදලා කඩයිද මන්දා...

ඒ අස්සෙන් මගෙ හිත තවත් බහුබූත හිතුවා ....මොකද ...එයාට හිතුනොත් එයා ඒකත් නොකර ඉන්නෙ නෑ.....

නිරූ....මේ...අහන්නකො...

ශ්ශ්...තත්පරයක් දෙන්න...මං හිතනවා තවම....තමුන් ඊලගට කියන්න හදන දේ මං හිතන ගමන් ඉන්නෙ...මොකද.....මං කැමති නෑ....තමුන් වැරද්දක් කරලා...ඒකට නිදහසට කරුනු කියන්න එනවට...

මට ඕනෙ තමුසෙව අසරන කරන්න....කොටිම්ම...නිදහසට කරුණක් වත් කියන්න නොදී අසරන කරවන්න...

නිර්වාන්.....අනේ....

මං කිව්වනෙ...මං තවම හිතනවා....මං තමුන්ට කෑ ගැහුවෙ නෑ...බැන්නෙ නෑ....ගැහුවෙ නෑ.....නේ...ම්ම්ම්...

මං කට පියාගන බිම බලාගත්තා .....බනින්න තියන එක එකපාර බැනලා ඉවර නොකර එයා මගෙ ඔලුවට පුදුම විදිහට වද දෙන්න ගත්තා .....කිව්වත් වගේ එයා මය ඩිපූටියා වගේකෑ ගගහා බැන්නෙ නැ...ගහන්න අතක් වත් ඉස්සුවෙ නෑ...හැබැයි එයා මට මගෙ ගාව තිබුන හැම නිදහසට කරුනක්ම නැති කරලා දැම්මා....

තමුන් කියනවා සංජන පව් කියලා .....නේ....

ඔව්...ඒක හරි...ඌ පව්....

ඌට කාත් කවුරුත් නෑ....

ඒකත් හරි....

අම්මත් නෑ....

ඔව්...ඌට අම්මා නැති උන එකට එක හේතුවක් මම...

ඌට තාත්තා ආදරේ නෑ...

ඒකටත් එක හේතුවක් මම....

හැමදේම ඌට නැති වෙනකොට .....

උගෙ හැම දුකටම හේතුවක් උන.මට අඩුපාඩු තිබුනත්...හිත හදාගන්න එක හේතුවක් හරි තියනවා....

ඒ තමුසෙ !!!!

න්..නිර්...වාන්..

එතකොට .....තමුසෙ කියන්නෙ.....මගෙ අතින් උන වැරදි වලට....තමුසෙව ඌට දෙන්න කියලද...වේදනාව පිරිමහන්න මන් තමුසෙව දෙන්නද.....ම්ම්ම්ම්ම්???

උත්තර එපා....හිතින් හිතනවා...ඌට නැති දෙයක් මගෙ ගාව තියනකොට ...ඌට හිතෙන දේ මොනවද කියලා ....හොදට කල්පනා කරනවා.....

ඌට ගෙදර ඉන්න බැහැ නම්...මං ඌව මගෙ ගෙදරට ගන්නවා...

...මටයි ශෙනිරුවටයි පුලුවන් කාත් කවුරුත් නැති ඌට සහෝදරයෙක් වෙන්න....ඒක අව්ලක්ම නෑ....මොකද අපි සත්තු නෙවෙ.....

ඒ වගේම අම්මා කැමති උනා නැතා...අනිවාර්යයෙන්ම උගෙ වගකීම ගන්න ඕනෙ...ඒකත් මං බලාගන්නම්.....උගෙ හැම වියදමක්ම අම්මා අතින් වෙන තැනට මං බලාගන්නම්...කොටිම්ම....ඌට නූල් පටකින් වත් අඩුවක් නොවෙන්න මං හැමදේම කරන්නම්....

හැබැයි....සයාශ් .....මං කැමති නෑ...මං ඌට දෙන දේවල් පැත්තක දාලා...එතනින් පිට පැනලා....තමුසෙට අයිතිවාසිකම් කියන්න පාර කපාගන්නවට.....හරී...

හොදට මතක තියා ගන්නවා.....උගෙ ජීවිතේ නැති උන එකට එක හේතුවක් මම.....ඌගෙම හිත හැදිලා සමාව දෙනතාක්....මට කවදාවත් බෑ ඌව විස්වාස කරන්න....මට ශෙනිරුව ඇරෙන්න.....මාව වත් විස්වාස නෑ සයාශ් හරි ...මනුස්සකමට තමුන් ඔලුව අතගාන්න ඇති...කමක් නෑ...හැබැයි....ඒ මනුස්ස කම...තමුසෙ ඌ ගාව එලියට නොදා ඉන්නවා....මොකද කිසිම නයෙක් එක තත්පරෙන් උගෙ පෙනේ අකුලන් නෑ......ඒක ඌට විතරක් නෙවෙ...කාටත් පොදුයි සයාශ් හරි....හොදට මතක තියා ගන්නවා...ඌට නැති උනෙ ඌට තියන වටිනම දේ සයාශ් .....

තමුසෙ කාගෙත් සුන්දරාද ගිහින් එක තත්පරෙන් ඔලු අතගාන්න යන්නෙ...දුක අහපන්...කමක් නෑ...හැබැයි....හොදට මොලේ කල්පනා කරලා....දුක අහන අයියා වගේ ගිහින් දුක අහලා ඔලු අත ගාලා පස්සෙ දිගින් දිගටම දුක කියන්න ගත්තොත් ....මං නරකයි කියන්ඩ එපා සයාශ් මං කලින් දවසකත් ඕක තමුසෙට කිව්වා....

මගෙ හොද නරක දෙකම එලියට එන්නෙ....තමුසෙගෙ හැසිරීම උඩ.....හරි....මං දෙයක් කියන්නෙ.....එක වතාවට සියවතාවක් හිතලා සයාශ් ....ඒක නිසා ....ඔය කාගෙත් සුන්දරා වෙන එක මෙතනින් නවත්තනවා..

මන් බිම බලාගන උන්නා..අඩුම ගානෙ එයා දිහා බලනවා තියා හුස්මක් වත් ගත්තෙ නෑ...එයාගෙ වචන වලට ඒ තරම් මට බය හිතුනා....එයාගෙ හොද නරක දෙකම එලියට එන්නෙ මගෙ හැසිරීම උඩ කියනකොට මට බය හිතුනා...

ඔලුව උස්සන්න.....

සමාවෙන්න....නිර්වාන් ...

සමාව තියෙන්නෙ අතක් පයක් හැප්පුනොත් ඉල්ලන්න මිසක් ගොන් කම් වලට දෙන්න නෙවෙ .....

...මං හි...

හිතුවෙ නෑ කියලා නම් කියන්න හදන්නෙ....නිකන් වචන නාස්ති නොකර ඉන්නවා සයාශ් .....දෙයක් කියන්න කරන්න කලින් හිතනවා.....ඊට පස්සෙ කරනවා....පේනවනෙ අපේ දෙමපියො හිතලා බලලා කරන්නෙ නැති දේවල් වලින් අපි දුක් විදින තරම..?

මට කතා කරන්න විදිහක් ඇත්තෙම නැතුව ගියා....ශීට් එක උඩ උන්න පරි මේ වෙනකොට ඈනුම් සිීයක් විතර ඇරියා...ඌ මහ අමුතු ජාතියෙ පූසෙක් වෙන උන් නම් මෙහෙම ඉදීද...ඌට එක එක වෙලාවය එක එක වෙස් මාරු උනා....ඒකා ආයමත් ඈනුමක් ඇරියා.....හැබැයි ආය ඔක්කොම සයිලන්ට් මෝඩ් ...ඌ ඔක්කොටම වඩා අන්ඩයා...වෙන උන් නම් ටැක්ටර් එකක් වගේ පුරු පුරු ගානවනෙ මූ ඒකත් නෑ....කොටිම්ම මේ ඇම්බැට්ටයා ඔලුවක් ඉස්සුවෙ නෑ....සමහර විට පොරහිතන් ඉන්නෙ නිර්වාන් තාත්තා බනින්නෙ ඌට කියලද දන්නෙ නෑ....

නිර්වාන් ....ආය එහෙම කරන්නෙ නෑ නිර්වාන් ....එයා එහෙම කියනකොට මට දුක හිතුනා....කොච්චර කොහොම උනත්.....හතුරෙක් උනත් අසරන වෙන තැන් එනවා.....නිර්වාන් ..ඒකයි....

වැදි බන එපා....හතුරො අසරන වෙන වෙලාවදි වෙන උන් ගිහින් දුක අහපුදෙන් හැබැයි මගෙ එකාට ඒවා බෑ...මං උඹට කලිනුත් කිව්වා සයාශ් මං හරි අමුතු එකෙක්.....මං හරි ඊරිසියයි....මගෙ ආදරේ තරම උඹ දකින ඊරිසියාවෙන් මැනලා බලපන් චූටි....

සයාශ් ...අහල තියනවද මේ ලෝකෙ තියන භයානකම ඇබ්බැහිය හුදකලාවයි මිනිස්සුන්ට ඇබ්බැහි වෙන එකයි කියලා ....

......

මං උඹට කිව්වනෙ....දැකපු පලවෙනි තත්පරේදිම මට උඹව ඕනා කියලා හිතුනා...හොදින් හෝ ..නරකින්...ඕනා නම්...ඕනා....කිව්වොත් කිව්වා...සයාශ් ...මං ඇවිත් උඹට addict වෙච්ච මනුස්සයෙක් සයාශ් ....පුනරුත්තාපනේකට දාලවත් හදන්න බැරි විදිහට මං උඹට ඇබ්බැහි උන මනුස්සයෙක්...සීනි බෝල හුරතල් වදන් නම් මං ජීවිතේටත් කියන්නෙ නෑ චූටි... හැබැයි...මං තමුසෙට නොසෑහෙන්න ආදරෙයි ...මිනිස්සු වැඩියෙම්ම වේදනා විදින්නෙ වැඩියෙම්ම ආදරේ කරන මිනිස්සු ගාවින් කියනවානෙ...නේ....ඒක ඇත්ත සයාශ් ....මගෙ වචනවලට පිටින් ගිහින් නිස්කාරනේ මාව තරහා අවුස්සලා අඩන්න හදන්න එපා සයාශ් ....මං මේක මේ බොහෝම හොදින් කියන්නෙ.....වැඩිය කතා නොකර මගෙ වචන නාස්ති කරන්න හදන්න එපා...

කොටිම්ම....මට ආදරේ කරනකොට පරිස්සමින් ආදරේ කරපන් සයාශ් ....මොකද ...හැගීම් බිදුනම....සයාශ් කියන්නෙ...මම දවසකුත් කිව්වා වගේ....මේලොකේ නරකම එකා වෙයි.....මට ඉතුරු උඹ විතරයි ....ඒක....ඔලුවෙ තියාගනින් සයාශ් ...

ම්ම්ම්ම්....

ම්ම්ම්...දැන් ගෙට යන්න....හෙට උදේට නැගිටලා ඉස්කෝලේ යන්න.....

මෙච්චර වෙලාම බැනපු එයා අවසානෙදි මගෙ කම්මුල එයාගෙ පිට අල්ලෙන් අතගාලා මට හෙට උදේට නැගිටලා ඉස්කෝලේ යන්න කිව්වා...එතකොට මලගෙදර ??එහෙ යන්නෙ නැද්ද...

නිර්වාන් ....

ම්ම්ම්....

අහන්නකො....

.....

හෙටනෙ මලගෙදර ....

ම්න්...

කීයටද මිනිය ගන්නෙ

ඇයි උඹ සල්ලි දීලා ගන්නද...කීයට ගත්තා උනත් තමුන් වත් අනිකා වත් එන්න ඕන් නෑ ....

ඇ..ඇයි

ඇයි අහන්නෙ තමුසෙලා දෙන්නා කරපු හරිය මදිද?

හ්ම්...හ්ම්.....මං එහෙනම් යන්නම් නිර්වාන් ....

ම්න්....

එන්න පරී යන්න.....

මං ශීට් එක උඩ ඉදගන තවමත් බිම බලාගන උන්න පරියව මං වඩාගත්‍තා ...මොකද මෙතනින් එහා නම් හුරතල් වෙන්න හැදුවොත් ගුටි නොකා බේරුන මට අනිවාර්යයෙන්ම ගුටි කන්න වෙනවා....

සයාශ් ....

ඔ..නිරූ....ඇයි....

ඔහොම ගියහම හරිද ම්ම්ම්ම්...

...

ලගට එන්න....

ඥාව්වව වඩාගන ඇතුලට යන්න ගියපු මට එයා ආයමත් අඩ ගැහුවා...ඔහොම ගියහම හරිද ඇහුවා...එයාගෙන් බැනුම් අහන් උන්න නිසාදො මට අද වෙනදා වගේ හුරතල් වෙන්නවත් හිතුන් නැති වෙද්දි මං ඔහේ ගිහින් එයා ගාවින් හිටගත්තා විතරයි මෙච්චර වෙලාම අහංකාර කමට උන්න නිර්වාන් අනිත් පාර මගෙ අතින් අල්ලන් ලගට අරගත්තා .නිකන් නෙවෙ කිසිම බයක් හැකක් නැතුවම මාව එයාගෙ කකුල් දෙක මැද්දෙන් හිට ගැස්සෙව්වා....

පරිස්සමින් ඉන්න.....හොදද...

බයින්න එපානෙ....නිරූ...

දැන් මං බැන්නෙ නෑනෙ ම්ම්ම්..ඒක එතනින් ඉවරයි මන් කිව්වෙ මගෙ චූටිට පරිස්සමින් ඉන්න කියලා ...

ම්හුක්....

නිරූ හෙට ඉස්කෝලේ එන්නෙ නෑ....

...ම්හුක්...

ම්ම්ම්...එන්න බෑනෙ.....අකීකරු කම් නොකර වෙනදා වගේ ඉන්න

ම්හුක්....

අනිද්දා ඉදන් නිරුත් එන්නම් බස් එකෙම ඉස්කෝලේ යන්න....

ම්හුක්.....

ගුට් නයිට් ....

...

මම ගුඩ් නයිට් කියන්නෙ එක පාරයි.....ආය ගෙදර ගිහින් වැල් වටාරම් මැසේජ් එවන්න එපා.....හෑලි නම් කොහොමත් එවන්න එපා මන් ඔව්වා කියවන්නෙ නෑ.....

මහ නපුරුයි නිර්වාන් ඔයා.....

ම්න්...

මට පාලු හින්දනෙ මැසේජ් කරන්නෙ....ඇයි ඔහොම කියන්නෙ...අපේ ලොකුවට නම් ඩිපූටි....භ්භ්....

ශ්ශ්.....මං එදත් කිව්වනෙ...ශෙනිරු මම නෙවෙ...නින්ද යන් නැත්තන් පොතක් අරන් පාඩම් කරන්න...නැත්තන් වෙන්නෙ හැමදාම අපෙ අම්මලා වගේ හොර තක්කඩින්ට චන්දෙ දාලා මේ රටවල දුක් විදින්න....

මං මීක් නොගා උන්නා...ඩිපූටියා නම් කොච්චර බැන්නා උනත් අනිත් අතට අපේ එකාව හුරතල් කරනවා ඒත් නිර්වාන් ...නිර්වාන්ගෙන් හුරතල් වෙනවට වඩා ලේසියි ඉබ්බගෙන් පිහාටුවක් ගන්නඑක.....

ගුඩ් නයිට් මගෙ ලමයට...

ගුත් නයිත් නිරූ....

ආදරෙයි ගොඩක් ...

චූචියත් ආදරෙයි නිරූ.....

එයා මට ගුඩ් නයිට් කිව්වා...ඒ විතරක් නෙවෙ...අද නම් අගෙ නොකර ආදරෙයි කියලත් කිව්වා ටිකක් නෙවෙ...ගොඩක්.....යන්තමට හිනා උන නපුරු නිර්වාන් අවසානෙදි මගෙ ඔලුව අත ගාලා වට පිට බලන ගමන් මගෙ නලලට හාදුවක් තිබ්බා ...ඒ විතරක් නෙවෙ කම්මුලටත්....නපුරු නිර්වාන්ගෙ හාදුව කොයි තරම් ආදරනීයද කියනවා නම් මට උදේට මූන හෝදන්න බෑ කිය කිය එක මගෙ යටි හිතදැන් ඉදම්ම දහ අට සන්නිය නටන්න ගත්තා විතරයි මං ඇස් දෙකත් බෝල කරන් නිර්වාන් දිහා බලාගන උන්නා

ඇයිතවත් කොතනට හරි ඕනෙද ම්ම්ම්ම්ම්

නිර්.....

ඕනෙද එපාද...ම්ම්ම්.....

මේක..පාර...නෙ

ඕනෙද....එපාද....

අනෙ..නි...

ගෙට යන්න....මං යනවා....

තියන නපුරු කම...තියනමහන්තත්ත කම...තවත් එකක් ඕනෙද අහද්දි හොරාවගේ වට පිට බලපු මං කොදුරන්න ගත්ත විතරයි අහන්කාර නිර්වාන් හෙල්මට් එක දාගත්තා ...ඒ විතරක් නෙවෙ බයික් එකත් ස්ටාර්ට් කරගත්තා ...

අනේ දීලා යන්නකො .....නිරූ....

පූසව වඩන් උන්න මං එක අතකින් නිර්වාන්ව හොලවනකොට මාව ලගට ඇදල ගත්තු නිර්වාන් දාගන උන්න ෆුල් ෆේස් හෙල්මට් එකෙ කට හරියෙන් චුට්ටක් ඉස්සුව විතරයි වට පිට බලපු මං තිස්තුන්දාහක් වැදුන එකා වගේ එයාගෙ රෝස පාට යටි තොල උඩට හාදුවක් තියනලා කෙලින් වෙනවත් එක්කම එයා හෙල්මට් එක දාගන යන්න ගියා.....

පරිස්සමින් ගිහින් එන්න නිරූ.....ආදරෙයි අනේ පැලෙන්න ඔයාට .....

ම්හුක්...යෝ....යන්න ගියානෙ.....පුතේ තාත්තියා...එන්න දැන් ඉතින් ගෙතර යන්න.....පරී....ඔයා කාටත් කියනවා නෙවෙ....ඩැඩිලා දෙන්නා කටවල් කාගත්තා කියලා හොදත...විසේසෙම්ම අපේ සුතාට එහෙම....

*

*

චූටියා.....චූටී.....සයාශ් .....චූටි පුතා නැගිටපන් ලොකූ....ලොකු ලමයෝ...කොල්ලො නැගිටපන් හයත් පහුවෙන්න එනවා උඹලා ඉස්කොලේ යන්නෙ නැද්ද.....

ම්හුක්....අනේ....සුතර්.....මා....

ඔව්වා රින්න...එපා අනේ...

නැගිටපල්ලා තවත් බුදි

යෝ.....හ් නින්ද යාගන ආවා විතරයි සුධා.....

හ්ම්හ්ම්...නැගිටපල්ලා.....කොල්ලොයි පූසොයි ඔක්කොම ඇදන් උඩ අනෙ යසයි...චූටියා ඔන්න ඔය පූසව එලියට දාපන් ගේ අස්සෙ රෙයි නැත්තන්

මං.තව පාරක් ගුලි උනා....ඊයෙ රෑ එලිවෙනකම්ම චිත්‍ර පටි බලපු මටයි ලොකුවටයි කරමත ඉහට ගහලා තියනකොට ස්පෝර්ට් මීට් දවස් නොබලා සුධර්මා අපි දෙන්නව ඉස්කෝලේ එලවන්න හැදුවා....එහෙට යනකොටත් කෑගැහුවා...මෙහෙට යනකොටත් කෑ ගැහුවා....චිත්‍ර පටි කෙසේවෙතත් රෑ එලිවෙනකම්ම මල් කඩාපු සැලා උගෙ ඇස් දෙක අතේ අරන් නැගිටිලා ඇද උඩ ඉදගන්නකොට රෑ එලිවෙනකම්ම පුරු පුරු ගගා ටැක්ටර් පැද්ද පරිගේසන් මගෙ කකුල් දෙක මැද ඇසුත් හීනි කරන් නිදි මතේ වැනි වැනි උන්නා...ගෙනල්ලා දවස් දෙකයි...මිනිහත් අපි වගේම සුතර්මට බයයි....ඉස්කෝලේ යන්න නැගිටින්න කියන්නෙ අපිට විතරක් උනාට පරිගේසමත් ඊයෙ ඉදන් හයට නැගිටින්න ගත්තා ...

අපි දෙන්න නැගිට්ට වෙලේ ඉදන් ඉස්කෝලේ යනකම්ම උගෙ රස්සාවත් අපි එහාට යනකොට එහාටත් යන එක වගේම මෙහාට යනකොට මෙහාටත් යන එක වෙද්දි ලොකු නැන්දා කිරි හදන සද්දෙට මෑන් කන් දෙක ටියුන් කරන් ඉදලා හැන්ද වදිනවත් එක්කම නැට්‍යන් උස්සන් කුසියට දිව්වා...

චූටියා...

ම්ම්ම්හ්....නිදිමතයි.....

ආය නම් නිදි මරන් නෑ.....රෙද්ද....නැගිටපන් නැගිටපන් චූටියා.....අද සෙනූලත් අපිත් එක්ක බස් එකේ යන්න එනව කිව්ව.....ශිහ්....නාගන්න කියලා වේලාසන නැගිටින හිටියා.....

ම්ම්හ්ක්....

උඹට මං එලාර්ම් එක තියන්න කිව්ව නේ චූටියා.....කෝ තොගෙ එලාර්ම් එක....

පහට තිබ්බනෙ...ඒත් වැදුන් නෑනෙ ලොකු...

වැදුන් නෑ....සයිකො කාරයා අදත් එලාර්ම් එක කියලා කැල් එක වෙන්න ඇති උඹ ඔබන්න ඇත්තෙ...නැගිටපන් නැගිටපන් විනාඩියට දෙකට නාගන්න...මං අපේ සෙනූට කිව්වා මං හැමදාම නානව කියලා ....ශිහ්.....

උඹට පයිත්තියන්ද....

උඹ ඉතින් නාන්නෙම නැනෙ නියන් කාක්කා....නැගිටලා නාපිය කව්ද දන්නෙ බස් එකෙදි හොරාවට උම්මියක් වත් දුන්නොත්...යෝහ්....දැන් ඉතින් අත් අල්ලන් යන්නත් පුලුවන් .....හ්ම්....හ්ම්...ආදරේ මෝරන්නයි යන්නෙ....හ්...

තවමත් නිදිමත පෙරි පෙරි බලාගන උන්න මගෙ ඔලුවට ඇනපු ලොකුවා .මට නියන් කාක්කා කියන ගමන් ඇදෙන් බැහැල බාතෲම් එකට දුවනවත් එක්කම උගෙ පස්සන් පරියත් දිව්වා....ඌට මාමවයි තාත්තවයි දෙන්නවම ඕනෙ...

දවස් ගෙවෙන ඉක්මන.....කොච්චර නපුරු උනත්.....එයා නැති දවසක් කියන්නෙ කල්පයක් වගෙ දිගයි කියන්න මට ඊයෙන් දැනුනා....ස්පෝර්ට් මීට් හන්දම හැම පන්ති කාමරයක්ම හිස්වෙවි යනකොට ඒලෙවල් උන්ගෙ පන්ති වල නම් කුරුලු ජෝඩු අහු මුලු ගානෙ රිංගන් උන්නා....උන් උන්ගෙ රහස් කතා..ඇස් වලින් කියන කතා එමටයි .....කාටත් හොරාවට අතක් අල්ලන් කතා කරන..ආදරේට රන්ඩු කරන උන්ව දැකපු හැම තැනකම මට නිර්වාන්ව මතක් උනා... .....ඉක්මනට දවස ගෙවෙනව නම් කිය කිය මං මිමිනුවා ....අවසානෙදි ...නිර්වාන් නැතිව ගෙවුන අමාරුම දවස ගෙවිලා....එයා කිව්වා වගේම බස් එකෙ යන්න එන දවසට ඉර පායලා තිබුනා....

අද ඉදන් එයාලත් එනවා.....

ආගන්තුක කුරුල්ලා...කොහෙන්තෝ.....ඇවිල්...ලා

අපේ...කුඩා...කූඩුව...ළඟ....අගර දගර....ම්ම්ම්ම්ම්

අගර දගර දැම්මා ඇති නටන් නැතුව මේක බීපන්..

යෝහ්...සුතර්මා .....කොහෙද අනේ හැප්පි හැප්පි යන්නෙ...

ඉදා මේක ඇල් වෙන්න කලින් බීපන් ....

යෝ....කොන්ඩෙ පීරනවනෙ....

උඹ කියෙ ඉදන් ඕක පීරනවද....ගනින් මේක...

ඔහෙන් තියන්නකො සුතර්මා .....

ඔහෙන් තිවිලි නෑ...බීපන් මට කෝප්පෙ අරන් යන්න උඹලා බිව්වොත් කෝප්පා බීපු තැන්වල මහ එකාගෙ ඉදන් එහෙමයි....අහු මුලුගානෙ ඔබපු කෝප්ප හොයලමට විසේ යනවා....බීපන් මේක....හෙට ඉදන් ඔක්කොටම දෙන්නෙ පොල් කටුවල....

ඔය තරම් කෑ ගහන්න එපා සුතර්මා ....අර දරුපැටියත් බය වෙනවනෙ...ඒ අස්සෙන් මේ දරුපැටියගෙ කටත් පිච්චුනා....

හදන් ආව කිරි එක බොන කම්ම කෑගහපු ලොකු නැන්දා අතින් කිරි එක ගත්තුමං උගුරක් බීලා කටත් පුච්චගත්තු මං ඇදෙ උන්න පරිගේසන් දිහා බලන් උන්නා...

පරී....කුක්කු බොනවද.....ආ..කෝ...එන්න...තාත්තියා ඉස්කෝලේ යන්න යන්නෙ...පූස්...පුස්ස්...පරී....ප්ප්...ඌව්.....හ්

..අනෙ.ඌව්.....අනේ...කම්මුල...දරු පැටියගෙ කම්මුල.....යෝ....හ්

කට වහන් බීපිය ඕක...ඒකා කාලා බීලා ඉන්නෙ ....අයියගෙයි මල්ලිගෙයි වැඩේම හංග හංග ගිලින්ඩම දෙන එක බීපිය මේක පූසන්ටත් ගිල්ලන්ඩ ඔය හැටි මෙහෙ තියනවනෙ .....

චූටියා...හරිදඋඹ....

මං කටින් පිඹ පිඹ අතේ තිබුන කිරි එක හෙමින් හෙමින් බොනකොට සිය පාරක් විතර චූටි අයියගෙ කාමරේට රිංගන් දහයක් ජාති උල උල එන ලොකුවා කාමරේට බෙල්ල දාලා කෑ ගහනවත් එක්කම මං අවකිරි උගුරත් බීලා කෝප්පෙත් අරන් කුසියට දිව්වා...නැත්තන් හෙට ඉදන් මටත් පොල් කට්ටෙ බොන්ඩ වේවි....

පරී.....කෝ.....පරී...ඩැඩී යනවා පුතේ....ලොකු නැන්දේ...

.චූටියා උඹ එනවද නැද්ද.....වරකො හයහමාරත් වෙන්න එනවා...

අනේ ලොකූබ්මේ පරිගේසන් නෑනෙ....බලකො පොඩ්ඩක් ...

ඌ රෙන්ඩ යන්න ඇති වරෙන්කො ...උඹ එන්නෙ නැත්තන් මං යනවා චූටියා.....බස් එක ගියොත් තනකොල උගුල්ලන්න වෙයි ආ.....

ඇද උඩ තිබුන බෑග් එකෙ ශිපර් එක වහපු මන් ඇදයටත් එබිලා බලලා එලියට පැන්නා.....

අනේ සුතර්මා ....පරීව පොඩ්ඩක් බලන්න අනේ....අපි යනවා....

ගේට්ටුව ගාවට ගියපු මං ආයම කෑගැහුවා...කෑගලා ලොකුවා එක්ක පාර දිගේ ගාටන්න ගත්තා .....

බාලොලියා මල් ගන සැරේට පිපුන වෙන නම් කැලෑමලක් කියන නාමයක් නැති පින්නට තෙත් උන පාර දිගේ මායි ලොකුවයි බස් ටෑන්ඩ් එකට කකුල් ඉක්මන් කෙරුවා .....අඩි දහයක් ඇවිද්දත් කොන්ඩෙ හදන සැලා සිය පාරක් උගෙ ශර්ට් එක හැදුවා....සිය පාරක් උගෙ මූන පිහදගත්තා ....

මුගෙ නම් පුදුම ස්ටයිල් එකක් තියෙන්නෙ ඇයි යකො.....

චූටියා....

මොකද ....

දෙයක් කියන්න තියනවා...

මොනවද...

අපේ සෙනූ උඹට බොහෝම කරුනාවෙන් කියන්න කියපු පනිවිඩයක්

මොන මගුලක්ද...ඇරත් ඩිපූටියා මගෙ මිනිහද

මිනිහා නෙවෙ ඒ උනාට ඌටත් පුදුම කැක්කුමක් නෙ තියෙන්නෙ.....

හරි හරි දැන් කියපන්කො මොනාද උඹගෙ රන්කද කිව්වෙ...

සංජන....

ඉතින්....

සංජනත් අපේ ඉස්කෝලෙට එනවලු....ලූ....ඈ...දන්නෙ නා...හරියටම ...මොකද ....තව අවුරුද්දයි හන්දා දන්නෙ නෑ....ඒත්...නිර්වාන් කියපු විදිහට ...ඒවිලු...

සංජන.....??

ම්න්.....ඒ යකා ඉන්ග්ලිශ් මීඩියම්ලු බන් කරන්නෙ....උඹයි මායි විතරයි චූටියා ලැට් එකට යන පාර විතරක් කියන්න දන්නෙ.....බලපන්කො අපෙ සෙනූ...ආය...චට බට ගාලා ඉංග්‍රීසි හලන්නෙ.....

.ම්ම්....

සංජනත් මේ අපේ ඉස්කෝලෙට එනවලු...මට ඉසරහින් යන සැලා උගෙ මිනිහගෙ ඉංග්‍රිසි කියවිල්ල ගැන කියනකොට සාක්කුවට අත් දෙක දාන් හිමින් හිමින් උගෙ පස්සෙන් ගාටපු මට ඊයෙ රෑ නිර්වාන් මට කියපු දේවල් මතක් උනා.....

.

.උඹට අපේ සෙනූ කියන්න කිව්වා...කරුනාකරලා .....අයියෙ හුයියෙ ගගා නෑකම් කියන්න යන එක නවත්තන්න කියලා ....උඹට අයියෙ කියාගන්න ඔය තරම් අමාරු නම් සෙනූට විතරක් කියන්න කිව්වා.....

......

කන් ඇහුනද චූටියා ....

අහන් ඉන්නෙ බන්....අහන් ඉන්නෙ මගුල බීරි නෑ...

බීරි නෑ....ඔව් ඔව්...බීරි නෑ කියලා කියයි...පස්සෙ ගිහින් දුක අහල ඔලුව අතගායි.....

උඹට කව්ද කිව්වෙ ?

කිව්ව එකා වැඩක් නෑනෙ...නේ....

නිර්වානුත් මහ චීත්තයක් බලන් ගියහම...

ඌ කියපු මගුලක් නෑ බූරුවා ...අපෙ සෙනුවා දැකලා තො දමාගන ඔලුව අතගානවා.....

මං රවාගත්තා .....ඔලුව චුට්ටක් අතගාපු එක හෙනේකට හිටපු මං අනිත් පාර රවාගන සැලාගෙ පස්ස පාරෙ යනගමන් මෙලෝ මගුලක් නැති බෑග් එකත් අද හිතේ තිබුන වේදනාවටද මන්දා පොඩ්ඩක් බරයි බරයි වගේ දැනුනා.....

සෙනූ.....ම්හුක්...සෙනු..වෙරි ගුම් මෝනි...ම්...සෙනුවෝ....

මෝර්නින් බබී....

දැන්ද සෙනු ආවෙ....

ම්ම්ම්...දැන් ආවෙ...මග දිගට දුව දුවද ආවෙ ...මගෙ කොල්ලගෙ චූටි මූනට දාඩියත් දාලා....හපන්න හිතෙනවා

යෝ...නිකන් ඉන්න අනේ....ඔයා එක්ක යාලු උනෙ කොන්දේසි සහිතව හාද...ඒක අමතක කරන්න එපා ඈ...

බස් හෝල්ට් එකේ උන්න ඩිපූටියව දැක්කා විතරයි ගෙදර ගාව ඉදන් මේ තාක් වෙනකන් මා එක්ක කතා කර කර ආව සැලා එකපාරම ඒකගෙ කුරුලු පිහාටු විසි කරන් ඩිපූටියා ගාවට පියෑඹුවා...පුරුදු විදිහටම නිර්වාන් සාක්කු දෙකට අත් දෙක දාන් අනිත් පැත්තෙන් ඉන්නකොට අරූගෙ නාඩගම් බලන්න බැරි මං ගිහින් නිර්වාන් ගාවින් හිටගත්තා උනත් මට මගෙ ඇස් දෙක එක විදිහකට තියාගන් ඉන්නම බැරි උනා....

සෙනූ.....එතකොට ඔයත් අද රිලේ එකට ඉන්නවද අනේ....

ම්ම්ම්...

දුවන්න ඕනා හොදද...බබි පැත්තක ඉදන් කමෝන් සෙනූ.....කමෝන් ගාන්නම්.....හානේ අනේ...හාද කියන්නකො...

හ්ම්..හ්ම්...හා.....කෑ ගහන්නකො.....කෝ මෙහෙ එන්න ඔය ඇදුම හදන්න...

ඇයි ....අනේ...ඇදයක් කුදයක් තියනවද.....

ම්ම්ම්...චූටිම චූටි ඇදයක් තියනවා...

එව් විතරක් මට නිකන් මෝනින් සික්නස් වගේ.....මේක මහ සාපයක් උනානෙ...තිරිසන්නු වගේ අනේ....

හරිම අගෙයි අප්පච්චි ගෙ වැඩිමහල් පුතුනුවන්ගෙ සමාජිය හැසිරීම නම්....බොහෝම අගෙයි...බයක් හැකක් නැතිව යෞවනත්වය විදින අයුරු නම් බොහොම අගෙයි.....අමොර් අමොර් ....අර.....සුලු සුලු අඩුපාඩු පවා හදාගන්න අපූරුව.....මේවනෙ ආදර කතා......චින්තකගෙ වැඩිමහල් බෑනනුවන්ගෙ දෝරෙ ගලන ආදරේ නම් හරිම අනර්ගයි ප්‍රීති....ප්‍රීතී !

චූටි.....

න්..නිරූ...

මෙච්චර වෙලාම කටත් ඇරගන අරුන් දෙන්නගෙ මලකෝලන් දිහා බලන් උන්නා මිසක් නිර්වාන් එක්ක වචනයක් වත් කතා නොකරපු මට නිර්වාන් කතා කෙරුවා ...

රෑ එලි වෙනකන් නිදි මරාපු නිසාද කොහෙදෝ ඒ ඇස් රතු වෙලා තිබුනා....

තරහද ම්ම්ම්ම්

න්..නෑ...ඇයි...

ම්ම් නිකන්...

.....මන් තරහ වෙන්නෙ ඇයි නිර්වාන් .....

ම්ම්ම් එහෙනම් අතින් අල්ලගන්නද...

මගෙ බඩත් එක්ක මොකක්ද වෙලා ගියා.....අපි හතර දෙනා විතරක් උන්න බස් හෝල්ට් එකේ අරුන් දෙන්නා සිහියක් පතක් නැතුව පෙම් කෙලිනකොට නිර්වාන්වගෙම මම විතරක් ගල් ගිලලා ඉද්දි එයා මගෙ අතින් අල්ලන්නද ඇහුවා....

මං නිර්වාන් දිහා හැරිලා බැලුවා...වම් අතට වෙච්ච ඩැමේජ් එකත් එක්ක කිසි දෙයක් කරන්න බැරි එයා අදත් වෙනදා වගේම අත් දිග ශර්ට් එක ඇදලාH.prefect කියකලා කහ නූලෙන් අකුරු ගහපු ටයි එලකයි බැජ් එකයි එල්ලන් උන්න එයා හැමදාමත් වගේ අදත් මම හරි ලස්සනට දැක්කා....නිදි මරාපු හන්දා ඇස් දෙක රතු ගහලා තිබුනත්....නිර්වාන්ට එහෙමත් ලස්සනයි කියලා හිතුන මං ඇස් පිල්ලමක් වත් නොගහම ඒ මූන දිහා බලාගන ඉන්නකොට නිර්වාන් මගෙ දිහා බලල කට කොනින් හිනා උනා...

හපන්න හිතෙනවා.....

න්..නිරූ.....

ළමයි ග්‍රවුන්ඩ් එකට ගියහම මං ක්ලාස් එකය එකට එන්නම්....කියන්න දෙයක් තියනවා....

මොනවද...නිර්වාන් ...

.......

කියන්නකො....

...

නිර්වාන් ...අනෙ දැන් කියන්නකො.....මොකක්ද...කියන්න....

තියෙන්නෙ.....කියන්නකො...

මං නිර්වාන්ගෙ අත අරගනන්හෙලෙව්වා ...මං එයාගෙ අත එක පාරට දහපාරක් හෙලෙව්වා...ඒත් එයා නෙවෙ වචනයක් කිව්වෙ.... එයා නෙවෙ නිදි මරලා රතු උන ඇස් දෙක තවත් මොනවහරි දෙයක් මගෙන් හංගනව කියලා හිතෙනකොට මං නිර්වාන්ගෙ ඉස්සරහින් හිටන් ඒ අත් දෙකෙම්ම අල්ලගත්තා .....

නිරූ.....

ක්ලාස් එකට ගියම කියන්නම්...එතකන් දග නොකර ඉන්න...

ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද නිර්වාන් .....

......

අනේ කියන්නකො....ඔයාට දෙයක් කියන්න තියනවා නම් ඒක එතනට ගිහින්ම කියන්න තිබුනනෙ අයියෙ....ඇයි මෙතනදි කියලා මගෙ හිත කලබල කරන්නෙ....

ආසයි...

මොනවටද....

මං හින්දා බය වෙන තරම බලන්න....

පිස්සු නිර්වාන් ඔයාට.....

ම්න්....පිස්සෙක්.....උඹට පිස්සුවෙන් ආදරේ කරන පිස්සෙක් ...

.න්..නි....

නි..නි..තමයි....බස් එක එනවා ඔය බෑග් එක මට දීලා නැගපන්.....

මහ හොද නෑ.....දෙයක් කියන්න තියනවා කියලා හොදට හිටපු උන්න මගෙ හිත කලබල කරපු නිර්වාන් අනිත් පාර මගෙ මගෙ කරේ තිබුන බෑග් එක බලෙන් වගේ ගලවගන පොල් පටවලා වගෙ ඉස්කෝලේ ලමයි පටවගත්තු බස් එකට නග්ගවනකොට ලමයි අස්සෙන් රිංගපු මන් හරි අමාරුවෙන් තනි කකුලෙන් හිටගද්දි මෙච්චර කල් සැපට සනීපෙට බයික් එකේ ගියපු එයත් හරි අමාරුවෙන් ඇව්ත් මගෙ පිටිපස්සෙන් හිටන් මාව එයාගෙ අත් දෙකට මැදි කරගත්තා .....

කොහොමද ලමයො මෙච්චර කල් මේවල ආවෙ....

ඇයි...මන්ත්‍රී පුතුකිට අමාරුද.....බස් වල තෙරපිලා ගිහිල්ලා.....අපිත් එන්නෙ මෙහෙම තමයි...

ම්ම්ම්...මට අමාරු නෑ.....හැබැයි....තව ටික දුරක් ගියෝතින් ...නම්... වෙන අමාරුවක් එයි.....

.....නි...ර්....වා.....න්.....

ම්ම්ම්...

මාව රතු උනා.....රතු උනා කියන්නෙ...මාව ඉටිපන්දමක් වගේ දිය වෙන්න ආවා....හතර වටම තිබුඅ ඉස්කෝලවල ඉන්න ලමයිව කටකපලා පුරවගත්තු බස් එකේ එකාපිට එකා ඉන්නකොට මට පිටිපස්සෙන් හිටන් උන්න නිර්වානුයි මමයි උන්නෙම තනිකරම ඇලුන ඩබල් බනිස් වගේ වෙද්දි මගෙ කන ගාවට පහත් උන නිර්වාන් තව ටිකක් දුර යනකොට නම් වෙන අමාරුවක් එයි කියනවත් එක්කම මට එකපාරම ඉස්සරහින් මදියි කියපු එයාගෙ බොක්සර් මතක් උනා ...

සුදුපාට පිපිඥ්ඥා මතක් උනා...

ඒ අස්සෙන් දෙයක් කියන්න තියනවා කියලා අද එන්නම් කියලත් කිව්වා.....

කාත් කවුරුත් නැති බව දන්න නිසා....යම් කිසි කරතරයක් වත් කරන්න හිතිලතෝ.....මන්තා...

ම්හුක්....එහෙම දෙයක් උනෝතින් .....?

එක්කො එයාට කියන්න ඕනෙ අපේ ක්ලාස් එකේ බෑ...ඔයාලගෙ සයන්ස් එකට යන් කියලා ....ලැබ් එකට කවුරුත් එන්නෙ නෑනෙ...

යෝහ්.....ඒ අස්සෙන් ඒකෙ බීකරුත් තියනවා....එව්ව්....අනේ....හ්

අනෙ මුනිතාස අයියෙ....හ්.....චූචියව නම් හොදටම නාස්ති වේගන එන්නෙ....හ්...

නවතින හෝල්ට් එකක් හෝලට් එකක් ගානෙම ඉස්කොලේ ලමයි එන්න එන්නම වැඩි වෙනකොට ශීට් එකක් ගාව හිටන් උන්න මාව ශීට් එකටම ඇලිලා යනකොට මගෙ පිටිපස්සෙන් උන්න නිර්වාන් අවසානෙදි එක අතකින් බාර් එක අල්ලන් අනිත් අතින් ශීට් එක මිරිකගත්තා ....

ලමයො.....

ම්ම්ම්ම්ම්..ඕ....ඇයි නිර්වාන් .....

ඔයාගෙ බෑග් එකේ මොනවද තියේන්නෙ

මොකුත් නෑ....අනේ.....පොත් දෙක තුනක්.....

පොත්..දෙක්තුනක්....

ඇයි නිරූ...

නෑ..නිකන්...

මගෙ බෑග් එක එක උරහිසක එල්ලන් උන්න නිර්වාන් තනි කකුලකින් හිටගන්න ගමන් මගෙ බෑග් එකේ මොනවද තියෙන්නෙ ඇහුවා....එයාට බැග් එකත් මොනවට හරි ඕනෙද දන්නෙ නෑනෙ....

ම්ම්ම්...චින්තක.....චින්තක...දෙවනි දරුපැටියගෙ.....සුදු ඇදුමෙ මඩගෑවෙන්නයි යන්නෙ...

සුදු ගව්මෙ ඇයි මඩ ගෑවුනෙ.....!

මේක අරන් ක්ලාස් එකට යන්න...ප්‍රෙයාස් කිව්වට පස්සෙ මං එන්නම්...

හා....බෑග් එක...දෙන්න....

නෑ බෑග් එක මං ගෙනියන්නම්....

ඇයි ඒ.....මට මෙහෙම යන්න බෑනෙ....

ඇයි හෙලුවෙන්ද ඉන්නෙ.....කියන දේ අහල පන්තියට යන්න සයාශ් ....

එහෙනම් පොතක් වත් දෙන්නකො නිරූ...

පොල් පටවලා වගේ ආව බස් එකෙන් බැහැපු වෙලේ ඉදන් ඇදුම හදාපු නිර්වාන් මට ක්ලාස් එකට යන්න කිව්වා....හැබැයි මගෙ බෑග් එක නැතිව.....ඉස්කොලේ ළමයි බාගෙට බාගයක්ම යුනිෆෝම් වෙනුවට ඉස්කොලේ නම ගහපු ස්පෝර්ට් කිට් එක ඇදන් ඉන්නකොට අද තියන තරග දෙක තුනකටම උන්න ඩිපූටියා උගෙ ස්පෝර්ට් බෑග් එකත් අරන් ස්පෝර්ට් රූම් එක දිහාවට යන්න ගියා.....

මුලු ඉස්කෝලෙම වෙනස් වෙලා....වෙනදට තියන තද නීති චුට්ටම චුට්ටක් විනය බාරයා ලිහිල් කරල තියනකොට වෙනදට පන්තියට එලවන ලමයිව අද පන්තියෙන් එලියට එලෙව්වා.....

නිරූ.....

නිර්වාන් කියලා කතා කරන්න මේක ඉස්කෝලෙනෙ..

මමයි එයයි උන්නෙ තවමත් අපේ බිල්ඩින් එක ගාව...මේ උදේ පාන්දරත් කොටු පනින්න ආව උන් දෙන්නෙක් තුන් දෙකෙන් හිමි හිමීට අදාල සෙක්ශන් වලට යනකොට මං බලාගම නිර්වානයා ඇස් හීනි කරන් බලාගන උන්නා...අනුන්ගෙ ලව් සීන් හොය හොය ගියාට මොකද හෙඩාටත් ලව් එකක් තියනවා...අනෙ යසයි උඹ....

සයාශ් .....

ම්ම්....

ඊයෙ රෑ පාඩම් කෙරුවද....?

ඔව්.....

ඇත්තටම

ඔව් නිරූ...

දවස් කීයකට පාරක්ද පොත් බෑග් එක අස් කරන්නෙ....ම්ම්ම්

ඇයි.....

ඇයි අහන්නෙ....මං ප්‍රශ්නයක් ඇහුවම මගෙන් ආපිට ප්‍රශ්නයක් අහන්න එපා නිර්වාන් අහපුදේට උත්තර දෙනවා....

ඇයි නිරූ...නිර්වාන් මේ...

මෙහෙ එනව යන්න.....

තව වෙනකන් වත් මගෙ පොත් බෑග් එක මගෙ අතට නොදුන්න නිර්වාන් මාවත් ඇදගන සයන්ස් එකට ගියා...

ගුඩ් මෝර්නින් නිර්වාන් ....

මෝනින්.....

ආ....මේ අර සැලලිහිනයගෙ මලයනේ.....මූ මොකද මෙහෙ....

ආ..ආ....මල්ලි...බෑග් එකත් අපේ හෙඩා අතේ කියන්නෙ....මොකද සුදු චූටි...පෙම් හසුනක් වත් අහු උනාද.....උඹලා ස්පෝර්ට් මීට් කාලෙ ආතල් ගන්නවා නෙ....මෙහෙට වරෙන්.....මෙහෙට වරෙන්...උඹගෙ මොනවා තිබිලද අපේ එකාට මාට්ටු උනේ.....

එයාට පාඩම් කරා කියලා බොරු කියලා රෑ එලිවෙනකන් ෆිල්ම් බලපු මම වෙච්ච දේ තේරුම් ගන්න බැරිව හොර පූසා වගේ සයන්ස් එකට රිංගනකොට ෆ්‍රිෆෙක්ට් මීටීන් එකට ආව කොල්ලො තුන් හතර දෙනෙක් නිර්වාන්ගෙ පස්සෙන් ආව මා දිහා වගේම මගෙ බෑග් එක දිහා බලලා මාව තවත් අවුල් කරලා දානකොට බෑග් එක අරන් ගියපු නිර්වාන් හාවට යන්නත් බැරිව උන් ගාවටත් යන්න බැරිව අසරන වෙනකොට මම ඒ දෙගොල්ලන්ටම මැදින් හිටගන්නකොට පොතක් බදාගන උන්න අනාගත දොස්තර නෝනකෙනෙක් දාගන උන්න කන්නාඩිය පහත් කරලා මා දිහා බලලා මුන්ට ඉගන ගන්න කාලෙත් මගුල් විසේ වගෙ බැල්මක් දාලා ආයාමත් ඒකිටත් වඩා ලොකු පොතට එබුනා.....

Human encyclopedia ඒකත් අමු කඩ්ඩෙන්....ඒ විතරක් නෙවෙ.....oxford english english dictionary එකකුත් ඒකි ගාව තිබ්බා.....

කෝකෝ...ඔය සැලලිහිනියගෙ මල්ලි මෙහාට ආවා නම්.....

මුගෙ කොන්ඩෙත් වැඩිද මන්දා.....

කෝ බලපන් කලිසම....

ආ මුගෙ අතත් හිරයි....

නෑ අයියෙ....අත ගානයි...

අත ගානද...කෝ වරෙන් බලන්ඩ....හොරොව්පතානෙ අලි වෙඩි දෙක...මේක එහෙ නෙවෙ ආ.....දෙයක් කිව්වම.කට වහන් වරෙන්...

කටවහන් කියන්නෙ මේක මිලිටරිය නෙවෙනෙ අයියෙ....අත හිර නැති හින්දනෙ කිව්වෙ

අප්පටම සිරි.....ඒ නිර්වාන් මේ බලපන්කො මුගෙ ලයින...මෙහෙ වරෙන් උඹව සිසිර සර් ගවට යවන්න කලින්...

මං රවාගත්තා ...මැත්ස් එකේ උන්ද කියන්න දන්නෙ නැ....එතන උන්න එකෙක් මට නැති අඩුපාඩුත් කියන්න ගන්නකොට කොච්චර උනත් මගෙ හයියට නිර්වාන් ඉන්න බව දන්න මම මගෙ අතේ නැති වැරදි කිය කිය මාව බයිට් එකට ගන්න උන්ට මමත් වචනයක් දෙකක් කිව්වා විතරක් එතන උන්න සූඩාන් මූනක් තිබ්බ එකා මට ලගට වරෙන් කියලා කියනවත් එක්කම නිර්වාන් කතා කෙරුවා

එයාව එක්ක ආවෙ මම.....එයාට පාඩුවවෙ ඉන්න දීලා තමුන්ලා කරන්න දීපු ඩියුටිය කරනවා.....හංසක....තමුන් ගැන කම්ප්ලේන් දෙක තුනක් ආවා.....බැජ් එක ඕනා ....නම්....කරුනාකරලා අදාල දේ විතරක් කරනවා ...අනික.....ශනිල්ක....තමුන් හවුස් හදන්න ආව රෑ අර අස්සක රිංගන් මොනවද කෙරුවෙ කියන්න...අකුරක් නෑරම මම දන්නවා...තව ඔතන ඉන්න ජාලිය...තමුසෙ girls එකේ ඉන්න අර බාර් එකක් තියන කෙල්ල එක්ක connection එකක් ගෙනියනවා කියන්නත් මම දන්නවා හැබැයි....හරි පරිස්සමට කරන් යනවා..මොකද ...තමුසෙ එහාට මෙහාට අදින්නෙ මගෙ දේවල්...මම කන්නෙ මොනාද....යන්නෙ කොහෙද ....ඔය ඔක්කොම ඒකිට අකුරක් නෑර තමුසෙ කියනවනෙ නේ.....

නිර්වාන් ..නෑ...එහෙම

ෆ්‍රිෆෙක්ට් රූම් එක්ට යනවලා...මං එන්නම්....හවුස් මීට් පිටින් දාලා තමුසෙලා නටන හැම නාඩගමක්ම මම දන්නවා...විනාඩි දහයක් දෙන්නම්...එන්න කියනව හැමෝටම මීටින් රූම් එකට.....

......

සයාශ් .....මෙහේ එනවා.....

.නිර්වාන්ගෙන් බැනුම් අහපු අරුන් ටික බලු කුක්කො වගෙ එලි බහිනවත් එක්කම හොරා වගෙ උන්න මටත් නිර්වාන් ඒ විදිහටම සැරෙන් අඩගැහුවා....

තමුසෙ ඊයෙ රෑ පාඩම් කෙරුවා කිව්ව නේ...ම්ම්ම්....

ඔව්..නිර්වාන් ....

අත්තද....ඒ පාඩම් කෙරුවෙ මේකෙ අස්සෙ තිබ්බ පොත්ද...

ඔව්...ඇයි.....

එහෙමද....දැන් බෑග් එක එහෙම හොදට බැලුවමයි....

ඔව් නිර්වාන්...ඔව්.....ඇයි අනේ....

එහෙනම් මේ මොනවද තියෙන්නෙ බලපන්....

ප්ප්....

ප්ප්....

පරිගේසන් !!!!!

😌ආය එන්නම් ඈ....

පයිස්සමින් ඉන්ඩ පුතුකියෝහ්

ආතරෙයි....

උම්ම්ම්ම්මා...

මම

ජොබි

Nedeesha !

More Chapters